Skip to main content
Category

සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam)

ඉතිහාසෙයන් මකා දැමුණු මුස්ලිම් රජුගේ ඉතිහාසය දැනගනිමු …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) One Comment

“ඇතුගල පුපුරයි” පසුගියදා රටම උණුසුම් කළ පුවතක් විය. මුළු රටම උණුසුම්කර තිඛෙන අධික උෂ්ණත්වය හේතුවෙන් වසර දහස් ගණනක් ඉපැරණි සුවිසල් ඇතුගලේ කොටසක් මෙසේ පුපුරා ගියේය. ඒ බව කියන්නේ ජාතික ගොඩනැගිලි හා ඉදිකිරීම් පර්යේෂණ ආයතනයේ නායයෑම් අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතාය.

දණ නමා සිටින ඇතෙකුගේ හැඩය ගන්නා මේ සුවිසල් ගල් පර්වතය ඓතිහාසික කුරුණෑගල පුරවරයේ අනන්‍යතාව වේ. මේ ගල් පර්වතය නිසාම ඇතුගල්පුරවරය ලෙසද නම් ලද කුරුණෑගලට  ඇතුගල සුවිශාල ආඩම්බරයකි. මේ නිසාම ඇතුගලේ පාදම කොටසේ සිදුවූ මෙම පිපිරීම බොහෝ දෙනෙකුගේ සුවිශේෂී අවධානයට යොමු වූ ප්‍රධානම පුවතක්ද විය. වසර දහසක් පැරණි ඇතුගල්පුරවරය හා සම්බන්ධ ඓතිහාසික කතා බොහෝය. ඇතුගලට නැග බැලූ විට පෙනෙන කුරුණෑගල නගරයේ පූර්ණ දර්ශනය අති චමත්කාර ජනකය. එම චමත්කාරය ඔප් නැංවීමට මෑතකදී ඉදිකරන ලද සුවිසල් බුද්ධ ප්‍රතිමාවද සමත් වී තිබේ.

Read More

පිටසක්වල ජීවීන්ගේ නවාතැනක් දිඹුලාගලින් හමුවෙලා …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments
අපේ බ්ලොග් එක පුරාමත අපේ විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
පියාසර වස්තූන්වලින් පැමිණ තිබෙන පිටසක්වල ජීවීන්ගේ නවාතැන් පොළක් ඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටා තිබූ බව ගවේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇත. අඩි 1200ක් උසකින් යුත් දිඹුලාගල පර්වතයේ විශාල ගලක් කේන්ද්‍රකොට මෙම නවාතැන්පොළ සකස් කොට ඇති අතර, එහි ඇතුළත අඩි 10×10 ප්‍රමාණයෙන් යුක්තය. ඇතුළත උස අඩි 3ක් පමණ වේ. මෙම කාමරය තුළ අඩි 10×4 ප්‍රමාණයේ ගල් පුවරුවක විවිධ සංඥා අක්ෂර සටහන් කොට තිබේ.
පුරාවිද්‍යායින්ට පවා හඳුනා ගැනීමට නොහැකි බව පැවසෙන මෙම අක්ෂර අනුරාධපුර රන්මසු උයනෙහි පිහිටි ගල් පුවරුවෙහි සටහන් කොට ඇති සංඥා අක්ෂරවලට සමානකම් දක්වන බව ගවේෂක කණ්ඩායමේ අදහස වේ.

