

පොහොය පාළි ‘උපෝසථ’ යන්නෙන් බිඳුණු ශබ්දයෙකි. ‘උපොසථ’ ශබ්දය අර්ථ පසෙක් හි වැටේ.
මෙයින් පළමු අර්ථත්‍රයය අනු වැ බෞද්ධයන් විසින් පාළි උපොසථ ශබ්දයෙහි, සිංහල පොහො සදෙහි තේරුම් උගත යුතු ය. හතර වැනි අර්ථය බාහිරක තාපසවරුන් ගේ ව්‍රතයෙක්හි ද පස් වැනි අර්ථය නාමමාත්‍රයෙහි ද වැටෙන බව සැලැකිය යුතු ය. Read More
ඉවසීම පාළි භාෂාවෙහි අධිවාසනා යන වචනය අනුව හැදුණු වචනයෙකි. අධි ඇතුළත සිත් සතන්හි ම වැස්වීම – රඳවා ගැනීම යි. තමන් තුළ පහළ වන කාම කෝප, මානාහංකාර, සන්තුෂ්ටිප්‍රමෝද, ජය පරාජය ආදී ආවේග පහළ වූ විට සිත්හි ම වස්වා ගෙන රඳවා ගෙන හොඳ නරක නුවණින් මෙනෙහි කොට පිටතට දැමීම බුද්ධධර්මයෙහි සඳහන් උතුම් පිළිවෙතකි. බුදුරජාණන් වහන්සේ මේ උතුම් පිළිවෙත හෙවත් ඕවාදපාතිමොක්ඛය උපසම්පන්න භික්‍ෂූන් විසින් සති දෙකකට වරක් සිහි කිරීමට එක්රැස් කොට ප්‍රකාශ කළහ.
බුද්ධ කාලයෙහි කොසඹෑ නුවර භික්‍ෂූන් කොටසක් විනය කරුණක් අරමුණු කැර ගෙන විවාදයක් පටන් ගෙන මහා අර්බුදයකට හරවා ගෙන දායකවරු ද දෙකට බෙදුණහ. මේ විවාදයෙහි දී ජය පරාජය ඉවසන්නට නුපුරුදු වැ සිටි පිරිසට බුදුරජාණන් වහන්සේගේ කාරුණික අවවාද වැටහුණේ ද නැත. ඒ අවස්ථාවෙහි දී බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූනුත් අනුගාමිකයනුත් වර්ජනය කොට හෙවත් අත්හැර දමා වනගත වූ සේක. ඒ අවස්ථාවෙහි දි අතිවිශාල සංඛ්‍යාවක් වූ මධ්‍යස්ථ ජනතාව ඒකමතික වැ ක්‍රියා කිරීම නිසා ඒ දෙපක්‍ෂයට ම සමඟිව කරන්නට සිදු වුණා. සමඟි වූවනට බුදුරජාණන් වහන්සේගේ අවවාදය මෙසේ විය. නුවණැත්තන්ගෙන් අන්‍යයෝ – මෝඩයෝ මේ කලහයෙන් අපි වැනැසෙම්හ යි නො දනිත්. යම් නුවණැති කෙනෙක් මේ අරගලවලින් අපි වැනසෙමු යයි දනිත් ද ඔවුහු වාදභේද හා කොලාහල නවතා සංසුන් වෙති. රටෙහි සිදුවන සිද්ධීන් දෙස බලන විට මෙහි බහුල ව සිටින්නේ කවරහු දැයි මැදහත් ව සිතා බලන්න.
