එක් කලෙක චීනයේ ඇංහියු ප්‍රාන්තයේ වුවුයි හි ලියාං චියාෂවු නමැති කරණැවෑමියෙක් ජිවත් වූයේය. ඔහුගේ හිස්මුදුනේ හිසකෙස් ඉතා අඩුව මුවකුගේ හිස් මුදුනක් සේ දිස්විය. ඔහුට මීයකුගේ මෙන් කුඩාවූ දිලිසෙන ඇස් තිබුණේය. ඔහු දැකුම්කළු පුද්ගලයකු නොවේ. යමකුගේ බාහිර පෙනුමේ කඩවසම් බව එතරම් ප්‍රශ්නයක් නොවූවත් අභ්‍යන්තර දැකුම්කළු භාවය තිබේනම් ඔහු සත්පුරුෂයකු වන්නේය. ලියාං නමැති මේ කරණැවෑමියා අභ්‍යන්තරයෙන් ද දැකුම්කළු නොවීය. නිරන්තරවම අඬදබර කරන සුළු අවිචාරවත් පුද්ගලයෙක් වූ ඔහු තම ක්‍රියා කලාපය දියුණු කරගැනීමට හෝ අෂික්ෂිත ඇවැතුම් පැවැතුම් වෙනස්කර ගැනීමට හෝ කිසිදු උත්සාහයක් නොකෙළේය. ඒ සියල්ලටම වඩා ඔහු මහා කෑදරයෙක් ද වූයේය. ඔහුගේ ප්‍රියතම ආහාරය වූයේ ගෙඹි මස් ය. සමහර චීන ජාතිකයින් ගෙඹි මස් නොහොත් මැඩියන්ගේ මස් වලට ව්‍යවහාර කෙළේ “වෙල් කුකුල් මස්” කියාය. “වෙල් කුකුළු” මසින් තොර කෑම වේලක් ලියාං ට කෑම වේලක් නොවේ. සෑම කෑම වේලකටම ඔහු ගෙඹි මස් එක් කෙළේය. ගෙඹි මස ඉතා රසවත් ලෙස පිසින ක්‍රම දුසිමටත් වැඩි ගණනක් ලියාං දැන සිටියේය. Read More
ෂෙයි මහත්මිය , අසාධ්‍ය රෝගයකින් දැඩිව පීඩාවට පත්වසිටින ස්වාමිපුරුෂයාට ප්‍රතිකාර පිණිස නිවසට කැඳවූ වෛද්‍ය විශේෂඥයා ඇමතුවාය.
“වෛද්‍යතුමනි කොහොම හරි මගේ දයාබර ස්වාමියා සනීප කර දෙන්න. ඔබතුමාට ඔහු ඉක්මනින් සුවකර දෙන්ට පුළුවන්ය කියල මා විශ්වාස කරනවා “
වෛද්‍යවරයා හිස සැලුවා මිසක කිසිදු පිළිතුරක් නොදුන්නේය.
