79 ඉල්ලිස ජාතකය

තවද එක්සමයෙක්හි ලෝක්ත්‍රයට ප්‍රදීපයක් බඳුවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. මචඡරිය කොසිය සිටානන් අරභයා මේ ජාතකය වදාලසේක.

රජගහනුවරට නුදුරුතෙනක සකඛරා නම්වූ නියම්ගමෙක් වූයේය. එහි අසූකෙළක් පමණ ධනසමපත් ඇති මචඡරිය කොසිය නම් සිටුපුත්‍රයෙක් වසන්නේය, ඒ සිටුපුත්‍රතෙම තණකොන්දක් තෙල්ගාලා එයින් තෙල්බින් දුවකුත් අනුන්ට නොදෙන්නේය. තෙමේත් අනුභවනොකරන්නේය. මෙසේ ඔවුන්ගේ වසතුසමූහය පුත්‍රද්‍රරාදීන්ටවත් ශ්‍රමණ බ්‍රාහමණාදීන්ටවත් ප්‍රයෝජනයකට නොපැමිණෙන්නේය, රාක්‍ෂසාධිගෘහිතවූ පුෂ්කරණියන්මෙන් අපරිභොගව සිටිනේය. එක්දවසක් සර්‍වඥයන් වහන්සේ අලුයම්වේලේ මහා කරුණා සමාපතතියෙන් නැගී සියලු සක්වළ චතුසසත්‍යාවබොධයට සුදුසු බන්ධූන් බලා වදාරණසේක්. පන්සාලිස් යොදනකිත් මත්තේ වසන්නාවූ භාය්‍ර්‍යාව සහිතවූ සිටානන්ගේ ශ්‍රොතාපතතීඵලයට උපනිශ්‍රය දුටුසේක. සර්‍වඥයන් වහන්සේ මහාකරුණාසමාපතතියෙන් නැගී බලන්නෝ පළමු දවසෙක රාජ සේවයට රජගෙට ගොස් රජ්ජුරුවන්ට සේවය කොට එන්නාවූ සිටානෝ සාකුස් ඇතිව දනව්වැසි ම කොමුයෙන් පිරුණාවූ කබල්ලක් කන්නා දැක එහි තෘෂණාව උපදවා තමන්ගේ ගෙට ගොස් මෙසේ සිතූය, ඉදින් කබල්ලක් කනු කැමැත්තෙමි කියෙම් නම් මා සමඟ බොහෝ දෙන කනු කැමති වෙති. එසේ කල්හි මාගේ බොහෝ සාල් ගිතෙල් මී උක්සකුරු ආදිය නිමවන්නේය, එසේ හෙයින් කිසිවක්හට නොකියම්, තෘෂණාව ඉවසා ගෙණ ඇවිදිනාහුය, ඒ සිටානෝ කල් යත් යත් සුදුමැලිව ගිය ශරීර ඇතිව ඉපිල තිබෙන්නාවූ නහරබහනින් වලඳිනාලද ශරීර ඇතිවූය, ඉක්බිත්තෙන් තෘෂණාව ඉවසාගතනොහී ගබඩාවට වැද ඇඳ වැලඳ ගෙණ වැදහොත්තාහුය, මෙසේ දුර්‍වල පැමිණත් වසතු විනාශ වෙයි යන භයින් කවුරුන්ටත් කිසිවක් නොකිවාහුය, එකල්හි සිටානන්ගේ භාය්‍ර්‍යාව සමීපයට ගොස් පිට පිරිමැද සවාමීනි නුඹවහන්සේට අඵාසුකුමක්දැයි විචාළීය. මට කිසි අඵාසුවෙක් නැතැයි කීකල්හි කීමෙක්දැයි සිටානන් වහන්ස රජ්ජුරුවන් වහන්සේ කිපීසේක්දැයි විචාළීය. රජ්ජුරුවන්වහන්සේ මට කළ කෝපයෙක් නැතැයි කීකල්හි එසේ කල නුඹවහන්සේගේ දූදරුවන් විසින්වත් ද්‍රසකම් කාරාදීන් විසින්වත් කරණලද කිසි අමනාපයෙක් ඇද්දැයි විචාළීය, එබන් දකුත් නැතැයි කීකල්හි නුඹවහන්සේට කිසි තෘෂණවෙක් ඇද්දැයි විචාළීය, එසේ කල්හි වසතුවිනාශ භයින් කිසිවක් නොකියා නිශ්ශබදවම වැදහොත්තාහුය, ඉක්බිත්තෙන් සිටානන්ගේ භාය්‍ර්‍යතොමෝ සවාමීනි කිවමැනවයි කිසිවක් නුඹවහන්සේට තෘෂණාව ඇද්දැයි විචාළීය, එබස් ඇසූ සිටානෝ බස ගැලපියන්නාක්මෙන් එක් තෘෂණාවක් ඇතැයි කිවූය, සවාමීනි කවර තෘෂ්ණාවෙක්දැයි විචාළ කල්හි කබල්ලක් කනුකැමැත්තෙමි කිවූය, සවාමීනි කවර තෘෂ්ණාවෙක්දැයි විචාළකල්හි කබල්ලක කනුකැමැත්තෙමි කිවූය. එසේ කල