Skip to main content
Monthly Archives

December 2014

61 උචඡඞග ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි සංසාරචක්‍ර මථනය කළාවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් එක්තරා දනව්වාසී ස්ත්‍රියක් අරභයා මේ ජාතකය වදාළසේක.

එක්සමයෙක්හි කොසොල්රට තුන් දෙනෙක් එක්තරා වනයක් සමීපයෙහි සීසානාහුය. එකල ඒ වන ඇතුළේ වසන්නාවූ සොරු මන්ෂ්‍යන් අල්වා කොල්ලකාගෙණ ගියෝය. රාජපුරුෂයෝ ඒ සොරුන් සොයා නොදැක ඒ තුන්දෙනා සීසානා තැනට අවුත් තෙපි වනයෙහි හිඳ කොල්ලකාපියාදැයි සී සා ඇවිදුදැයි කියා ගම්කොල්ලෑ කෑ සොරුන් නම් මොහුයයි බැඳගෙණ අවුත් කොසොල් රජ්ජුරුවන්ට පාවාදුන්නය. එකල්හි එක් ස්ත්‍රීයක් අවුත් මට වස්ත්‍රයක් දෙවයි කිවා හඬමින් නැවත නැවත මාළිගාවට ඇවිදින්නීය. රජ්ජුරුවෝ ඒ ස්ත්‍රියගේ ශබ්දය අසා මෑට වස්ත්‍රයක් දෙවයි කීය. එබස් අසා රාජ පුරුෂයෝ වස්ත්‍රයක් ගෙණ ඒ ස්ත්‍රිය සමීපයට ගියෝය. Read More

62 සාකෙත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි උපමාවිසයාතික්‍රාන්ත වූ රූපකාය ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ සාකෙත නුවර නිසා අඤජනවනයෙහි වසන සේක් එක් බ්‍රාහ්මණයෙකු අරභයා මේ ජාතකය වදාළසේක.

භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ භික්ෂූ සංඝයා පිරිවරා සාකෙත නුවරට පිඬුසිඟා වඩිනා කල්හි සාකෙත නුවර වසන්නා වූ එක් මහළු බමුණෙක් නුවරින් පිටත් යන්නේ වාසල් අතුරෙහිදි සර්වඥයන් වහන්සේ දැක දෙපසවැටි ගොප්මස තරයේගෙණ අල්වා සුත දරුවන් විසින් වාද්ධ අවස්ථාවෙහි දෙමව්පියෝ නම් රැක්කයුත්තෝ නොවෙත්වත්ද කවර කාරණයකින් මෙතෙක්කල් මුළුල්ලෙහි මට නොදැක්වුද මව්වුකලී තොප දිටිමි තොපගේ මෑනියන් දක්නා පිණිස එවයි කියා සර්වඥයන් වහන්සේ කැඳවාගෙණ තමන්වහන්සේගේ් ගෙට ගියේය.

සර්වඥයවන් වහන්සේ ඔහුගේ ගෙට ගොස් භික්ෂූසංඝයාවහන්සේ හා සමග පනවන ලද ආසනමස්තකයෙහි වැඩහුන් සේක. Read More

63 වරණ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි චක්‍රලක්ෂණයෙන් චිහ්නිතවූ ශ්‍රී පාදපත්ම ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක් කුටුඹිය පුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

එක් දවසක් සැවැත් නුවර වාසීහූ අන්‍යෙයොන්‍ය සහාය වූ තිසක් පමණ කුල පුත්‍රයෝ සුවද මල් හා සුවඳ දියගෙණ සර්වඥයන් වහන්සේ සුගන්ධගන්ධවා සිතවූ ගන්ධ කුටිකයෙන් නික්ම දම්සභා මණ්ඩපයට ගොස් අලංකෘතවූ බුද්ධාසන මස්තකයෙහි වැඩහුන් කල්හි කුලපුත්‍රයෝ සහපිරිවරින් දම්සභාමණ්ඩපයට ගොස් සර්වඥයන් වහන්සේට සුවඳ මල් ආදියෙන් පූජාකොට චක්‍ර ලක්ෂණයෙන් විහ්නිතවූ පතුල්තල ඇති සුපුෂ්පිත පද්මයක් මෙන් ශ්‍රී සහිත වූ ශ්‍රී පාද වන්දනයෙහි වැඳ එකත්පස්ව හිඳ ධර්මය ඇසුවාහුය. එකල ඒ කුලපුත්‍රයන්ට මෙසේ වූ සිතිවිල්ලක් වුයේය. අපි බුදුරජානන් වහන්සේ විසින් දෙසන ලදධර්මය යම් පරිද්දෙන් දනුමෝ නම් එපරිද්දෙන්ම මහණවම්හයි කියා ඔහු හැමදෙනා සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයෙන් නික්මුනු කල්හි බුදුන් කරා එළඹ නමස්කාර කොට මහණවීමට යාඥාකළාහුය.ඔවුන්ට සර්වඥයන් වහන්සේ ප්‍රවෘජ්‍යාව දුන්සේක. Read More

