Skip to main content
All Posts By

Eranda

විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 03

By රතන සූත්‍ර වර්ණනාව ...( About Rathana Suththa) No Comments

( තුසිත රාජපක්ෂ මහතා ප්රංශයේ සිට ලියයි. )

🌻 විසාලා මහා නුවර දක්වා බුදුරජුන් රැගෙනයාමට සරසනු ලැබූ නව්කාව

එතැන සිට විසාලා නුවර දක්වා යෑමට නියමිතව තිබුනේ ගොඩබිමින් නෙවෙයි. ගංගානම් නදිය මතින් නාවිකයන් හා සමග. ඒ වනවිටත් ඒ සඳහා සියළු ආකාරයෙන්ම අලංකාර වූ නැවක් සකසා භාග්යවතුන් වහන්සේව ඒ අලංකාර නැව්කාව වෙත වැඩම කරවාගෙන යාම සඳහා සියලු කටයුතු බිම්බිසාර රජතුමා විසින් සකස් කරලයි තිබුණේ. ඉතාම ගෞරවයෙන් රජතුමා ඇතුළු පිරිස භාග්යවතුන් වහන්සේව නව්කාව වෙත වැඩම කරවනු ලැබුවා. මේ සියලු වත්පිළිවෙත් මෙලෙස පිළියෙළ කොට සියල්ලන්ම උන්වහන්සේට පෙරගමන් කරව යි විසල්පුර වාසීන්ට පණිවුඩයක් යැවුවා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ සමග යාමට රජතුමාත් එකතුවුනා. හරිම පුදුමයි එකල රජවරු මිත්රත්වයෙන් මනුෂ්යත්වය වෙනුවෙන් කටයුතු කල ආකාරය.

Read More

 විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 04

By රතන සූත්‍ර වර්ණනාව ...( About Rathana Suththa) No Comments

 

🌻 පසුගිය ලිපියෙන්.

යක්ෂ භූත නොමිනිසුන් පලාගිය කෙණෙහිම මිනිස් සිරුරුවල රෝග සංසිදී ගියා. නිරෝගී සුව ලැබූ ජනතාව පැමිණ සියළු සුවදමලින් භාග්යවතුන් වහන්සේ පුදනු ලැබුවා. මහජනයා නගර මැද පිහිටි රැස්විම්හල සියළු සුවද තවරා වියන් බැද සියළු අලංකාරයෙන්ම සරසා එහි බුදුරජාණන් වහන්සේට අසුනක් පණවා වැඩම කරවුවා. භාග්යවතුන් වහන්සේ රැස්වීම්හලට පිවිස පණවන ලද අසුනෙහි වැඩසිටියා. සංඝයා වහන්සේද රජවරුද නගරවාසීහුද සුදුසු පරිදි ඉඩ ඇති තැන්වල අසුන්ගත්තා. සක්දෙව්ද දෙව් පිරිස සමග අසලින් අහසෙහි රැඳී සිටියා. වෙනත් දිව්යතල වල දෙවියෝද පැමිණ සිටියා. ආනන්ද තෙරණුවෝ ද මුළු විසාලාවෙහිම සැරිසරමින් රැකවරණය සලසා නගරවාසීන් ද සමග පැමිණ එකත්පස්ව වැඩ සිටිය. එහිදී භාග්යවතුන් වහන්සේ සියල්ලන්ටම ඒ රතන සුත්රයම නැවත වරක් දේශනා කරනු ලැබුවා.

🌻 රතන සුත්රයේ කෙටි අරුත.

අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අවසානයේ රැස්වූ දෙව්මිනිසුන් ඇතුළු සියලු පිරිස් සඳහා මෙම සුත්ර දේශණාව නැවත වරක් දේශණා කරනු ලැබුවා. එහෙත් ඒ අප අද කියවන කෙටි අරුතෙන් නෙවෙයි. අසුහාරදහසක් දෙනාට ධර්මය අවබෝධ කරගැනීමට හැකි ගාම්භීර මෙන්ම ප්රඥාඇස විවර කරගැනීමට හැකිවන දේශනාවක් ලෙසින්. ඒ නිසා මෙම සුත්ර දේශනාව ප්රධාන අනුහස් තුනකින් සමන්විතයි කියලා මට හිතෙනවා. එහි පළමුවැන්න රෝගබිය සහ දුර්භික්ෂ බිය පහකිරීමයි. දෙවැන්න අමනුෂ්ය බිය පහකිරීමයි, ඒ සියල්ලම තාවකාලික ආශීර්වාද. එහෙත් අවසන් ආශීර්වාදය තමයි සංසාර රෝග බිය සදහටම දුරුකරලිම. එනම් නිවන් සාක්ෂාත් කරදීම. එමනිසා මෙම සුත්ර දේශණාව එවැනිම ගැඹුරු අර්ථයකින් අවබෝධකරගත යුතුනම් ඔබ අනිවාර්යයෙන්ම පණ්ඩිත විශාරද පින්වත් ධර්ම කථික භික්ෂුන් වහන්සේ නමකගේ දේශනයකට සවන්දිය යුතුමයි.

Read More

විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව 05

By රතන සූත්‍ර වර්ණනාව ...( About Rathana Suththa) No Comments

🌻 පසුගිය ලිපියෙන්

සක්දෙව් මෙසේ මෙම ගාථා තුන කියා භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට දෙව් පිරිස සමග දෙව්පුරයටම ගියා. බුදුරජාණන් වහන්සේ ඒ රුවන් සුතුරම දෙවන දිනයෙහිද දේශණා කරනු ලැබුවා. එදිනද නැවතද අසූහාර දහසකට දහම් අවබෝධ වුණා. මේ අයුරින් සත්දිනක්ම රතන සුත්‍රය දේශනා කලා. ඒ ඒ දිනවල දේශණාව අවසානයෙහි පෙර පරිදිම පිරිස් දහම් අවබෝධයට පැමිණියා.

🌻 සක්දෙවූ රජගෙන් රතන සුත්‍රයට එකතු වූ අවසාන ගථා තුන.

ඉහතින් කි පරිදි සක්දෙවිදු භාග්‍යවතුන් වහන්සේ විසින් තෙරුවන් ගුණය පිහිටුවමින් එහි සත්‍ය සහතික කොට පැවසීමෙන් නගරය සුවපත් කරන ලදැයි සිතා මා ද නගරයෙහි හිතසුව පිණිස තෙරුවන් ගුණය පිළිබදව යම්කිසිවක් කිවයුතු යැයි අවසානයේදී යානිධ භූතානි ආදී අවසාන ගාථා තුන පවසා භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට දෙව් පිරිස සමග දෙව්පුරයටම ගියා.

යානීධ භූතානි සමාගතානි
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
තථාගතං දෙවමනුස්‌සපූජිතං
බුද්‌ධං නමස්‌සාම සුවත්‌ථි හොතු.

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද (අපි) දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමදිමු. (සත්ත්වප්‍රජාවට) සෙත් වේවා.
Read More

විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව 06

By රතන සූත්‍ර වර්ණනාව ...( About Rathana Suththa) No Comments

🌻 පසුගිය ලිපියෙන්

භාග්යවතුන් වහන්සේ රජගහනුවරට පැමිණි පසු කාලයෙහි වටරවුම් සාලාවෙහි රැස්වූ සඟ පිරිස අතර යම් තැනැත්තෙකු වෙනුවෙන් ගගෙහි එතෙර මෙතෙර අටයොදුනක් වූ බිම් පෙදෙසෙහි දියෙහිද ගොඩබිමෙහිද සමකොට වැලි අතුරා මලින් ගැවසී තිබුණේද යොදුනක් පමණ ගංගා ජලයෙහි නන් පැහැති පියුමින් ගැවසුන්ද අකනිටා බවන දක්වා සේසත් පිට සේසත් නැංවීද ඒ භාග්යවත් බුදුරජාණන් වහන්සේගේ බලමහිමය පිනිසමයි, හරි පුදුමයි යනුවෙන් මේ අතුරු කතාබහ ඇතිවුනා. භාග්යවතුන් වහන්සේ ඒ බව දැන සුගන්ද කුටියෙන් නික්ම ඒ මොහොතට සුදුසු අයුරින් පැමිණ පනවන ලද උතුම් බුදු අසුනෙහි වැඩසිටිය.

