Skip to main content
Monthly Archives

January 2015

(11) තිරිසන් ලෝකයේ ස්වභාවය

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහ නායක හාමුදුරුවනේ, මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය අතර ඇති වෙනස කුමක්ද ?

මේ සක්වළේ කාම ලෝක 11 අතරම, ඔබ අහපු ජීව ලෝක දෙකත් ඇතුළත් වෙනවා. නමුත්, මෙහි එකිනෙකට වෙනස් ලක්‍ෂ රැසක් පවතිනවා. දැන් ආහාර ගැනීම, නිදා ගැනීම, බිය – සංකා ඇතිවීම හා වර්ගයා බෝ කිරීම කියන කාරණා දෙපිරිසටම පොදුයි. මෙම මූලික ලක්‍ෂණ හතරට සීමාවූ මිනිසුන් – තිරිසනුන් ඉපදුන ලෝක අතර ඒ තරම් වෙනසක් දකින්න බැහැ. මනුෂ්‍ය ලෝකයේ ඉපදුනාට, තණකොළ නොකෑ පළියට මනසින් උසස් මිනිසුන් වෙන්නේ නැහැ.

මිනිසත්බව ලැබීම, බුද්ධෝත්පාද කාලයක විසීම, ශ්‍රී සද්ධර්මය තිබීම, දස අකුසල්වලින් වැළකීම, සක්වළෙහි ඇති දුර්ලභම කරුණු හතර ලෙසයි සැලකෙන්නේ. මිනිසත්බව තුළ සඤ්ඤා, විඥාන හා ප්‍රඥා යන සියලු තත්වයන් පවතිනවා. ධම්ම පදයේ චිත්ත වග්ගයේ කුම්භූපමං කායම්මං “ යන ගාථාවෙන් මෙවැනි පැහැදිලි කිරීමක් කර තිබෙනවා. Read More

(12) අපාය සහ මළ මුහුද

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහ නායක හාමුදුරුවනේ, සක්වළ සක්මනට මෙතෙක් විෂය නොවුණ කාම ලෝක 11 න් ඉතිරි ලෝකය කුමක්ද ?

මේ සක්වළෙහි තියෙන රූප, අරූප ලෝකවලට අයත් නොවන සෙසු ලෝක 11 ට කාම ලෝක කියනවා. සදෙව් ලෝක 6, මනුෂ්‍ය ලෝකය, ප්‍රේත, ප්‍රේතාසුර සහ තිරිසන් ලෝකය වගේම නිරය හෙවත් අපායත් මේ කාම ලෝක 11 ට අයත් වෙනවා.

මිථ්‍යා දෘෂ්ටික, අධර්ම මාර්ගයේ යන පංච දුශ්චරිත ජීවිත ගත කරන සියලු දෙනා තරාතිරමකින් ( මනුෂ්‍ය, තිරිසන් භේදයකින් ) තොරව අපාය ලෝකයට අයත් විවිධ නරකාදිවල උපදිනවා. බුදුන් දවස දෙව්රම පෙනි පෙනී දෙව්දත් තෙරුන් පවා මහ පොළව පළාගෙන කලකම් පළදෙමින් අපාගත වුණා. Read More

(13) අපායේ විලාපය

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහ නායක හාමුදුරුවනේ, ‘අපායේ දොරටුවක්’ කියලා මෙන්න මෙහෙම පුවතක් පළ වී තිබෙනවා.මේක ඇත්තක්ද?

ඔව්. මමත් ඔය ප්‍රවෘත්තිය අන්තර්ජාලයෙන් සහ පුවත්පත්වලින් (2012.08.26) දුටුවා. ඒක, අසල්වැසි ඇෆ්ගනිස්ථානයට හා ඉරානයට ඉහළින් පිහිටි තුර්ක්මෙනිස්ථාන් ‘කරකුම් කාන්තාරයේ’ පිහිටා තියෙන්නේ. එනම් එරට අගනුවර (Ashgabat) ඉඳලා කිලෝමීටර් 260 ක් දුරින්. ඒ අවට සැතපුම් ගණනාවක් දුරින් පිහිටි ගම්මානවලට පවා මෙයින් නිකුත් වන රත් පැහැති ගිනිදැල් දර්ශනය වන බව පැවසෙනවා. මේ නිසා ජනවහරේ මෙය ‘අපායේ දොරටුව‘ (The Door to hell) ලෙස හැඳින්වෙනවා. Read More

(14) ගංගා නදියේ වැලි කැට ගනිමු

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහනායක හාමුදුරුවනේ, අපායේ වෙසෙන මහතෙල නාග රාජයා මේ කල්පයේ පහළ වූ සියලු බුදුවරුන් දැක ඇති බවට විශ්වාස කරනවා නේද ?