Read More

දිඹුලාගල හිමි වැඩ සිටි ගල්ලෙන පුදුම අමුතු දෑ මේ ලෙස සිදුවුණ …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

යතිවරුන් දෙනම දෙයාකාරය. වයස් පරතරය. සසුන්ගත වූ කාලසීමාව අතින්ද එලෙසය. ඒමුත්; සිල්වත් බව අතින් ගත් කළ මෙම යතිවරුන් ඒකාකාර යැයි කීම අතිශෝක්තියක් නම් නොවේ. දිඹුලාගල නාහිමියන් පිළිබඳ මෙම යතිවරුන් දෙදෙනාටම ඇත්තේ එක්තරා ආකාරයක ගෞරවය මුසු ගුරු ආදරයකි. එය දිඹුලාගල නාහිමියන් ඇසුරේ හැදී වැඩුණු නිසාවෙන් නොව උන්වහන්සේගේ ජීවිතය පිළිබඳ උගත් දෑ නිසාවෙන් ඇති වූවකි. ඔමුණුගල ආරණ්‍යය සෙනසුනේ භාරකරු වන කන්දේගම දීපවංශාලංකාර හිමියන් හා හෙනන්නේගල ආරණ්‍ය සෙනසුනේ භාරකාර හිමියන් වන ගෝනවල සුදස්සිලංකාර හිමියන් කිතලගම සීලාලංකාර හිමියන් පිළිබඳ තමන් දැනුවත් කරුණු කාරණා හෙළිකර සිටියේ මේ ආකාරයටය.

Read More

සීගිරියේ සඟවා දැමූ අභිරහස් …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) One Comment
සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.
කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

බිල්ලෑව සිතුවම් හෙළිකරන අපේ ආදිවාසීන්ගේ විශ්ව සබඳතා …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

ක්‍රි .පූ. 3500 තරම් ඈත කාලයේ වනගත දඩයක්‌කරුවන් ලෙස දිවිගෙවූ පෘථිවිවාසීන් එකවරම ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාර ගොඩනැඟුනේ කෙසේද? මහා ශිෂ්ඨාචාරවලින් ගුවන්යානා සහ අද්භූත ජීවීන් පිළිබඳ තොරතුරු පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී තිබේ. මැටි පුවරු ලේඛන අනුව ඒ අද්භූත ජීවීන් පෘථිවිවාසීන් මෙහෙයවා උක්‌ත මහා ශිෂ්ඨාචාර ගොඩනගා ඇත්තේය. එකී ශිෂ්ඨාචාරවාසීන් දෙවිවරු ලෙස වන්දනා කළ අද්භූත ජීවීන්ගේ නික්‌ම යාමත් සමඟම ක්‍රි.පූ. 1400 තරම් ඈත කාලයේදී ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ශිෂ්ඨාචාර එකවරම අභාවයට ගිය බවටද මතයක්‌ ඇත.

ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාරවල අවසාන භාගයට සමකාලීනව ලංකාව පුරා පැතිරී පැවැති ශිෂ්ඨාචාරයක තොරතුරු රංචමඩම, හල්දුම්මුල්ල වැනි ස්‌ථානවලින් මතුවෙමින් පවතී. මහා ශිෂ්ඨාචාරවල ඒ නොවිසිඳුණු ඉතිහාසයේ අප්‍රකට පැතිකඩක්‌ දැකිය හැකි පිටසක්‌වල ජීවීන්ගේ රූප සටහන් කීපයක්‌ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් තන්තිරිමලයට දකුණින් පිහිටි බිල්ලෑව නමැති ප්‍රදේශයේ ලෙනකින් හමු විය. මේ නිසා වෙනත් ශිෂ්ඨාචාරවලට මෙන්ම මෙරට අභාවිත ශිෂ්ඨාචාරයකට ද ගුවන් යානා වලින් පැමිණි අද්භූත ජීවීන් මඟපෙන්වා ඇති දැයි මේ සොයාබැලීමට මේ සටහන ලියමි.

Read More

ලෝක ඉතිහාසයේ අතුරුදන් වූ ඇත්ලන්තික් නගරය පිහිටියෙය් ශ්‍රී ලංකාවේද ?