එසේ වැඩසිටි භාග්යවතුන් වහන්සේ ” මහණෙනි දැන් කිනම් කතාබහක් මෙහි සිදුවුනාද?” යනුවෙන් සඟ පිරිස අමතනු ලැබුවා. සංඝයා වහන්සේලා බුදුන්වහන්සේ ලැබූ ඒ පුදසත්කාර පිළිබඳව සියළු තොරතුරු සැළකර සිටියා. එවිට තථාගතයන් වහන්සේ මෙලෙස ඒ මනරම් අතීත කතා වෘතාන්තය දේශණාකරනු ලැබුවා.

🌻 විසාලා මහනුවරට යනෙන මග දෙපස නා රජවරුන්ගෙන්, දෙවියන්ගෙන් බමුන්ගෙන් ලැබූ පුද සත්කාර වලට හේතු වූ අතීත කුසල කර්මය පෙන්වාදීම.

” මහණෙනි, මේ වෙසෙස් වූ පූජා මාගේ බුදුබලයෙන් පැවැතියේ නොවේ. නාගයන්ගේ දෙවියන්ගේ බඹුන්ගේ බලයෙන්ද නොවේ. එතෙකුදු වුවත් පෙර අපමණ වූ දේ පවරා දෙනු ලැබූ බැවින් ඒ බලයෙනැයි” වදාරනු ලැබුවා. එය අසා සිටි භික්ෂු පිරිස “හිමියනි, ඒ අපමණ දෙන ලද දේ පිළිබදව අපි නොදනිමු. අපට දැනගැනීමට එය වදාරන්නේ නම් මැනවැයි” අයාචනා කර සිටියා. එම ආරාධනය පිළිගත භාග්යවතුන් වහන්සේ ඒ අතීත පුවත මෙසේ වදාරනු ලැබුවා.

Read More

තුන් වරක් සාධු.. කියන්නේ ඇයි ?

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

දැන් විමසා බලමු මේ පුංචි “සාධු” කියන වචනය තුලින් අපට මේ සිත දමනය කරගැනීමේ, කුසලය උත්පාදනය කරගැනීමේ, සියලු පව් අකර්මන්‍ය කරදැමීමේ කටයුත්ත කරන්නට හැකිවෙන්නේ කොහොමද කියලා.

“සාධු” යන වචනය තුන් වරක් භාවිතා කරන්නේ ඇයි? ඔබ අසා ඇති මේ “සාධු” කියන වචනය තුන් වරක් භාවිතා කරනවා. සමහරවිට අපේ ආච්චිලා සීයලා නම් හතරවෙනි වරටත් දිගු සාධුකාරයක් කියනවා. හිතුනේ නැතිද ඇයි මේ 3 පාරක් හෝ 4 පාරක් සාධු කියන්නේ ඇයි කියලා?

අද කාලේ නම් බොහෝ ඇත්තන් මේ සාධුකාරය දෙන්නේ භක්තිය ශ්‍රද්ධාව පෙරටු කොට ගෙන පමණක් වෙන්නට ‍පුළුවන්. මොකද මේ සාධුකාරයේ අර්ථය ඔවුන් දැනගෙන සිටියා නම් එහි අර්ථය නිතර අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඒත් එය එසේ නොවන නිසා අවම පිරිසක් පමණක් මේ අර්ථය අවබෝධයෙන්ම “සාධුකාරය” භාවිතා කරනවා කියලා අපට හිතන්න පුළුවන්. ඉතින් බුද්ධිමත් වෙන්නටයථාවබෝධය ලබන්නට ගමන් අරඹන ඔබට තව දුරටත් අර්ථ විරහිතව සිතුවිලි, ක්‍රියා, වදන් මෙහෙයවිය යුතු නැහැ.

