තවද හුදු ක්ෂාන්තියෙන් මවාලු රුවක් වැනිවු සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ඤාතිසංග්රහයක් අරභයා මේ ජාතකය දක්වන ලදි.
ඒ කෙසේද යත්,
එක්සමයෙක්හි අනේපිඬු මහ සිටාණන්ගේ ගෙයි භික්ෂූන් වහන්සේ පන්සියයක් දෙනා වහන්සේටත් විශාඛාවන්ගේ ගෙයි පන්සියයක් දෙනා වහන්සේටත් නිරන්තරයෙන් දන්දෙන්නාහු කෝසල රජ්ජුරුවෝ එපවත් අසා භික්ෂූන් පන්සියයක් දෙනා පවරා නිරන්තයෙන් දන්දෙන්නාහ. දන්දෙන පමණක් විනා විස්වාස ඇදහිලි ඇතිව නොදෙන්නාහ. භික්ෂූන් වහන්සේත් දන් පිළිගෙණ කුළුපග උපාසක වරුන්ගේ ගේවලින් අනේපිඬු මහ සිටානන්ගේ ගෙට ගොසින් හෝ විශාඛාවන්ගේ ගෙට ගොසින් වළඳා එනසේක. එක්දවසක් කොසොල් රජ්ජුරුවෝ මිහිරි දෙයක් දැක භික්ෂූන් වහන්සේ කෙණෙකුන් නොදැක එපවත් රජ්ජුරුවන්ට කීහ. Read More
තවද හුදු ප්‍රඥාවෙන් මවාලු රුවක් වැනිවු තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් පොලොවට වන් නියාව අරභයා මේ ජාතකය දක්වන ලදි.
ඒ කෙසේද යත්,
මුගලන් සාමින් සැරියුත් සාමිත් දෙදෙනාවහන්සේ දේවදත්ත ස්ථවිරයන් ලඟ උන් පන්සියයක් භික්ෂුන් වහන්සේට බණ කියා ඇරගෙණ ගියසේක. කෝකාලිකයයන් වහන්සේ දේවදත්ත ස්ථවිරයන් වැදහෙව නිදනලක්හි තා කුමන මරනිදිදැයි කියා විලුඹෙන් ලැමැද්දට ඇනළූ ගමනේ ලේ නගා ලෙටින් වැදහෝනා ගමනේ නව මසකින් අනේ මට කිසි සරණයෙක් නැතිව අනාථ අසරණව ගියෙමි සර්වඥයන් වහන්සේත් මා කෙරෙහි කලකිරුණු සේක. අසූමහ සව්වන් වහන්සේත් මා කෙරෙහි කලකිරුණුසේක. මාගේ බැණවු රාහුලස්ථවිරයන් වහන්සේත් මා කෙරෙහි කලකිරුණුසේක. මාගේ ශාක්‍යවංශය හා කෝලිය වංශයෙහිත් මාගේ නැයෝත් මා කෙරෙහි කනස්සළුවුහ. Read More
තවද ත්රිභූවනාධිපති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් බ්‍රාහ්මණයෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.
ඒ කෙසේද යත්,
සැවැත්නුවර වාසීවු එක් බ්‍රාහ්මණයෙක් කුඹුරක් එලිකරන්ටයයි වල්කොටමි ගොස් වල්කෙටීය. සර්වඥයන් වහන්සේ එතනට ගොස් ඇයි බ්‍රාහ්මණය කුමක් කෙරේදැයි විචිරා වමාල සේක බමුණු කියන්නේ ශ්‍රමණභවත් ගෞතමයෙනි කුඹුරක් එලිකරණ නියාවට වල්කොටමි කීහ. සර්වඥයන් වහන්සේත් යහපතැයි වැඩිසේක. වල්කොටා ගිණිලාපු දවස් වැඩ බ්‍රහ්මණය කුමක් කෙරේදැයි විචාරා වදාළසේක. ශ්‍රමණ භවත් ගෞතමයෙනි වල් ගිණිලාපියම් කිහ. යහපතැයි කියා වැඩිසේක. ගිණිලා කුඹුර එලිකරන්ටවන් දවස් වැඩ බ්‍රහ්මණය කුමක්කෙරෙහිදැයි වදාළසේක. ශ්‍රමණ භවත් ගෞතමයෙනි කුඹුර එලිකරමි කීය. යහපතැයි කියා වැඩිසේක. කුඹුර එලිකොට ඇල අරමුණු බඳිනා දවස් වැඩ බ්‍රහ්මණය කුමක්කෙරේදැයි වදාළසේක. Read More
තවද හුදු සද්ධර්මයන් මවාලු රුවක් වැනිවු තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන්ට කී අවවාදයක් අරභයා මේ ජාතකය දක්වන ලදි.
