මහනායක හාමුදුරුවනේ, විඥානය සමග එකට බැඳී ආදරයත් සංසාරයේ අඛණ්ඩව පෙරට ගමන් කරනවාද?
ඔව්. ආදරයත් පංචස්කන්ධයට මිශ්‍රව සසර දිගට ම ගමන් කරනවා. පංචස්කන්ධයන්ගේ පැවැත්ම නතර වනතුරු ගමන් කොට එතැනින් ආදරයත් නතර වෙනවා.
‘ථෙරී අපදානයෙහි’ විස්තර වන පරිදි, සිද්ධාර්ථ – යශෝධරා දෙපළගේ ආදරයත් මේ විධියට සිද්ධවෙලා තිබෙනවා.එනම්, යශෝධරාවන් සසරේ අපමණ ජීවිත ගණනක බෝසතුන් සමඟ සෙවනැල්ල වගේ ගමන් කරමින් ආදරණීය භාර්යාව වුණා. Read More