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

අද ඔබට කියන්න යන්නේ සුවිශේෂ කථාවක්. මේ කියන්න යන්නේ අතුරුදන් වූ පුදුම නගරයක් පිලිබද. ඒ තමා අත්ලන්තික් නගරය. ලෝකයේ පිහිටි මනස්කාන්ත ශ්‍රේෂ්ඨතම නගරයක්. මේක මුහුදෙ ගිලී ගිය නගරයක් ලු. ඉතාලියේ පිහිටි පොම්පේ නගරය ගැන අපි ලිපියක් පලකලා. මේ තියෙන්නෙ ඒ ලින්ක් එක.
පොම්පේ නගරය වගේම ලෝක ඉතිහාසයේ ප්‍රකටව කියැවෙන තවත් නගරයක් පිලිබඳව සඳහන් වෙනවා. මේ නගරයත් පොම්පේ නගරය වගේම අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දුන් බව කියන සමෘධිමත් නගරයක්. සියවස් ගනනාවකට පෙර මේ නගරය මහා සාගරය විසින් ගිලගත් බව පැවසෙනවා. ඒ නිසා පොම්පේ නගරය මෙන් මෙය නැවත මතුකර ගැනීමට හැකිවී නෑ. ඒ නිසාම මේ නගරය නොවිසඳුනු අභිරහස් ගොන්නට එකතු වී පුරාවෘතයක් ලෙස මිනිසුන් තුල කතා බහට ලක් වී තිබෙනවා. ක්‍රි. පූ. 350 දී පමණ ප්ලේටෝ විසින් එක් දිනක් තුල අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය අලංකාර නගරයක් ගැන සටහන් කර තිබෙනවා. එක් අතකින් පුදුමයක් ලෙස පෙනී යන මේ අරුම පුදුම දූපත පිලිබඳ ඓතිහාසික විස්තර සහිත ග්‍රන්ථ දෙකක සඳහන් වන්නේ මාය දූපතක් ලෙසයි. බොහෝ කාලයක සිටම මිනිසුන් අත්ලාන්තික් නම් වූ මේ අද්භූත අතුරුදන් වූ නගරය පිලිබඳව උනන්දුවකින් පසු වුනා.

Read More

කැලණි ගං පතුලේ අඩි හයක් උස උමගක් …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) One Comment

යුද්ධයේ අතිදක්ෂයින් වූ පෘතුගීසින් සමග දිගටම සටන් කිරීමට සිතාවක පළමුවැනි රාජසිංහ රජුට සිදුවිය. ඔහු පෘතුගීසීන් සමග සටන් කළේ කෝට්ටේ යටත් කරගන්නටය. කොළඹ පෘතුගීසී බළකොටුව යටත් කර ගැනීමට නොහැකිවූවද කෝට්ටේ අත්පත් කර ගන්නට ඔහු සමත්විය.යුද්ධයේ විවිධ උපක‍්‍රම භාවිත කළ රාජසිංහ රජු කැලණි ගංගාවේ පතුලින් උමං මාර්ග කිහිපයක් නිර්මාණය කළේ සටන් උපක‍්‍රමයක් ලෙසය. සීතාවක රාජධානියට අයත් හංවැල්ල ප‍්‍රදේශයෙන් පටන් ගන්නා එම උමං මාර්ග රැසක් අදවනතුරුත් එය එසේම පවතී. හංවැල්ලේ සිට කැලණිය දක්වා වූ පැතිරෙන කැලණි ගංගාවේ කොටස් ගංගා පතුලේ ඇති උමං මාර්ග පිළිබඳව අධ්‍යනයක් කළේ වසර 25 ක් තිස්සේ යටියන්තොට සිට කොළඹ තොටළඟ දක්වා කැලණි ගංගාවේ කිමිදුම්කරුවකු වන කඩුවෙල පදිංචි මුනවීර කංකානමලාගේ අනුර දේශප‍්‍රිය (43) මහතාය.ගංගාවේ එම පරාසය තුළ මේ වනවිට ගිලීගිය මළසිරුරු 43 ක් ගොඩගෙන ඇති දේශප‍්‍රිය මහතා බේරාගෙන ඇති ජීවිත ගණන 09 කි.

