Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

462 ජවනහංස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි දල්හධර්ම සූත්‍ර දේශනාව අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

බුදුරජාණන් වහන්සේ දල්හධර්ම සූත්‍රය වදාළ දෙනෙි දවස දම් සභා මණ්ඩපයෙහි රැස් වූ භික්‍ෂූණ් අතර ඇවැත්නි, බුදුහු තමන් වහන්සේ ගේ බුද්ධ විෂයෙහි සිට සියළු සත්ත්වයන්ගේ ආයු සංස්කාරය ස්වල්ප කොට ප්‍රකාශ කොට වදාරණ සේක්. පෘථග්ජන භික්‍ෂූණ් අතිශයින් සසර බියෙන් බියපත් වන්නාහ. බුද්ධ මහිමයේ හැටි බලවයි කථා කරමින් උන් තැනට වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, පෙරත් හංසයෝනියෙහි ඉපිද ආයුසංස්කාරය ස්වල්ප නියාව දක්වා බරණැස් රජ ප්‍රධාන පිරිසට ධර්ම දේශනා කළේ වේදැයි ඉකුත් වත වදාළ සේක. Read More

463 චුල්ලනාරද ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්. චුල්ල කුමාරිකා පලොභයක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

සැවැත් නුවර එක් ගෙදරක සොළොස් හැවිරිදි රූපත් දුවක් වූවාය. ඈ කෙතරම් රූපත් වුවද සරණයට විචාළ කෙනෙක් නැත. එබැවින් ඇමක් දමා මසකු බා ගන්නාක් මෙන් මේ රූපත් දුව කාලා භික්ෂුවක් සිවුරු හරවා ඒ කුල පුත්‍රයා නිසා ජීවත් වෙමියි ඇගේ මව කල්පනා කොට දිනක් ගෙයි කැද බත් අවුළු පත් ආදී දේ සපයා තබා දොරකඩ සිට වීථි මධ්‍යයයෙහි මඩින භික්ෂුන් අතුරින් රස තෘෂ්ණාවෙන් බැඳ ඇර ගන්ට සුදුසු වූ එක් භික්ෂුවක් පරීක්‍ෂා කරන්නේ මහ පිරිවරින් වඩින ත්‍රිපිටකධර දූතාංගධාරී භික්ෂූන් අතර දුහුල් අඳනයක් ඇඳ මටසිළුටු සිවුරක් පොරවා ඉඳුනිල් මිණිවන් පාත්‍රයක් ගෙන ඈත මෑත බලමින් එන භික්ෂුවක් දැක මුන් වහන්සේ වසඟ කර ගත හැකියි සිතා ඉදිරියට ගොස් පාත්‍රය ගෙන කැඳවා ගෙන අවුත් වළඳවා ස්වාමීනී අද පටන් මෙහිම වැඩිය මැනවැයි ආරාධනා කළාය. Read More

464 දුත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

ධර්ම රාජයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි තමන්ගේ ප්‍රඥාව අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

දිනක් දම්සභා මණ්ඩපයෙහි බුද්ධ ප්‍රඥාවෙහි මහිමතාවය ගැන භික්ෂූන් අතර කථාවක් උපන් කල්හි එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි ප්‍රඥාවෙන් උතුම් වූයේ දැන් මතු නොවේ. පෙරත් එසේම වූයේ වේදැයි ඉකුත් වත වදාළ සේක.

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කල්හි එනුවර රන් හිඟ විය. එකල කසීරට එක් බමුණු මානවකයෙක් තක්සලා නුවරට ගොස් ශිල්ප නිමවා ආචාරීන් වහන්සේට ගුරු පූජාවට වස්තු ගෙනමියි කියා නික්ම ගොස් තැන තැන ඇවිද මැණික් සතරක් ලැබ එන්නේ අතරමඟ ගඟකින් එතෙර වනු සඳහා ඔරුවක නැංඟාහ. ගඟ මැද දී ඔරුව පෙරළී ඒ මැණික් දියෙහි වැටී ගියේය. බමණු මානවකයා සිතන්නේ ජනපදයෙහි මැණික් දුර්ලභ වන්නේය. නැවත ආචාරීන්ට ගුරු පූජා සෙවීම දුෂ්කර වන්නේය. Read More

465 කාලිංගබෝධි ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සුගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක්. අනද තෙරුන් විසින් කරන ලද මහත් වූ බෝධි පූජාවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

