Skip to main content
Monthly Archives

December 2015

දළදා සාහිත්‍යය …

By පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) No Comments

ශ‍්‍රී ලංකාවට බුදු සමය හඳුන්වා දීමෙන් පසුව මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ශාරීරික හා පාරිභෝගික ධාතූන් රැසක්ම ලබාදීමට කි‍්‍රයා කළහ. ගැඹුරු දහමට වඩා ඉක්මනින් ඔවුනගේ සිත් සතන් තුළට බුදු දහම පිවිසීමට මෙම පූජනීය වස්තු උපකාරී වන බව අවබෝධ කර ගත්හ. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුව ප‍්‍රධාන ශාරීරික ධාතූන් වහන්සේලා රැසක් ද පාරිභෝගික වස්තූන් වන ශ‍්‍රී මහා බෝධීය හා පාත‍්‍ර ධාතුව ද වැඩමවා ගත්හ. ධාතු පූජා විෂයෙහි ජනතාව තුළ පවත්නා ගෞරවය හා උනන්දුව නිසා ඉන් අනතුරුව දළදා වහන්සේද කේස ධාතූන් වහන්සේද ලංකාවට වැඩම වූ පුවත් වංශ කථාවල විස්තර වශයෙන් දැක්වේ.

මෙම ධාතූන් වහන්සේලා ශ‍්‍රී ලංකා ජාතික සංස්කෘතිය හා ජන විඥානය තුළ මොන තරම් පිබිදීමක් ඇති කිරීමට සමත් වූයේද යත් එම ධාතූන් අරබයා විවිධපොත පත සම්පාදනයට ද ශිල්ප කලාවන් නිර්මාණය කිරීමට ද පටන් ගත්තෝ ය. පුද පූජාවේ පමණක් නොව රාජ්‍ය පරිපාලනයේ ද විශාල පෙරළියක් ඇති කළේ ය.බෝධීන් වහන්සේගේ අගය පූජනීයත්වය විස්තර කෙරෙමින් සිංහල භාෂාවෙන් හා පාලි භාෂාවෙන් බෝධි වංශ සාහිත්‍යයක් ද බෝධිඝර නම් වූ ගෘහ නිර්මාණ කලාවක් ද ශාරීරික ධාතු නිධානයෙන් ස්තූප කලාවක් හා ධාතු වංශ සාහිත්‍යයන් ද ධාතු ඝර හා වටදා ඝර නම් වූ නව ගෘහ නිර්මාණ කලාවක්ද ජාතියට දායාද කෙරිණි.
Read More

සිරි දළදා තේවාව හදුනා ගනිමු …

By පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) No Comments
” සෙංකඩගලපුර දළදා බුදුරැස්
විහිදෙනතුරු නෑ වරදින්නේ … … …
සිංහලයන් හට සිංහල දේසට
සරණයි දළදා සමිදුන්නේ … … …”

පරම පූජෝත්තම ත්‍රයිලෝක තිලක දසබලධාරී අමාමෑනී සර්වඥරාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි පහළවූ ඉදුනිල්මිනි වන් වූ චත්තාලිස දන්තයන්ගේ වාම දළදා වහන්සේ වැඩසිටින්නාවූ සදාවන්දනීය සිරි දළදා මාලිගාවේදී ඒ පාරිශුද්ධ වස්තුවට කෙරෙන ඇපඋපස්ථාන, නැතිනම් තේවාව පිලිබද මොහොතක් සිතා බලමු.

