Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

441 මහාමංගල ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද ශාක්‍යකුල තිලකවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මහාමංගල සුත්‍රය අරභයා මේ ජාතකය දක්වනලදි.

ඒ කෙසේදැ යත්,

එක් දවසක් ශාලාවෙක බොහෝ මනුෂ්‍යයෝ එක්ව උන්නාහ. ඉක්එක් මිනිසෙක් තමන්ගේ ගෙයි මගුල් ඇතැයි නැගී සිට පළාගියේය. එතන උන් මනුෂ්‍යයෝ කියන්නාහු මගුල් තමා කවරේදැයි කීහ. ඉන් එකෙක් කියන්නේ නැති කිරිදෙන බැමිණි දෙනක හා එලගිතෙල් හෝ වෘෂභයෙකු හෝ සුදුකුඩක් හෝ සර්වාභරණයෙන් සැරසුනාහු ස්ත්‍රීයෙක්, යනාදින් මෙකිදෙයින් යමක් දුටුහොත් මේ මගුලැයි කීය. එකෙක් එසේනොව ඇසින් දුටුදෙය මගුල් නොවෙයි නිදානැගී පුණ්‍යයයි කියාවත් වඩ්ඪයයි කියාවත් යන මේ ශබ්දයෙන් එකක් කනවැටිනි නම් මගුලැයි කීය. එකෙක් කියන්නේ කණට ඇසුනු දෙයක් මගුල්ද, ඒ මගුල් නොවෙයි යමෙක් නිදා නැගිසිට ගෙණ පොළොව අල්වා රත්‍රන් අල්වාද සුවඳ විලවුන් අල්වාද රේමස් අල්වාද මෙකීදෙයින් එකෙක් කෙළේවී නම් ඒ මගුලැයි කිය. Read More

442 ඝත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද ශාක්‍ය කුල කල්පදෘ මවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පුත්‍රයෙකු මළ පියෙකු අරභයා මේ ජාතකය වදාරන ලදි.

ඒ කෙසේද යත්,

මෙහි වර්තමාන කථාව මට්ටකුණ්ඩලී ජාතකයෙහි විස්තර වශයෙන් පෙනෙන්නේය මෙහි වනාහි පෙර උත්තමයෝත් කී අවවාදයෙහි පුත්‍ර සෙනෙහය ඇත්තෝ පවා සෝක සන්හිදුවා උන්නෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධ්තවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක

යටගිය දවස උත්තරාපථයෙහි කංසභෝග නම් රට අසිතජ නම් නුවර මහා කංසනම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි රජ්ජුරුවන්ගේ කංසය උපකංසයයි පුත්තු දෙන්නෙක් ඇත්තාහ. දේවගර්භා නම් දියනි කෙණෙක් ඇත්තාහ. ඒ දියනියන් උපන්ගමනෙම නැකැත් කියන්නාවූ බමුණෙක් ලක්ෂණ දැක කියන්නාහූ මේ කුමාරි නිසා මේ රාජවංශය නස්නේය. දැන්ම නසාපුවොත් යහපතැයි කීහ. Read More

443 මාති පොසක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද මේ ජාතකය ජේතවනාරාමයෙහි වැඩ වසන්නාවූ සුර්වකේලේශයන් සර්වාකාරයෙන් නැසුවාසූ සියළු පදාර්ථනයන් සවයම් භුඥාණයෙන් දත්තාවූ සර්වඥයන් වහන්සේ විසින් දෙමව්පියන්ට උපස්ථාන කරන්නාවූ එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

මෙහි වර්ථමාන කථාව සාම ජාතකයෙහි විස්තර වශයෙන් කියනලද එපරිද්දෙන්ම සර්වඥයන් වහන්සේ තමන් සමීපයට ඒ මාතුපෝසක භික්ෂූන් වහන්සේ කැඳවාගෙණ ආවාවූ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට වදාරණසේක් එඹා වහණෙනි ඒ භික්ෂූන්ට නින්දා නොකරව. පුරාතනයෙහි තිරිසන්ව උපන්නාවූ පවා මැනියන්ගෙන් වෙන්වුවාහු සතියක් මුළුල්ලෙහි නිරාහාරව වියලෙන්නාවූ රජදරුවන්ට සුදුසුකොට එලවන ලද ආහාරය ලැබත් මෑනියන් ඇරපියා අනුභව නොකෙරෙමි කියා මෑනියන් දැක ගොදුරු කැවෝ වේදැයි වදාරා එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ විසින් ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක. Read More