රෝහිණී ගඟ දෙපස රාජධානි පිහිටුවා ගෙන ශාක්‍ය කොලිය රජවරු රජකම් කළහ. දෙපක්‍ෂයේ ම ගොවීන් ගෙඟ් දිය බෙදා ගෙන හොඳින් සමඟියෙන් ගෙවිතැන් කළා. ජලය හිඟ කාලවල ජලය බෙදා ගැනීමේ අඬදබර ඇති වීම සිරිත යි. වරක් අරගලය දිග්ගැස්සී වාග් ප්‍රහාර යුද්ධයක් ඇති වුණා. මේ අරගලය සාමාන්‍ය නිලධාරීන්ගෙන් උසස් පාලකයන් අතරට ගියා. කපුටන් හත්දෙනාගේ කතාව මෙන් රජවරුන් අතරට ගියේ ඔබතුමන්ලාගේ හත්මුතු පරම්පරාවටත් නිග්‍රහ කරනවා ය කියා ය. රජ උණත් මෝඩකම් ඉවර නෑ නොවැ? රජවරු කිපී යුද කරන්නට තීරණය කළා. යුදහමුදා ගඟ දෙපැත්තේ රැස් කළා. Read More
(1968 පෙඩරල්වාදීහු පෙඩරල් රජයක් පිහිටු වීමේ අරමුණු ඇති ව රට සභා පනතක් සම්මත කරන ලෙස රජයට බල කැර සිටිය හ. බොහෝ දෙනා මෙයට විරුද්ධ ව නැගී සිටිය ද ඉන් පලක් නො වී ය. එවක අගමැති ව සිටි ඩඩ්ලි සේනානායක මැතිතුමා එය මැති සබයට ඉදිරිපත් කොට සම්මත කරන්නට දෙ දිනකට පෙර දින රාත්‍රී 9 ට “වුඩ්ලන්ඩ්ස්” මැඳුරට වැඩි අප මහානායක මාහිමිපාණන් වහන්සේ පුරා පැය දෙකහමාරක් ම එ ම පනතේ ඇති භයානකකම අගමැතිතුමාට පහදා දුන් හ. මහජන මතය වටහා ගත් එතුමා පනත සම්මත නොකරන බවට පොරොන්දු වී 1968 ජුනි 5 වැනිදා මැති සබයේ දී ද තමා පනත සම්මත නො කොරන බව පැවැසී ය. එ ම ප්‍රශ්නය අළලා අගමැති තුමා වෙත යැවුණු සංදේශ දෙකක් මෙහි පළ වේ.)
පින්වත් අගමැතිතුමනි,
සිංහලද්වීපය හෙවත් ලංකාව සිංහලයාට තිබෙන එක ම රට යි. සිංහලයාට තිබෙන එක ම රට සිංහලද්වීපය වන්නාක් මෙන් ම අන් රටෙක සිංහලයෝ ද නැත.
වංශ කථාවන්හි සඳහන වන පරිදි, සිංහල ජාතියේ වයස අවුරුදු 2512 කි. මේ කාලය තුළ සිංහලයාට එරෙහි වැ හතුරන් පැමිණි වාර බොහෝ ය. ඇතැම් වාරවල දී ඔවුහු සිංහලයන් යටපත් කැරැගෙන උතුර – නැගෙනහිර – උතුරු මැද යන පළාත් තුනෙහි රජකම් ද කළ හ. ඒ කාලවල සිටි සිංහලයනට රුහුණෙහි සැප සේ වාසය කරන්නට පිළිවන්කම තුබුණා. එහෙත් එදා සිංහලයා සිතුවේ සිංහලයා ගේ එක ම රට කෑලි කඩා අන්‍යයනට දිය නොහැකි බව යි. එ සේ සිතු සිංහලයා දිවි පුදා සටන් කොට ඒ හැම වාරයෙකම හතුරු බල මර්දනය කළා. තමන් ගේ ජන්ම භූමිය, සිංහල රට රැකගන්නට ලක්‍ෂ ගණන් ජීවිත පූජා කළා. Read More
ශ්‍රී ලංකාවට පුරාවෘත්ත ඉතිහාසය, ලිඛිත ඉතිහාසය යැයි ඉතිහාසය දෙකක් ඇත. පුරාවෘත්ත ඉතිහාසය අවුරුදු දහදාහකටත් පෙර වාසය කළ රාවණ රජතුමාගෙන් ආරම්භ වෙයි. ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ අවුරුදු දෙදහස් පන්සිය තිස්හතකට පෙර භාරතය සිට පැමිණි පිරිවර සහිත විජය කුමරුන්ගෙන් ය.
රාවණ රජතුමාගේ කාලයෙහි ජනතාව හෙළයන් නමින් හැදින්විණ. විජය කුමරු සිංහ වංශික ය. එහෙයින් හෙළයෝ සිංහ වංශිකයෝ වූහ. පණ්ඩුකාභය රජතුමාගේ මාපිය දෙදෙනා ම ශාක්‍ය වංශික ය. පණ්ඩුකාභය රජු සිංහවංශිකයන් ලානය හෙවත් විනාශ කළ හෙයින් රජු සහ පිරිස සිංහලයෝ වූහ යනු උගතුන්ගේ මතයකි. මිහිඳු මහ රහතන් වහන්සේ ගේ පැමිණීමෙන් පසු බෞද්ධයෝ වූහ.