64 මචඡ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි සශ්‍රීක වූ මුඛ ජත්මයක් ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් තමන් වහන්සේ විසින් වස්වන වර්ෂාවක් අරබයා මේ ජාතකය වදාළ සේක.

එසමයෙක්හි කොසොල් රට වැසි නොවැසීමෙන් ගොයම් ආදීය මිය යන්නේය. ඒ ඒ තැන වැව් පොකුණු ආදීය වියලී ගියේය. ජේතවන දොරටුව සමීපයෙහි වු ජේතවන පොකුණෙහිත් පැන් සිඳි ගියේය. කරල් යට වැදහොත්තාවූ මස් කැස්බන් කපුටන් වන් හා උකුස්සන් ආදි වූ පක්ෂිහුල් හා සමාන වූ තුඩින් ඇන මෑත් මෑත් කොට සල්ව සල්වා අනුභව කරන්නාහුය. සර්වඥයන් වහන්සේ මස් කැස්බන්ට පැමිණියා වූ ව්‍යයසනය දැක මහා කරුණාවෙන් මෙහෙයන ලද සිත් ඇතිව අද මා විසින් වැසි වස්සන්නට වටනේයයි පහන් වූ කල්හි සවුරු පිළි දැඟ පිඬු සිඟන වේලාව සලකා මහත් වූ භික්ෂූ සංඝයා වහන්සේ විසින් පිරිවරන ලදුව මහත් වූ බුද්ධ විලාශයෙන් සැවැත් නුවරට පිඬු සිඟා වැඩ වදාළ අන්තයෙහි සැවැත් නුවරින් විහාරයට වඩනා සේක් ජෙතවන පොකුනෙහි පියගැට මත්තෙහි වැඩ හිඳ ආනන්ද මහ තෙරුන් වහන්සේට වදාරණ සේක් ආනන්ද ස්ථීවිරයනි, Read More

65 අසංකිය ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි අෂේටාන්තර ශත මංගල්‍ය ලක්ෂණයෙන් විරාජ මාණ වූ ශ්‍රීපාද ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම්වෙහෙර වැඩ වසන සේක් සැවැත්නුවර වාසීවූ එක් උපාසකයෙක්හූ අරබයා මේ ජාතකය වදාළසේක.

ඒ උපාසකයානන් ශ්‍රෝතපාන්න වූ ආර්යශ්‍රාවකය, ඒ තෙම කිසිකටයුත්තක් නිසා ගැල්සාත්තු නායකයකු හා සමඟ මාර්ගයෙහි යන්නේය. එක්වල් කඩෙක ගැල්මුදා කඳවුරු බැඳි කල්හි සාත්තු නායකයාට නුදුරුතෙනක එක් කරගසක් මුල සක්මන් කරන්නේය, එකල්හි පන්සියයක් සොරුන් තමන් සොරකම්කරන්නට කල්පරීක්ෂා කොට ඒ කඳවුර කොල්ලකම්හයි දුනුමුගුරු ආදීගෙන ඒ ස්ථානය පිරිවරා ගත්තාහුය. එකල්හි උපාසකයෝ සක්මන් කෙරෙත්මය සොරහූ ඒ උපාසකයා දැක ඒ කාන්තයෙන් තෙමේ ස්කන්ධාවාරය රක්ෂා කරන්නා වූ පුරුෂයෙක්වන එසේ හෙයින් මොහු නිදන්නට වන් කල්හි හැර පියා යම්හයි සිතා බලහත් කාරයෙන් මැඩ ගෙන වැද්දගත නොහි ඒ ඒ තැනම සිටියාහුය. ඒ උපාසකයෝත් ප්‍රථමයාමයෙහි මධ්‍යම යාමයෙහිත් පශ්චිම යාමයෙහිත් සක්මන් කරමින්ම සිටියාහුය. Read More

