
කෙම් ක්‍රම යනු සාම්ප්‍රදායික පැරණි ගැමි විශ්වාස මෙන්ම අත්දැකීම් මත පදනම් වූ සුවිශේෂී ආරක්ෂක ක්රමවේදයකි. විශේෂයෙන් සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ රහස් වෛද්‍ය ක්‍රමයක් ලෙසද බොහෝ විට කෙම් ක්‍රම භාවිත වේ. එසේම කෘෂිකර්මාන්තයේදී ගොඩ,මඩ මෙන්ම හේන් ගොවිතැනේදීද භාවිතවන කෙම් ක්‍රම ගණනාවකි. මේ සියල්ලට අතිරේකව ගුප්ත විද්‍යාව තුළද යම් යම් කෙම් ක්‍රම භාවිතා වනු දැකිය හැක
කෙම් ක්‍රමවල මූලාරම්භය අවිනිශ්චිතය. දුර ඈත දඩයම් යුගයේ පවා කෙම් ක්‍රම භාවිත වූ බවට පැරණි පොත්පත්හි සඳහන් තොරතුරු සාක්ෂි දරයි. කෙම් ක්‍රම සියල්ලම පාහේ මුඛ පරම්පරාගත ගුරුමුෂ්ඨිය සහිතය. මේ නිසාම වර්තමානය වන විට අතීතයේ බහුලව භාවිතා වූ ඉතා වටිනා කෙම් ක්‍රම රාශියක් සහමුලින්ම වැළලී අභාවයට ගොස් අවසානය. ඒ අවාසනාවන්ත ඉරණම වටිනා කෙම් ක්‍රමවලට උදාවූයේද එකී වටිනා කෙම් ක්‍රම අනාගත පරපුරට දායාද නොවූයේ ද පටු ආත්මාර්ථයන් හීනමානයන් මත පදනම් වූ ගුරු මුෂ්ඨි නිසාවෙනි.