මහානායක හාමුදුරුවනේ, ‘අජරාමර සුවය’ යනු කුමක්ද?
ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ජාති (ඉපදීම) ජරා, (පැවතීම) මරණ (නැතිවීම) යන කරුණු තුනෙන් සත්වයා මුදා ගැනීමටයි. එහෙමත් නැතිනම් පුණ්‍යවන්තයන් ‘අජරාමර සුවයට’ පත් කරවන්නයි. ‘අජර’ යනු’ජරාවක්’නැති තැනයි. ‘අමර’ කියන්නේ ‘මරණයක්’නැති තැනයි. එනම්, ජරාවත්, මරණයත්, නැති එකම අජරාමර තැන නිර්වාණයයි. නිවන් සුවයටයි. මෙලෙස ඔබ අහපු ‘අජරාමර සුවය කියන්නේ ලොව ඉපදෙන, මැරෙන මේ දුක නැති පරම සුව විඳගන්නට නම් අපි ඒ තැනට ළඟා වීමට අවශ්‍ය කටයුතු නොපමාව කරගත යුතු වෙනවා. Read More