දකුණු ඉන්දියාවෙන් සේන ගුත්තිකයන් හා එළාරයන් පැමිණ යුද්ධ කොට උතුර හා උතුරු මැද පළාත් පාලනයට ගන්නා ලදී. එහෙත් දුටුගැමුණු රජතුමා යුද්ධයෙන් ඔවුන් පරාජිත කොට ත්‍රිසිංහලය ම එක් සේසත් කොට මහරජ විය. මුළු රට ම සිංහල පාලනයට යටත් විය. එහෙයින් රටවැසියෝ සිංහල බෞද්ධයෝ වූහ. Read More
(1971 අප්‍රේල් කැරැල්ල ශ්‍රී ලංකාවේ මෑත යුගයේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියෙකි. නොමඟ ගිය, උගත් වටිනා තරුණ ජීවිත රැසක් මෙයින් විපතට පත් වූ අයුරු අතිශයින් ම ශෝචනීය ය. මේ කරුණ සම්බන්ධයෙන් අප මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් කැරැල්ලට සම්බන්ධ තරුණ තරුණියන් ගේ රැකවරණයත් අනාගතාහි වෘද්ධියත් සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලිය අධ්‍යක්‍ෂ ජනරාල්තුමා ගේ ඉල්ලීම පරිදි කරන ලද ගුවන් විදුලිය අනුශාසනයක් ද පුවත් පත් ප්‍රකාශනවලින් එකක් ද මේ සමග පළ වෙයි)
අපේ ජනතාව ආගමිකවතාවත්වල යෙදෙමින් අලුත් අවුරුදු චාරිත්‍රවල යෙදෙමින් දෙමාපියන් වැඩි හිටියන් වඳිමින් පුදමින් කිරිබත් කැවුම් කෙහෙල් ගෙඩි කමින් කොපණ ප්‍රීතියෙන් කාලය ගෙව්වා ද යනු කවුරුනුත් දන්නා කාණයක්.
අද කෝ ඒ ප්‍රීතිය? ඒ ප්‍රීතිය නැති වුණා පමණක් නො ව අද අපේ ජනතාව විශේෂයෙන් සිංහලයන් බෞද්ධයන් දුක් වෙනවා, අඬනවා වැළපෙනවා, ක්‍රෝධය වෛරය පැතිරෙනවා. ඇයි අපට මේ තරම් දුකක්, විපතක්? රටේ ආරක්‍ෂක බළකායත් ජාතියේ ජීවනාලිය වන තරුණ පිරිසත් ඔවුනොවුන් මහා සටනක යෙදී සිටින නිසා නො වේ ද? සටන් කරන්නේ අපේ ජනතාව යි. විශේෂයෙන් සිංහලයන් බෞද්ධයන් ම යි. මැරෙන්නේත් අපේ ජනතාව යි. විශේෂයෙන් සිංහලයන් බෞද්ධයන් ම යි. මේ විපත බලා ඉන්න පිළිවන් ද? ඉවසල ඉසල බැරි තැන යි මේ කතා කරන්නේ.
පින්වත් පාලකයෙනි, පින්වත් මවුපියවරුනි, පින්වත් තරුණ තරුණියනි, පින්වත් ළමයිනි, අපේ දීර්ඝ ඉතිහාසය දෙස බලන්න. හැම කරදර අවස්ථාවක දී ම අපට පිහිටවූයේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය යි. අදත් හෙටත් අනිද්දාත් එය එ සේ ම යි. මෙ බඳු අවස්ථාවල දී අපට හොදින් හිතන්නට ය යි අපේ බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද අවවාදයක් දෙකක් මතක් කර දෙනන්ම්. මේ ටික වේලාවේ දී හිත්වල තිබෙන දුක් කරදර ක්‍රෝධ වෛර සියල්ල ම අමතක කොට කරුණාවෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් යුක්ත ව මේ කරුණු ටිකට ඇහුම් කන් දෙන්න. Read More
සති තුනක් මුළුල්ලෙහි පවතින හිංසාකිරි ක්‍රියා අනුව පින්වත් අගැතිනිය විසින් මේ මස 24 වැනි දින ගුවන් විදුලිය මඟින් පැවැත් වු කථාව කා ගේත් සැලැකිල්ලටට හා ප්‍රසාදය භාජනය වී ඇත. ඒ කථාවෙහි ඉතා වැදගත් කරුණු තුනක් ඇතුළත් විය.