නුඹවහන්සේ මෙතෙක්දවස් කුමක් පිණිස නොකීසේක් ද, නුඹවහන්සේ දිළිඳු සේක් ද, සකඛර නම් නියම්ගම් වැස්සන්ට සෑහෙන පරිද්දෙන් කබළු පිසම්දැයි කිවූය, තීට ඔවුන්ගෙන් ප්‍රයෝජන කීම් ද ඌතුමූ තමන්ට උපාය ගෙණ කති කිවූය, එසේවීනම් එක වීථීයෙක වසන්නවුන්ට සෑහෙන පරිද්දෙන් පිසම්දැයි කිවූය, තොපි මහසමපත් ඇතිනියාව දන්නමෝවේදැයි කීවූය, එසේවීනම් මේ ගෙයි පමණක් සියල්ලවුන්ට සෑහෙනුකොට පිසම්දැයි කිවූය, මම තොප මහත්වූ අදහස් ඇති නියාව දන්නේවේදැයි කිවූය, ඒ එසේවීනම් නුඹවහන්සේගේ දූදරුවන් පමණට සෑහෙන නියායෙන් පිසම්දැයි විචාළීය, ඔවුන්ගෙන් තිට ප්‍රයෝජන කීම්දැයි කීකල්හි එසේවීනම් නුඹවහන්සේටත් මටත් සෑහෙනපරිද්දෙන් පිසම්දැයිකිවූය, තෝ මට කුමක්කරන්නෙහිදැයි කීකල්හි එසේවීනම් තනිව නුඹවහන්සේටම සෑහෙන නියාවෙන් පිසම්දැයි විචාළීය, එකල සිටානෝ කියන්නෝ මෙතනදී පිසන කල බෝහෝදෙනා කනුකැමති වෙති, නොකඩසාල් හැර කඩසාලත් උදුන හා කබල් ආදියත් ගෙනයන්නෙම් යන්තන් කිරිතෙල් මී උක්සකුරු ආදීයත් හෙණ සත්මාලක් ඇති ප්‍රාසාදයාගේ මතුමහල්තලයට නැඟී පිසවා එතැන්හිම උදකලාව හිඳ කමි කිවූය, ඒ සිටු දූ සිටානන් කීබස් යහපතැයි පිළිගෙණ ගතයුක්ත ගෙන්වා ගෙණ ප්‍රාසාදයට නැගී කෙල්ලන් යවා සිටානන් කැඳවූය, ඒ සිටානෝ ආදී පටන් ද්‍රෙරවල් පියමින් හැම ද්‍රෙරවල්වලම අගුල්ලා සත්වෙනි මාලට නැඟී ඒ සත්වෙනි මාලයෙහි ද්‍රෙරපියා උන්නාහුය සිටානන්ගේ භාය්‍ර්‍යාවන් උදුනෙහි ගිනිමොලවා කබල ලිපතබා කබළු පිසන්ට පටන්ගත්තීය, එකල සවඥයන් වහන්සේ මුගලන් මහතෙරුන් වහන්සේට උද්‍රසනම මෙසේ වද්‍රළසේක. මහාමොගගලලාන සථවිරයෙනි රජගහනුවර සකඛාර නම් නියම්ගම මචඡරිය කොසිය නම් සිටුපුත්‍රයෙක් කබළු කමි සිතා අනුන්ගේ දැක්මට භයින් සත්මාලක් ඇති ප්‍රාසාදයෙ මතුමහල් තලයෙහි කබළු පිසන්නේය, තෙපි එතනට ගොස් ඒ සිටුපුත්‍රයා දමනෙහිලා ඔහුගේ සනතානගතවූ කෙළෙස් නමැති විෂවිනාශකොට සිටු පුත්‍රයා හා සිටුදූ ලවා කබළු කිරිතෙල් මී සකුරු ආදීවූ දෙය ගෙන්වා තොපගේ බලයෙන් ජෙතවනයට එව මම අද පන්සියයක් භික්‍ෂූන් හා සමඟ විහාරයෙහිම හිඳිමි, ඒ කබල්ලක පූපයෙන් ආහාර කෘත්‍යය කෙරෙමි, වද්‍රළසේක, තෙරුන්වහන්සේ යුහපත සවාමීනි කියා සවඥයන් වහන්සේගේ වචනය පිළිගෙණ එකෙණෙහි සෘඬිබලයෙන් ඒ නියම්ගමට ගොස් ඔහුගේ ප්‍රාසාදයෙහි සිව් මැදුරු කවුළුව සමීපයෙහි මනාකොට හැඳපෙරවා ආකාශයෙහි ඉඳුනිල්මිණි රුවනක් මෙන් සිටිසේක. මහසිටානන්ට තෙරුන්වහන්සේ දැකලාම ලය කම්පිතව ගියේය. ඒ සිටානෝ මම මෙබඳුවූ ශ්‍රමණයන්ට භයින්ම මේ ස්ථානයට ආම්, මේ ශ්‍රමණයෝ වනාගි අවුත් කවුළුදොර සමීපයෙහි සිටියේයයි අනිකක් කියා කොටගතහැකි දෙයක් නොදැක ගින්නට දැමූ ලුණුකැටියක් මෙන් රොසයෙන් තට තට යන අනුකරණ ශබ්ද පවත්වමින් මෙසේ කීහ.