ඔව්, මේ මහා භද්‍ර කල්පයේ මීට පෙර පහළ වූ බුදුවරුන් දඹදිව බුද්ධ මණ්ඩල බෝධියට නුදුරින් ඇති නේරංජන නදියේ කිරිපිඬු වැළඳූ පාත්‍රය පා කර හරිනවා. ඒ උන්වහන්සේලා බුද්ධත්වය අවබෝධ කර ගැනීම සංකේතවත් කිරීමක් වශයෙන්. ඒ අනුව, බුද්ධ අධිෂ්ඨානයෙන් පාත්‍රය නේරංජනාවේ උඩුගම් බලා ගමන් කොට ඉනික්බිතිව, එය ජලයෙන් යටට ගොස් අපායේ මහතෙල නාරජු අභියසට වැටෙන බවට විශ්වාසයක් පවතිනවා. මහ පොළව යට අපාය පිහිටා ඇති නිසා එවැන්නක් සිදුවිය හැකියි. තමන් අභියසට පාත්‍රයක් වැටීමෙන් මනුෂ්‍ය ලෝකයේ බුදු කෙනෙකු පහළ වී ඇති බව මහතෙල නා රජු ප්‍රමුඛ පිරිවර ද දැන ගන්නවා. එවිට මහතෙල නාගරාජයා මෙසේ පවසා තිබෙනවා. Read More

(15) මිස දිටු අඳුරින් පිරෙන මතු කල්පාවලිය

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහ නායක හාමුදුරුවනේ, එක කල්පයක් තුළ පමණක් මෙලෙස ඉපදි ඉපදී මැරි මැරී යන එක් අයකුගේ ශරීර ඇටසැකිලි කොටස්වල ප්‍රමාණය කොපමණ වෙයිද ?

ඔව්, එක කල්පයක් තුළ වුණත් අපි විවිධ ආත්මභාව ලබා උපන් ශරීරවල ඇට සැකිලි කොටස් මේ විශ්වය පුරා විසිර තිබිය හැකියි. ඒ අතරින් ඔබේ හෝ වෙන කෙනෙකුගේ හෝ එම පූර්ව ආත්මවල ශරීර කොටස් නූතන ඩී. එන්. ඕ. තාක්‍ෂණයෙන් හරි, මෝහණ විද්‍යාවෙන් හරි සොයා හඳුනාගත හැකි නම්, ඒවා එකතු කර ගොඩක් ගැහුවොතින් ඔබ පුදුම වනු නියතයි. ඒ තරමටම ඔබ විවිධ ආත්මභාවවල ඉපද ඉපදී මැරි මැරී යනවා. Read More

(16) විස්මිත ස්ථාන සහ ඓතිහාසික ශුද්ධ භූමි

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) 2 Comments

දැන් අපි මේ පය තියන් ඉන්න පෘථිවි තලයේ වුණත් අඩි කීයද යටට හාරා බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. පොළව යට උෂ්ණත්වයත් අලුතින් සොයාගත් දියමන්ති ග්‍රහලොවට නොදෙවැනි වෙනවා විසල් විශ්වයේ තියෙන විස්මිත ස්ථාන මොනවාද ?

එවැනි ස්ථාන මෙතෙකැයි කියන්නට බැහැ. ඒ තරමටම මේ විශ්වය විස්මිත බවින් පිරී පවතිනවා. අපේ පෘථිවියට ආලෝක වර්ෂ 40 ක් තරම් සමීපයෙහි තිබී පෘථිවිය මෙන් දෙගුණයක් විශාල ස්වභාවික දියමන්ති ග්‍රහ ලොවක් ඉකුත් සතියේදී (2012 ඔක්තෝබර් ) විදු ඇසට හසු වුණා. පෘතග්ජන මිනිසුන්ගේ පියවි ඇසින් පවා දැකිය හැකි මේ ග්‍රහලොව 2/3 ක් ම දියමන්තිවලින් පිරී පවතින්නේ. නමුත් මෙහි උෂ්ණත්වය පැරන්හයිට් අංශක 3000 ක් තරම් ඉහළ අගයක් ගන්නවා. මේ නිසා ඒ දෙස බල බලා සිටීමට හැර ඊට කිසි ලෙසකින්වත් ළං වෙන්න විද්‍යාඥයන්ට හැකියාවක් ඇත්තේ නැහැ. Read More

(17) රාවණ රජු සහ ඉකුත් කල්ප

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහා නායක හාමුදුරුවනේ,
“රාවණ” කියන්නේ කාශ්‍යප බුද්ධ (පෙර) කල්පයේ මෙරට හිටපු අවසන් රජු (පාලකයා) ට ද?