Read More

සොබා දහමට බැඳුණු එදා ගොවිතැන …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම සිය ප්‍රධාන ආර්ථික මාර්ගය ලෙසට පවත්වාගෙන ගියේ කෘෂිකර්මයයි. අටුකොටු සරු වූ ලක්දිව අතීතයේදී හඳුන්වනු ලැබුවේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසිනි. එදා අප සරුබිම අස්වද්දනු ලැබූ ගොවියා සියල්ල ඉටු කළේ සොබාදහම සමග සමගාමීවය. අවට පරිසරයට අනුගත වෙමින් ආගමට දහමට මුල්තැන ලබාදෙමින් ඔවුහු සිය ගොවිතැන කරගෙන ගියහ.

ඔවුන්ට සරු අස්වැන්නක් ලැබුණා සේම වස විස නොමැති ආහාරද ලැබුණි. ඔවුහු සිය මූලික අවශ්‍යතා මත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තම ප්‍රදේශය තුළම නිපදවා ගත්හ. තම ප්‍රධාන ආහාරය වූ බත උදෙසා මෙහිදී හිමි වූයේ මූලික ස්ථානයකි.

Read More

සාම්ප්‍රදායික ඥානය සැගවුන පුස්කොළ පොත …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

අප සතුව ඇති අමිල දායාදයක් වන පුස්කොළ පොත් සම්පත පිළිබඳව ලියැවෙන මේ ලිපිය අපට අමතකව ඇති ජාතික වගකීමක් සිහිපත් කර දෙයි.

මුද්‍රණ තාක්ෂණය බෙහෙවින් දියුණු වී ඇති අද ඕනෑම කෘතියක් මුද්‍රණය කොට සිය දහස් ගණන් ජනතාවට කියැවීමට බෙදා-හැරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. මෙම තාක්ෂණය පැමිණෙන්නට පෙර අතීතයේ පැවැති ලේඛන ක්‍රමය පිළිබඳව සොයා බැලිය යුත්තේ වර්තමානයේ අප කියවන දකින දෑවලින් අතිවිශාල ප්‍රමාණයක් පුරාණයෙන් අපට දායාද වූ ඒවා බැවිනි. ඉතා ඈත අතීතයේ සිටම යම් යම් දෑ ලියා තැබීමේ පුරුද්ද මානව වර්ගයා සතු විය. අපට හමු වී ඇති සාධක අනුව ශිලාලේඛන හෙවත් ගලෙහි කෙටීම, ලෝහවලින් නිපදවූ යමක සටහන් කොට තැබීම හා පුස්කොළ පොත් භාවිතය වැනි ක්‍රම මේ සඳහා යොදාගෙන තිබේ. මේ සියල්ල අතරින් වඩාත් ප්‍රචලිත ව, මෑත කාලයක් දක්වා පැවතියේ පුස්කොළ පොත් මාධ්‍යයයි.

Read More

වසර 2000කට වඩා ඉපැරණි “හරබර” වැව …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

ලංකා ඉතිහාසයෙහි මහත් කාය ශක්තියෙන් යුත් යෝධ පුරුෂයින් ගැන සදහන්ව ඇත්තේය.  දුටු ගැමුණු රජුගේ නන්දිමිත්‍ර‍ ආදී දස මහා යෝධයින් ගැනද, එළාර රජුගේ දීඝජන්තු ආදී මහා යෝධයින් ගැනද, ගජබාහු රජුගේ නීල මහා යෝධයා ගැනද විශ්මයජනක කරුණු ඉතිහාස පොත්වල දක්නට ලැබේ. දුටු ගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ට අමතරව යුද්ධ හමුදාවට එක් වූ යෝධයකු  පිළිබද ජන කථාවක් පහත දැක්වෙයි.