ඒ කෙසේද යත්,
කෝසල රජ්ජුරුවෝ කාමයෙහි තෘෂ්ණා වසඟව කළමනා සියළු කට යුත්තෙහි විචාරයත් මදව සර්වඥයන් වහන්සේටත් කරණ බුද්ධෝපස්ථානයෙහි ප්‍රමාදව වාසය කරන්නාහු. එක් දවසක් සර්වඥයන් වහන්සේගේ ගුණ සඳහන් කොට බුදුන් දක්නට ගියාහු සර්වඥයන් වහන්සේ කෝසල රජ්ජුරුවන් දැක ඇයි මහරජ මෙතෙක් දවස් නුදුටුවිරුමෝනැයි විචාරා වදාළසේක රජ්ජුරුවෝ ස්වාමිනි අපරික්ෂිතව උනිමි කීහ. සර්වඥයන් වහන්සේ මහරජ මාසේවු තිලෝගුරු සර්වඥ කෙණෙකුන් තොපගේ නුවර හිඳ දන්පින් කරවයි අනුශාසනා කරමින් ඉන්දදී තොපි දන් පින් නොකොට ප්‍රමාදව දවස් අරිනා පමණක් මිසක් පෙර අබුධෝත්පාද කාලයෙහි උත්තමයෝ තමන්ගේ රාජ්යසීමායෙහි සියළු මනුෂ්‍යයන්ට අවවාද කියා දානාධ්යාශයෙහි යොදා රාජ්‍යය කළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක. Read More
තවද හුදු සමෘද්ධියෙන් මවාලු රැවක් වැනිවු තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ලෝකාර්ථචරියාවක් අරභයා මේ ජාතකය දක්වන ලදි.
ඒ කෙසේද යත්,
එක් දවසක් ධම්සභාමණ්ඩපයෙහි රැස් වූ භික්ෂූන්වහන්සේ සර්වඥයන් වහන්සේ අඤ්ඤාකොණ්ඩඤඤ භික්ෂූන් වහන්සේ ඇතුළුවූ පස්වග මහනුන් නිසා අටසාළිස් යොත්නක් ගොසින් මහණකරවා වැඩිසේක. මහාකප්පින්න රජ්ජුරුනක් නිසා එක්සිය විසියොත්තක් කතරගෙවා වැඩිසේක. අලව් යක්ෂයා නිසා එතෙක් කතර තමන් වහන්සේම පාසිවුරු ගෙණගොසින් ඔවුන් හික්මවා වැඩිසේක. වෛනයජන කෙණෙකුන් නිසා ගොස් මහණකරවා ගෙණ වැඩිසේකැයි එසේ හෙයින් සර්වඥයන් වහන්සේගේ පරොපකාරය යහපත් නිසායයි කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පුර්ව භාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි පළමුත් උත්තමයෝ තමන්ගේ උත්සාහයෙන් බොහෝ දෙනා අපායට යන්නාවුන් ගොඩලුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්ස් ඉකුත් වත් දක්වා වදාළ සේක. Read More
තවද සද්ධර්ම මහා කිරීටවු සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි චිඤචමානවිකාව අරභයා මේ ජාතකය දක්වන ලදි.
ඒ කෙසේද යත්,
සර්වඥයන් වහන්සේ බුදුවු පසු තීර්ථකයන්ට වන්නාවු ලාභය පිරිහින. තීර්ථකයෝ මේ භවත් ගෞතමයන් බුදුවු තැන්පටන් අපට වන්නාවු ලාභයෙක් ඇත්නම් පිරිහින ඉඳින් අභව්යකරවාපුමෝ නම් අපි ලබන්නාවු ලාභ ලබන්නමෝ වේදැයි සිතා තීර්ථකයෝ ඇම එක තැනකට එක්ව කථාකරන්නාහු ඒ ශ්‍රමණ භවත් ගෞතමයෝ දුටු දවස් පටන් අප ලබන්නාවු ලාභයෙන් පිරිහි ගියම්හ. යම් උපායකින් ගෞතමයන් අභව්‍ය කරවාපුමෝ නම් අපි ලාභ ලබන්නෝ මෝ වේදැයි කීහ. ඉන් එක තීර්තකයෙක් කියන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන්ට කිළුටක් කියා අභව්‍ය කරන්ට උවමැනවැයි කියා එසේ වි නම් මේ හැම චිංචිමානවිකා නම් පරිබ්රාජිකාවක් ඇත්තීය. බැළුවන්ට ප්‍රසාද වහන සිත්කළුය ඈ නිසා ශ්‍රමණ භවත් ගෞතමයන්ට කිළුටක් උපදවා අභව්‍ය කරවා පිරිහෙලා පියම්හයි කථාකොට උන්නාහ, ඒ තීර්ථකයෝ උන්නාවු ශාලාවට ආවාවු චිංචිමානවිකාව තීර්තකයන්ට වැඳ එකත්පස්ව උන්නාහ, තීර්ථකයෝ උන් වැඳිමටත් බැනනොනැංගාහ. දෙවෙනිවත් වැඳලා සිටියාහ, ඒ වෙලෙත් බැණනොනැංගාහ, තුන්වෙනිවත් බැනනොනැංගාහ, ඒ වෙලෙහි විංඤචිමානවිකා විචාරන්නී ඇයි ස්වාමිනි මා විසින් කවර අපරාධයක් කරණලද ද කවර වැරැද්දක් නිසා බැණනොනැගෙන්නේදැයි විචාළාහ. Read More
තවද හුදු නුවණින් මවාළූ රුවක් වැනිවු තිලෝගුරු බුදුරජානන් වහන්ස් ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන් ගේ අමාත්‍යයකු අරභයා මේ ජාතකය දක්වන ලදි.