ෂෙයි මහත්මයා අදාළ රෝගියාය. ඔහුගේ පිටේ සැරව පිරුණු විශාල ගෙඩියක් විය. එම විශාල ගෙඩිය වටා දුසිම් ගණනක් සාරය පිරුණූ කුඩා ගෙඩිද සමූහයකි. ඉවසුම් නොදෙන වේදනාවෙන් පීඩා විඳින ෂෙයි මහත්මයා ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටී. ඔවුහු මේ රෝගය සඳහා අනේකවිධ ප්‍රතිකාර ගත් නමුත් විශාල ලෙස මුදල් වැය කළ නමුත් කිසිදු ප්‍රතිඵලයක් නොවීය. විශේෂඥ වෛද්‍ය ලින් මහත්මයා කියා සිටියේ “ මෙය ඉතාම දුර්ලභ ගණයේ රෝගයක්. මෙම රෝගය කොපමණ දුර්ලභ ද කිවහොත් කිසිවකු මෙහි නමවත් අසා නැහැ. මෙම රෝගය සුවපත් කළ හැකි කිසිම බෙහෙතක් කොපමණ මුදල් තිබුණත් සොයාගත නොහැකියි. එම නිසා මෙම රෝගය හඳුන්වන්නේ “ කුරුලන්ගේ රාජ බුහුමන “ යන නාමයෙන්” Read More
යූආන් ලියුචුවාන් එවකට චීනයේ සිටි අති දක්ෂ ඡ්‍යොතිෂවේදියෙකි. ඔහුට යම් කෙනකුගේ හස්තරේඛා අනුව හෝ නාසයේ හැඩය අනුව හෝ නිවැරදිව දෛවය හෙවත් ඉරණම ගැන පුරෝකථනය කළ හැකිය. එක් දිනක් රජයේ උසස් තනතුරක් දරන නිලධාරියෙක් තම පුත්‍රයාගේ දෛවය පිළිබඳව විමසීමට යූආන් ලියුචුවාන් ශාස්ත්‍රඥයා හමුවීමට ගියේය. මෙම ළමයා පරීක්ෂා කළ ශාස්ත්‍රඥයා වහාම තේරුම් ගත්තේ වසර කීපයකින් ඔහු ජීවිතයෙන් සමුගන්නා බවය. ඔහු ඒ බව ළමයාගේ පියාවන රාජ්‍ය නිළධාරියාට කෙළින්ම ප්‍රකාශ කෙළේය.
මෙයින් මහත්සේ කැලැඹුණ රාජ්‍ය නිලධාරියා ගෙදර නොගොස් ළමයාත් සමගම කෙළින්ම දිවගියේ විහාරයට ය. ඉතා කලබලකාරීව නො ඉවසිලිමත් ලෙස හැසිරුණු නිලධාරියා භික්ෂුන් වහන්සේ නමක් හමු වී වැඳ නමස්කාර කෙළේය. ස්වාමීන් වහන්සේ රාජ්‍ය නිලධාරියාගේ අසාමාන්‍ය ස්වභාවය දැක “ ඔබ කලබලකාරීව මහත් ශෝකාකූලව සිටින්නේ මන්දැයි “” විමසු සේක. මීට ස්වල්ප වේලාවකට පෙර දෛවඥ යූආන් ලියුචුවාන් තුමා විසින් තම පුත්‍රයා පිළිබඳව කරන ලද ප්‍රකාශය සඳහන් කෙළේය. එම භික්ෂුන් වහන්සේද රාජ්‍ය නිලධාරියාගේ පුත්‍රයා දෙස විමසිල්වත්ව බලා ඔහුගේ ඉරණම ගැන සමීක්ෂණයක්ද කර ඊට කළ යුතු පිළියම් විස්තර කෙළේය. Read More
මෙයින් වසර 1600 කට පමණ පෙර චීනයේ චින් අධිරාජයාගේ රාජ්‍ය සමයේ කොන්ෆියුසියස් ධර්මයේ අනුගාමික මාඕ පාඕ නමැති තැනැත්තෙක් ජීවත් වූයේ ය. ඔහු එවකට චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික විභාගයෙන් සමත්වීමට පෙර එක් දිනක කැස්බෑවකු අල්ලා ගත් මස් මරන්නෙක් ඒ සතා විකිණීම පිණිස වෙළෙඳ පොළට ගෙනයනු දුටුවේ ය.වහාම සතා මිලදී ගත් මාඕ පාඕ ඒ සතා මරා කනවා වෙනුවට කෙළේ සතා අසළ තිබුණ විශාල විලට අතහැර නිදහස් කිරීම ය.