දුටුගැමුණු රජතුමා මහියංගන ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව මහියංගන චෛත්‍ය ප්‍ර‍තිසංස්කරණය කිරීමට පටන් ගත්තේය. දාගැබ බදවමින් සිටිය දී රජතුමාට බුලත් මෙහෙ වැඩීමට උඩුදුම්බර ප්‍රදේශයේ  කිරි පට්ටිය නම් ගමෙහි උපන් ශක්ති සම්පන්න පුරුෂයකු පත් කර ගන්නා ලදී. රජවාසල හැමෝම ඔහුට බුලතා යි කීහ. ඔහුගේ රාජකාරිය වූයේ දවසකට හත් වරක් බුලත්විට සාදා රජතුමාට පිළිගැන්වීමයි.

උදේ හීල වැළදීමෙන් පසු ද, දහවල් දස පැයට අතුරුපසෙන් පසුද, දහවල් භෝජනයෙන් පසුද, සවස් වරුවේ අතුරු පසෙන් පසුද, තිස් පැය වේලාවට සවස තේ පානයෙන් පසුද, රාත්‍රී භෝජනයෙන් පසුද, රාත්‍රී නිදා ගැනීමට පෙරද බුලත්විට සාදා පිළිගැන්විය යුතු විය. එක් වරක් බුලත් මෙහෙ කිරීමෙන් පසු ඊළග වාරය පැමිණෙන තුරු අවට සංචාරය කිරීමට බුලතා පුරුදු වී සිටියේය.

දිනක් මහියංගනයෙන් උතුරු පෙදෙසෙහි සංචාරයෙහි යෙදුනු බුලතාට ගල් කදු දෙකක් අතරෙහි පිහිටි පහත් බිමක් දකින්නට ලැබුණේය. ඒ අතරින් විශාල දොළ පාරක් ගලා බසිමින් තිබිණි. දොළ පාර අහුරා ගල් කදු දෙක අතර බැම්මක් බැන්ද හොත් අලංකාර වැවක් සාදා ගත හැකි බව ඔහුට පෙනුණේය. වැව බැන්දහොත් වැවටත් ගගටත් අතරේ පිහිටි ගව් ගණනක් විශාල භූමිය කුඹුරු කල හැකි වේවි යැයි බුලතා සිතුවේය. රජුට බුලත් පිළිගැන්වීම් අතරතුර ඉතුරු වන සුලු කාලයෙහි වරින්වර වැඩෙහි යෙදීමට මොහු කල්පනා කළේය.

බුලතා ගේ උදැල්ල සාමාන්‍ය මිනිසෙකුට එසවීමටවත් නොහැකි තරම් විශාල එකක් විය. සාමාන්‍ය මිනිසුන් විස්සකටවත් එසවිය නොහැකි තරම් පස් ප්‍ර‍මාණයක් ඔහු එක් වරකට කූඩයෙන් ගෙනෙන්නේය.

මෙසේ ගෙනෙන, ගෙනෙන පස්, ගල් කදු දෙක අතරේ  දමමින් පාග පාගා වැව් කන්ද ගොඩනැගුවේය. ස්වල්ප කාලයකින් වැව් වේල්ල බැදීම අවසන් කල බුලතා එහි ජලය බැහැර කරන සොරොව්ව සෑදීමට අදහස් කළේය. වැව් කන්දේ දෙකෙළවරෙහි ම පිහිටියේ ගල් පර්වතය. ඔහු මෑත කෙළවරේ ගල කපා විශ්මයාකාර ගල් සොරොව්වක්ද, ඈත කෙළවරේ ගලෙහි වැඩි ජලය බැස යාම සදහා ජල පැන්නුමක්ද සෑදීය. මේ ආශ්චර්යවත් ගල් සොරොව්ව ඉදිකිරීමට බුලතා ගේ කටුවට හා මිටියට වැඩි කලක් ගත නොවීය.