ඒ කෙසේද යත්,
කොසොල් රජ්ජුරුවෝ එක් අමාත්‍යයෙකුට බොහෝ සම්පත්දී අධික කරුණා ඇත්තාහ. සෙසු අමාත්‍යවරු රජ්ජුරුවන් අමාත්‍යයාට අධික කරුණා ඇතිනියාව දැන නොයෙක් දෝෂකියා බිඳවාපුවාහ. රජ්ජුරුවෝ අමාත්‍යයාගේ දෝෂ පරීක්ෂා කොට කිසි දෝශයක් නැතියෙහින් බුදුරජානන් වහන්සේ කරාගොස් ස්වාමිනි මිත්‍රයාගේ යහපත හා අමිත්‍රයාගේ දෝෂත් අසනු කැමැත්තෙමි කීහ. මහරජ පළමුත් තොපගේ රජ දරුවෝ නුවනැත්තන් අතින් විචාළගමනේ නුවණැත්තෝ විසඳා කිව්වෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක. Read More
ධර්ම රාජයාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන කල්හි ැදව්දත් තෙරුන් අරභයා මේ ජාතකය වදාළ සේක.
ඒ කෙසේද යත්,
දෙව්දත් තෙරුන් වහන්සේ මම ද බුදු වෙමි. බුදුන් මාගේ ආචාරීන් නොවන්නේය. උපාධ්‍යයන් නොවන්නේයයි ධ්‍යානයෙන් පිරිහි සංෂ භේද කොට පොළව පලා අවීචියට ගෙනයාම ගැන දම්සභා මණ්ඩපයෙහි භික්ෂූණ් අතර කතාවක් උපන් කල්හි එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, පෙරත් දෙවිදත් තෙරණුවෝ ආචාරීන් ප්‍රත්‍ය ඛ්යානය කොට මහත් වූ විනාශයට පැමිණියෝ වේ දැයි ඉකුත් වත වදාළ සේක.
යටගිය දවස බරණැස උසීරථ නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි එක් සැඬොල් ගමක මහ නුවණැති නොකල්හී අඹ ඵල ගන්වන්නා වූ මන්ත්‍ර දන්නා කෙනෙකු සිටියේය. ඔහු උදෑසන කද කරට ගෙන වනයට ගොස් අඹ රුකක් සමීපයට සත් පියවරක් ඈතින් සිට මන්ත්‍රය ජප කොට අඹ රුකට පැන් අතලොස්සක් ගසන්නාහාම එහි අලුත් තළු දා කොළ හට ගන්නේය. Read More
බුදුරජාණන් වහන්සේ රෝහිනී නම් ගංතෙර වැඩහිඳ නෑයන්ගේ කලහයක් අරභයා මේ ජාතකය වදාළ සේක.
මෙහි නිධාන කථාව කුනාල ජාතකයෙහි මෙනි.
පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රාජ්‍ය කරන කල්හි පිටි නුවර එක් වඩු ගමක එක් බමුණු වඩුවෙක් වලින් දඬු ගෙනවිත් රථ ඉදිකොට ජීවත් වන්නේ ය. එකල හිමාල වනය සමීපයෙහි මහා කොලොන් ගසක් ඇත. එක් වලහෙක් ගොදුරු සොයා යන්නේ ඒ ගස මුල වැදහොත්තේ ය. එදින හට ගත් මහත් සුළගින් ඒ ගසෙන් වියළි අත්තක් කැඩී වලසාගේ කරපිට වැටී බෙල්ල තැලීගියෙන් බියපත්ව මදක් දුර දුව ගොස් නැවතී සිට තමා ආ මාර්ගය දෙස බලා කිසිවෙක් නොදැක. කිසි සතුරෙක් මා එළවා එන්නේ නැත. මේ රුකෙහි ඇති දේවතාවා මා මෙහි සිටීමට නොකමැත්තේ යයි සිතමින් ඒ ගස කෙරෙහි වෛර බැද ගස නිය වලින් සූරා අන් සතුන්ගේ මෙහි සැතපීම කැමැත්තෙහිය. මාගේ සැතපීම පමණක් නොකමැත්තෙහිය. Read More