පසුකාලයේ රජයේ ඉහළම රාජ්‍යතාන්ත්‍රික විභාගයෙන් සමත්වූ මාඕ පාඕ යුද හමුදාවේ ඉතා බල සම්පන්න ජනරාල්වරයෙක්ව සතුරු ආක්‍රමණ මැඩලීමේ නිරත විය. ඉතා බලසම්පන්න දක්ෂ ජනරාල්වරු පවා සමහර අවස්ථාවලදී පරාජය වෙති. එසේ එක් අවස්ථාවක ජනරාල් මාඕ පාඕටද එබඳු කටුක අත්දැකීමකට මුහුණ පාන්න සිදුවිය. ඔහුගේ සේනා ඛණ්ඩයට ෂික් චිලාන් නමැති සතුරු සෙන්පතියකු පහර දුන්නේ ය. ඒ අවස්ථාවේ ෂික් සෙන්පතියාගේ සේනාව වඩා ශක්තිමත් වූ බැවින් මාඕට සිදු වූයේ ස්වකීය භට පිරිසට දිවි ගලවාගෙන පසු බසින ලෙස අණදීමට ය. ඒ අනුව මාඕ ද පසුබැස පළා ගියේ ය. Read More
ඈත අතීතයේ චීනයේ සුචව් නගරයේ වැංටාලින් නමැති කාරුණික මනුෂ්‍යයෙක් ජීවත් වූයේය. සෑම ජීවිතයක්ම “ මැණික් වලටත් වඩා වටිනා දෙයක්ය” යන මතයෙහි ඔහු දැඩිව එල්බ සිටියේය. ලොකු හෝ වේවා කුඩා හෝ වේවා සෑම ජීවියකුට තම ජීවිතය ඉතා අගනේය යන මතය තමා තුළ පමණක් නොව වෙනත් අයටත් අවබෝධ කිරීමට ඔහු නිතර වෑයම් කෙළේය.
නිවාසවල කූඩුකර හිරකරගෙන සිටින සතුන් ඔවුන්ට මුදල් ගෙවා ලබාගෙන නිදහස් කිරීම, එම සතුන්ගේ ජීවිත ආපදාවෙන් ගලවා ගැනීම තම යුතුකම සේ සිතා ඔහු ක්‍රියාවට නැංවීය.
සැට විය ඉක්මවා සිටි චූ නමැති මහළු පුරවැසියෙක් චීනයේ චියාං ප්‍රදේශයේ වාසය කෙළේය. හෙතෙම ස්වකීය ජීවිත කාලය පුරාම ප්‍රදේශයේ මහජනතාවට ප්‍රයෝජනවත් යහපත් දේ කිරීම ප්‍රතිපත්තිය ලෙස නොපිරිහෙළා ඉෂ්ට කෙළේය. ඔහුට ඒ සම්බන්ධව කිසිවකුගේ ආරාධනාවක් හෝ ඉල්ලීමක් හෝ අවශ්‍ය නොවීය. ඒ අතීත සමයේ චීන රටේ ගමනා ගමනය අතිශය දුර්වල ස්වභාවයේ පැවැතියේය.
මාර්ග සංවර්ධනය කිරීමක් මැනවින් නොවු බැවින් ගම්බද ජනයා මහත් දුෂ්කරතාවලට මුහුණ දුන්හ. මේ දුර්වලතාවයට ස්වකීය ශක්ති ප්‍රමාණයෙන් මුදල් වැයකොට බෝක්කු පාලම් ඒ දඬු ආදිය නිසි නිසි ස්ථාන වල සකස් කෙළේය. පාරවල් වල තිබූ වළගොඩැලි ඉවත්කොට වර්ෂාවෙන් අබලන් වන ස්ථාන පිළිසකර කරවූයේය. මේ සද්ක්‍රියාව නිසා ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේ වාසය කළ ජනතාව ඔහුට මහත් සේ ගරුසරු දැක්වූහ. ප්‍රශංසා කළහ. Read More
චීනයේ ප්‍රාන්ත රාජ්‍යයක කණිෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වූ චෑං ඉතා දැහැමි සෘජු නිලධාරියෙකි. කාරුණික හදවතක් ඇති ඔහු නිරන්තරව ම අහිංසාවාදී ක්‍රියාවන්හි නිරතවීම ප්‍රතිපත්තිය කර ගත්තේය. ඔහු දැරූ තනතුරේ හැටියට ඔහුට විශාල වැටුපක් නොලැබුණත් හැකි සෑම අවස්ථාවකම ගෝඝාතකයා වෙත ගොස් මරණයට කැපව සිටි සතුන් මිලදී ගෙනවුත් ගෙදර තබා හදා වඩා ගත්තේ ය.