4

බුලතා ගේ භාර්යාවද ඔහුටම සරිලන යෝධ කාන්තාවක් වූවාය. සාමාන්‍ය ස්ත්‍රීන් විස්සකගේ පමණ ශරීර ශක්තියක් ඇයට තිබුණේය. ඈ දිනපතාම කිරිපට්ටිය ගමේ සිට තම ස්වාමි පුරුෂයාට දවල් ආහාර ගෙන ගියාය. ගමන් පහසුව සදහා ගල් පඩි පෙළක් සෑදීමට ඇයට සිත් විය. ඈ යන විට ගල් කීපයක් ද, එන විට ගල් කීපයක් ද ගෙනැවිත් පඩි පෙළක් බැන්දාය. එහි අගය වැටහුණු බුලතා ද කදු මුදුනට විශාල ගල් ගෙනැවිත් දමා ඒවා බැදීම භාර්යාවට පැවරුවේය.

අඹුසැමි දෙදෙනාගේ මේ වැඩ දෙකද, දුටුගැමුණු රජතුමාගේ දාගැබ අලුත්වැඩියා කිරීමේ කටයුතුද එකවර නිම විය. මහියංගන චෛත්‍යයෙහි කොත පැළදවීමේ උත්සවයට මාගම්පුර, සිතුල්පව්ව ආදී ස්ථානවල වැඩ විසූ දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩම කළහ. එමෙන්ම රුහුණු රටෙන් විශාල ජන සංඛ්‍යාවක් ද සහභාගි වූහ. මෙම උත්සවය අවසාන වූ දිනයෙහි බුලතා රජතුමා ඉදිරියට පැමිණ,

දේවයන් වහන්ස, මම තනිවම වැව් පොඩ්ඩක් බැන්දෙමි.  එය බලනු පිණිස වඩින මෙන් මම ආරාධනා කරමි.
යැයි සැළ කළේය. බුලතා ගේ ඉල්ලීම පිළිගත් රජතුමා සිවුරග සෙනග පිරිවරා වැව බලන්නට ගියේය.

පෙනෙන තෙක් මානයේ වතුර පිරී රැලි ගසමින් තිබෙන වැව දුටු රජතුමාගේ ප්‍රීතිය නිම්හිම් නැතිවිය. රජු සමග පැමිණ සිටි මැති ඇමති සෙන්පති ආදී පිරිසද, මහජනයාද, තනි මිනිසකුගේ වැඩක් වූ මේ මහා වැව දැක පුදුමයට පත් වූහ.

දරුව තෝ මේ වැඩය සදහා තව කොපමණ දෙනකුගේ සහාය ලබාගත්තෙහිද ? යි රජතුමා ප්‍ර‍ශ්න කළේය.

දේවහන් වහන්ස, මට සප්‍රාණික කිසිවකුගේ සහාය නොලැබුණේය. මට සහාය ලැබුණේ අප්‍රාණික මේ වස්තූන්ගෙන්
යැයි පසෙක සගවා තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් රජතුමාට පෙන්වූයේය.

එම ද්‍ර‍ව්‍ය දුටු රජතුමා ඔහුගේ ශරීර ශක්තිය තේරුම් ගෙන ප්‍රීතියට පත්වී
දරැව! තොපගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි.               රට ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට තොපගේ වැව් කර්මාන්තය පිහිට වන්නේයැ  යි  කියා ප්‍ර‍ශංසා කළේය.

එදා පටන් එම වැව හරබර වැව නමින් ප්‍ර‍සිද්ධ විය. හර බර යන්න පසු කලක දී සරබර, සොරබර ආදී වශයෙන් උච්චාරණය වී පසුව සොරබොර යන නමට පෙරලුනේ යැයි සිතිය හැකිය.

දුටුගැමුණු රජතුමා බුලතා යෝධයාද ඔහුගේ භාර්යාවද කැදවා ගෙන එවකට මහියංගනයේ තාවකාලික මාලිගාවෙහි සිටි මවු බිසව වෙත පැමිණියේය. බුලතා විසින් කරන ලද වැව ගැනත්, භාර්යාව විසින් කරන ලද ගල් පඩි පෙළ ගැනත් ඒවායේ ප්‍රයෝජන ගැනත් රජතුමා විස්තර කළේය.