භාග්‍යවතුන් වහන්සේ සැවැතින් නික්ම ජනපද චාරිකාවෙහි යෙදුන දිනක බොහෝ උපාසක උපාසිකාවෝ පුද පූජා ගෙන බුද්ධ වන්දනාව සඳහා දෙව්රමට ආවාහු. බුදුන් නොදැක ශෝකීව ඒ පුද පූජා පිදිය යුතු අන් තැනක් නැත්තෙන් විහාරය සමීපයෙහි රැස් කොට තබා ගියහ. අනේපිඬු සිටු ආදීහු ඒ දුටුවෝ බුදුන් වහන්නේ පිටත වැඩි විට උන් වහන්සේ සිහිකොට පුදනු සඳහා පූජා වස්තුවක් ඉල්ලා ගන්ට සිතූහ. නැවත භාග්‍යවතුන් වහන්සේ පෙරලා ජේතවනයට වැඩි විට ඔවුහු රැස්ව පූජා වස්තුවක් ඉල්ලීමෙහි ආනන්ද තෙරුන් මෙහෙයූහ. ඒ තෙරණුවෝ ගොස් පූජා වස්තු කවරේදැයි විචාර බුදුන් වෙනුවට පූජ්‍ය දැයක් ඉල්ලූහ. ආනන්ද ශාරීරික උද්දේසික පාරිභෝගික යයි පූජ්‍ය වස්තු තිදෙනෙකි. ඉන් ශාරීරික ධාතු පූජාව බුද්ධ පරිනිර්වාණයෙන් පසු වන්නේය. Read More

466 ආකීර්ති ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් සැවැත් නුවර වැසි සිවුදානපති පුරුෂයෙක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ උපාසක තෙමේ බුදු පාමොක් මහ සඟනට සතියක් දන් පිරිනමා කෙළවර පිරිකර දන් දුන්නේය. බුදුරජාණන් වහන්සේ ඔහුට සිව් පිරිස මැද දී අනුවෙනි ධර්ම දේශනා කරන සේක් උපාසකය තොපගේ පරිත්‍යාගය ඉතා උසස් වන්නේ ය. දානය ගිහිපැව දි කා විසිනුත් කටයුත්තේ ය. පෙර නුවණැත්තෝ තවුස්ව වනයට ආ යාචකයන්ට තමන් සතු ලුණු නැතිව තැම්බූ කරකොළ පවා ඉතා ප්‍රීතියෙන් දන් දී සැපසේ දවස් යැව්වෝ වේ දැයි දක්වා ඉකුත් වත වදාළ සේක.