ක්‍රි. ව. 04 වන සියවසේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස හේමමාලා සහ දන්ත කුමරුන් විසින් මෙරටට වැඩම කරන ලද ශ්‍රී දළදා වහන්සේ අනෙකුත් පූජ්‍ය වස්තූන් මෙන් ස්ථූපයක් තුළ නිධන් නොකොට, “ධම්මචක්කගේහ” නම් වූ මුල්ම දළදා මැදුර තුළ තැන්පත්කොට අන් අයට සියැසින් දැක වැඳපුදා ගතහැකි ලෙස පැවතීම නිසාත්, සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලද පූජ්‍ය වස්තුවක් වීම නිසාත්, දළදා වහන්සේ විෂයෙහි ආරම්භයේ සිට සෙසු ධාතුන් වහන්සේලාට වඩා සුවිශේෂ ගෞරවයක් ඇති වන්නට හේතු වූවා විය හැක. මේ නිසාම දළදා වහන්සේ අනෙකුත් පූජ්‍ය වස්තුන්ට වඩා ශ්‍රේෂ්ඨත්වයට පත්වූවා පමණක් නොව රාජකීයන්ගේ හස්ත සාර වස්තුවක් බවට ද කල්යාමේ දී පත්විය. එබැවින් දළදා වහන්සේ විෂයෙහි පවත්වන ලද මෙම පූජා චාරිත්‍ර තුළද ආරම්භයේ සිටම යම් සුවිශේෂ බවක් දක්නට ලැබුණි.

Read More

සිරි දළදා හාමුදුරුවන්ගෙ හාස්කම් ගැන කියවෙන තවත් එක් සත්‍ය කථාවක් …

By පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ), සිරි සදහම් ( Dhamma) No Comments

මේ කතාන්තරය මෙයින් වසර 90 කට පෙර එනම් 1921.05.12 වනිදා සිදු වූ අපූර්ව සිද්ධියකි.

එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්‌” මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර “ක්‌වීන්ස්‌” හෝටලයේය.
එදා වෙසක්‌ පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව “චාමස්‌” උඩුමහලේ සිට දැක්‌කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්‌තිමත් ගෞරවයක්‌ පැවතීම ගැන අග්‍රාණ්‌ඩුකාරයාට ඉවසිය නොහැකි විය.

ශ්‍රී දන්තධාතූන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක්‌ සහ වෛරයක්‌ ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක්‌ සහ කුලුගෙඩියක්‌ සොයාගෙන එන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය.
කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි.

Read More

ශ්‍රී දළදා වහන්සේගේ ඉතිහාසය …

By සිරි සදහම් ( Dhamma) No Comments

බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් තිස්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ පහස ලැබුවා වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේ අතර වඩාත් උතුම් කොට ගෞරව බහුමානයට හා අද්විතීය උත්තරීතර භාවයට පාත‍්‍ර වේග
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්තයෝ සුභ‍්‍ර වර්ණයෙන් යුක්ත වූවාහුයග අවිවර දන්ත වියග එක් ඇන්දක විස්ස බැගින් සමචත්තාලිස දන්තයෝ වූහයි බෞද්ධ පොත් පත්වල සඳහන් වේග
දඹදිව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි සල් රුක් සෙවනෙහි සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ශ‍්‍රී දේහය ආදාහනය කිරීමේදී සතර දළදා වහන්සේ දල දෙඅකු ධාතුන් වහන්සේ දල ලලාට ධාතුන් වහන්සේ ද විසිර නොගොස් අළු බවට පත් නොවී නො විසිරී ශේෂ වූවාහුයග සෙසු ධාතුන් වහන්සේ සමන් කැකුළුල සුදු මුතුල අබ ඇට පමණ වීල සමීපමාත‍්‍ර වී කඩ සහල් පමණ වීල මුං ඇට පියළි පමණ වී ශේෂව දෙනෙහි ගිනි සංසිඳුනේයග එකෙණෙහි කුසිනාරා නුවර මල්ල රජදරුවෝ සුවඳ පැණින් රන් කළල රිදී කළ පුරවා වත් කොට දැවුණු චන්දන චිතකයෙහි ගිනි නිවූහග අවට රැුකවල්ලා ධාතුන් වහන්සේ ආරක්ෂා කළහ’

Read More

අපායේ දොරටුව දුටුවාද ?

