344 චිතීය උරග ජාතකය

තවද පස්මරුන් ජයගත් හෙයින් ජින යයි නම් වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මළාවූ පුතෙකු ඇති කෙළෙඹි පුත්‍රයෙකු අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්,

එක් කෙළඹි පුත්‍රයෙක් තමාගේ පුතෙකු මළ සෝකයෙන් වික්‍ෂේපව ඉදිනේය. සර්වඥයන් වහන්සේ ඒ කෙළඹි පුත්‍රයා සෝවානයට හේතු ඇති නියාව දැන අළුත මහණවූ භික්ෂූ කෙණෙකුන් වහන්සේ කැඳවාගෙණ ඒ කෙළඹි පුත්‍රයාගේ ගෙට සිඟා වැඩිසේක. කෙළඹි පුත්‍රයාත් සර්වඥයන් වහන්සේ දැක වැඳ පුදා එකත්පස්ව සිටියේය. සර්වඥයන් වහන්සේ කෙළඹි පුත්‍රයාට වදාරණ සේක් ඇයි උපාසකය වික්‍ෂේපව උනුදැයි විචාරා වදාළසේක. කෙළෙඹි පුත්‍රයා කියන්නේ ස්වාමිනි මාගේ පුතනු කෙණෙක් මළහෙයින් වික්‍ෂේපව උනිමි කීහ. එවිට සර්වඥයන් වහන්සේ වදාරණසේක් උපාසකය පෙර උත්තමයෝ තමන්ගේ දරුවන් මළාට සෝක නොකළෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක්තරා බ්‍රාහ්මණ කුලයක උපන්නාහු තමනුත් තමන්ගේ භාර්යාවනුත් පුතනුවෝත් දියනියෝත් පුතනුවන්ගේ භාර්යාවොත් කෙළිත් සදෙන නම් වන්නාහ. බෝධිසත්වයෝ මුන් සදෙනාට මරණ සිහි භාවනා උගන්වා නිරන්තරයෙන් භාවනා කරන්නාහ. තුමුත් නිරන්තරයෙන් මරණසිහි භාවනා කරන්නාහ. එක් දවසක් බෝධිසත්වයෝත් පුතනුවෝත් සිසාන්ටයයි කියා ගොසින් බෝධිසත්වයෝ සීසාන්නාහ. බ්‍රාහ්මණකුමාරයා පරඬල් එක්කොට ගිනි ලන්නාහ. ඒ ගිණිදුම් ඒ අසල තුඹසෙක වසන්නාවූ නාගරාජයකුගේ නාසයේ වන. නාගරාජයා කිපී අවුත් ඒ බ්‍රාහ්මණකුමාරයා අත සතර දළ ඔබා දෂ්ට කළේය. ඒ කුමාරයාත් විෂමුර්ජාවෙන් විසඥව වැටී හුන, එවිට බෝධිසත්වයෝ පුතනුවන් වැටීහුන්නා දැක එතනට ගොසින් පුතනුවන් වඩාගෙණ ගසෙක් මුල ලා කඩපටින් මූන වසා තමනු සීසාන්නාහ එතනට එක්තරා පුරුෂයෙක් ආයේය. ඌ අතින් කොයි යව්දැයි විචාරා ගමටයෙමි කී කල්හි තමන්ගෙ ගෙට කියා යවන්නාහූ මෙතෙක්දා දෙන්නෙකුට බත් ගෙණන්නාහ. ඒ අද එක්කෙනෙකුන්ට බත් ගෙනෙන්ට කියාලව අපගේ බැමිණියත් දුවනියනුත් යෙහෙලනියනුත් කෙල්ලත් ඉස්සෝධා නා සුවඳ විලවුන් ඇරගෙණ එතනට කියා එවුහ. ඒ පුරුෂයාත් කියායවු සැටියේම එක්කෙනෙකුන්ට බත් ඇරගෙණ ඉස්සෝධා නා දුවනියන්ද යෙහෙළියන්ද කෙල්ලන්ද යන සතරදෙනම මල්හඳ විලවුන්ගෙණබෝධි සත්වයන් සීසාන තෙනට ආහ. බෝධිසත්වයෝත් පුතනුවන් මිය වැදහොත් රූප්පයේ ඉඳ ම බත් කා පස්දෙනම සමාධි සමාධිව දර එක්කොට පුතනුවන් ගින්නේ ලා සතුටු සතුටුව මිණිය දවන්නාහ.