ඉහත බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි අසූකෙළක් මහා සම්පත් ඇති බමුණු මහා සාරකුලයක උපන් අකීර්ති නම් බ්‍රාහ්මණ මානවකයෙක් තම දෙමව්පියන්ගේ ඇවෑමෙන් සියලු වස්තුව දානමුඛයෙහි පරිත්‍යාග කොට තම බන්ධු වර්ගයා අඬ අඬා සිටිය දී යසවතී නම් වූ තම එක ම නැගෙණිය ද කැඳවාගෙන බරණැස් නුවර වාසල් දොරින් නික්ම තුන් යොදුනක් පමණක් ගොස් පන්සලක් කොට ගෙන නැගෙණියන් සමග පැවදි ව කල් යැවූ හ. ඔවුන් එනුවරින් පිට වී ගිය දොර අකීර්තිචාර නමින් ද ගඟට බැස එතෙර වූ තොට අකීර්ති තීර්ත යන නමින් ද ප්‍රසිද්ධ විය. ඔහු මහණ වූ තැන් පටන් බොහෝ ගම් නියම් ගම් රාජධානි වල මනුෂ්‍යයෝ එහි පැවදි වූහ. මහ පිරිවර හා ලාභ සත්කාර උපන. බුද්ධෝත්පාද කාලයක මෙන් පැවැත්නේ ය. අකීර්ති මහා තාපසයන් වහන්සේ මෙහි ලාභ සත්කාර ඉතා මහති. පිරිසත් අධික ය. හුදකලාව ම විසිය යුතුයැයි සිතා තම නැගෙණියටවත් නො දන්වා රාත්‍රී කාලයේ පිටත්ව ගොස් ක්‍රමයෙන් සොළී රට කාවීර නම් පටුන් ගම සමීපයෙහි උයනක වැස පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගත් හ. එහි ද මහත් ලාභ සත්කාර හට ගත්තේ එය ද පිළිකුල් කරමින් අහස් නැගි නාගදීපය සමීපයේ කාර දිවයිනට බටහ. එකල කාර දිවයින අහිදීප නම් විය. තාපසයන් වහන්සේ එහි වූ මහා කර ගසක් යට පන්සලක් කොට ගෙන වාසය කළා හ. ඒ බැව් කිසි කෙනෙකුන් නො දන්නා හ. නැගෙණියෝ තම සහෝදරයන් වහන්සේ සොයමින් ක්‍රමයෙන් සොළී රටට ගොස් එහි නොදැක උන්වහන්සේ කලින් විසූ තැන ම විසූ හ. ධ්‍යානයක් ලබා ගත නොහැකි විය. තාපසයන් වහන්සේ අල්පේච්ඡ බැවින් අන් තැනකට නොගොස් කර ගස මුල ම එහි ඵල හට ගත් කල්හි ඵල අනුභව කරමින් ද කොළ හට ගත් කල්හි දියවත් කොට තම්බා ඒවා ද අනුභව කරමින් කල් යවන්නේ ඔහුගේ සීල තේජසින් ඒ දුටු සක්‍රයා අකීර්ති තාපසයෝ කුමක් පතා උග්‍ර තපස් රකී ද සක්‍ර සම්පත්තිය උදුරාගනු සඳහා ද නොදනිමි පරීක්‍ෂා කළ යුතුය. ඔහු දුක සේ ජීවත් වෙති. ඉදින් සක්‍ර සම්පත් පතා නම් තමාට තැම්බූ කරකොළ මට දෙති නැත්නම් නොදෙතියි සිතා බමුණු වෙසකින් තාපසයන්ගේ ඉදිරියට ගියහ. තාපසයන් වහන්සේ කරකොල තම්බා නිවුණු පසු අනුභව කරමියි සිතා පන්සල් දොරකොඩ උන්නේ එහි ළඟා වූ සක්‍රයා දැක සතුටුව මට වූයේ මහත් ලාභයෙක. අද දනක් දෙමියි කරකොළ තැම්බූ භාජනය ගෙනවුත් මේ දන් දීම බුදුබව ලැබීම පිණිස ම හේතු වේවයි තමන්ට තබා නොගෙන ම සක්‍ර බමුණාගේ පාත්‍රයෙහි ලූහ. බමුණා දන් ගෙන මද දුරක් ගොස් අතුරුදහන් විය. තාපසයන් වහන්සේ දන් දී නැවත කරකොළ නොතම්බා ප්‍රීතියෙන්ම කල් යැවූ හ. මෙසේ දෙවන තෙවන දවස් හි ද පැමිණි සක්‍ර බමුණා ට කරකොළ දන් දී තෙදිනම නිරාහාරව දුර්වල ව ගියේ පන්සලින් නික්ම තමන් දුන් දන් ගැන සලකමින් පන්සල් දොරකොඩ උන්නේ සක්‍රයා ඔහු දැක මුන් තෙදිනක් ම දන් දී නිරාහාරව සිටියදීත් ප්‍රීතියෙන් ම කල් යවයි. කුමක් පතා දන්නේ දැයි විමසා දැන ගතිමියි සිතා සක්‍ර වෙසින් අවුත් තාපසයෙනි, මෙවැනි දුෂ්කර ස්ථානයක කුමක් පතා තපස් කරවූදැයි විචාළ හ. තාපසයන් වහන්සේ උන් සක්‍ර නියාව දැන මම සක්‍ර වේශය පතන්නේක් නොවෙමි. බුදු බව පතා තපස් කෙරෙමි. සක්‍රය ඉපදීම, ජරාව, මරණය නැත්තා වූ නිවන පතා මේ වනෙහි තපස්කෙරෙමි. සක්‍රයා සතුටට පත් ව පණ්ඩිතයෙනි, මේ යහපත් වචනය හේතුකොට ගෙන තොපට වර දෙමි. කැමති වරයක් ගනුවයි කීහ. එබසට තාපසයන් වහන්සේ සක්‍රයෙනි, මාසිත කිසි දිනෙක ලෝභයෙක් නූපදීවයි කෝපයෙන් නූපදීවයි ආදී වශයෙන් වර ලබා ගෙන සක්‍රයාට ධර්ම දේශනා කළහ. සක්‍රයා ඉතා සතුටුව දෙව් ලොවට ගිය හ. තාපසයන් වහන්සේ භාවනා කොට මියගෝ බඹ ලොව උපන්නා හ.

