තවද එක්සමයෙක්හි ලෝකත්‍රයෙහි පතළාවූ කීර්තිඝොෂා ඇති තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක් තමහට ස්තුති කරන්නාවු එක්තරා භික්‍ෂුවක්හු අරභයා මේ ජාතකය වදාළසේක.
එක් භික්‍ෂුකෙනෙකුන් වහන්සේ ’’ ඇවැත්නි අපගේ ජාතිය හා සමානවූ ජාතියෙක්නම් නැත, අපගේ ගොත්‍රය හා සමානවූ ගොත්‍රයෙක්නම් නැත, අපගේ දාසකම්කාරාදීහුත් ඇල්සාලේ බත් හා මත්ස්‍යමාංස අනුභවකෙරෙති, කසීරට සුවඳවිලවුන් ගල්වති, අපි මහණවූ බැවින් දැන් මෙබඳුවූ රූක්‍ෂ භොජනය අනුභව කරම්හ. රූක්‍ෂවූ සිවුරු වලදිම්හයි ස්ථවිර නවක මධ්‍යම භික්‍ෂූන් සමිපයෙහිදී තමන්වහන්සේගේ මහණ තත්වය කියමින් ජාත්‍යාදීප වශයෙන් මෙරමාහට නින්දාකෙරෙමින් ඇවිදිනාසේක. ඉක්බිත්තෙන් එක් භික්‍ෂූකෙනෙකුන්වහන්සේ මේ භික්‍ෂූහුගේ කුලප්‍රදේශය හා ජාතිගොත්‍රය පරීක්‍ෂාකොට මොහු තමාගේ ප්‍රතාප කියන බව භික්‍ෂූන්වහන්සේ ධර්‍මසභා මණ්ඩපයෙහි රැස්වහිඳ ‛‛ඇවැත්නි අසවල් මහණ මෙබඳුවූ නෛය්‍ර්‍යාණික ශාසනයෙහි මහණව තෙමේ තමහට සතුතිකොට මොරමාහට නින්‍ද්‍රාකෙරෙමින් ඇවිදිනේය. Read More