ඔහුට බොහෝ දරු මුණුපුරෝ වූහ. පවුලක වැඩිපුර දරුවන් සිටීම මහත් භාග්‍යයක් කොට චීන ජාතිකයෝ සලකති. චැං කිසිම මුදලක් නිකරුණේ වැය කළේ නැත. කාලය ඉකුත්වත්ම ප්‍රමාණවත් ධනයක් රැස්කර ගැනීමට චැංට හැකිවිය. තමාට ඉඩ ලැබුණ සැම විටකම ගෝඝාතකයාට අදාළ මුදල ගෙවා මරණයට කැපව සිටි සතුන් නිදහස් කර ගෙන ගෙදර ගෙනවුත් හදා වඩා ගැනීම අඛණ්ඩව කරගෙන ගියේය. මෙම සතුන් වයස්ගත වීමේ හේතුවෙන් මියගිය විට ඔවුන් ඉතා ආරක්ෂා සහිතව භූ®මිදාන කිරීමට ඔහු ඇප කැපව ක්‍රියා කෙළේ ය. ඒ අතරතුර චෑංද වයස් ගතව තමා සේවයෙන් විශ්‍රාම ලැබුවේය. වියපත් ඔහු තම පූර්ණ කාලයම තම දරුවන්ගේ මුණුපුරු මිණිපිරියන්ගේ මී මුණුපුරු මිණිපිරියන්ගේ සහ ඔහු විසින් ඇති දැඩිකර ගන්නා ලද මරණයෙන් මුදාගත් සතුන්ගේ ද රැකවල සඳහා යෙද වූයේය. මෙම කටයුතු දකින ඔහුගේ අසල්වාසීහු ඔහු පිස්සෙකැයි කීහ. එහෙත් චෑං ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. සියලු දෙනාගේම ජීවිතවලට ගරු කළයුතු බව ඔහු තම දරු මුණුපුරන්ට කියා දුන්නේය. කවර හේතුවක් සඳහාවත් කවරකුගේ හෝ ජීවිතයක් නැති කිරීමට ඔහු තම පරපුරේ කිසිවකුට ඉඩ දුන්නේ නැත. ඒ නිසා ඔවුන්ගේ මුලු පවුලම නිර්මාංශ ආහාරයෙන් යැපෙන්නෝ ද වූ හ. Read More
චීනයේ චියැං ප්‍රාන්තයේ දිළිඳු දුෂ්කර ගම්මානයක කුඩා පැල්පතක සුන් ලියාන් නමැති තනිකඩ මනුෂ්‍යයෙක් වාසය කෙළේය. ඔහු අන්ත අසරණ දිළින්දකු වුවද ඉතා අවංක සත්ව කරුණාවෙන් අගතැන්පත් පුද්ගලයෙක් වූයේය. තැන් තැන් වල ගොස් කුලී වැඩ කොට යන්තම් වේල පිරිමසා ගැනීමට මිස යමක් ඉතිරි කරගැනීමට ප්‍රමාණවත් ආදායමක් ඔහුට නොලැබුණි. යන එන අතරමගදී කොතැනක හෝ කූඩුකොට ඇති පක්ෂීන් හෝ වෙනත් සතුන් හෝ දකින ඔහු මහත් සේ දුක්වෙයි.
එවන් අවස්ථාවල තමාගේ ආහාරවේල සඳහා තබාගෙන ඇති මුදල පවා වැයකොට එසේ හිරකොට තබාගෙන සිටින ප්‍රාණීන් කැලෑවට ගෙනගොස් මුදාහැරීම ඔහුගේ විනෝදාංශය විය.