66 කාලකණ්ණි ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙහි සංසාර සාගරයට නැවක් බඳුවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. අනේපිඬු මහසිටානන්ගේ මිත්‍රයෙකු අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ මිත්‍රයා වනාහී අනේපිඬු මහසිටානන් හා එක්ව වැලි කෙළියේය, එක් කලෙක ආචාරීන් සමීපයෙහි සිල්ප උගත්තේය, නමින් කාලකන්නිය, ඒ තෙමේ කල්යාමකින් දුක්පත්ව ජීවත්ව ගතනොහී අනේපිඬු මහසිටානන් සමීපයට ගියේය. එකල සිටානෝ ඔහු අස්වසාලා වැටුප් වියදන් දී තමන් සනතක සියල්ල ඕහට පාවාදුන්නාහුය. එතෙමේ සිටානන්ට උපකාරීව සියළු කටයුතු කරන්නේය. එකල එක් යාළුවෙක් සිටානන් සමීපයට ගොස් මෙසේ කිවූය, ‛‛මහසිටාණෙනි මොහු තොප සමීපයෙහි විසිය නොදෙව, සිටු කාලකන්නිය, හිඳු කාලකන්නිය,අනුභවකරව කාලකන්නිය, යන මේ ශබ්දයෙන්වත් පලායන්නේය, මොහු වූකලී තොප හා සමාන කෙනෙක් නොවෙයි, දුකඛිතය, විරූපීය, තොපට මූගෙන් ප්‍රයෝජන කිම්දැ’’යි කිවූය. Read More

67 ලොසක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක් හි මොහදුරට ශරත් සූර්යයා වැනි වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසනසේක් ලොසකතිස්ස ස්ථවිර නම් තෙරකෙණකුන් වහන්සේ අරභයා මේ ජතකය වදාළසේක.

මේ ලොසකතිස්ස ස්ථවිරයන් වහන්සේ නම් කවරේද යත් කොසොල්රට එක් තමාගේ කුලය නැසුවාවූ කෙවුල් පුත්‍රයෙක සිවුපසය නොලැබෙන භික්ෂූ කෙනෙක. උන්වහන්සේ වනාහී උන්තැනින් චුතව කොසොල්රට එක්කුල දහසක් දෙන වසන්නාවූ කෙවුල්ගමෙක්හි එක් කෙවුල් ස්ත්‍රියකුගේ කුස පිළිසිඳ ගත්තේය. උන් වහන්සේ පිළිසිඳගත් දිනයෙහි ඒ කුල දහසක් ගෙවල්වල ඇත්තෝ දැල් ගත ඇත් ඇතිව ගංගාවේහිද තඩාගයෙහිද මත්ස්‍යයන් සොයන්නාහු එක් කුඩා මත්ස්‍යයකුදු නොලද්දාහුය. එතැන් පටන් ඒ කෙවුලෝ පිරිහෙන්නාහුය ඔහු මව්කුස උපන් කල්හිම ඔවුන්ගේ ගම සත්වරක් ගින්නෙන් දාගියේ සත්වරක් රජුහු විසින් දඩ නොගානා ලද්දේය. මෙසේ අනුක්‍රමයෙන් දු:කිත වූ ඔහු මෙසේ සිතුවාහුය. පූර්වයෙහි අපට මෙබඳු වූ පිරිහීමෙක් නැත්තේය. දැන්වනාහී පිරිහෙම්හ. අපගේ අතරෙහි එක් කාලකන්නියෙක් වියයුතුය. දෙකොට්ඨාසයක් වම්හයි කියා පන්සියය පන්සියය බැගින් එක්වූවාහුය. Read More

68 වෙදබ්භ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි මහමෙරසේ නිශ්චල වූ ගුණ ඇති බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක් දුර්වවූ භික්ෂුන් කෙණෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළසේක.

සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූහට මහණ තා දුර්වවුයේ දැන් මතු නොවෙයි පෙරත් දුර්වවු වුයෙහිමය ඒ දුර්වවු කාරණයෙන්ම නුවනැත්තන්ගේ බස් නොගෙණ සියුම් මුවහත් ඇති ඛඩ්ගයෙන් දෙකඩකොට නසන ලදුව මගවැටි ඔත්තෙහිවේද තා එක තැනැත්තවූ නිසා දහසක් පුරුෂයෝ ජීවිතක්ෂයට පැමිණියෝ වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි එක්ගෙමෙක එක්තරා බමුණෙක් වේදබ්භ නම් මන්ත්‍රයක් දන්නේය. ඒ මන්ත්‍රනය වූ කලී අනර්ඝ මාහැගිය නැකැත් යොගයක් ලත්කල්හි ඒ මන්ත්‍රය පිරුවා ආකාශය බැලුකල ආකාශයෙන් සත්රුවන් වර්ෂා වස්නේය. එකල පුරණලද බෝධිසම්භාර ඇති අප මහබෝසතානෝ ඒ බ්‍රහ්මණයා බෝධිසත්වයන් කැඳවාගෙණ කිසි කටයුත්තක් නිසා තමාගේ ගමින් නික්ම චේතිය රාජ්‍යයට ගියේය. Read More

69 මහා සීලව ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි මහපොලොවසේ විපුල වූ ගුණ ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක් පසුබට විර්යය ඇති එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළ සේක.

සර්වඥයක් නමක්දේ ඕහට සැබෑද මහණ තෝ පසුබට වීර්යය ඇත්තෙහිදැයි විචාරා එසේය ස්වාමීනි කී කල්හි මහණ තෝ කවර කාරණයකින් මෙබදු නෛර්යානික ශාසනයෙහි මහණව වීර්යය හැරපුයෙහිද පෙර නුවණැත්තෝ රාජ්‍යයෙන් පිරිහීත් තමන්ගේ වීර්යයහෙි සිට නටුවාවුත් යසස ඉපදවූවෝම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණ ලද බෝධිසම්භාර ඇති අප මහා බෝසතානෝ ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ ගත්තුය. ඒ බෝධිසත්වයන්ට නම් තබන දවසේ ශිලවකුමාරයෝයයි නම් තුබූහ. සොළොස් ඇවිරිදි වයසෙහි දීම සියලු ශිල්පයෙහි කෙළ පැමිණ මෑතභාගයෙහි පියනන්ගේ ඇවෑමෙන් රාජ්‍යයයෙහි පිහිටා මහාශිලාව රජ්ජුරුවෝයයි මෙනමින් ප්‍රසිද්ධ වූය. Read More

70 තයො ධම්ම ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි රාගාධිසංග රහිත වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසන සේක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ වධයට උත්සහ කිරීමක් අරභයා මේ ජාතකය වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කරණ කල්හි දේවදත්ත ස්ථවිරයෝ වානර යෝනියෙහි ඉපිද හිමාල වන ප්‍රදේශයෙහි වානර සමූහයා පරිහරණය කරන්නාවූ තමන් නිසා උපන්නාවූ වානර පෝතකයන් මොහු වැඩීගිය කල වානරසමූහයා පරිහරණය කෙරෙති යන භයින් දැතින්ඩෑ ඔවුන්ගේ බීජොත්පාටනය කරන්නාහුය. එසමයෙහි බෝධිසත්වයෝත් එම වානරයා නිසා එක් වැඳිරියක කුස පිළිසිඳගත්තාහුය. එකල වැඳිතොමෝ දරුගැබ පිහිටි නියාව දැන තමාගේ දරුගැබ රකිමින් අනික් පර්වත ප්‍රාන්තයට ගියාය. ඕතොමෝ ගැබ මුහුකුරා ගිය කල්හි බෝධිසත්වයන් වැදූහ. බෝධිසත්වයෝ වැඩී විඥබවට පැමිණ ශක්ති සම්පන්නවූය. ඒ බෝධිසත්වයෝ එක් දවසක් මැනියන් අතින් මාගේ පියානන් වහන්සේ මෑනියෙනි කොයිදැයි විචාළෝය. Read More

error: Content is protected by www.ifbcnet.org.