උන් පස්දෙනාගේ ගුණානුභාවයෙන් ශක්‍රයෝ පාණ්ඩුකම්බල ශෛලාසනය උනුව ගියේය. ශක්‍රයෝ මනුෂ්‍ය ලෝකය බලා මුන් පස්දෙනා දැක මම එතනට ගොස් මුන්ගේ මරණ සිහි භාවනාවට මුන්ලවා සිංහනාද කරවා මුන්ගේ ගෙයත් සත්රුවනින් පුරා එමියි එක්තරා පුරුෂයෙකුමෙන් රූපයක් මවාගෙණ ඒ මිණිය දවන තෙනට අවුත් කියන්නාහු මේ කුමක්ද තොප ඇමදෙනම පුලුස්සන්නේ කින්දැයි විචාළාහ. මිණියක් දවම්හයි කීහ. ඒ කිම්ද තොපි කියන්නේ බොරුවට දඩමස් දෙම්හයි වඤාකොට කියව්ද මුවෙකු හෝ ඌරෙකු හෝ පුලුස්සති සිතමි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ ඒ නැත මිණියක් දවන්නේයයි කීහ. එසේවීනම් තොපගේ වෛරී එකකු දවව්දැයි කීහ. ඒ තැන පුත්‍ර පේමයෙන් වඩාගත් මාගේ පුතනුවෝයයි කීහ. එසේකල මේ පුතනුවෝ තොපට නොකී කරු වේදැයි කීහ. බෝධිසත්වයෝ කියන්නාහූ මට ඉතාම ප්‍රියයෝය. කීකරුවූ හයි එවිට ශක්‍රයෝ කියන්නාහූ එසේ තොපට කීකරු ප්‍රිය දරුවන් කල වික්‍ෂෙපවක්වත් නොකරන්ට කාරණා කිම්දැයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහු සර්පයෙක- සැවයක් ඇරපියා ගියකල දෙවෙනිව ඊට ආලයක් නෙකෙරේද මූ මෙතන කඳ තබා තමන්ගේ කර්මානුකුළ දෙවනිව ඊට ආයලයක් නොකෙරේද මූ මෙතන කඳ තබා තමන්ගේ කර්මානුකරුප පරිද්දෙන් පරලොව ගියාහ. අප ඇඬු නියා දනිද්ද, අපගේ දරුවෝ මේ දරසෑයෙහි ගින්නේ නොදන්නාහ. ඌ ගොසින් එක්තෙනක උපදින්නාහ. අප අඬා කාරිය කිම්දැයි කීහ. එවිට ශක්‍රයෝ බැමිණියන්දැට කියන්නාහූ මෑනියන් වහන්සේ මේ දවන්නාවූ පුරුෂයා කවුදැයි කීහ. පුතනුවනි මාගේ දසමසක් උසුලා ලෙයි වැඩු පුතනුවෝයයි කීය.

එසේ කල පුරුෂයෝ නම් කාරණා දන්නා හෙයිනුත් ධෛර්යය උපදවා නො අඬන්නාහ. ගෑණු නම් ස්වභාවයෙන්ම අඬන සුල්ලභ නුඹ කිසි වික්‍ෂෙයක් නොවන්ට කාරණා කින්දැයි කීහ. එවිට බැමිණියන්දෑ කියන්නේ මුන් මාගේ බඩ පිළිසිඳ ගන්නා දවස් මට කීයේත් නැත. දැන් මිය යන ගමනේ මම මියෙමියි මට කීයේත් නැත. මාගේ දරුවෝ තෙල දරසැයේ වැද හෙව දයිද? ඌ ගොසින් කැමති එක්තෙනක පිළිසිඳ ගත්තුව, ඌ අප ඇඬු නියාව දනිද්ද, වික්‍ෂේප වූ නියාව දනිත්ද? එසේහෙයින් මළවුන්ට ඇඬිමෙන් කාරණා කින්දැයි කිය. එවිට ශක්‍රයෝ බ්‍රාහ්මණ කුමාරයන්ගේ නැගනියන්ට කියන්නාහූ මේ දරසෑයේ දන්නාවූ පුරුෂයා තොපට කුමක්වේදැයි කීහ. මා හා එක්කුසෙහි උපන් බෑණන් වහන්සේ යයි කීහ. එසේහෙයින් ගෑනු නෑයෝ එක්කුසේ උපන් මල්බෑයන් මළ කල මාගේ බැනන්දෑ මළ දැය යි කියා බොහෝ වික්‍ෂේපව අඩා මුරගා ශෝක කරන්නාහ. තොප එසේවූ ඇඬීමක්වත් වික්‍ෂේපයක්වත් නොකරන්නට