
ලී චෙංග්වින් මහතා ඉතා කාරුණිකය. ඔහු තමාට විවේක ඇතිවිටෙක මුහුදු වෙරළට ගොස් මසුන් මරණ ධීවරයින් අමතා විමසන්නේ ‘’මොනවද අද ඔබ අල්ලාගෙන තියෙන්නේ? මාලු, කකුළුවො, කැස්බෑවො?’ ඉන්පසු ඔහු තම මුදල් පසුම්බිය දිගහැර මත්ස්‍යයින්ගේ වටිනාකම ගෙවා ඔවුන් ලබා ගෙන නැවත ඔවුන් මුහුදටම මුදාහැර ජීවිත ගලවා සතුටක් ලබයි. ඔහු අත දිගහැර වියදම් කිරීමට තරම් මුදල් ඇති ධනවතෙක් යයි ඔබට සිතෙන්ට පුළුවන. නමුත් එය එසේ නොවේ. ඔහු ධන කුවේරයෙක් නොවේ ඔහු තෘප්තියක් ලැබුවේ මරණයට කැප වූ සත්ව ජීවිතවලට අභය දානය දීමෙන් ය. ඔහු එවැනි ප්‍රාණීන් මුදා හැරීවිට මහත් සතුටින් උද්දාමවන්නේ මෙසේ තමාටම කියා ගනිමින්ය. ‘බලන්න , බලන්න ඔවුන් නැවතත් නිදහස ලැබුවා’ ඔහුගේ එම පී‍්‍රති ප්‍රමෝදය දවස මුළුල්ලේම අඛණ්ඩව දෝංකාරය දෙමින් පවතී.
ලී මහත්මයා රස විද්‍යාඥයෙකි. එය රසායන, භෞතික හා දාර්ශනික යන තුන්කොන් විද්‍යා ක්රියාවලියෙහි ඒකාබද්ධ සන්ධිස්ථානයකි.
ඔහු හඳුනා නොගත් අනේකවිධ රසායන විශේෂ පිළිබඳව නිරන්තරවම අත්හදා බැලීම් කරයි. ඒවා පිළිබඳ පුළුල්ව පර්යේෂණ මඟින් අධ්‍යයනය කරයි. සමහර අවස්ථාවල ඔහු ප්‍රතික්‍රියාව ගැන විමසිලිමත්වීම පිණිස විවිධ රසායනික මිශ්‍රණ ඔහු ගිල දමයි. එහි ප්‍රතිඵලය කොතරම් භයානක ද කියතොත් එමඟින් ඔහු තමා විසින්ම ශරීරයට මාරක විෂ ඇතුළු කර ගැනීමක් ය. එහි ප්‍රතිඵලය කුමක් විය හැකිදැයි ඔබටම අනුමාන වශයෙන් සිතාගත හැකිය. Read More