මේ ආකාරයට ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂීන් සහ වෙනත් සිවුපාවුන් විශාල ප්‍රමාණයක් අභය දානයට ලක්කරන ලදී. මේ නිසා සුන් ලියාන්ට වයස්ගත වනතුරුත් දිළිඳු කමින් අත්මිදීමට නොහැකි විය.කල්යත්ම කුලීවැඩක් පවා කිරීමට නොහැකි තත්ත්වයට ඔහුගේ කාය ශක්තිය පිරිහීයාමෙන් අනතුරුව ජීවිතය රැක ගැනීම සඳහා සිඟමන් යැදීමට ඔහුට සිදුවිය. ඔහුගේ වයස අවුරුදු හැත්තෑව ඉක්ම වූ විට ඇදෙන් බැස ගැනීමට වත් නොහැකි තත්ත්වයට පත් විය. මෙසේ වැඩි කලක් ගතවෙන්ට පෙර ඔහු අභාවප්‍රාප්ත විය. Read More
පාත්තයින්ගේ පාද අනුභව කිරීමට ඔහුට අවශ්‍ය වූ විට ඔහු කරන්නේ විශාල යකඩ තාච්චියක් ලිප මත තබා තාච්චියට සමීපවන ලෙස පණ පිටින් පාත්තයා බෙල්ලෙන් බැඳ කොක්කක එල්ලීමයි. තාච්චියට යටින් ලිපේ ගිනි දල්වා තාච්චියේ අධික ගිනි රශ්මියෙන් පීඩා විඳින පාත්තයා දඟලමින් කෑ ගසන ආකාරය ඔහු පී‍්‍රතියෙන් බලා සිටී. පීඩාවෙන් මර හඬ නගන පාත්තයාගේ හැඩීම ගැන කිසිදු තැකීමක් හෝ අනුකම්පාවක් හෝ ඔහුට නැත. යකඩ භාජනයට වදින ගිනි රශ්මියේ තාපය නිසා ඊට සමීපව ඉහළින් එල්ලා සිටින පාත්තයාගේ පාද ඉදිමෙයි. රශ්මිය නිසා පාද වලට ලේ පිරෙයි. ආහාර ප්‍රණීත වන්නේ ඇතුලේ ගිනි රශ්මියට කැකෑරෙන එම ලේ නිසාය. දඟලා කෑගසා පිළිස්සී පාත්තයා අවසාන හුස්ම හෙළයි. ආහාරයක් සඳහා කරන මේ අති භයානක හිංසාකාරී අමානුෂික ක්‍රියාව කොතරම් කෲරද කොතරම් පාපකාරීද? Read More
ක්‍රි.ව. 1732 දී චීනයේ කුයිෂිං රාජ්‍ය පාලන සමයේ වෙයි නමැති රැකියා විරහිත පුරුෂයකු සිටියේ ය. තම ජීවිකාව සඳහා ඔහු කෙළේ සතුන් දඩයම් කිරීමය. ඒ සඳහා ඔහු විවිධ ආකාරයේ උගුල් අටවා සතුන් අල්ලා මරාගෙන එයින් සමහරක් විකුණාගෙන මුදල් ලබා ගත්තේ ය. කුරුල්ලන් අල්ලා ගැනීමට දැල් හා වෙනත් ක්‍රම යොදා ගත්තේ ය.
මේ වෙනුවෙන් තුවක්කුවක්ද ප්‍රයෝජනයට ගනිමින් ඝාතනය කරන ලද සතුන්ගේ මස් මත්ද්‍රව්‍ය පානය කරමින් නිතර අනුභව කෙළේය.
මෙම දඩවැද්දා ජලජ ජීවින් වන ආඳුන්, ගෙම්බන් සහ ඉදිබුවන් අල්ලා ගැනීමට ජල මාර්ගවල උගුල් ඇටවීය. එපමණක් නොව සමහර අවස්ථාවල ජලාශවලට විෂ වර්ග දමා මියගිය දහස් සංඛ්‍යාත මත්ස්‍යයින් විශාල ගොඩවල් ගසා විකුණා ගත්තේය. තමාට හැකි ප්‍රමාණය ගිල දැමුවේය. එපමණක් නොව වනයේ ගස්වල කුරුල්ලන් විසින් සෑදු කූඩුවල දැමූ බිත්තර පරිභෝජනයට එක්කෙළේ එම කුරුළු කූඩු ද කඩා සුණුවිසුණු කර දමමින්ය. Read More