ශ්‍රමණයෙනි තෙපි ආකාශයෙහි සිට කුමක් ලබව්ද? ආකාශයෙහි ආපදයෙහි පද දක්වා සක්මන් කළමුත් කිසිවක් නොලබන්නා වේදැයි කිවුය. තෙරුන්වහන්සේ එමතෙන ආකාශයෙහි සිට ඈත මෑත සක්මන් කළසේක. සිටානෝ ඒ දැක ශ්‍රමණයෙහි සක්මන්කොට කුමක් ලබව්ද ආකාශයෙහි පලක් බැදගෙණ උන්නේවීනමුත් කිසිවක් නොලබන්නාවේදැයි කිවූය. තෙරුන් වහන්සේ ආකාශයෙහි පලක් බැඳ හූන්සේක. ඉක්බිත්තෙන් සිටානෝ ඒ දැක ආකාශයෙහි හිඳ කුමක් ලබව්ද කවුළුදොර එලිපත්තෙන් සිටියේවී නමුත් කිසිවක් නොලබන්නාවේදැයි කිවුය. තෙරුන්වහන්සේ එලිපතමත්තේ අවුත් සිටි සේක. ඉක්බිත්තෙන් ඒ දැක එලිපතමත්තේ සිට කුමක් ලබනසේක්ද දුමා ගියානමුත් කිසිවක් නොලබන්නාවේදැයි කිවුය. තෙරුන්වහන්සේ එබස් අසා දුමාගියසේක. සියළු ප්‍රාසාදය ධූමයෙන් ඒකාන්ධකාර විය. සිටානන්ගේ ඇස් ඉදිකටුවෙන් විදිනාකලක්මෙන්විය. ගෙය දාදෝහෝයි යන භයින් ඉදින් දිලිහි ගියා නමුත් කිසිවක් නොලබන්නාවේදැයි නොකියා මෙසේ සිතුයේය. මේ මහණ ඉතා ලග්නය, ඒකාන්තයෙන් නොලැබ නොයන්නේය. එසේහෙයින් මෝහට එක් පූපයක් දෙවමියි භාය්‍ර්‍යාවට කියන්නෝ සොඳුර මෝහට කුඩා පූපයක් පිසදී යවාපියවයි කීහ. ඕතොමෝ සැඳිඅගින්ම පිටිසුඟක් කබලේ වත්කොටපූය. එකෙණෙහි මහත්වූ පූපයක්ව සියළු කබලපුරා ගෙණවිත් නැගීසිටියේය, සිටානෝ ඒ දැක තී විසින් බොහෝකොට පිටි උකාගන්නාලදැයි කියා තුමූම සැඳිඅගින් පිටිපොඩියක් උකාගෙණ කබලේ වත්කොටපූය. පළමු වත්කොට පිසූ පූපයට වඩා මහත්විය. මෙසේ යම් යම් පූපයක් පිසන්නේනම් ඒ පූපය මහත්ව ගෙණයන්නේය. සිටානෝ ඒ දැක කලකිරී භාය්‍ර්‍යාවට කියන්නේ සොඳුර මෝහට එක් පූපයක් දී යවාපියවයි කිවූය. එබස් අසා ඒ සිටුදූ පෙට්ටියෙන් එක් පූපයක් ගන්ට වන්කල්හි සියල්ලම ඒකාබද්ධව ඇලී ගියේය. ඒ සිටුදූ සිටානන්ට කියන්නී සවාමීනි සියළු පූපයන්ට ඒකාබද්ධව ඇලී ගියේය. වෙන්කොට ගතනොහෙමි කිව, මම වෙන් කෙරෙමියි කියා සිටානෝ්ත් වෙන්කොට ගතනුහුවෝය. දෙදෙනම දෙකෙළවර අල්වා ඇද වෙන්කොට ගතනුහුනුවාහුය. ඉක්බිත්තෙන් ඒ සිටානන් පූපයන්ට හා වෑයමිකරන්නවූ තැනැත්තහුගේ සකල ශරීරයෙන් ඬා බිදගත්තේය. කබල්ලෙහි තෘෂණාව සිඳීගියේය. එකල්හි සිටානෝ භාය්‍ර්‍යාවට කියන්නෝ සොඳුර මට පූපයෙන් කම්නැත, පෙටිටියපිටින්ම මේ භික්‍ෂුවට දීපියවයි කිවූය. ඒ සිටුදූ පෙට්ටියපිටිම්ම ඇරගෙණ තෙරුන්වහන්සේ සමීපයට ගියාය. එකල තෙරුන්වහන්සේ දෙදෙනාටම ධර්‍මදෙශනාකොට රත්නත්‍රයෙහි ගුණ වදාළසේක. දෙනලද දානයෙහි විපාක ඇත. අමුතුපඬුරුවශයෙන් දෙනලද දක්‍ෂිණායෙහිත් විපාක ඇතැයි දානාදීන්ගේ විපාක ආකාශයෙහි පුන්සඳමඬලක් මෙන් ප්‍රකාශ කොට දැක්වූසේක.

