Skip to main content

80 ඛරස්සර ජාතකය

තවද එක්සමයෙක්හි ශාක්‍යකූල චින්තාමානික්‍යවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් එක්තරා අමාත්‍යයෙකු අරභයා මේ ජාතකය වදාළ සේක.

කෝසල රජ්ජුරුවන්ගේ එක්තරා අමාත්‍යයෙක් රජ්ජුරුවන් සිත්ගෙණ පසල්දනව්වේ ගමෙක අයපඬුරු ආදිය ලැබගෙන සොරුන් හා එක්වගෙන ඒ සොරුන්ට කියන්නෝ මම මනුෂ්‍යයන් ඇරගෙන වනයට වදිමි තොපි ගම කොල්ලකා එයින් ලබනලද වස්තුවෙන් මටත් භාගයක් දෙවයි කියා පළමු කොට මිනිස්සුන් රැස්කරවා තෙමේ වනයට ගොස් එහි ඉඳ සොරුන් අවුත් හරක් මරා මස් කා ගමපැහැර ගියකල්හි සවස්වේලේ මහජනයා විසින් පිරිවරණලදුව ගමට එන්නේය, ඔහුගේ ඒ ක්‍රියාව නොබෝ දවසකින්ම ප්‍රසිඬ විය. මනුෂ්‍යයෝ එපවත් රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවෝ ඒ අමාත්‍යයා කැඳවා ගෙන්වාගෙන ‍දොරහිඳුවා තරයේ නිග්‍රහකොට අනික් ගම්මුදලියෙකු ඒ පසල්දනව්වට යවා ජේතවනයට ගොස් සර්‍වඥයන්වහන්සේට නමස්කාර කොට එකත්පස්ව හිඳ එපවත් දැන්වූය. බුදුරජානන්වහන්සේ මහරජ්ජුරුවෙනි මොහු මෙසේ කෙළේ දැන්මතු නොවෙයි පෙරත් මෙසේම කරණසුළුයයි වද්‍රරා ඒ රජ්ජුරුවන් විසින් ආරාධිතවූ බුදුහු ඉකුත්වත් දක්වා වද්‍රළසේක.

යටගියදවස බරණැස්නුවර බ්‍රහමදතතනම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරණ කල්හි ඒ බරණැස්රජ්ජුරුවෝ එක් අමාත්‍යයක්හට ප්‍රත්‍යනත ජනපදයෙහි ගමක් දුන්නුය. මෙතැන්හි කියයුතුවූ සියල්ල පළමු කියනලද්ද හා සමානවන්නේය. එසමයෙහි බොධිසත්‍වයෝ වෙළද්‍රම්කොට ප්‍රත්‍යනත දනව්වෙහි වාසයකරන්නාහු ඒ අමාත්‍යයා ලත් ගම වාසයකරන්නාහුය. ඒ මහ බෝසතානෝ ඒ ග්‍රාමභොජකයා සවස්වේලෙහි පිරිවරා තදවූ ශබද ඇති පටාභෙරියක් ගස්වාගෙණ එනකල්හි මේ දුෂ්ටවූ ග්‍රාමභොජකයා සොරුන් හා එක්වගෙණ ගම්පහරවා කොල්ලකවා සොරුන් පලාගොස් වනයට වන්කල්හි දැන් තෙමේ සානතද්‍රනත එක්කහුමෙන් නිවීසැනහී බෙර ගස්වාගෙණ එන්නේයයි නින්‍ද්‍රකළාහුය. නොබෝකලකින් ඔහුගේ ඒ ක්‍රියාව ප්‍රකාශ විය. රජ්ජුරුවෝ ද්‍රෙසානුරූපව නිග්‍රහකළාහුය. ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මහරජ්ජුරුවෙනි මොහු මෙබඳුවූ සවභාවඇත්තේ දැන්මතු නොවෙයි පෙරත් මෙබඳු සවභාව ඇත්තේවේදැයි මේ ධර්‍මදෙශනාව ගෙණහැර දක්වා පූර්‍වාපරසන්‍ධිගළපා මේ ඛරසසර ජාතකය නිමවා වද්‍රළසේක.

එසමයෙහි අමාත්‍යයා නම් දැන් මේ අමාත්‍යයාමය, එසමයෙහි අමාත්‍යයාට නින්‍ද්‍රකළාවූ ප්‍රාඥපුරුෂවූයෙමි. සම්‍යක්සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.