මේ තරුණ තරුණයන් පුදුම ලෙස භයානක ලෙස නොමඟ යවා ඇති බව පැහැදිළි ය. කුමක් වුවත් ඒවා ගැන පසු ව කථා කළ යුතු වේ. ක්‍රියා කළ යුතු වේ. මේ අය ගෙන් වැඩි දෙනා දැන් තමන් නොමඟ ගිය බව වටහාගෙන අසරණ සිටිනවාට සැකයක් නැත.
ඒ අයට පිළිවන් ඉක්මනින් රජයේ රැකවරණයට එන්නට මඟ පාදා දිය යුතු ය. එ හෙයින් රජයට යටතේ වීම පිළිබඳ ව නියෝග හෙවත් පිළිවෙළ පිළිවන් ඉක්මනින් ඔවුන් අතට පත් කළ යුතු වේ. ඒ නියෝග නිකුත් කරන විට පහත සඳහන් කරුණු රජයේ සැලැකිල්ලට භාජනය කරන මෙන් කරුණවෙන් මතක් කරමි. Read More
අවුරුදු දෙ දෙහස් පන්සියයකට පෙර ලේ බිඳකුදු නො සොල්වා කරුණා මෛත්‍රී පූර්වඞ්‍ගම උපදේශ මාලාවකින් සුන්දර සමාජ පරිවර්තනයක් ඇති කළ උත්තමයා බුදුරජාණන් වහන්සේ ය. අප සමාජයෙහි එ බඳු සුන්දර පරිවර්තනයක් ඇති කිරීම සඳහා ඒ උතුම් බුදුරජාණන් වහන්සේ පිළිබඳ උතුම් ම දිනය වන මේ වෙසක් පුර පසළොස්වක දා අපි කවුරුත් ඉටාගනිමු.
එ බඳු සුන්දර සමාජ පරිවර්තනයකට උපකාර වන ඉතා වැදගත් අංශයක් නම් අධ්‍යාපනය යි. එ හෙයින් බලාපොරොත්තු රහිත වැ පැනනැඟුණු අතිශය උග්‍ර තත්තවයක් හිත තබාගෙන පහත සඳහන් කරුණු සැලැකිල්ලට භාජනය කරන මෙන් රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.
මෙහි සඳහන් ඇතැම් කරුණු ඉතිහාසය දැක්වීමට ලීවා විනා කිසි ම පිරිසකට දෝෂාරෝපණයක් වශයෙන් නොවන බව මේ වෙසක් පුනු පොහෝදා විශේෂයෙන් සඳහන් කෙරෙමි.
අධ්‍යාපනයෙහි පරමාර්ථය විය යුත්තේ සමාජයට හැදුණු මැදුණු (හැදිච්ච මැදිච්ච) පුරවැසියන් ඇති කැරදීම යි.
ජගත් කීර්තියක් දරන ඕල්ඩස් හක්ස්ලි මහතා ගේ අදහස අනුවැ අධ්‍යාපනය විසින් කාම සම්පත්හි ගිජු නො වු ද, උද්‍යොගවත් වූ ද සාමයට ප්‍රිය වූ ද ප්‍රජාවක් ඇති කළ යුතු ය. බී. එච්. බෝඩ් මහතා ගේ අදහස අනුවැ පාඨශාලාව වු කලි හුදෙක් ශිෂ්‍යයන් පොත් ඉගෙන ගන්නා ස්ථානය නො වැ, ජිවිතය මැනවින් ගෙන යන මාර්ගය ඉගෙන ගන්නා ස්ථානය ද විය යුතු ය. Read More
“බුද්ධශාසනයේ දියුණුව රඳාපවත්නේ වෙහෙර විහාරවල හෝ උත්සව පෙරහර ආදියේ හෝ නො ව පුද්ගලයන් තුල ය. බාහිර දියුණුව කොපමණ ඉහළින් තිබුණත් බුද්ධාගම අදහන පුද්ගලයන් ගේ ආභ්‍යන්තරික දියුණුවක් තැන් නම් බුද්ධශාසනයේ දියුණුවක් නොවන්නේ ය”
“මා හට මහානායක ධුරය පැවරුණු ළඟ ම දිනෙක පැමිණි උත්තර මන්ත්‍රණ සභාවේ සහාපත් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ආශීර්වාද කොට බලවත් ඉල්ලීමක් ද කළේ ය. එ නම් “ඔබ වහන්සේ මහානායක මාහිමිවරුන් සමඟ සාකච්ඡා කොට අමරපුර නිකායයේ සියලු ම කොටස් දැනට වඩා ළං වූ සම්බන්‍ධයකින් ක්‍රියා කරන වැඩ පිළිවෙළක් සකක් කරන්න” යනු යි. මගේ සිතට තදින් කා වැදීගිය මේ ඉල්ලීම ඉතා වැදගති. එ සේ ම අවශ්‍යයෙන් කළ යුත්තකි”