ඒ අසා ප්‍රසන්නවූ සිත් ඇතිව සවාමීනි අවුත් මේ පය්‍ර්‍යඩකයෙහි වැඬහිඳ මේ පූපයන් වැලඳුව මැනවැයි ආරාධනා කළෝය. තෙරුන්වහන්සේ වදාරණ සේක්. සිටාණෙනි සම්‍යක්සම්බුදුරජාණන්වහන්සේ පූපයන් වලඳිමියි පන්සියයක් භික්‍ෂූන්වහන්සේ හා සමඟ විහාරයෙහි වැඩහුන්සේක. තොපගේ අභිප්‍රාය ඇත්නම් සිටුදුව ලවා පූපයන් හා ක්‍ෂීරාදිය ගෙන්වාගෙණ සර්‍වඥයන්වහන්සේ සමීපයට යවයි වදාළසේක. සිටානෝ කියන්නෝ සවාමීනි සර්‍වඥයන්වහන්සේ කොයි වසනසේක්දැයි විචාළෝය. සිටාණෙනි මීට පන්සාලිස් යොදනකින් මත්තෙහි ජෙතවන විහාරයෙහියයි වදාළසේක. සවාමනි වේලා නූගුළුවා මෙතෙක් දුර කෙසේ යමෝදැයි කිවූය. පින්වත්වූ සිටාණෙනි තොපගේ යන්ට අභිප්‍රායෙන් ඇත්නම් මම තොප සෘඪිබලයෙන් ගෙනයමි, තොපගේ ප්‍රාසාදයෙහි ඉණිහිස තිබූතැනම තිබෙන්නේය, ඉණිපාමුල වනාහී ජෙතවන දොරටුවෙහිම වන්නේය, උඩුමාලෙන් යටිමාලට බස්නාදැතුරෙහිම තොප දෙදෙනා ජෙතවනයට ගෙණයමි වදාළසේක සිටානෝ යහපත සවාමීනියි පිළිගත්තුය. එකල තෙරුන්වහන්සේ හිණිහිස ඒ ප්‍රාසාදයේ හිමකොට ඒ හිණිපාමුල ඒ ජෙතවන දොරටුව වේවයි ඉටුසේක. එසේවූයේය. තෙරුන්වහන්සේ සිටානනුත් සිටුදුවත් උඩුමාලෙන් යටිමාලට බස්නාට පළමුකොට ජෙතවනයට පැමිණවූසේක. ඔහු සර්‍වඥයන්වහන්සේ කරා එළඹ වලඳින්ට වේලායයි දැන්වූය. සර්‍වඥයන්වහන්සේ එබස් අසා භොජනශාලාවට වැද භික්‍ෂුසංඝයාවහන්සේ හා සමඟ පනවනලද බුද්ධශාසන මසතකයෙහි වැඩහුන්සේක. මහසිටානෝ බුදුන් ප්‍රධානකොට ඇති පන්සියයක් භික්‍ෂුසංඝයාවහන්සේට දක්‍ෂිණොදකය දුන්නුය. සිටුදූ සර්‍වඥයන්වහන්සේගේ පාත්‍රයට පූප පිළිගැන්වූය. සර්‍වඥයන්වහන්සේ තමන්වහන්සේට යපෙනපමණක් පිළිගත්සේක. පන්සියයක් භික්‍ෂූන්වහන්සේත් එසේම පිළිගත්සේක. සිටානෝ දිගටම කිරි තෙල් මී සකුරු පිළිගන්වාගෙණ ගියෝය. සර්‍වඥයන්වහන්සේ පන්සියයක් භික්‍ෂූන්වහන්සේ හා සමඟ පූපයෙන්ම ආහාර කෘත්‍යය සැපවූසේක. මහ සිටානෝත් භාය්‍ර්‍යාව හා සමඟ සෑහෙන පමණ පූප අනුභව කළාහුමය. එතෙකුදුඋවත් පූපයෙහි කෙළවර නොපෙණුනේය. සියළු විහාරයෙහි භික්‍ෂුන් වහන්සේටත් සිඟන්නන් හා යාචකයන්ටත් දුන්කල්හිත් පූපයෙන් කෙළවරක් නොපෙණුනේය. එසේ කල සිටානෝ සවාමීනි පූපයෝ නොනිමන්නෝ යයි බුදුරජාණන්වහන්සේට දැන්වූවෝය. එසේවීනම් සිටාණෙනි ජෙතවන දොරටුව සමීපයෙහි ලාපයවයි වදාළසේක. ඉක්බිත්තෙන් ඔහු දෙදෙන දොරටුව නුදුරුතෙන සමීපයෙහි පෙට්ටියෙන්ම සලාපුය. අද දක්වාත් ඒ ස්ථානය කබල්ලක පූවප්‍රාබහාරයයි කියාමි ප්‍රසිද්ධ විය. මහ සිටානෝ භාය්‍ර්‍යාව සමඟ සර්‍වඥයන්වහන්සේ සමීපයට ගොස් එකත්පස්ව සිටියාහුය. බුදුරජාණන්වහන්සේ අනුමෙවෙනි ධර්‍මදෙශනා කළසේක. අනුමෝදනාවගේ කෙළවර මේ දෙදෙනම සෝවාන්ඵලයෙහි පිහිටා බුදුරජානන්වහන්සේට නමස්කාරකොට ජෙතවන දොරටුවෙහිදී හිතට නැඟී තමන් ප්‍රසාදයෙහිම ගොස් පිහිටියාහුය. එතැන්පටන් මහසිටානෝ අසූකෙලක් ධන බුඬශාසනයෙහි දාන පරිත්‍යාග වසයෙන් විසුරුවූය.

දෙවෙනිදවස් සම්‍යක් සම්බුදුරජානන්වහන්සේ සැවැත්නුවර පිඬුසිඟා ජෙතවනයට අවුත් භික්‍ෂූන්වහන්සේට සුගතෙවාද දී ගඳකිළියට වැද සැත පුණුකල්හි සවස්වේලේ දම්සභාමණ්ඬපයෙහි රැස්වඋන්නාවූ භික්‍ෂූන්වහන්සේ ඇවැත්නි මහාමෞද්ගල්‍යාන සථවිරයන්වහන්සේගේ ආනුභාවයක් බලව, මසුරු සිටානන් ඇසිල්ලකින්ම දමනයෙහිලා සනතාගතවූ කෙලශ නමැති විෂ විනාසකොට පූපය ගෙන්වාගෙණ ජෙතවනයට අවුත් සර්‍වඥයන්වහන්සේට සම්මුඛකොට සෝවාන්පෙළෙහි පිහිටවූය. ඒ මහාමෞද්ගල්‍යානසථවිරයෝ ඉතා මහත්වූ ආනුභාව ඇත්තෝයයි තෙරුන්වහන්සේගේ ගුණ කියා උන්සේක. ශාසනාවූ බුදුරජානන්වහන්සේ දම්සභාමණ්ඩපයට වැඩ මහණෙනි දැන් මා එන්නාට පූර්‍වභාගයෙහි කවර කථාවකින් යුකතව උනුදැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්භයි කීකල්හි මහණෙනි, කුලයන් දමනයෙහි ලන්නාවූ භික්‍ෂූන් විසින් කුලයන්ට පීඩා නොකොට නොමිරිකා නොතලා මලින් රොන් ගන්නා වූ බඹරක්හු මෙන් කුලයන් කරා එලඹ බුදුගුණ දැන්වීය යුත්තේයයි වදාරා තෙරුන්වහන්සේට ප්‍රශංසා කරනසේක.