444 ජුන්හ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද මේ ජාතකය ජේතවනාරාමයෙහි වසන්නාවූ බුදුරජානන් වහන්සේ විසින් ආනන්ද සාමින් විසින් ලබන ලද වර අටක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සර්වඥයන් වහන්සේට බුදුවූ විසි අවුරුදු වනතුරු නිරන්තරයෙන් නියම උපස්ථාන කරන්නාවු එකද භික්ෂූකෙණෙකුන් වහන්සේයයි නැත සමහර දවසක් නාගමාල නම් තෙරුන් වහන්සේ නියමයක් නැතිව උපස්ථාන කරණ සේක. එක් දවසක් සර්වඥයන් වහන්සේ භික්ෂූන් වහන්සේ සමිපයට කැඳවා වදාරණ සේක් එඹාමහණෙනි මම දැන් වයෝවෘද්ධයෙමි සමහර භික්ෂූකෙණෙකුන් මා හා සමඟ යමින් සිට මේ මගින් යම්හයි කිවෝත් ඔහු අන්ගමකින් යන්නාහ. සමහර කෙණෙක් මාගේ පා සිවුරු බිමට දමාපියා යන්නායහ. එසේ හෙයින් මට නිරන්තරයෙන් උපස්ථාන කරන්නාවූ එක් භික්ෂූකෙණකුන් නියම දනුවයි වදාළසේක. එසේකල මම උපස්ථාන කෙරෙමි දොහොත් මුදුනේ බැඳ සිටියාවූ සැරියුත්සාමි ආදිකොට ඇති භික්ෂූන් වහන්සේලාට වදාරණ සේක් එඹා තොප තොපගේ ප්‍රාර්ථනා මුදුන් පැමිණියේයයි වළකා වදාළසේක. Read More

445 ධර්ම ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද මේ ජාතකය ජේතවනාරාමයෙහි වසන්නාවු තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙවිදත් තෙරනුන්වහන්සේ පොළොව පලායාම අරභයා වදාරණ ලදි.

ඒ කෙසේද යත්,

එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව වැඩ උන්නාවූ භික්‍ෂූන් වහන්සේ කථාවක් පලකරන සේක් එම්ඹා ඇවැත්තනි දේවදත්ත ස්ථීවරයෝ බුදුන් හා සමග විරුද්ධව පොළොව පළා වන්නෝ වේදැයි කියමින් උන් සේක එකළ සර්වඥයන්වහන්සේ දම්සභාමණ්ඩපයට වැඩ මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් නථාවකින් යුක්තව උනුදැයි විචාරා මේ නම් කථාවක් කොට උනුම්දැයි කී කල්හි එම්බා මහණෙනි දැන් මාගේ සර්වඥයන් චක්‍රයෙහි පැහැර පොළොවට වන්නේය. පළමුත් මාගේ ධර්මචක්‍රයෙහි පැහැර පොළොවට වැද අවිචි නරකයෙහි උපන්නෙහි වේදැයි වදාරා එක්තරා භික්ෂුකෙණෙකුන් වහන්සේ විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක. Read More

446 උදයභද්ද ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද මේ ජාතකය ජේතවනාරාමයෙහි වැඩ වසන්නාවූ බුදුරජානන් වහන්සේ විසින් ශාසනයෙහි උකටලීවූ එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා වදාරණ ලදි.

