හාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික
පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.
අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මතව ඇත.
හැම ගුරුලියක්ම විසිතුරු මලින් හා මනහර පලයන්ගෙන් ගැවැසී ගිය, නොයෙක් සියොතුන්ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ මදින් මඳ හමන සිසිල් මඳ පවතින් හා මනහර පියකරු පියුමෙන් ගැවසීගත් බක් මාසය සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි.
වෙසෙසින් ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබාදෙන කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන සිරිමත් මසකි. Read More