ඒ ඇසූ විහාරමහා දේවිය බලවත් ප්‍රීතියට පත්ව තමන් ගෙල පැලදි වටිනා මුතු මාලය බුලතා ගේ භාර්යාවට පලදවා උපහාර දැක්වූවාය. රජතුමාද තමන් කර පැලදි වටිනා ස්වර්ණමය උර පළදනාව ගලවා බුලතා යෝධයාගේ කර පලදවා උපහාර දැක්වූයේය. රජතුමා ඔහුට ගමක් සහ නම්බු නාමයක්ද පිරිනැමුවේය. නන්දිමිත්‍ර‍ යෝධයාගේ ඉල්ලීම අනුව බුලතා යෝධයා ද දුටුගැමුණු රජතුමාගේ යුධ හමුදාවට බදවා ගන්නා ලදී. මහියංගන ප්‍රදේශයේ ව්‍යවහාරයෙහි පවත්නා ජන කවියක් මෙසේය.

ඔන්න බලාපන් බුලතා කරපු                 බලේ
යතුරු දාපු ගල්දොර යට වතුර              හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම්             ගලේ
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින්  කළේ

පසු සටහන

ක්‍රිස්තු පූර්ව 102 දී පමණ එළාර රජ හා යුධ වැදීමට මාගම්පුර සිට රජරට දක්වා යන ගමනේ දුටු ගැමුණු රජතුමා සේනා සංවිධාන කටයුතු පිණිස කදවුරු බැදීම මහියංගණය ආශ්‍රිතව සිදු කර ඇත. මෙම කදවුරු බැද සිටි සමයේ තම සේනාව සංවිධානය කිරීම, ආහාර පාන රැස් කිරීම සිදු කල අතර ඊට අමතරව ප්‍රදේශයේ වැව් අමුණු, වෙහෙර විහාර ප්‍ර‍තිසංස්කරණයද සිදු කර ඇත.

උද්ධ චූලාභය රජු විසින් තිස් රියන් උසට කරවා තිබූ මියුගුණ සෑය ගරා වැටෙමින් තිබී ඇති අතර එය අසූ රියන් කර බදවන ලද බවට ථූපවංශය හා මහාවංශය ආදී අපේ වංශකථා වල සදහන් වේ.  මේ සෑය බදින ලද පිරිස් සදහා බත් බුලත් සපයා ඇත්තේ බුලතා නම් සෙනෙවියෙකි. රජුට සේවය පිණිස දිනපතා යන එන ගමන් මෙහි භූගෝලීය පිහිටීම දුටු බුලතා විසින් ගලින් ගල එක්තැන් කර සොරබොර වැව ඉදිකල බැව් ජනප්‍ර‍වාදයේ පවතී.

දේශීය වාරි කර්මාන්තයේ සොරබොර වැවට අද්විතීය ස්ථානයක් හිමිවන්නේ එහි ඓතිහාසික බව මෙන්ම  මෙම සොරොව්ව නිර්මාණයේදී දක්වා ඇති අති විශිෂ්ඨ වාරි ඉංජිනේරැ තාක්ෂණය නිසාවෙනි. ස්වභාවිකව පිහිටි ගල් පර්වතයක් සෙරොව්ව ඉදිකිරීමට යොදාගෙන ඇති අතර, සොරබොර වැව මේ තාක්ෂණය සහිත ලංකාවේ එකම නිර්මාණයයි.