ඒ කෙසේද යත්,

එහි වර්තමාන කථාව කුස ජාතකයෙහි විස්තර වශයෙන් කියනලද මේ ජාතකයෙහි භික්ූෂන් වහන්සේ විසින් ශාසනයෙහි උකටලීවු භික්ෂූන් වහන්සේ දම්සභා මණ්ඩපයට ගෙණහැර දැක්වු කල්හි සැබැද මහණ තා ශාසනයෙහි උකටලී වුයේයයි විචාරා වදාරා සැබැව ස්වාමිනි දැන්වු කල්හි එඹල මහණ කුමක් නිසා කේලශ වසඟයෙන් මෙබඳූවු නෛර්යානික ශාසනයෙහි මහණව උකටලීද පුරාතණයෙහි නුවණැත්තෝ දොළොස් යොදුනක් පමණ ඇති සියල්ලෙන්ම සමුද්ධවූ සුරන්‍ධ නම් නුවර රාජ්‍යය කරන්නාවු පවා සුරාංගනාවක හා සමාන ස්ත්‍රියක සමග සත්සියයක් අවුරුදු එක ගබඩාවෙහි වසන්නාවු ඉඳූරන් බිඳ ලෝභවශයෙන් නොබෑළුවෝ වේදැයි වදාරා එක්තරා භික්ෂූ කෙණෙකුන් වහන්සේ විසින් ආරාධිත වූ බුදුරජානන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. Read More

447 පාණිය ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද මේ ජාතකය ශාන්තවූ දානාතවූ ගුණ ඇති බුදුන් වහන්සේ කේලේශ නිග්‍රහයක් අරභයා වදාළසේක.

ඒ කෙසේද යත්,

එක්සමයෙක්හි සැවැත්නුවර වැසි පන්සියයක් පමණ පුරුෂයෝ සර්වඥයන් වහන්සේගෙන් බණ අසා මහණ උපසම්පදා ලැබ විහාර සීමා ඇතුලේම වාසය කරන්නාහු මධ්‍යම රාත්‍රීවෙලේහි කාමවිතර්කයක් උපදවාහු මෙහි වර්ථමාන කථා යටකියන ලද්දා හා සදෘශවන්නේය. මෙහි බුදුන් නියෝගයෙන් ආනන්දසාමින් විසින් සංඝයා වහන්සේ රැස්කළ කල්හි බුදුහු පණවන ලද ධර්මාසනයෙහි වැඩ හිදී භික්‍ෂුකෙණෙකුන් වහන්සේ උදෙසා සාමාන්‍යයෙන් වදාරණසේක් එඹාමහණෙනි කේලශයෝ නම් ක්‍ෂුද්‍රයයි යන්නෙක් නැත. භික්ෂූන් විසින් නම් උපන්නාවූ කෙලශයන් එමවිටම නිග්‍රහමකටයුතුය. පුරාතණයෙහි නුවනැත්තෝ අබුද්ධෝපාද කාලයෙහි පවා කෙලශ නිග්‍රහ කොට පසේබුදුවුවෝ වේදැයි වදාරා එක්තරා භික්‍ෂුකෙණෙකුන් වහන්සේ විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක. Read More

449 දසරථ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද මේ ජාතකය ජේතවනාරාමයෙහි වසන්නාවු සුන්දර ගතියක් ඇති හෙයින් සුගත නම්වූ සර්වඥයන් වහන්සේ පියා මළ සෝකයෙන් අඬන්නාවු එක් කෙළෙඹි පුත්‍රයෙකු අරභයා වදාළසේක.

ඒ කෙසේද යත්,

ඒ කෙළෙඹි පුත්‍රයා පියා මළකල්හි සෝකයෙහ් මඩනාලද්දේ කලමනා සියළු කර්මාන්ත හැර සොකයම අනුව පවත්නේය. සර්වඥයන් වහන්සේ අළුයම් වෙලෙහි මහා කරුණා සම්පත්තියෙන් නැගී ලොව බලාවදාරණ සේක් ඒ පුරුෂයාගේ ශෝතාපත්තිඵලයට උපනිශ්‍රය ඇතිනියාව දැන දෙවන දවස් උදෑසනම සැවැත් නුවර පිඬුසිඟා වළඳා කරණ ලද ආහාර කෘත්‍යය ඇති සේක් භික්‍ෂුන් වහන්සේ යවා එකම භික්ෂූකෙණෙකුන් කැඳවා කෙළෙමි පුත්‍රයාගේ ගෙට ගොස් ඔහු විසින් වැඳ එකත්පස්ව උන්කල්හි මිහිරිවූ කට හඬින් කථාකරණසේක් සෝකය කිම්ද උපාසකයයි වදාරා ඔහු විසින් එසේය ස්වාමිනි පියාකෙරහි කරණලද සෝකයෙන් මා පෙළෙන්නේයයි කී කල්හි එඹා උපාසකය පුරාතනයෙහි නුවනැත්තෝ අෂ්ටලෝක ධර්ම තත්වහෙයින් දන්නාහු පියානන් කළුරියකළ කල්හි ස්වල්ප මාත්‍රයකුත් සෝක නොකොළෝ වේදැයි වදාරා ඒ උපාසකයා විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක. Read More