කාරණා කින්දැයි විචාළාහ. එවිට නැගණියෝ කියන්නාහූ මාගේ ඇඩීමෙන් සිතට දුක්දී කයත් දුර්වලව බැළුවන්ට අප්‍රිය කරවණ පමණක් විනා මිණිය දරසෑයේ දනසේක. උන් වහන්සේ ගොසින් එක්තැනෙක උපදිනා සේක. මා ඇඬුවයි මාගේ බෑණන් වහන්සේ ඉපිද එන්නේ නැත. මා අඬා කවර කටයුත්තෙක්දැයි කීහ. එවිට ශක්‍රයෝ මළ බ්‍රාහ්මණ කුමාරයාගේ භාර්යාව කරාගොස් කියන්නාහූ මේ මළවූ පුරුෂයා තොපට කුමක් වේදැයි කියා විචාළාහ.ස්වාමිනි මාගේ වල්ලභයානන් වහන්සේ යයි කීහ. එසේකල බන්ධූන්ටත් වඩා පුරුෂයා මළ කළ සෝක ඇත්තී බිරින්දය. තමාගේ වල්ලභයා මළකල තමා කනවැන්දඹු වන හෙයිනුත් තමාගේ සෙනහ වඩන්නාවූ පුරුෂයා හෙයිනුත් දෙගුණයක් ශොක ඇති වන්නාහ. තොපි කණස්සල්ලකවත් ඇඬීමක්වත් නොවන්ට කාරණා කින්දැයි කීහ. එවිට බැමිණි කියන්නී මාගේ වල්ලභයානන් වහන්සේ මිය පරලොව ගොසින් යම් තැනෙක උපදිනාසේක. කින්ද තෙල දරසෑයේ දන්නේය. උන් වහන්සේ මා ඇඬු නියාව දන්නාසේක්ද, සඳ නැගෙණහිරින් නැගී බස්නාහිරින් බසීද?. යම් සත්වකෙණෙකුන් මරණින් මැකෙන්නේ නියමය. නටනා වස්තුවෙක් නස්නේමය. මළවුන්ට සොකකිරි මෙන් කාරිය කින්දැයි කීහ. එවිට ශක්‍රයෝ කෙල්ල අතින් විචාරන්නාහු මේ මළ පුරුෂයා තොපට කුමක් වෙද්දැයි විචාළාහ.
කෙළි කියන්නී මාගේ ස්වාමි දරුවානන් වහන්සේයයි කීහ. එසේකල තොපට කණස්සල්ලෙක් නැත්තේ තොපට තදව මරා තලා මෙහෙවර ගත්හෙයින් ඒ කණස්සල්ලෙන් නාඩා නොදොඩා ඉඳිනේදැයි කීහ. එවිට කෙළි කියන්නි මාගේ දරුකෙණකුන්ස් ලොයිලා වැඩිමි උන්වහන්සේ මට ලොංගතුසේක. මමත් උන්වහන්සේට ලෙංතුවෙමි උන්වහන්සේ දරසෑයේ වැදහෙව ගින්නේ දනසේක. මා ඇඬු නියාව දන්නාසේක්ද සෝක නියාව දන්නාසේක්ද, යම්සේ කළයක පැන්පුරා ලාගෙන යන කල බිම වැටි බිඳ ගියේද බඳිනු කළය දෙවනුව සාවේද එසේම මිළ තැනැත්තන්ට අප ඇඬීමෙන් කාරිය කින්දැයි කීහ. එවිට ශක්‍රයෝ තමන්ගේ ශක්‍රාත්මභාවයෙන් සිට තොප ඇමදෙනාගේ මරණ සිහි භාවනාව කළ නියාව යහපතැයි ප්‍රසංශා කොට බෝධිසත්වයන්ගේ ගෙය සත්රුවනින් පුරා මේ සම්පත් අරගෙණ දුක්පත් නොවි සැපසේ ජවත්වේවායි කියා තමන්ගේ දිව්‍යලෝකයටම ගියහයි වදරා මේ උරග ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කෙළින්ම ත්‍රිපිටකධාරීවූ බුජ්ජුත්තරා නම් මෙහෙනින්නාය. එසමයෙහි බ්‍රාහ්මණයාගේ පුත්‍රනම් රාහුලස්ථවිරය. දුනම් උපුල්වන් මහස්ථවිරය. එසමයෙහි බ්‍රාහ්මණයානන්ගේ භාර්යාවෝ නම් ඛේමානම් භික්ෂූණිය, බ්‍රාහ්මණව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.