340 අරඤ්ඤ ජාතකය

තවද ධම්ස්වාමි වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි චුල්ල කුමාරිකාවන් අරභයා මේ ජාතකය දක්වන ලදී. මෙහි වර්තමාන කථාව ඉන්ද්‍රිය ජාතකයයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය.

ඒ කෙසේද යත්,

මෙහි වනාහී යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්ජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්ස් බ්‍රාහ්මණ කුලයක ඉපිද වැඩිවිය පැමිණ වාසය කරණ කල්හි බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේගේ පුතනුවන් වහන්සේත් ඇරගෙණ වනාන්තරයට ගොසින් ඍෂිප්‍රව්‍රජ්ජාවෙන් පැවිදිව පුත නුඹ වහන්සේ පන්සල රඳවා බෝධිසත්වයන් වහන්සේ වනයට ගොසින් පලාඵල ගෙණවිත් ජීවත්වන සමීපයෙහි සොරු මොත්තමෙක් එක්ව ගම් පැහැරගෙණ යන්නෝ ස්ත්‍රියක් අල්වාගෙණ ගොසින් වනාන්තරයට ඇරපියා පලා ගියහ. ඒ වනයේ ඇවිදිනා තැනැත්තී පන්සලට ඇවිදින් බැසපු වැඩි මාළු තාපසයෝ පලා ඵල ගෙණෙන්ට ගියහ. කුඩා තාපසයන් පන්සල උන් තැනැත්තේ ඒ ස්ත්‍රිය තමාගේ භාව භාවලීලා කටාක්‍ස දක්වමින් තාපසයන් ගේ ශිල භේදකොට කියන්නී මේ වනයේ ඉඳ කින්ද, මනුෂ්‍යයන් ඇතිතෙන කට යම්හයි කීහ. තාපසයෝ මාගේ පියානන් වහන්සේ අතින් විචාරා විනා නොයෙමි කීහ. ඒ ස්ත්‍රී සිතන්නී මා මෙතනට ඉන්ට කාරණා නොවෙයි මම මඟ ඉදිමියි වැඩිමාළු තාපසයන් වහන්සේ විචාරා එවයි කියා පලා ගියාහ. එතකොට වැඩිමාළු තාපසයෝ වනාන්තරයෙන් ඵලාඵල ගෙණවිත් පන්සලට ආසේක. කුඩා තාපසයෝ වැඩිමාළු තාපසයන් වහන්සේ අතින් විචාරණසේක් ස්වාමිනි මම මනුෂ්‍ය පථයට ගොසින් ගිහිව රැකෙන්නෙම් කෙසේ වාසය කෙරෙම්දැයි කෙසේවූ කෙණෙකුන් භජනය කෙරෙම්දැයි විචාළාහ. වැඩිමාළු තාපසයෝ කියන්නාහු පුත තපස්වී භාවය ඇර ගිහිගෙයි රැකෙන්ට සිතතොත් වෙෂ පරදවයි. ස්ත්‍රී කී දෙයට කිපෙන සුළු කාය වකා මනඃ යන චාරත්‍රයෙන් අවැඩක්ම සිතන්නාවූ අකුසල් ආදීවූ දෙය එකඟ නොව අස්ථිර වූ චංඤචල වූ සිත් ඇති එසේවූ අසත්පුරුෂයන් භජනය නොකොට වාසය කරවයි කීහ. එබස් අසා තාපස කුමාරයෝ කියන්නාහූ මෙකී අගුණ නැති කෙණෙක් නම් නුඹ වහන්සේ විනා අනික් කෙණෙක් නැත. එසේහෙයින් නුඹ වහන්සේ ඇරපියා නොයෙමි යයි වදාරා මේ අරඤ්ඤ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි එකියන ස්ත්‍රි හා තාපසයෝ නම් මෙකියන භික්ෂූන් හා චුල්ල කුමාරිය එසමයෙහි තාපසයෝ නම් බුදුවූ මම් ම යයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.