By සිරි සදහම් ( Dhamma) No Comments

අපායේ දොරටුව පිහිටා ඇත්තේ අසල්වැසි ඇෆ්ගනිස්ථානයට හා ඉරානයට ඉහළින් පිහිටි තුර්ක්මෙනිස්ථාන් ‘කරකුම් කාන්තාරයේ’. එනම් එරට අගනුවර (Ashgabat) ඉඳලා කිලෝමීටර් 260 ක් දුරින්. ඒ අවට සැතපුම් ගණනාවක් දුරින් පිහිටි ගම්මානවලට පවා මෙයින් නිකුත් වන රත් පැහැති ගිනිදැල් දර්ශනය වන බව පැවසෙනවා. මේ නිසා ජනවහරේ මෙය ‘අපායේ දොරටුව‘ (The Door to hell) ලෙස හැඳින්වෙනවා.

මීට අවුරුදු 42කට පෙර ( 1971 ) මෙහි කැණීම් කළ සෝවියට් භූවිද්‍යාඥයන්ගේ කැණීම් යොමු වුණේ ස්වාභාවික වායුව පිරි අඳුරු ගුහාවකටයි. එහි වූ වායුව පිට වෙන්න පටන් ගත්තා. පසුව ඒ සිදුර ලොකුවෙලා ඔවුන්ගේ කැණීම් අට්ටාලය ඇතුළට කඩා වැටුණා. එහි මීටර් 70ක වළක් සෑදුණා. ඔවුන් සිතුවා පසුව මෙයින් විෂ වායුවක් නිකුත් වුණොත් එයින් අනතුරක් වේවි කියලා. ඒ නිසා එය පුළුස්සා හරින්නට සිතා ඊට ගිනි තිබ්බා. ඔවුන් සිතුවේ දින කීපයකින් මෙය පිළිස්සී අවසන් වේවිය කියා. ඒත් ඒක වුණේ නැහැ.

Read More

මාංශමය සහ ශාකමය ආහාර ගන්නවුන් අතරින් වැඩිකල් ජීවත්වන්නේ කවුද?

By සිරි සදහම් ( Dhamma) No Comments

ඇමරිකානු වෛද්‍ය සංගමයේ නවතම පර්යේෂණයක ප්‍රතිඵල මෙන්න
මාංශමය ආහාර හා ශාකමය ආහාර පරිභෝජනය පිළිබඳ අද වන විට ලොව පුරා ඇත්තේ විවිධ මතයන් ය. ඇතැමෙක් ආගමික පදනම මත හිඳිමින් මාංශ ආහාරයෙන් වැළකී සිටිති. තවත් අය ආගමික පදනමට වඩා අවිහිංසක සතුන්ගේ ජීවිත හානිය පිළිබඳ සිතා එයින් වැළකෙති. තවකකු මිනිසා සේම අන් සියලු සතුන්ට ද මිහිමත නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය සලකමින් මාංශ ආහාරයෙන් වැළකී සිටින අතර තවත් පිරිසක් සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබඳ සලකා බලමින් මාංශයෙන් වැළකී ශාකමය ආහාර කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් සිටිති. කෙසේ මුත් විවිධ වෛද්‍ය පර්යේෂණවලින් ද ශාකමය ආහාරවල ඇති සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ විවිධ කාරණා හෙළිවෙමින් පවතී. මේ පිළිබඳ ඉතාමත් මෑතකදී ඇමෙරිකානු වෛද්‍ය සංගමය
පර්යේෂණයක් පවත්වා තිබිණි. Dietary Patterns and Mortality නම් වූ ඔවුන්ගේ මෙම පර්යේෂණයේ අපේක්ෂාව වූයේ ශාකමය ආහාර පරිභෝජනය සහ මිනිසුන්ගේ මරණ ප්‍රමාණය අතර සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමය. මෙහි මරණ ප්‍රමාණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුද්ගලයන් 1000කට මිනිසුන් කී දෙනෙක් මරණයට පත්වන්නේදැයි යන්න අනුපාතිකව සොයා බැලීමය. කෙටියෙන් පවසතොත් මරණ අනුපාතයයි. ශාකමය ආහාර ගැනීමේදී මිනිසුන් මරණයට පත්වීමේ අනුපාතය අඩු බව තහවුරු කිරීම සඳහා මෙම
පර්යේෂණය දියත් කරනු ලැබිණි. මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ වෛද්‍ය පර්යේෂකයන් ගණනාවකගේම සහභාගිත්වය හිමි වී තිබිණ.

