
සියලු බෞද්ධයන් තුළ තිබිය යුතු ගුණ දහයක් ඇති බව ප්‍රකාශ ෙකාට තිබේ.
01 උපාසකො සංඝෙන සමානසුඛදුක්ඛො හොති.
බෞද්ධයා සංඝයා හා සමාන සුවදුක් ඇත්තෝ වේ. එසේ වීමට සංඝයාගේ සුවදුක් නිතර සෙවිය යුතුය. පෙර විසූ අනේපිඬු, විශාකා, සුප්පියා ආදී උපාසක උපාසිකාවන් දින පතාම ආරාමයට ගොස් කාමරයක් පාසා පැමිණ සංඝයාගේ සුවදුක් සෙවූ බව ධර්ම ග්රන්ථයන්හි සදහන් වේ. මේ වැදගත් චාරිත්‍රය නිසි ලෙස සිදු නොවීම සංඝයාගේ මෙන්ම ශාසනයාගේ ද පිරිහීමට හේතුවක් වී තිබේ. මෙකල භික්ෂූන්ගේ සුව දුක් සොයන්නෝ දුර්ලභය. බොහෝ දෙනා ආරාමයට යන්නේ තමන්ගේ කටයුත්තක් පිරිමසා ගන්නට විනා සංඝයා ගැන සෙවීමට නොවේ. එෙහයින් ෙබාෙහා් භික්ෂූන් වහන්ෙස්ලාට තමන්ගේ කටයුතු තමන්ටම පිරිමසා ගැනීමට සිදුවී තිබේ. කෙසේ තමන්ගේ කටයුතු පිරිමසා ගැනීමට යන විට ධර්ම නීති හා විනය නීති අමතක වීම පුදුමයක් නොවේ. එහෙයින් භික්ෂු ගුණ දහමින් පිරිහෙති. ඒ හේතුවෙන් ශාසනය ද පිරිහෙයි.
බෞද්ධයන් භික්ෂූන්ගේ සුව දුක් නිතර ෙසායා බලනවානම් භික්ෂූනට අනියම් මගින් කටයුතු පිරිමසා ගැනීමට සිදු නොවන්නාක් මෙන්ම ගුණදම් දියුණු කැර ගැනීමට ද ලොකු උපකාරයක් වෙයි. භික්ෂූනට වුවමනා සිවුපසය ඒ ඒ වෙලාවට නිසි සේ ලැබීම නිසා කයට මෙන්ම සිතට ද සුව ලැබීමෙන් භාවනාවට පහසු වූ බවත් එයින්ම මාර්ගඵල ලැබූ බවත් මාතික මාතාවන්ගේ කථාවකින් පැහැදිළිව පෙනෙයි. එසේම ශ්රද්ධාවන්තයන්ගේ කාරුණික සැලකිළි නිසා “ අනේ, මට මේ තරම් සලකන්නේ ගුණවන්ත කම නිසා නොවේ ද? ඉතින් මම තව තවත් ගුණවත් වියයුතු නො වේදැ යි” සිතා භාවනා කොට රහත් වූවන්ගේ සංඛ්‍යාව ද සුළු නොවන බව බොහෝ චරිත කථාවන්ගෙන් ඔප්පු වෙයි. මේ කරුණු හොදින් සිතා බලා සංඝයාගේ සුව දුක් සොයා බලා උපස්ථාන කරන්නට සිතටගත යුතු ය. එය තමන්ගේ යුතු කමක් මෙන්ම පින්කමක් ද වන අතර ශාසනෙය් දියුණුවට ද ආධාරයක් වෙයි. Read More