Skip to main content
Category

සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam)

මාලිගාවිල බුදුපිළිම වහන්සේට නිර්මාණයට පිටසක්වල උපකාර ලැබුනිද ?

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments
වැල්ලවාය මොණරාගල මාර්ගයේ කුඩුක්‌කන හන්දියෙන් දකුණට විහිදෙන මාර්ගයෙන් ඔක්‌කම්පිටියට ගොසින්, අනතුරුව වම් පසට වන්නට පිහිටා ඇති මාර්ගයේ සැතපුම් තුනක්‌ පමණ ගමන් කළ තැන්හි හමුවන “මාළිගාවිල” පුදබිමට ඇතුළුවිය හැකිය.
මාළිගාවිල පිළිමය කරවන ලද්දේ ඔක්‌කාක වංසයෙහි උපන් මහා තිස්‌සගේ සහ සංඝසිවා බිසවගේ දෙටු පුත්‍රයා වන අග්ගබෝධි රජතුමන් විසින් බව මහවංශයෙහි සඳහන්ය . ඒ මතුද නොව එහිම සඳහන් පරිදි ආරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරියකාරි, ආර්යකර ආදී නම්වලින් හඳුන්වා ඇත්තේ ද මෙකී විහාරයම බවත් කියෑවේ. එමෙන්ම මාළිගාවිලට ප්‍රසිද්ධියක්‌ ගෙන දෙන්නා වූ මාළිගාවිල හිටි පිළිමය හා ඊට මදක්‌ එපිටින් පිහිටා ඇති යෝද බෝධි සත්ත්ව ප්‍රතිමාව පුරාතණයේ එකම ආරාම සංකීර්ණයක්‌ වන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. මාළිගාවිල හිටි පිළිමය උසින් අඩි 34 කි. එහි උරහිස්‌ අතර පළල අඩි 10 ක්‌ පමණ වේ. හුණු ගලින් නිමවා ඇති මෙම සුවිසල් පිළිමය වෙනත් ස්‌ථානයකදී නිම කිරීමෙන් පසු දැනට පිහිටුවා ඇති ස්‌ථානයට ගෙනැවිත් ඊටම සරිලන ආසනයක ප්‍රතිෂ්ඨාපනය කිරීමම එකල ශ්‍රී ලාංකිකයන් සතු වූ විස්‌මිත හැකියාවත් ඉස්‌මතු කරන්නක්‌ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අදහසයි.
error: Content is protected by www.ifbcnet.org.