Read More

පණු සිදුරෙන් සංකස්සයට ගිය සැවැත් පුර වැසියෝ …

By සිරි සදහම් ( Dhamma) No Comments

එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධු කියා පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළහ. එකල මහ තෙරුන් වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන් දැ’ යි විචාළහ. ‘උපාසක ජනයෙනි ! මේ නුවරට තිස් යොදුනකැ’ යි වදාළ සේක…
….. එ කෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් මහ පිරිස් ආකාශයෙන් යන සක්විති පිරිසක් සේ ඉක්බිති ගෙයක් මඟුල් බලන්නට යන්නා සේ, කිසි පීඩාවකුත් නැතිව පතුල් බොලැට ගැහුමකුත් නැතිව යන්නාහු, සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණු වත තිස් යොදුන් මග ගෙවා ගොස් සකස්පුර දොරදී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නාහු, ඔබ වන් කලම බැඳ නිම වූහ…..”
(උපුටා ගැනීම – පූජාවලිය, දෙවොරොහණ පූජා කථා)
පූජාවලියේ එන මෙම කථා පුවතින් කියවෙන්නේ බුද්ධ චරිතයේ තවත් එක් අසිරිමත් මොහොතකි. කිමෙක් ද යත්, බුදු හිමියන් තව්තිසා දෙව්ලොව වස් වැඩ සිට (සත් වන වස් කාලය) නැවත දඹදිව් තලයට බට අසිරිමත් පුවතයි. තුන් මසක් පුරාවට බුදු හිමියන් නොදුටු ජනයා නැවත බුදු හිමියන් ජේතවන වෙහෙරට වඩින තුරා නො ඉවසිල්ලෙන් බලා සිටින්නට විය. එහිදී මුගලන් මහ තෙරුන් වහන්සේ එම ජනයා හට පවසා සිටින්නේ බුදු හිමියන් එහි නො වඩින බවත්, සැවත් නුවරින් යොදුන් 30 ක් දුරින් වූ සංකස්ස පුරයට වඩින බවත් ය. ඒ අසා සාංකාවට පත් ජනතාව, මුගලන් හිමියන් ගේ සෘධි බලයෙන් අසුරු සැනක දී සැවත් නුවර සිට සංකස්සය ට ගෙන යන ආකාරය පූජාවලියේ දීර්ඝ ලෙස සහ විසිතුරු ලෙස රචනා වී ඇත. ඒ අනුව තම කෙස් වැටිය බඳිමින් ගමන් ඇරඹූ කාන්තාවන් එය බැඳ අවසන් වනවාත් සමගම ගමනාන්තය කරා පැමිණියා ආදී වශයෙන් රූපක ආදිය යොදා ගනිමින් මෙම කතාව රසවත් කිරීමට කතුවරයා විසින් සමත්ව ඇති ආකාරය පෙනී යයි.

Read More

මිත්‍යවෙන්, (අ)විද්‍යාවෙන් අන්ධ වූ ලෝකයට පුනර්භවයේ සත්‍යය කියාදුන් ශ්‍රේෂ්ඨ මානව හිතවාදියකුගේ කථාව – එඩ්ගා කේසි

By සිරි සදහම් ( Dhamma) No Comments

ධම්මපදයේ චිත්ත වග්ගයේ 153 වැනි ගාථාවේ මෙසේ සඳහන් වේ.
අනේක ජාති සංසාරං – සන්ධා විස්සං අනිබ්භිසං
ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං
ධම්මපදයේ චිත්ත වග්ගයේ 154 වැනි ගාථාවේ මෙසේ සඳහන් වේ.