යථාපි භමරෝ පූපඵං වණණගන්‍ධං අහෙටයං

පලෙති රස මාද්‍රය එවං ගාමෙ මුණී චෂරති

යන මේ දම්පියාවෙහි ගාථාව වදාරා මත්තෙහිත් තෙරුන්වහන්සේගේ ගුණ ප්‍රකාශ කරනු පිණිස මහණෙනි මෞද්ගල්‍යානසථවිරයන් විසින් මසුරු සිටානන් දමනෙහි ලෑවේ දැන්මතු නොවෙයි පෙරත් ඔහු දමනෙහි ලා කර්‍මඵල සම්බන්‍ධය දැන්වූවෝම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහමදතත නම් රජ්ජුරුකෙණෙකුත් රාජ්‍යය කරණ කල්හි බරණැස්නුවර ඉල්ලීස නම් සිටානෙක් විය. ඒ සිටානෝ අසූකෙළක් සමපත් ඇත්තෝය, පුරුෂද්‍රෙෂයෙන් සමන්විතයෝය, බුන් සිහිල් කකුල් ඇත්තෝය, වක් හසතපාද්‍රදිය ඇත්තෝය. වමරැස් ඇත්තෝය. රත්නත්‍රයෙහි අප්‍රසනනයෝය, සැදැහැ නැත්තෝය, මසුරුගුණ ඇත්තෝය, තමන් සනතක වසතුව අනික් කෙනෙකුට නොදෙති, තුමුත් අනුභව නොකරති. උන්ගේ සම්පත රාක්‍ෂාධිගෘහිතවූ පොකුණක් මෙන්වූය, ඒ සිටානන්ගේ දෙමව්පියෝ වූකලී සත්වැනිකුලපරම්පරාව දක්වා දායකයහ, ද්‍රනපතියහ. මූතුමූ සිටුතනතුැ ලැබලාම වංසය නසා දන්හල් දවා යාචකයන් තළා පිටත්කොට වසතුවම රැස්කරවූය. ඒ සිටානෝ එක්දවසක් රජ්ජුරුවන්ට රාජසේවයට ගොස් තමන් ගෙට එනතැනැත්තෝ ගමන් ආයාසයෙන් මිරිකුණාවූ එක් දනව්වැසි මනුෂ්‍යයෙක් එක රාකලයක් ගෙණ පුටුවක් මත්තෙහි හිඳ ඇඹුල්රායෙන් ඔඩමක් පුර පුරා කුණුමක් අවුළු හා සමඟ බොන්නාවුන් දැක රාබොනු කැමතිව මෙසේ සිතූය, ඉදින් මම රාබොත් නම් මා බොන්නට වන් කල්හි බොහෝදෙන බොනු කැමැත්වෙති, එසේ කල්හි මාගේ වසතුව නැසීයන්නේයයි ඒ සිටානේෙ තෘෂණාව ඉවසමින් ඇවිද කල්යාමෙන් ගිය කල්හි තෘෂණාව ඉවසාගතනොහී පොළානැඟූ පුළුනක් මෙන් සුදුමැලිවූ ශරීර ඇතිවූය, ඉල්පව තිබෙන්නාවූ නහරබහනින් වලඳනාලද ශරීර ඇත්තේය. ඉක්බිත්තෙන් එක් දවසක් ඒ සිටානෝ ගබඩාවට වැද ඇඳ වැළඳගෙණ හොත්තාහුය. සිටානන්ගේ භාය්‍ර්‍යාවතොමෝ සමීපයට ගොස් පිට පිරිමැද සවාමීනි නුඹවහන්සේට අඵාසු කිම්දැයි විචාළීය. මෙතැන්හි කියයුතු සියල්ල යට කියන ලද ක්‍රමයෙන්ම දතයුත්තේය. එසේවීනම් තනිවූ නුඹවහන්සේටම සෑහෙන නියායෙන් ඉදිකෙරෙම්දැයි විචාළකල්හි ගෙයිදී සුරාව ඉදිකළ කල බොහෝ දෙන ඒ සුරාව බොන්ට ප්‍රාත්‍ර්‍ථනා කෙරෙති, අන්ගානියෙන් ගෙන්වාත් මෙතන හිඳ බොන්ට නොපිළිවන්නේයයි මදටක් පමණ රන් දී අන්ගානියෙන් රාකලයක් කුඩා කොල්ලකු ලවා ගෙන්වාගෙණ නුවරින් නික්ම ගංතෙරට ගොස් මහාවනසමීපයේ එක් කැලයකට වැද රාකලය තබ්බවාගෙණ තෝ පලායයි කියා කොල්ලා දුර යවා ඔඩමක් පුරාගෙණ රාබොන්නට පටන්ගත්තාහුය.