සෑම කල්පයකම ආධ්‍යාත්මික බලය සහ භෞතික බලය උපරිමයකට පත්වන අවස්ථා දෙකක් තිබෙනවා. මේ දෙක එකම කාලයක පවතින්නේ නැහැ. සාමාන්‍යයෙන් ලෝකයට බුදුවරු පහළවෙන්නේ ආධ්‍යාත්මික ශක්තිය ඉස්මතුවන කාලවලයි. ඊඟාවට ඔබ කියපු ‘රාවණා’ වගේ බලගතු සක්විති රජවරු බිහි වෙන්නේ, භෞතික දියුණුව හිනිපෙත්තට වැඩුණු විනාශයට ළං වූ අවධිවලයි. Read More

(18) රාවණා ගැන මානයක්

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහනායක හාමුදුරුවනේ, ඇත්තටම ‘රාවණා’ කියන්නේ කාටද?

හිරු පිරිවරට, රණ සූරයා (රණබා) ට ‘රාවණා’ නම යෙදී තිබෙනවා. රස වෙදකමට හා සංගීතයටත් ‘රාවණ’ නාමය නෑකම් කියනවා. ඓතිහාසික සීගිරිය, කුරගල, ලකේගල හා මහකුටිම්බිගල රාවණගේ වාසභවන් ලෙස සැලකෙනවා. ඇතමෙකුට (හෙළයන්ට) රාවණා වීරයෙක්, ඍෂිවරයෙක්, රජකෙනෙක්, ගාණ්ධර්වයෙක්, සාහිත්‍යධරයෙක්, තව පිරිසකට (ඉන්දියානුවන්ට) සතුරෙක්, දෘෂ්ටයෙක්, තවත් කණ්ඩායමකට, ‘රාවණා’ කියන්නේ සංකල්පයක්, මිථ්‍යා අදහසක් වෙනවා. Read More

(19) රාවණ රහස

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහ නායක හාමුදුරුවනේ,සක්වළේ ඇති ශක්තීන් අනන්ත වගේම අත්භූත වෙන්නේ කොහොමද ?

ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ් යන පංච මහා භූතයන්ගෙනුයි සක්වළත් සත්වයොත් නිර්මාණය වී තිබෙන්නේ. මේ පංච මහා භූතයන්ගේ සබැඳියාව හා පිහිටීම් රටා තේරුම් නොගැනීම නිසා ඒවාට අත්භූත යැයි කියනවා. උදාහරණයක් විධියට, බටහිර පරීක්ෂණයක සටහන් වෙනවා ඔන්න අද එක්තරා තුවක්කුවකින් වෙඩිල්ලක් තියනවා. එම තොරතුරු සටහන් කරගෙන එම තුවක්කුවෙන්ම ඊට පසු දිනත් එවැනිම උණ්ඩයකින් ඒ වෙලාවටම වෙඩිල්ලක් තියනවා. එහිත් ගමන් වේගය සටහන් කර ගෙන ඒ විධියටම ආයෙමත් තවත් දවසක වෙඩිල්ලක් තියනවා. ඊට පසුව, මේවා එකිනෙක සසඳා බැලුවාම මේවායේ ගමන් වේගයන් එකිනෙකට වෙනස්. එකම තුවක්කුවකින්, එකම උණ්ඩ වර්ගයකින්, එකම වෙඩික්කරුවෙකු එක විදියට අවස්ථා කිහිපයකදී වෙඩි තිබ්බාම එහෙම වෙනස් වීමට හේතුව අත්භූත රහසක් වෙනවා. Read More

(20) නොදිරන සිරුරු

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

රාවණා වගේ සිහිමුර්ජා වූ හෝ මෘත ශරීර ලෙස හෝ දේහයන් (සිරුර) සුරක්‍ෂිතව තියෙන්නේ වෙන කාගෙද?

මීට වසර 3300 පෙර මිසරයේ විසූ ටූටන් කාමන් අධිරාජ්‍යයාගේ ආරක්‍ෂිත මෘත ශරීරය (Mummy) 1922 වසරේදී සොයා ගනු ලැබුවා. 2012.09.23 දිනපතා පුවත්පතක තවමත් නරක් නොවූ එම මෘත ශරීරයේ ඡායාරූපයක් පළ කර තිබුණා. ටූටන් කාමන් රජුගේ මළ සිරුර අදටත් එලෙසින්ම තියෙනවා යැයි වාර්තාවෙනවා. වසර 3500 ක් පැරණි දෙවන රම්සේස් රජුගේ මෘත ශරීරයත් (Mummy) එලෙසම සුරක්‍ෂිතව ඇති බව වාර්තා වෙනවා. චීනයේ මාවෝ සේතුන්ගේ මළ සිරුරත් මතු පරපුරට දැක බලා ගැනීම සඳහා සුරක්‍ෂිතව තියා ගන්න ඔවුන් උත්සාහ කරනවා. චීන, මිසර, ඊජිප්තු හා අපි‍්‍රකානු රටවල වැසියන් මෙලෙස මෘත ශරීර ආරක්‍ෂිතව තබා ගැනීමට සමත්කමක් දක්වනවා. Read More

error: Content is protected by www.ifbcnet.org.