Read More

බුද්ධ වන්දනාවේදී පාලි වරද්දන්න එපා …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

බෞද්ධයෝ තම ආගමික කටයුතුවලදී ‘පාලි’නමින් හැඳින්වෙන භාෂාවෙන් රචිත විවිධ ප්රකාශන භාවිත කරති. මෙම කෙටි ලිපියෙන් අපේක්ෂා කරනු ලබන්නේ පාලි භාෂාව ව්යවහාර කිරීමේදී වර්තමාන සිංහල බෞද්ධයන් විසින් කරනු ලබන සදොස් උච්චාරණ කිහිපයක් විමසා බැලීම යි.

සාම්ප්රදායික පිළිගැනීම අනුව මෙම පාලි භාෂාව බුදුරදුන්ගේ දේශනාවන්හි භාෂා මාධ්යය වේ. එහි ඓතිහාසිකත්වය පිළිබඳ කැරුණු පර්යේෂණ බොහෝ ය. එහෙත් එහි වර්තමාන ව්යවහාරය සම්බන්ධයෙන් කැරෙන සාකච්ඡා ඉතා අල්ප ය. වන්දනා හා පූජා කටයුතුවලදී වැරදි ලෙස භාවිත වන පාලි වචන නිවැරදි ලෙස භාවිත කළ යුතු ආකාරය මේ ලිපියෙන් දැක්වේ.

Read More

බුදුපිළිම වහන්සේ දෝවනය ….

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

බුදුපිලිම වහන්සේ දෝවනය කියන්නෙ අපිටනම් ටිකක් නුහුරු මාතෘකාවක් … අත්තටම කිව්වොත් ඉතින් අපි කවදාකවක් බුදුපිලිම වහන්සේ නමක් දෝවනය කරන්නෙ නැහැනෙ.  නමුත් ලෝකයේ සමහර රටවල මේ පින්කමත් උත්සවශ්‍රීයෙන් සිදුකරන අවස්ථා තියනව. විශේෂයෙන්ම තායිලන්තය වගේ රටවල් ගත්තම බොහෝ විට මේ වගේ පින්කම් සිදුකරන අවස්ථා තියනව.

කොහොම නමුත් බුදුපිලිම වහන්සේ නමක් නිකම්ම වතුරෙන් සේදීමක් කරන්නෙ නැහැ. ඉතාම පිරිසිදුව පෙරාගත් පැන් ඒ සදහා සුදුසුයි. උදය වරුව පිලිම වහන්සේ දෝවනය සදහා වඩාත්ම සුදුසු කාලයයි.

බුදු පිලිම වහන්සේ නමක් දෝවනය කර පවිත්‍ර කරන්නට පෙර අවසර ගැනීමට මෙම ගාථාව යොදා ගත හැක.

“භදන්තා’නන්ද’තේරෝ’ව
සුද්ද’කප්පේන වාරිනා
නහාපයාම’හං සක්යපුංගවං
ලෝක’සොත්ථියා”….

සිංහල තේරුම: ගරුකටයුතු ආනන්ද උතුමන් වහන්සේ විසින්, පිරිසිදු වූ ජලයෙන් භාග්‍යවතුන් වහන්සේ ව ධෝවනය කරනවා මෙන් මම ද මේ උතුමන් වහන්සේ ව උතුම් වූ අභිවෘද්ධියක් වෙනුවෙන් ධෝවනය කරමි.