එසමයෙහි සක්‍රයෝ නම් දැන් අනුරුද්ධ තෙරුන් ය. අකීර්ති පණ්ඩිතයෝ නම් බුදුරජාණන් වහන්සේය.

467 තක්කාරී ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

ශාන්ති නායකයන් වහන්සේ දෙව්රම්හි දී කෝකාලික තෙරුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

එක් වස් සමයක අගසව් දෙදෙනා වහන්සේ විවේක ව වසනු කැමතිව කෝකාලික තෙරුන් වසන තැනට ගොස් ඔහු අමතා ස්ථවිරයිනි, තොප නිසා අපටත් අප නිසා තොපටත් යම් සේ සැප වූ විහරණයක් වේ නම් එපරිද්දෙන් මෙතු මස මෙතැන් හි වසනු කැමැත්තෙමුයි වදාළ සේක.කෝකාලික තෙරුන් එබස් අසා ඇවැත්නි, මානිසා තොපට වන සැප විහරණ කවරේද, දෑගසව්වන් වහන්සේ, කොකාලික ස්ථවිරයෙනි, තොප් අගසව්වන් දෙනොවහන්සේ මෙතැන් හි වසන බව කිසිවෙකුට නොකියතොත් අප සැපසේ වසම් හ. තොපගෙන් අපට ලැබෙන පහසුව එයම වේ. අප තොපට මේ වස් තුන්මස මුළුල්ලෙහි සූත්‍ර අභිධර්ම දෙකින් බණ කියම්හ. ඒ අපෙන් ඔබට ලැබෙන උපකාරය වේ යයි වදාළසේක. එසඳ කෝකාලික තෙරුන් වහන්සේ අගසව් දෙනමට උතුම් වූ සෙනසුන් එලවීය. Read More

468 රෑරැමෘග ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සෙක් දෙව්දත් තෙරුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

දෙව්දත් තෙරුන් බුදුන් නසන්නට යෙදූ උපක්‍රමයක් ගැන දම්සභා මණ්ඩපයෙහි උපන් කථාවක් අරභයා ඔහු අකෘතඥවූයේ දැන් මතු නොවෙයි. පෙර උන්ට මා ජීවිත දානයදීත් කළගුණ නොසැළකූවෝ වේදැයි ඉකුත්වත් වදාළ සේක.

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රාජ්‍යය කරන කල්හි කෙළක් ධනය ඇති එක් සිටුවරයෙකුගේ එකම පුත්‍රයා කිසිශිල්ප ශාස්ත්‍රයක් නොඉගෙන දෙමව්පියන්ගේ ඇවෑමෙන් පවිටු මිතුරන් සමඟ දුරාචාරයෙහිහැසිර සියළු ධනය වනසා නයද ගෙන එය දී ගත නොහී සිතන්නේ මට දැන් ජීවත් වීමෙන් කම් නැත මැරෙමියි සිතා නය හිමියන් අමතා තොපගේ නය දෙමි ගඟ අසබඩ මා සතු නිධාන් පෙන්වමියි කැටුව ගොස් මෙතන එක් නිධානයෙක, මෙතැන එක් නිධානයකැයි දක්වමින් ඔවුන් රවටා ගඟට පැන්නේ මහා ජල පහරට අසු වී යටි ගන් බලා යන්නේ මහත් හඬින් හැඬුයේ ය. Read More

469 සරභමිග ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් තමන් වහන්සේ කොටින් විචාළ ප්‍රශ්නයක් සැරියුත් තෙරුන් විසින් විස්තර වශයෙන් ප්‍රකාශ කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

