මහා උදායී මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වු පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩි වියට පත්ව එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” මම අනාගතයෙහි රහත් බවට පැමිණ සසර දුකින් එතෙර වන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. එතැන් පටන් බොහෝ කුසල් රැස්කොට දෙව් මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කපිලවස්තු නුවර බ්‍රාහ්මණ කුලයක ඉපිද වාසය කළේය. නමින් උදායී විය.
අංගුලිමාල මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වු පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් බව ලබා සසරින් එතර වන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. ඒ කුල පුත්‍ර තෙම බොහෝ කුසල් රැස්කොට එයින් චුතව දෙවි මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කොසොල් රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයාට දාව එම බැමිණිය ගේ කුසින් බිහි විය. බිහිවන මොහොතේ දී රජුගේ මාලිගාවෙහි පටන් සියලූ නුවර වාසීන්ගේ ගෙවල ආයුධ දිලිසිණ. රජතුමා පසු දින උදයේ පුරෝහිත බමුණා ගෙන්වා ආයුධ දිලිසීමට හේතුව විචාළේ ය. ” මහරජ, අපගේ ගෙදර ඊයේ පුතෙක් උපන්නේ ය. ඔහුගේ ආනුභාවය හේතු වෙන් මුළු නුවර දිලිසුණේ ය” යි පුරෝහිත බමුණා පිළිතුරු දුන්නේ ය.
යසෝජ මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුල ගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් ඵලය ලබා සසර දුකින් එතෙර වන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. හෙතෙම එයින් පසු බොහෝ පින්කම් කොට අනතුරුව විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ආරාම ගෝපක කුල යෙහි (අරාම මුර කරු කුලයක) උපන්නේ ය. දිනක් විපස්සි බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනා අයුරු දුටු මුරකරු උන්වහන්සේට දෙල්ගෙඩියක් පුජා කෙළේ ය. වෙනත් පින්කම් කරමින් සිටි මුරකරු එයින් චුතවඅපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවරට සමීප වූ මසුන් මරන්නන්ගේ ගමක මසුන්කරන්නන් පන්සිය දෙනකුට ප්‍රධාන පුද්ගලයකුට පුතකුව උපන්නේ ය. ඔහුට යසෝජ යයි නම් කළාහුය.
සභිය මහරහතන් වහන්සේ මෙයින් අවුරුදු කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” අනාගත යෙහි රහත් බව ලබා සසර දුකින් මිදෙන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. වෙනත් පින්කම් ද කළ ඒ කුල පුත්‍ර තෙම එයින් චුතව සසර බොහෝ කාලයක් සැරිසරමින් සිට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල ගෙයක උපන්නේ ය. එම කුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් යුතුව පාවහන් සගලක් උන්වහන්සේට පුජා කෙළේ ය. අනතුරුව එයින් චුතව කාශ්‍යප බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි එම බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි තවත් කුලපුත්‍රයන් සය දෙනකු හා සමග කැටිව පැවිදිව කර්මස්ථාන රැගෙන වනයෙහි වාසය කරනුයේ මාර්ගඵල අවබෝධයක් ලබා ගත නොහැකි එක්තරා පර්වතයකට නැඟ මහණ දම් රැක්කාහුය.