ඒ සිටානන්ගේ පියානෝ වනාහී ද්‍රනාදී පින්කම් කළ බැවින් දිව්‍යලෝකයෙහි ශක්‍රව උපන්නාහුය. ඒ ශක්‍රදේවේන්ද්‍රයා එකෙණෙිහිම මාගේ දන්වට පවතීද්‍රෝහෝයි නොපවතීද්‍රෝහෝයි පරීක්‍ෂාකරන්නාහුය. ඒ දන්වැට නොපවත්නා බවත් පුත්‍රයා කුලවංසය නසා දන්හල් දවා යාචකයන් මරා නෙරපා මසුරුබව් පිහිටා අනික් කෙනෙකුන්ට දියයුතුවන්නේය යන භයින් වන ලැහැබකට වැද උදකලාව රාබොන නියාව දැක දැන් යෙමි ඔහු අල්ලා දමනයෙහිලා කර්‍මඵල සම්බන්‍ධයන් දක්වා දන්දෙවා දිව්‍යලෝකයෙහි උපදනා ලෙසත් කෙරෙමියි මනුෂ්‍යපථයට බැස ඉල්ලීස සිටානන් හා නොවෙනස්වූ කොරපළුවම රැස්වූ වෙනින් ආත්මභාවයක් මවාගෙණ රජගහනුවරට වැද රජ්ජුරුවන්ගේ මාලිගාද්‍රෙරකඩ සිට තමන් ආ නියාව කියා යවා අවුත් වදිත්වයි කීකල්හි මාලිගාවට වැද රජ්ජුරුවන් වැඳ එකත්පසෙක සිටියාහුය. රජ්ජුරුවෝ කිමෙක්ද මහසිටානෙනි නොවේලේ අව්නැයි කිවූය. ආමි සවාමීනි මාගේ ගෙයි අසූකෙළක් පමණ වසතු ඇත. ඒ වසතුව නුඹවහන්සේ ගෙන්වා භාණ්ඩාරගේ පුරවාගතමැනවැයි කිවූය. මහසිටාණෙනි තොපගේ වසතුව අපට ප්‍රයෝජන නැත. තොපගේ වසතුවට වඩා අපගේ වසතුව ඉතා බොහෝයයි කිවූය. එබස් ඇසූ සිටානෝ කියන්නෝ ඉදින් රජ්ජුරුවන් වහන්ස නුඹවහන්සේට ප්‍රයෝජනයක් නැත්නම් කැමති පරිද්දෙන් ගෙණ දන්දෙමි කිවූය. දෙව මහසිටාණෙනි කීකල්හි යහපත මහරජ්ජුරුවන්වහන්සැයි කියා ඒ සිටානෝ රජ්ජුරුවන් වැඳ නික්ම ඉල්ලීස සිටානන්ගේ ගෙට ගියෝය. එකල්හි සියළු පරිවාර මනුෂ්‍යයෝ අවුත් පිරිවරාගත්තුය. කිසි එකකුත් ඉල්ලීස සිටානෝ නොවෙති කියා දැනගන්ට සමත්‍ර්‍ථවූ කෙණෙක් නම් නැත. එකල්හි සිටානෝ ගෙටවැද එලිපත ඇතුළේ සිට ද්‍රෙරටුපාලයා කැඳවා එම්බල කොල මා හා සමාන සවරූප ඇති යම් අනිකෙක් අවුත් මාගේ ගෙය යයි වදින්ට ආනම් ඔහු පිටිකරගසා පිටත්කරවයි කියා දොරටුපාලයාට විධානකොට තුමූ ප්‍රාසාදයේ මතුමහත්තලයට නැඟී මහානඝීවූ අස්නක හිඳ සිටුදූ සමීපයට කැඳවා සතුටුආකාර දක්වා සොඳුර දන්දෙමෝදැයි කිවූය. ඒ වචනය අසාලාම සිටුදූත් දූදරුවෝත් ද්‍රසකම්කාරාදීහුත් මෙතෙක්කල් මුළුල්ලෙහිත් මුන්වහන්සේට දන්දෙන්ට සිතිවිල්ලකුත් නූපන්නේය. අද වූකලී රාබී මොලොක්වූ සිත් ඇතිව දෙනුකැමතිසේක් කීහ.

ඉක්බිත්තෙන් සිටුදූ ඒ සිටානන්ට සවාමීනි කැමතිපරිද්දකින් දන්දුන මැනවැයි කිව. එසේවීනම් නුවර බෙරලවනු තැනැත්තහු කැඳවා ගෙන්වා ගෙණ රන්රිදී මුතුමැණික් ආදියෙන් ප්‍රයෝජන ඇතිකෙණෙක් ඉල්ලීස සිටානන්ගේ ගෙට එවයි කියා සියළු නුවර බෙරලවයි කිවූය. ඒ සිටුදූත් එපරිද්දෙන් කළාය. මහජනයෝ පැස්පෙට්ටිපයි ආදිය ද්‍රෙරකඩට රැස්වූවාහුය. එකෙණෙහි ශක්‍රයෝ සත්රුවන් පිරුණු ගබඩාවල ද්‍රෙරහරවා මේ සියළු වසතු තොපහැමට දෙමි සෑහෙන පමණක් ගෙණයවයි කීවාහුය. එකල මහජනයෝ ගබඩාවලින් වසතු මෑත්කොට රාජාඬගනයෙහි රැස්කොට තම තමන් ගෙනා භාජන පුරාගෙණ යන්නාහුය. එක්තරා දනව්වැසි මනුෂ්‍යයෙක් ඉල්ලීස සිටානන්ගේ ගොන් උන්ගේම රථයෙහි යොද්‍රගෙන සත්රුවනින් පුරා නුවරින් නික්ම මාවතකට පැමිණ ඉල්ලීස සිටානන් වැදඉඳ රාබොන්නාවූ කාලයට වැද නුදුරු තැනකින් රථය පදනේ සවාමීනි ඉල්ලීස සිටානන්වහන්ස අවුරුදු සියයක් ජීවත්වුව මැනව නුඹවහන්සේ නිසා දැන් මා විසින් සියඅතින් කර්‍මනත නොකොට දිවිපමණින් රැකෙණ පමණ සම්පත් ලබනලද්දේය, නුඹ වහන්සේගේම රථය, නුඹවහන්සේගේම ගොන්ය, නුඹවහන්සේගේම ගෙයි සත්රුවනය, දැන් මේ වසතු මෑනියන් විසින් දුන් දෙයකුත් නොවෙයි, පියානන්වහන්සේ විසින් දුන් දෙයකුත් නොවෙයි, සවාමීනි නුඹවහන්සේම නිසාලත් සම්පත්යයි සිටානන්ගේ ගුණ කිය කියා යන්නේය.