සර්වඥයන් වහන්සේ සත්වන වස තව්තිසා දිව්‍ය ලෝකයෙහි වාසය කොට මාතෘ දිව්‍ය රාජයන්ට තුන්මසක් අභිධර්මය දේශනා කර වස් පවරා සංකස්ස නගරාද්වාරයට වැඩිය සේක් එහි වැඩ සිටි තම ශ්‍රාවකයන් දැක සැරියුත් තෙරණුවෝ මහත් වූ ප්‍රඥාවෙන් යුක්තය මා හැර මුන් හා සමාන වූ නුවණැති කෙනෙක් තුන්ලෝකයෙහිම නැත. එබැවින් මුන්ගේ ඥාණ ගුණය ලොවට ප්‍රකාශ කරමියි සිතා පළමු පෘථග්ජනයන්ට විෂය වූ ප්‍රශ්න විචාළ සේක.
ඒ පෘථග්ජනයෝම විසඳුහ. මෙසේ ක්‍රමයෙන් සෝතාපන්න සකෘදාගාමි- අනාගාමි සහ මහශ්‍රාවක යන මොවුන්ට විෂය වන ප්‍රශ්න විචාළ සේක. ඒ ඒ ප්‍රශ්න ඒ ඒ තත්වයට පත් ශ්‍රාවකයන් විසින් විසඳු ඉක්බිති සැරියුත් තෙරුන් වහන්සේට විෂය වූ ප්‍රශ්න විචාළ සේක. ඒ පැන තෙරුන් වහන්සේ විසඳූ සේක. සෙසු තැනැත්තෝ නොදත් සෙක. Read More

470 සාලිකෙදාර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

අංගීරස ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් මව්පිය උපස්ථානයෙහි යෙදුන භික්ෂුවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස මගධරට රජගහ නුවර මගධ නම් රජකෙනෙක් රාජ්‍යය කරන කල්හි එනුවර ඊසාන කොන වූ සාලින්දිය නම් ගමේ මගධක්‍ෂෙත්‍ර නම් කුඹුරක් ඇත. කෝෂික ගෝත්‍ර ඇති බ්‍රාහ්මණයෙක් ඒ කෙතෙහි ඇල් වැපුරූහ. ඒ කෙත අසල මහත් ඉඹුල් වනයක ගිරවුන් සමූහයක් පිරිවරාගත් ගිරා රජ්ජුරු කෙනෙත් වාසය කරනනාහ. ඒ රජ්ජුරුවෝ දිනපතා හිමාලයට ගොස් ආහාර සොයා ගෙනවුත් දෙමින් තමා විසින් ම තම මහළු මව්පියන්ව පෝෂ්‍ය කරන්නාහ. මෙසේ කල් යවන අතර ඉහත කී කුඹුරෙහි ඇල් පැසී ඇති බැව් දැනගත් ගිරා රජ්ජුරුවෝ මහත් වූ ගිරා පිරිස සමග එම කුඹුරට ගොස් හැකි තරම් ඇල් කා සෙසු ගිරව් හිස් මුඛයෙන් යන අතර ගරා රජ්ජුරුවෝ බොහෝ ඇල් කරල් කඩා ගෙන තුඩින් ගෙන ගොස් දෙමාපියන්ට දෙන්නාහ. Read More

471 චන්දකින්නර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සුගතයන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක්. යශෝධරා දේවීන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් යශෝධරා දේවීන් වහන්සේගේ මාළිගාවට වැඩි ගමනේ සුද්ධෝදන රජතුමා බිම්බා (යශෝධරා) දේවියගේ ගුණ කියන්නේ ස්වාමීනී මාගේ මේ යෙහෙළිය ඔබ කෙරෙහි ආදරයෙන් මහභිනික්මන් කොට කාෂාය වස්ත්‍ර ඇඳි බව අසා පට සලු පැළඳීමෙන් වෙන් වූවාය. එක් වේලේ වළදතියි අසා ඈද එක් වේලක් ආහාර ගැනීමෙන් දවසරන්නීය. බිම සයනය කරන බැව් අසා බිම සයනය කරන්නීය. ඔබ පැවිදි වූ බැව් අසා සෙසු රජ දරුවන් එවූ පඬුරු පිළි නොගෙන ඔබ වහන්සේට ස්නේහයෙන් වැන්දඹුව ජීවත් වූයේ ඉතා අශ්චය්‍ර්‍යයයි සිතමියි යනාදීන් බිම්බාවගේ ගුණ වර්ණනා කෙළේය. පිය රජතුමනි ඈ මේ කෙළවර අත් බැව්හි මා කෙරෙහි ස්නේහයෙන් ක්ලේශ වසඟ නොවී අනුන් නොපැතීම පුදුම නොවෙයි පෙර තිරිසන් යෝනියෙහි ඉපිද පවා මා කෙරෙහි ස්නේහයෙන් අන් අය නොපැතුවේ වේදැයි ඉකුත් වත වදාළ සේක. Read More

error: Content is protected by www.ifbcnet.org.