චීනයේ චියාංෂු ප්‍රාන්තයේ ටාන්ටු ප්‍රදේශයේ ඇන්කෑං ග්‍රාමයේ පදිංචිව සිටි චෙං ලඕචි (CHENG LAOCHI) නමැත්තාගේ අතිශයින් ප්‍රියජනක ආහාරය වූයේ මිරිදිය කැස්බෑවුන්ගේ මස්ය. ඔහු ප්‍රධාන කාරණා තුනක් හේතුකොට මෙම මස් ආහාරයට ගැනීමේ පුරුද්ද දීඝ¡ කාලයක සිට අඛණ්ඩව පවත්වාගෙන එන්නේය. ඔහුගේම මුවින් ප්‍රකාශ කරන අන්දමට පළමුවැනි කාරණය මිරිදිය කැස්බෑවුන්ගේ මස මධ්‍යස්ථ ගුණයෙන් යුක්තය. ඒවා වඩා තදත් නැත. වඩා මෘදුව හෝ බුරුල්ව හෝ නැත. දෙවැනි කාරනය මිරිදිය කැස්බෑ මස අනුභව කළවිට ඔහුට ඉතාමත් සුව පහසු සහිත සැප නින්දක් ලැබේ. තුන්වැනි කාරණය මිරිදිය කැසුබු මාංශය ඉතා හොඳ ඖෂධීය ගුණයෙන් යුක්තය. ඒවා හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය පහසු කරයි. මෙම මිථ්‍යා විශ්වාසය නිසා ඔහු තම පසුම්බියේ වැඩිපුර මුදල් ගැවසෙන සෑම විටෙකම වෙළඳ පොළට ගොස් මිරිදිය කැස්බෑවකු රැගෙන ගෙදර ඒමට වග බලාගනී.
එක් දිනක් කළුපැහැති ඇඳුමක් ඇඳගත් යමෙක් ඔහු ඉදිරියේ සිහිනෙන් පෙනී සිට මෙසේ කීවේය. Read More