450 සංවර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද පිරිසිදු ගුණ ඇති බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි පසුබට විර්යය ඇති භික්ෂුකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ කෙසේද යත්,

සැවැත්නුවර කුලපුත්‍රතයෙක් බුදුන්ගේ බණ අසා මහණව ආචාරීවත් උපාධ්‍යායවත් පුරන්නේ උභයමාතෘකා වනපොත්කොට පීරුණාවු පශ්චස් ඇතිව කර්මස්ථාන ඉගෙණ වල්හි වාසය කෙරෙමින් ආචාර්ය උපාධ්‍යයන් ගෙන් අවසරගෙණ කොසොල්රට එක් පසල් ගමකට ගොස් තමන්ගේ සාන්ත දාන්ත ගුණයෙහි පැහැද ඒ ගම උපාසකවරුන් විසින් කොටාදෙන ලද පන්සල්හි වාසය කෙරෙමින් උපස්ථාන කෙරෙමින් උපස්ථාන විඳ වස්වැස විදර්ශනා වඩා ඉතා ආයාසකොට වඩනා ලද විර්යයෙන් තුන් කර්මස්ථාන භාවනා කොට අපහාස මාත්‍රයකුත් උපදවාගත නොහි සිතන්නාහු ඒ කාන්තයෙන් සර්වඥයන් වහන්සේ දෙසු පුද්ගලයන් සතරදෙනා අතුරෙන් මම පාළිඉගැන්වීමෙන් මෙහි දක්‍ෂවෙමි. Read More

451 සුප්පාර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) One Comment

තවද මේ ජාතකය ස්වධර්මයෙන් සර්වකාරයෙන් පරෝපදේශ රහිතව ස්වයම්භූඥානයෙන් දත්තාවු සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් ප්‍රඥා පාරමිතාව අරභයා වදාළසේක.

ඒ කෙසේද යත්,

එක් දවසක් සවස්වේලෙහි සර්වඥයන් වහන්සේ ධර්මශාලාවට වැඩිම පෙර මග බල බලා උන් භික්ෂූන් වහන්සේ ඇවැත්නි අනේ බුදුන්ගේ ඥාණයෙක් යහපත් නියාව මහත්වු ප්‍රඥා ඇතිසේක. තීක්‍ෂණ ප්‍රඥා ඇතිසේක් නිව්‍යාජවු ප්‍රඥා ඇතිසේක. ඒ ඒ උපායෙහියෙදෙන්ට නිසි ස්ථානොවිතප්‍රඥා ඇතිසේක. පොළොවසේ පතලවූ ප්‍රඥා ඇතිසේක. සියළු දඹදිව උපන්නාවු ප්‍රශ්නයන් බුදුන් ඉක්මයන්ට සමර්ථයෙක් නැත. යම්සේ සමුද්‍රයෙහි නැංගාවු තරඟ ඉක්ම නොගොස් වෙරලාන්තයෙහිම භග්නවේද එපරිද්දෙන්ම කිසිවෙක් බුදුන් ඉක්ම යන්නෙක් නම් නැත පාදමුලයට පැමිණිම භග්නවන්නේ යයි බුදුන්ගේ මහත්වු ප්‍රඥා පාරමිතාවන් වර්ණනා කොට කොට උන්සේක. Read More

error: Content is protected by www.ifbcnet.org.