පිටසක්වල ජීවීන් හඳුනාගෙන ඔවුනට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කිරීමේ අවස්ථාව පෘථිවී ලෝකයේ ජීවත්වන අයට වැඩිකල් නොගොස් උදාවිය හැකිබව ප්‍රකට තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය.
ඔහු මෙම අදහස් පළකළේ ලන්ඩන් බෞද්ධ විහාරයේ වෙසක් උත්සවයේදී කතාවක් කරමිනි.
සුප්‍රකට ගණිතඥයකු සහ තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ දැනට එංගලන්තයේ බකින්හැම් තාරකාවිද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් කටයුතු කරයි.
බුදුන්වහන්සේ අංගුත්තර නිකායේ වදාළ දේශනාවන්හි විශ්ව සම්භවය පිළිබඳව විවරණය කර ඇති බොහෝ කරුණු සහ පසුගිය වසර පනහක කාලපරාසයක දී බටහිර තාරකා විද්‍යාඥයින් විසින් නවීන විද්‍යාව යොදා ගනිමින් සොයා ගන්නා ලද සිද්ධාන්ත අතර විශාල සමානකමක් දැකිය හැකි බව ද මාහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
“බටහිර ජන සමාජය කාලාන්තරයක් තිස්සේ විශ්වාස කළේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය පෘතුවිය වටා භ්‍රමණය වන බවයි. පෘතුවිය සුර්යයා වටා භ්‍රමණය වන බවට කල සොයා ගැනීම් අවලාද ලෙස ප්‍රතික්ෂේප කළා. අද මෙම සිද්ධාන්තය කුඩා දරුවකු පවා දන්නා සත්‍යයක් බවට පත්වී තිබෙනවා.