Read More

කලා වැවෙන් උපන් කඩවර දෙවියෝ …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

ශ්‍රී ලාංකීය දේවාත්මයක්‌ ලෙස සැලකෙන කඩවර දෙවියන් කතරගම දෙවියන්ගේ අණ ක්‍රියාත්මක කරමින් මෙරට කෘෂිකර්මාන්තයටත් වාපී කර්මාන්තයටත් අධිගෘහිතව වැඩවාසය කරන බැව් පැවැසේ. ඈත අතීතයේ මෙන්ම වර්තමානයේ ද ඉතාම දියුණු ප්‍රදේශයක්‌ වන අනුරාධපුර පිහිටි කලාවැව සෑදීමේ පුරෝගාමියෙකු ලෙසද සලකනු ලබන කඩවර දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳව ජනප්‍රවාද කීපයක්‌ම පවතී.

කඩවරදෙවි යන නාමයෙන් මෙන්ම කඩවර යක්‍ෂ යන නාමයෙන්ද හඳුන්වනු ලබන කඩවර දෙවියන් උඩරට සත්කෝරළය සතර කෝරළය ආදී ප්‍රදේශවල පවතින කොහොඹායක්‌ ශාන්තිකර්ම යෙහි පුදලබන කඩවර දෙවියන් සහ නුවරකලාවිය හෙවත් වැව්බැඳි රටේ පැවැතෙන ශාන්තිකර්මවල පුද ලබන කඩවරදෙවියන් යනුවෙන් කඩවර දෙකොට්‌ඨාසයක්‌ බව පෙනේ. වන්නි හත්පත්තුවේ ජනතාවගේ පුදපූජාවන්ට පාත්‍රව සිටින කඩවර දෙවියන් වාරිමාර්ග කර්මාන්ත ශිල්පයෙහි අති දක්‍ෂයෙකි. මොහුගේ උපන් කතාවට අනුව කඩවර දෙවියන් සෙනෙවිරත් පදවිය ලැබූවෙකි. වාරි ශිල්පය වෘත්තීය මිල මුදලට සීමා නොකළ හෙතෙම වාරි කර්මාන්තයට සිය ජීවිතයම කැපකළ අයෙකු ලෙස සැලකේ. වාරිකටයුතු සඳහා සිය ජීවිතයේ වැඩි කොටසක්‌ ගත කළ සෙනෙවිරත්න කෙරෙහි ඔහුගේ බිරිඳ සිටියේද දැඩි අමනාපයෙනි. මේ හේතුව නිසා මේ දෙදෙනා අතර නිතර නිතර අඬදබර ඇතිවිය. බිරිඳගේ කෝපය ඉතා උස්‌සන්න වූ අවස්‌ථාවක සෙනෙවිරත්න සිය පවුල් ජීවිතය හැරදමා වනගත විය. මෙසේ වනගතවූ මොහුගේ ජීවිතය වනයටම හුරු පුරුදු වූ අතර ඔහු තම දිවිපෙවෙත රැකගත්තේ වනයේ තිබුණ පලතුරු ගස්‌වල කොළ පොතු ආහාර ලෙස ගනිමිනි. මෙසේ වනචාරී ජීවිතයක්‌ ගතකළ මොහු සමඟ බොහෝ වන සිව්පාවුන් කුළුපග වූහ.

Read More

සැමට සෙත සලසන ගම්බාර දෙවියෝ…

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) No Comments

දෙවියෝ යක්කු නෑ කියලා කියනවනම් ඉතින් බුදු බණත් බොරු වෙන්න ඕන කියලා මට හිතෙනවා . මොකද ආලවක , කාලි , වගේ යක්කුත් සක්‍රයා , උපුල්වන් , වෛශ්‍රවණ වගේ දෙවිවරුත් බුදු හාමුදුරුවන්ගේ දේශනාවල සඳහන් වෙනවා . ඉතින් මෙයාලා දැන් කාලේ කෙසේ වෙතත් ඉස්සර කාලේවත් හිටියා කියලා බෞද්ධ අපිට පිළිගන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ .

උප්පැන්න සහතිකේ ලියවිලා තියෙන හැටියට ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේ කියලා කියන අර්ධදේව තත්වයේ ඉන්න මේ දෙවියන් ගැන ගොඩක් දෙනෙක් ඉන්නේ හරිම බයෙන් . අඩුම තරමේ මේ පොස්ට් එක කියවලාවත් ඒ බය නැති කරගන්න කියලා මම කියන්නේ . මොකද මේ අමනුස්සයෝ මිනිස්සු වගේ නෙවේ . කිව්වොත් කිව්වා , අනික තමයි කොයික කරත් සාධාරණේට වැඩ .

අර්ධ දේව කියන්නේ මනුස්සයින් හෝ යක්ෂයින් වෙලා ඉඳලා වෙන වෙන ලොකු දෙවිවරුන්ගෙන් වරම් අරගෙන දේවත්වයට පත්වෙච්ච අයට .

දෙවියොත් එක්ක ගනුදෙනු වලදී වැඩිපුර ජෝක්ස් මුල් කරගන්න මමනම් කැමති නෑ . ඒක නිසා පෝස්ට් එක කියවන අයට මේක බොරින් නම් සොරි වෙන්න ඕන හොඳේ ………!

Read More

සසුන රකින්නට බුදුහිමිගෙන් වරම්ගත් දැඩිමුණ්ඩ දෙවියෝ …

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) No Comments

අලුත්නුවර දේවතා බණ්‌ඩාර, මැණික්‌ බණ්‌ඩාර, ඌවේ බණ්‌ඩාර, කීර්ති බණ්‌ඩාර යන පර්යාය නාමයන්ගෙන්ද හැඳින්වෙන දැඩිමුණ්‌ඩ දෙවියෝ පුරාණ ලංකාවේ පැතිර තිබුණු ගෝත්‍ර සතරින් ප්‍රබලතම ගෝත්‍ර දෙකක්‌ වන යක්‍ෂ, නාග යන ගෝත්‍ර දෙකෙහිම සම්බන්ධතාවය ඇති ප්‍රබල ජන නායකයෙකි.

පුර්ණක නම් යක්‍ෂ සේනාධිපතිට දාව එරන්දතී නම් නාගමානවිකාවගේ කුසෙන් උපන් මෙකී දෙවියන්ට දැඩි සිතක්‌ හා මුඩු වූ හිසක්‌ද ඇති බැවින් දැඩිමුණ්‌ඩ යන නාමයෙන් හැඳින්වූ බව කියෑවේ.

එදා වෙසක්‌ මස පුර පසළොස්‌වක පොහෝ දින නේරංජනා නදී තීරයේදී ඇසතු බෝරුක මුල වැඩහුන් සිදුහත් තවුසාණන්ට පියවරෙන් පියවර ලෝකෝත්තර ඥනය පහලවෙද්දී සිදුහත් තවුසාණන්ට බුද්ධත්වය ලබාගැනීමට ඉඩ නොදෙමියි සිතූ වසවර්ති මාරයා දස බිම්බරක්‌ මාර සේනාව රැගෙන පැමිණි මොහොතේ එහි රැකවල්ලා සිටි සියලු දෙවි දේවතාවෝ මාර සෙනගට බියෙන් පලාගියහ. ඒ බව දුටු වෛශ්‍රවණ හෙවත් වෙසමුණි දැඩිමුණ්‌ඩ දෙවිඳු කැඳවා සිදුහත් කුමරුගේ ආරක්‍ෂාව පිණිස පිටත්කර හැර ඇත. සුදුවතින් සැරසී රන් දුන්නක්‌ අත දරමින් විවිධ බියකරු වෙස්‌ මවාපාමින් අවි අමෝරා ආ දසබිම්බරක්‌ මාර සේනාව පැරද වූ දැඩිමුණ්‌ඩ දෙවිඳු මහමෙර මත වූ වසවර්ති මාරයාගේ විමානයද විනාශ කර ඇත.
Read More

error: Content is protected by www.ifbcnet.org.