ක්‍රි.ව. 1732 දී චීනයේ කුයිෂිං රාජ්‍ය පාලන සමයේ වෙයි නමැති රැකියා විරහිත පුරුෂයකු සිටියේ ය. තම ජීවිකාව සඳහා ඔහු කෙළේ සතුන් දඩයම් කිරීමය. ඒ සඳහා ඔහු විවිධ ආකාරයේ උගුල් අටවා සතුන් අල්ලා මරාගෙන එයින් සමහරක් විකුණාගෙන මුදල් ලබා ගත්තේ ය. කුරුල්ලන් අල්ලා ගැනීමට දැල් හා වෙනත් ක්‍රම යොදා ගත්තේ ය.
මේ වෙනුවෙන් තුවක්කුවක්ද ප්‍රයෝජනයට ගනිමින් ඝාතනය කරන ලද සතුන්ගේ මස් මත්ද්‍රව්‍ය පානය කරමින් නිතර අනුභව කෙළේය.
මෙම දඩවැද්දා ජලජ ජීවින් වන ආඳුන්, ගෙම්බන් සහ ඉදිබුවන් අල්ලා ගැනීමට ජල මාර්ගවල උගුල් ඇටවීය. එපමණක් නොව සමහර අවස්ථාවල ජලාශවලට විෂ වර්ග දමා මියගිය දහස් සංඛ්‍යාත මත්ස්‍යයින් විශාල ගොඩවල් ගසා විකුණා ගත්තේය. තමාට හැකි ප්‍රමාණය ගිල දැමුවේය. එපමණක් නොව වනයේ ගස්වල කුරුල්ලන් විසින් සෑදු කූඩුවල දැමූ බිත්තර පරිභෝජනයට එක්කෙළේ එම කුරුළු කූඩු ද කඩා සුණුවිසුණු කර දමමින්ය. Read More