ගහකාරක දිට්ඨෝ සි – පුන ගෙහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංකාරගතං චිත්තං – තණ්හානං ඛය මජඣගා
වඩුව මම ඔබ දිටිමි. හොඳින් හඳුනා ගතිමි. නැවත තට මා නමින් ගෙයක් සෑදිය නොහේ. ගේ හදන උපකරණ සියල්ල නැසූයෙමි. තණ්හාව නැති කළෙමි. විසංඛාරික වීමි. යනුවෙන් දැක්වෙන්නේ මිනිසා ඇතුළු සත්ත්වයා මැරි මැරී ඉපිද ඉපිදී සසර සැරි සරන බව බුදු දහමේ විස්තර කැර ඇති ස්ථානයකි.
බුදුන්වහන්සේගේ දේශනාවේ මැරුණු සත්ත්ව වර්ගයා සසර සැරි සරන බව දැක්වුව ද ලොව ඇති වෙනත් ආගම්හි මෙවැනි දෙයක් පිළිගන්නේ නැත. විශේෂයෙන්ම යුරෝපීයයෝ යළි ඉපදීමක් ගැන විශ්වාසයක් තබන්නේ නැත.
එවන් ලෝකයක යළි යළිත් ඉපදීම පිළිබඳ මහත් වූ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක් විස්තර කරන්නෙකි එඞ්ගාර් කේසි.

Read More

‘පිටසක්වලට තෙරුවන් සරණ පතන දිනය අත ළඟයි‘

By සිරි සදහම් ( Dhamma) No Comments

පිටසක්වල ජීවීන් හඳුනාගෙන ඔවුනට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කිරීමේ අවස්ථාව පෘථිවී ලෝකයේ ජීවත්වන අයට වැඩිකල් නොගොස් උදාවිය හැකිබව ප්‍රකට තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය.
ඔහු මෙම අදහස් පළකළේ ලන්ඩන් බෞද්ධ විහාරයේ වෙසක් උත්සවයේදී කතාවක් කරමිනි.
සුප්‍රකට ගණිතඥයකු සහ තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ දැනට එංගලන්තයේ බකින්හැම් තාරකාවිද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් කටයුතු කරයි.

බුදුන්වහන්සේ අංගුත්තර නිකායේ වදාළ දේශනාවන්හි විශ්ව සම්භවය පිළිබඳව විවරණය කර ඇති බොහෝ කරුණු සහ පසුගිය වසර පනහක කාලපරාසයක දී බටහිර තාරකා විද්‍යාඥයින් විසින් නවීන විද්‍යාව යොදා ගනිමින් සොයා ගන්නා ලද සිද්ධාන්ත අතර විශාල සමානකමක් දැකිය හැකි බව ද මාහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
“බටහිර ජන සමාජය කාලාන්තරයක් තිස්සේ විශ්වාස කළේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය පෘතුවිය වටා භ්‍රමණය වන බවයි. පෘතුවිය සුර්යයා වටා භ්‍රමණය වන බවට කල සොයා ගැනීම් අවලාද ලෙස ප්‍රතික්ෂේප කළා. අද මෙම සිද්ධාන්තය කුඩා දරුවකු පවා දන්නා සත්‍යයක් බවට පත්වී තිබෙනවා.

Read More

තණ්හාය ජායතී සොකෝ …

By සිරි සදහම් ( Dhamma) No Comments

වරක් රජ කෙනෙක් මිනිසෙකුට කථා කොට ඉර පෑයූ වෙලේ සිට ඉර බැසයන මොහොත දක්වා තමන්ට අවශ්‍ය ඉඩම්ප්‍රමාණය ලකුණුකර පවරාගන්නා ලෙස කිව්වා. මේ මිනිසා උදේ සිට සවස් වන තුරුම වතුර පොදක්වත් නොබී එකදිගට දුවන්න පටන් ගත්තා. සවස්වන විට ආහාර නොලැබීම, ජලය නොලැබීම, අධික මහන්සිය හේතුවෙන් මේ මිනිසා මැරී වැටුනා.

Read More

error: Content is protected by www.ifbcnet.org.