Skip to main content

වැඩ සිටින්නට දෙවොලක්‌ නැති අයියනායක දෙවියෝ …

උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්‌වා වූ වන්නි හත්පත්තුවට අධිපති දෙවියන් ලෙස

ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයටත්, වන්දනාමානයටත් ලක්‌ව ඇති අයියනායක දෙවියන් වූ කලී ඉතා බලසම්පන්න දේව ආත්මයකි.

කරේනාරේ, කයියනාරේ, අයියනායගම්, අරියනායගම් ආදී නම් රැසකින් විවිධ ප්‍රදේශවල ජනයා අයියනායක දෙවියන් හඳුන්වන අතර කතරගම සන්නසෙහි අයියනාරායන් ලෙසත්, කෝකිල සංදේශයෙහි අයියන් ලෙසත් හඳුන්වා ඇති බැවින් පුරාණ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ බුහුමනට පවා ලක්‌වූ දෙවි කෙනෙකු බව සනාථ වේ.

පුරා විද්‍යාවට අනුව අනුරාධපුරයේ ඡේතවනාරාමයට නුදුරින් පිහිටි වාහල්කඩේ කුලුනක සත්ත්ව රූප තුනක්‌ සහිත වාහනයක වැඩසිටින දේව රූපයේ සිටින්නේ අයියනායක දෙවියන් බවට සනාථ කොටගෙන තිබුණද උන්වහන්සේ වෙනුවෙන් වෙන්වුණ දෙවොලක්‌ මේ ලංකාද්වීපයේ නොමැති වීම විශේෂත්වයකි.

එහෙත් උන්වහන්සේගේ බලය හඳුනාගත් අප රටේ පැරැණි ජනතාව අයියනායක දෙවියන් වෙනුවෙන් මල්, පහන්, සුවඳ දුම් වැනි දෑ එක්‌ එක්‌ ප්‍රදේශවල තිබෙන නුග, නා, රුක්‌අත්තන වැනි දේවාකර්ෂණය වැඩි වශයෙන් පවතින

රූස්‌ස ගස්‌ ඉදිරිපිට උන්වහන්සේගේ නමට කැපකර පූජා කිරීමෙන් පසු වැඳ නමස්‌කාර කොට පිං අනුමෝaදන් කර පිහිට පැතූ බවට බොහෝ සාක්‍ෂි තිබෙන අතර අද ද උන්වහන්සේගේ බලය පවතින ප්‍රදේශවලට ඇතුළු වන බොහෝ දෙනා ගසකින් අතු රිකිල්ලක්‌ කඩා ආරක්‍ෂාව පතා අයියනායක දෙවියන් සිහිකර එම අතුරිකිල්ල තවත් ගසක එල්ලායැම සිරිතකි.

අයියනායක දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳ විවිධ කතා ජනප්‍රවාදයේ දැක්‌වෙන අතර ඊශ්වර දෙවියන්ට වසර දොළහක්‌ බැල මෙහෙවරකම් කළ භෂ්මාසුරයා ඊශ්වර දෙවියන් සතු බලගතු දැහැන ලබා ගැනීමට ලොබ බැඳ උන්වහන්සේගේ බිසව වූ උමයංගනා දේවිය රවටා දැහැන ලබාගෙන ඊශ්වර දෙවිඳුන් විනාශ කිරීමට පසුපස ලුහුබඳිනු දුටු ශ්‍රී විෂ්ණු දෙවිඳුන් භෂ්මාසුරයා යන මඟ හරස්‌කොට ඔංචිලි පදින මෝහිණී වේශයක්‌ මවා ගනිමින් ඔහු ඉදිරියේ පෙනී සිටි අවස්‌ථාවේ මෝහිණිය කෙරෙහි උපන් දැඩි රාග ෙච්තනාවේ අවසන් ප්‍රතිඵලය ලෙස මෝහිනියගේ වේෂයෙන් පෙනී සිටි ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ශ්‍රී හස්‌තයේ දරු ගැබක්‌ හටගත් බවත් දස මසක්‌ ඇවෑමෙන් ශ්‍රී හස්‌තය පලාගෙන මෙලොවට බිහිවූ කුමරු අයියනායක දෙවියන් බවත් වඩා ප්‍රචලිත ජනප්‍රවාද කතා වේ.

හිසෙහි ජටාවක්‌ බැඳ වමතින් සැරයටියක්‌ ද, දකුණතින් පුස්‌තකයක්‌ද ගෙන රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී හස්‌තියකු පිට වඩිමින් තම පිහිට අයෑද සිටින දුකට පත් ජනතාවගේ දුක නිවාලන බලවත් දේවාත්මයක්‌ වන අයියනායක දෙවියන් පුත්තලම, අනුරාධපුරය, නිකවැරටිය, මින්නේරිය, පොළොන්නරුව, හබරණ හා තවත් බොහෝ ප්‍රදේශවල තම බලය පතුරවාගෙන ප්‍රධාන වශයෙන් එම ප්‍රදේශවල පවතින දැඩි නියඟයෙන් ගොවිතැන් කටයුතු ආරක්‌ෂා කරදෙන අතරතුර නඩු, අවනඩු විස¹ සතුරු උපද්‍රව පීඩා හානි දුරුකොට සියලු යහපත උදාකර දෙන්නා වූ සර්වාරක්‍ෂක දේවාත්මයක්‌ බැවින් එකී ප්‍රදේශවල ජනයා තම තමන්ගේ ගැටලු හමුවේ අයියනායක දෙවියන්ගේ පිහිට පැතීමට නැඹුරු වී සිටිති.

Join the discussion 2 Comments

  • Pramod says:

    අයියා නායක දෙවියන්ගෙන් මට විශාල පිහිටක් ලැබුනා. ඒක ඇත්ත.

  • Tharindu says:

    අයියනායක දෙවියන්ට දේවාලයක් ඇත. එය හලාවතට නුදුරින් සිරිගම්පල ප්‍රදේශයේ පිහිටා ඇත.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.