සිටානෝ එබස් අසා භයින් ත්‍රසතව මෙසේ සිතූය. මේතෙම මාගේ නම කියායෙයි කීමෙක්ද රජ්ජුරුවන්වහන්සේ විසින් මාගේ ධනය ලෝවැස්සන්ට දෙනලද්දේවනැයි කැලයෙන් නික්ම ගොන්ගෙය හා රථය ඇඳිනගෙණ එම්බල දුෂ්ටවූ කොල්ල මාගේ ගොණා මාගේ රථයයයි කියා ගොස් ගොන්ගේ අනුව අල්වාගත්තේය. එකල්හි ඒ දනව්වැසි පුරුෂයා රථයෙන් බැස එම්බා දුෂ්ට කොල්ල ඉල්ලීස සිටානෝ සියළු නුවරවාසීන්ට දන්දෙති, තෝ උන්ට කුමක්වන්නෙහිදැයි ඇන හෙණගසන්නාක් මෙන් පිටිකරගසා ඒ රථය ඇරගෙණ ගියේය. මේ ඉල්ලීස සිටානෝ තමන් වෙව්ලමින් නැගීසිට ඇඟ වැලි පිස පිස වහ වහා ගොස් රථයේ එල්ලීගත්තුය. එකල්හි ඒ දනවිවැසි පුරුෂයා රථයෙන් බැස ඉසකේ අල්වා නමාගෙණ වැලිමිට දෙකකින් ඇන තලා බොටුව අල්වා මාර්‍ගයටම අභිමුඛකොට දමා ගියේය. මෙපමණකින් ඒ සිටානන්ගේ රා මද සිදීගියේය ඒ සිටානෝ වෙව්ල වෙව්ලා වේගයෙන් තමන්ගේ ගේදොරට ගොස් සම්පත් ඇරගෙණ යන්නාවුන්ට එම්බා පින්වත්ති මේ කිමෙක්ද? රජ්ජුරුවන්වහන්සේ මාගේ සම්පත් කොල්ලකනසේක්දැයි කියා ගොස් ඒ ඒ වස්තු අල්වා ගණිති, ඇල්වු ඇල්වූ මනුෂ්‍යයෝ ගස ගසා පාමුල එලති. ඒ සිටානෝ වේදනාවෙන් පීඩිතව ගෙටවදින්නට පටන්ගත්තුය. එකල්හි දොරටුපාලයා එම්බල දුෂ්ටවූ ගොවිය කොයි වදනෙහිදැයි උනපත්තෙන් දෙපත්ත හසුකොට මත්තෙපොත්ත පත්තට යන්නාක්මෙන් තළා බොටුව අල්වාගෙණ පිටත්කළාහුය. එවේලෙහි සිටානෝ දැන් මට රජ්ජුරුවන් වහන්සේ හැර අන්කිසි පිළිසරණෙක් නැතැයි රජ්ජුරුවන්වහන්සේ සමීපයට ගොස් දේවයන්වහන්ස මාගේ ගෙය නුඹවහන්සේ කොල්ලකනසේක්දැයි කිවුය. එබස් ඇසූ රජ්ජුරුවෝ සිටානෙනි මම කොල්ලනොකම් තොපම අවුදින් නුඹවහන්සේ නොගන්නාසේක්වීනම් මන්ම මාගේ වස්තුව දන්දෙමි, නුවර බෙරලවා දන්දුනනෝවේදැයි කිවුය. එකල්හි සිටානෝ කියන්නෝ දේවයන්වහන්ස මම නුඹවහන්සේ සමීපයට නාමි, කිමෙක්ද නුඹවහන්සේ මා මසුරු නියාව නොදන්නාසේක්ද? මම තණකොන්දක් ගලා තෙල්බින්දුවකුන් කිසිකෙනෙකුට නුදුන්විරීම්, යම් සිටානකෙනෙක් දන්දෙන්නේද උන් කැඳවා ගෙන්වාගෙණ පරීක්‍ෂා කරවුව මැනව රජ්ජුරුවන්වහන්සැයි කිවුය. එබස් ඇසූ රජ්ජුරුවෝ ශක්‍රදේවේන්‍ද්‍රයන් කැඳවා ගෙන්වාගෙණ දෙදෙනාගේ වෙනස් රජ්ජුරුවෝ නොදනිත්, අමාත්‍යයෝත් නොදනිති, මසුරු සිටානෝ කිමෙක්ද රජ්ජුරුවන්වහන්ස මූ සිටානෝද මම් සිටානෝදැයි කිවූය, අප නාදුනම්හ. එසේ දෙදෙනා අඳුනන්නාවූ කිසි කෙණෙක් ඇද්දැයි විචාළෝය. සවාමීනි මාගේ භාය්‍ර්‍යාව අඳුනන්නී වේදැයි මසුරුසිටානෝ කීහ. එකල්හි ඒ සිටානන්ගේ භාය්‍ර්‍යාව කැඳවා තොපගේ සවාමිපුත්‍රයානෝ කවුරුදැයි විචාළසේක. ඒ සිටුදූතොමෝ මූවේදැයි කියා ශක්‍රයන් සමීපයෙහි සිටියාය. දූදරුවනුත් ද්‍රාසකර්‍මකාරාදීනුත් කැඳවා විචාළාහුය. හැමදෙනම ගොස් ශක්‍රයන් සමීපයෙහි සිටියාහුය. නැවත සිටානෝ මෙසේ සිතූය, මාගේ හිස පිළිකාවෙක් ඇත, කෙසින් වැසීතිබෙන බැවින් ඒ පිළිකාව කපුවාම දන්නේය, අනික් කෙනෙක් නොදනිති, ඔහු