“අමරපුර නිකායයේ බොහෝ මහානායක මාහිමියන් වහන්සේලා පෞද්ගලික ව හඳුනන හෙයින් උන් වහන්සේලා සමඟ සාකච්ඡා කොට දැනට වඩා ළං වූ සම්බන්‍ධයකින් ක්‍රියා කරන වැඩ පිළිවෙළක් සකස් කිරීමට හැකි තාක් උත්සාහ වඩන බව ඉතා සතුටින් සඳහන් කෙරෙමි”
(අප මහ නා මාහිමිපාණන් වහන්සේ ස්ව මහානායක අක්තපත්‍ර ප්‍රදාන උලෙළේ දී කළ කතාව පිළිබඳ ව 1956 – 01 – 23 දා දිනමිණෙහි පළ වුණු වාර්තාවෙන් ඉපිටිණි)
ප්‍රඥාප්‍රභා 1
යතුරුලිවීම: සැන්ටා ටයිප්සෙටින්
ජාතික රාජ්‍ය සභාවේ කන්කසන්තුරේ මන්ත්‍රී හා විපක්‍ෂයේ නායක ඒ. අම්ර්තලිංගම් මහතා කැරතුබූ ප්‍රකාශය තවත් කරුණු ටිකක් ඉදිරිපත් කිරීමට මඟක් පාදා දුන් හෙයින් පළමු වැ ඒ මහතාට කෘතඥ වෙමි. ලිපිය කෙටි කැරගැනීමට මින් ඉදිරිය ‘මහතා’ යයි ලියූ විට එයින් හඳුන්වන්නේ අමිර්තලිංගම් මහතා බව සිත තබාගත යුතු ය. මේ ලිපිය ‘මහතා’ගේ ලිපියට පිළිතුරක් නො වේ. ඒ ලිපියේ පිළිතුරු ලියන්නට දෙයක් නැත. මේ, ‘මහතා’ ගේ හිතේ අමාරුවත් අනුගාමිකයන් ගේ හිතේ අමාරුවත් සනසා දෙන්නට ලියන ලද්දක් පමණි.
මොහෙන්ජෝදාරෝ හරප්පා කාලයේ පටන් භාරතයෙහිත් ශ්‍රී ලංකා වෙහිත් වාසය කළේ දම්ළයන් බවත් ආර්යයන් පැමිණ ඔවුන් යටපත් කළ බවත් එහෙයින් මේ දෙ රටෙහි මුල් අයිතිකාරයෝ දමිළයෝ යැ යි කියන බවත් අසා ඇත. ඒ අනු වැ සලකා බලන විට කකුසඳ – කෝනාගම – කස්සප යන තුන් බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පටන් භාරතයෙහිත් ශ්‍රි ලංකා වෙහිත් වාසය කෙළේ බෞද්ධයෝ යැ යි අපි කියමු. දමිළයන් කියන ඉතිහාසය අවුරුදු හාර දහසක් පමණ ය, අපට හාර ලක්‍ෂයකට අධික ඉතිහාසයක් ඇත. එහෙත් ඒ කථා දෙකෙන් ම දැන් වැඩක් නැත. මෑත යුගයෙහි විජය රජතුමා ගේ කාලයෙහි පටන් කරුණු ටිකක් සලකා බලමු.
දුටුගැමුණු රජතුමා ගේ කාලයේ පටන් සිංහලයන් හා දමිළයන් අතර සටන් රාශියක් ඇති විය. ඒ හැම වාරයෙක ආරම්භය දමිළයන් ගෙනි. මිහිඳු මහ රහතන් වහන්සේ පැමිණි ටික කලෙකින් ම හෙළදිව පුරා බුද්ධාගම පැතිරී ගියෝ ය. අනුරාධපුර පළාත බුද්ධාගමයේ මූලස්ථානය විය. ඒ අතර දකුණු ඉන්දියාවන් පැමිණි දමිළ සේනාවක් සිද්ධස්ථාන හා බෞද්ධයන් විනාශ කරන්නට පටන් ගති. දුටුගැමුණු රජතුමන් ඔවුනට විරුද්ධ වැ සටන් ආරම්භ කළේ ඒ නිසා ය. ඊට පසු වැ ද සටන් රාශියක් ඇති විය. ඒවා ආරම්භ වූයේ ද දමිළයන් ගෙන් ම ය. Read More