6

ඉහත්තෑව නමින් හදුන්වන ජල පෝෂක ප්‍රදේශ මගින් පැමිණෙන ජලය කුලු වැව් නමින් හදුන්වන කුඩා වැව් 3 ක් හරහා ගමන් කරයි. පළමු වැනි වැව පිටාර යන විට දෙවැන්නටත්, දෙවැන්න පිටාර යන විට තෙවැන්නටත්, තෙවැන්න පිටාර යන විට සොරබොර වැවටත් මේ ජලය එක්වේ.  කුල්ල යනු අනවශ්‍ය දෑ බැහැර කර අවශ්‍ය දේ ලබා ගැනීමට ගේ දොර භාවිතා වන උපකරණයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එම තාක්ෂණය මෙහිදීද භාවිතා වේ. කදු සේදී යාමෙන්  වැසි ජලයට එකතු වන මඩ කුලු වැව් තුන හරහා යාමේදී බොහෝ අඩුවන අතර එමගින් සොරබොර වැවට මඩ එකතු වීම අවම මට්ටමකට පත් වී ඇත.  පිටවාන, සොරොව්ව, බිසෝ කොටුව, සළපනාව, වැව් බැම්ම ආදී  වැවක පොදු ලක්ෂණ වලින් සොරබොර වැව පොහොසත් වුවද, එහි මඩ සොරොව්වක් දක්නට නැත…වැවේ එකතුවෙන මඩ, ජලය ගමන් කිරීමේදී සොරොව්වෙන් යෙදෙන අධි පීඩනය නිසා බිසෝකොටුව හරහා සොරොව්වෙන් ඉවතට ගලා යයි. මේ මඩ ඇළ මාර්ග දිගේ ගමන් කර පසුව කුඹුරැ මත තැන්පත් වීමෙන් සාරවත් අස්වැන්නක් පොහොර යෙදීමකින් තොරව  ලබා දීමට  දායක වී ඇත.

1

එදවස දුටුගැමුණු රජතුමා යුද්ධයක් අභිමුව සේනාව රැස් කරමින් සිටි නිසාම, බුලතා යෝධයා එතුමාගේ වාරිමාර්ග ඇමති ලෙස පත් කල බවක්ද අසන්නට ලැබේ. යුද්ධ කිරීමට කාය ශක්තිය වැදගත් වන අතර කාය ශක්තිය සදහා ආහාර වැදගත්වේ. ඒ අනුව වැඩි ආහාර නිෂ්පාදනයක් සදහා වැව් අමුණු වල දායකත්වය ඉතා ඉහළින් ලබා ගැනීම ඔහු එම තනතුරට පත්කිරීමෙන් අපේක්ෂා කලා විය හැක.

වාරි තාක්ෂණය එතරම් දියුණුවට පත්නොවී තිබූ අවධියක මෙතරම් පීඩනයකින් ජලය ඉවතට යන සොරොව්වක් නිර්මාණයට බුලතා සෙනෙවියා දක්වන ලද කුශලතාව පුදුම සහගතය. කලුගල් පර්වතය මැද්දෙන් මෙම කැපුම සිදු කිරීමට ශාක කීපයක් මගින් ලබා ගත් යුෂ අනුසාරයෙන් කලුගල්  උණුකල හැකි රහස් සංයෝගයක් භාවිතා කල බවක්ද ජනප්‍ර‍වාදයේ පවතී.

බිසෝ කොටුව ආසන්නයේ කලුගල් තලාව මත බොහෝ දුරට ඛාදනය වී ගිය  ශිලා ලිපියක් ඇති අතර එය පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් කියවීමට ලක්කර නැති බව ගම්වාසීන් මගින් දැනගතිමි.

වැවේ තාක්ෂණික තොරතුරු
ධාරා ප්‍රදේශය  ව.සැ 16.89
උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16800
පූර්ණ සැපයුම් මට්ටමේදී ජල පැතුරුම් ප්‍රදේශය  අක්කර 1440
වැව් බැම්මේ දිග අඩි 1590
වැව් බැම්මේ පළල අඩි 20
වගා බිම් ප්‍ර‍මාණය අක්කර 3000
වම් ඉවුර ප්‍ර‍ධාන ඇලේ දිග සැ. 1 දම්වැල්  32.5
දකුණු ඉවුර ප්‍ර‍ධාන ඇලේ දිග සැ. 3 දම්වැල් 20
මෙම ලිපිය http://siragekamare.blogspot.com/ වෙබ් අඩවියෙන් උපුටා ලත්බව කරුණාවෙන් සලකන්න.
error: Content is protected by www.ifbcnet.org.