කැඳවුවමැනවැයි කිවූය. එසමයෙහි වනාහී බොධි සත්‍වයෝ ඉල්ලීස සිටානන්ට කපුව උපන්නාහුය. රජ්ජුරුවෝ ඒ කපුටා කැඳවා ඉල්ලීස සිටානන් අඳුනන්නෙහිදැයි විචාළෝය. ඉසබලා ඇඳිනගතිමි සවාමීනි කීය. එසේවීනම් දෙදෙනාගේම ඉස බලවයි කිවූය. එකෙණෙහි ශක්‍රයෝ ඉස පිළිකාවක් මවාගත්තුය, බොධිසත්‍වයෝ දෙදෙනාගේම ඉස පිළිකා බලා පිළිකා දැක මහරජ්ජුරුවන්වහන්ස දෙදෙනා ඉසම පිළිකා ඇත්තේය. මම ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙකුත් ඉල්ලීල බව දැනගත නොහෙමි කියා මෙසේ කිවූය. දෙදෙනම කොරවූය, දෙදෙනම පිළිවුය. දෙදෙනම වමරැස් ඇත්තෝය, දෙදෙනම පිළිකා ඇත්තෝය, එසේහෙයින් ඉල්ලීසයන් අසවල්ලුයයි මම නොදනිමි කිවූය. බොධිසත්‍වයන්ගේ වචනය අසා මසුරු සිටානෝ කම්පිතවූ සිත්ඇතිව ශොකයෙන් සිහි එලවාගතනොහී එතනම වැටීහුන්නාහුය. එකෙණෙහි ශක්‍රදේවේන්‍ද්‍රයෝ මහරජ්ජුරුවන්වහන්ස මම ඉල්ලීසයෙක් නොවෙමි, ශක්‍රදේවේන්‍ද්‍රයෙමි කියා මහත්වූ ශක්‍රදේවේන්‍ද්‍ර ලීලාවෙන් ආකාශයෙහි සිටියාහුය. ඉල්ලීසයන් මූන පැන්ඉස සනතර්‍පනය කළෝය. ඒ සිටානෝ නැඟීසිට ශක්‍රදේවේන්‍ද්‍රයන්ට නමස්කාර කොට සිටියාහුය. එකල ශක්‍රදේවේන්‍ද්‍රයෝ සිටානන්ට කියන්නෝ ඉල්ලීසයෙනි මේ වසතුව මා සතුය, තා සනතක නොවෙති, මම තොපගේ පියානෝය, තෙපි මාගේ පුතනුවෝය, මම ද්‍රනාදීවූ පින්කම් කොට ශක්‍රාත්මභාවයට පැමිණයෙමි, තොප වනාහී මාගේ වංශයෙහි අයනසිලීව මසුරුබවෙහි පිහිටා දන්හල් දවා යාචකයන් පිටත්කොට වසතුව රැස්කෙළෙහිය, ඒ වසතුව තොපිත් අනුභව නොකරන්නෙහිය. අනික් කෙණෙකුන්ටත් ප්‍රයෝජන නැත්තේය, රාක්‍ෂසාධි ගෘහිතවූ පොකුණක් මෙන් සිටිනේය. ඉදින් මාගේ දන්හල් කරවා පෙර පරිද්දෙන්ම දන්දුන්නෙහිවීනම් යහපත, ඉදින් නොදෙන්නෙහිවීනම් තාගේ සියළු ධනධාන්‍යයන් අනතර්‍ඬානකොට මේ වජ්‍රායුධයෙන් තාගේ ඔළුවත් පළා ජීවිතක්‍ෂයට පමුණුවමියි කිවූය. එබස් අසා ඉල්ලීස සිටානෝ මරණභයින් තැතිගෙණ මෙතැන්පටන් දන්දෙමියි ප්‍රතිඥා දුන්නුය. ශක්‍රයෝ සිටානන්ගේ ප්‍රතිඥා ලැබ ආකාශයෙහි හිඳ ධර්‍මදෙශනාකොට පඤචශීලයෙහි පිහිටුවා ශක්‍රභවනයට ගියෝය. ඉල්ලීස සිටානෝත් ද්‍රනාදී පින්කම් කොට සවර්‍ගලෝකයෙහි උපන්නාහුය. ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මහණෙනි මහාමෞද්ගල්‍යානසථවිරයෝ මසුරුසිටානන් දමනයෙහි ළූවෝ දැන්මතු නොවෙයි පෙරත් දමනයෙහි ළූවෝ මේ ධර්‍මදෙශනාව ගෙණහැර දක්වා වද්‍රරා පූර්‍වාපරසන්‍ධිගළපා මේ ඉල්ලීස ජාතකය නිමවා වද්‍රාළසේක.

එසමයෙහි සිටානෝ නම් දැන් මසුරුසිටානෝය, ශක්‍රදේවේන්‍ද්‍රයෝ නම් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයෝය, රජ්ජුරුවෝ නම් ආනන්‍දසථවිරයෝය. එසමයෙහි කපුව උපන්නෙමි. තිලෝගුරු සම්‍යක්සම්බුදුරජුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

80 ඛරස්සර ජාතකය
78 මහාසුපින ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.