
බෞද්ධ පින්වතුන්ට මෙන්ම හින්දු බැතිමතුන්ගේ අප්‍රමාණ ගෞරවයට, පූජාවට පාත්‍ර වුණු ප්‍රධාන දෙවිවරුන් හතර දෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ තමා ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්‍ෂ හා වෛශ්‍රවණ දෙවිවරු. ඔවුන් දිසාවන් හතරක් බාරව සිටින බලසම්පන්නම දෙවිවරුන් විදියට හින්දුන් විශ්වාස කරනවා. සිංහල බෞද්ධයන්ටත් ඒ විදිහටම දේවාල හතරකට අධිපති දෙවිවරුන් හතර දෙනෙක් ඉන්නව. ඒ තමා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි කියන දෙවිවරු. නාමල් කුමාර කවිවල එන විදිහට නම් නාථ දෙවියන්ට තමා උතුරු දිග භාර වෙලා තියෙන්නේ.
උතුරු දිගට ගිය පලුකම් ඉත්තේ
කාටද දලුමුර දෙන්ඩ පැවැත්තේ
නාථ දෙවිඳු හට දෙන්ට පැවැත්තේ
නාථ දෙවිදුගෙන් අවසර ගත්තේ
මේ කියන නාථ දෙවියන්ගෙ තෙද බල මහනුවර රාජධානි කාලෙදි කැපී පෙනුණ බව සමාජ විද්‍යාඥයොත් තහවුරු කරනවා. විෂ්ණු, කතරගම කියන දෙවිවරුන් හින්දු බැතිමතුන්ගෙන් විශේෂ පූජාවට ලක් වෙනවනෙ. ඒ විදිහටම හින්දු ආගමේ නාථ දෙවියන් ගැනත් විවිධ විශ්වාස තියෙනවා. අවලෝකිතේශ්වර නාථ කියල තමා හින්දුන් මේ දෙවියන් හඳුන්වන්නෙ. විෂ්ණු දෙවියන්ට වගෙම එක එක වෙස් අරගෙන තමයි මේ අවලෝකිතේශ්වර දෙවියනුත් ජනතාවට පිහිට වෙන්නෙ. ජපානය, චීනය වගේ රටවල මේ නමින්ම දෙවඟනක් ඉන්න බව කියනවා.