
තවද මෙසේ භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි තීත්ර්ඵකයන් අරභයා මේ ජාතකය වදාරණසේක්.
ඒ කෙසේද යත්,
ජේතවනාරාමය සමීපයෙහි තීත්ර්ඵක පරිබ්රාජිකාවරු වැද කණ්ටක තාපසව පඤචතාපන තාපස කුක්කුර වෘතය යනාදීන් නොයෙක් තපස් කොට ඉඳිනාහ. ඒ දුටු භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ අතින් විචාරණ සේක. ස්වාමීනි මුන් රකිනා වූ තපස් මහා උග්රතපස්ව මුන්ට මින් වන මාර්ගඵල විපාකයෙක් ඇද්දැයි විචාළසේක. සර්වඥයන් වහන්සේ වදාරණසේක්. මින් මුන්ට වන විපාකයෙක් නැත, මේ නිකම්ම තුච්ඡ දෙයක පොළොව පෙරලෙයි කියා දිවූ සාවා මෙනැයි වදාළසේක. ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් ගෙණහැර දක්වා වදාළසේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයේ සිංහව ඉපිද වාසය කරණ කල්හි එක් සාවෙක් තල් ගස් හා බෙලි ගස් ඇති වනයෙක වාසය කෙරෙයි. තල් වක්කන්නතන් යට වැදහොත් තැනැත්තේ සිතන්නේ පොළොව පෙරලී ගහ ඒ නම් කුමක් කෙරෙම්දෝහෝයි සිතා ගෙන වැදහොත් බෙලි ගෙඩියක් තල් වක්වන්නක් පිට වැටින. සාවා තමා සිතු සිතිවිල්ල නියාවට පොළොව පෙරලී ගෙන එති සිතා භයින් දිවන්ට වන. ඒ දුටු සාවෝ තා දිවන්නේ කුමක් නිසාදැයි විචාළ කල්හි සාවා කියන්නේ කින්ද තොප විචාරන්නේ පස්සේ පොළොව පෙරලීගෙන එයි. එසේ හෙයින් දිවමියි කීහ. ඒ දුටු අනික් සාවුන් විචාරා සාවෝ දහසෙක් එක්ව දිවන්ට වන්හ. එවිට සාවුන් දිවන්නාහු දැක මුවෝ සාවුන් අතින් විචාරා සැබෑයි දිවන්නාහ. මුවන් අතින් විචාරා ඌරෝ දිවූහ. ඌරන් අතින් විචාරා ගෙරි දිවූහ. උන් අතින් විචාරා දිවියෝ වලස්සු ගවරු කඟවේනු ඇත්තු අස්සු ව්‍යාඝ්‍රයෝ සිංහයෝ ඇතුළුවූ සිවුපාවෝ උනුන් අතින් විචාරා ඇත්තමයයි සිතා හතරයොත්නෙක ගැවසී සිටියාවූ සිවුපා සේනාව මූදූබත් වන්ට දිවූහ. මෙකියන සිවුපාවුන් දිවන තෙනට සමීපයෙහි වසන්නාවූ සිංහයෙක් සිවුපාවන් දිවන කාරණා විචාරමි සිතා තමා වැදහොත් පර්මතයෙන් එලියට පැන මහත් වූ සිංහනාද කොට සිටියේය. ඒ සිංහනාද අසා සිවුපාවෝ භය ගෙණ සිටියාහ. භයින් සිටියා වූ සිවුපාවුන් අතින් දිවන කාරණා විචාරමි සිතා විචාළ කල්හි පොළොව පෙරලී ගෙන එයින් දිවම්හයි සිංහයෝ කීහ. තොපට කීවෝ කවුරුදැයි සිංහයන් විචාළ කල්හි ව්‍යාඝ්‍රයන්ගෙන් ඇසුම්හයි කීහ. ව්‍යාඝ්‍රයෝ ඇතුන් ගෙන් ඇසුම්හයි කීහ. ඇත්තු අසුන්ගෙන් ඇසුම්හයි කීහ. අස්සු කළවෙනුන් ගෙන් ඇසුම්හයි කීහ. කඟවෙනු ගවරුන්ගෙන් ඇසුමම්හයි කීහ. දිවියෝ ගෙරින්ගෙන් ඇසුම්හයි කීහ. ගෙරි මීමුන්ගෙන් ඇසුම්හයි කීහ. මීමුගොනන් ගෙන් ඇසුම්හයි කීහ. ගොනෝ ඌරන්ගෙන් ඇසුම්හයි කීහ. සාවුන් ලඟට ගොස් තොපට කීවෝ කවුරුදැයි විචාළ කල්හි මේ සාවා අපට අපට කීයේයයි සාවෝ තොරතුරු පෑහ. බෝධිසත්වයෝ ඒ සාවා කරා ගොස් සැබෑද පොළොව පෙරලී එන්නේයයි විචාළ කල්හි මම දිටිමි. ස්වාමීනි සැබව පොළොව පෙරලෙන්නා දුටුදැයි සාවා අතින් විචාළ කල්හි ස්වාමීනි මම මුදූබඩ තල්වනයක හා බෙලි වනයෙක් කෙරේ වාසය කෙළෙමි. එතැන් පටන් පොළොව පෙරලෙන්ට වන්නේයයි කිහ. බෝධිසත්වයෝ සාවා පිට හිඳුවාගෙන සාවා කී වචනයට සිංහයා නොපෑන සාවා බිම සිටුවා කොතන පටන් පොළොව පෙරලෙන්ට වනැයි කියවයි විචාළහ. මම එතැනට ගොසින් පාන්ට භය ඇත්තෙමි කියා නොගියේ බෝධිසත්වයෝ තෝ නොබා අසවල් තෙනයයි කියයි. දැන් එතැනට ගොසින් පානට භය ඇත්තෙමි. අසවල් තල්ගසමුල තල්වක්කන්නක් යට වැදහොත් තෙමි එතනටපටනැයි කීහ. බෝධිසත්වයෝ එතනට ගොසින් බලා සිතන්නාහු සාවා මේ තල්වක්කන්ට යට වැදහොත්තේ පොළොව පෙරලීගෙන ඒ නම් මම කොයියම්දෝහෝ සිත සිතා වැදහොත් කල බෙලි ගෙඩියක් තල්වක්කන්නක් පිට වැටුනු අඬ අසා භයින් පොළොව පෙරලති සිතාගෙන දිව්නියාවයි සිතා දෙවනුව සිවුපා සමූහයා උන් තැනට පැන සිව්පාවුන්ට කියන්නාහු සාවා තමා කෙරෙහි භයින් කී පමණක් විනා ඇත්තෙක් නොවෙයි කියා සිවුපාවුන් ඒ ඒ තැනට යවුහ. ඒ අර්ථයෙන් ප්‍රකාශ කරණ සර්වඥයන් වහන්සේ මහණෙනි සාවා කී බසින් එතක් සිවුපාවෝ පරීක්ෂා නොකොට මුදුබත්වන්ට ගිය ගමනේ සිංහයා එතන සිට පරීක්ෂා කොට නැවතු හෙයින් විනා මුදුබත්වන්නොවේද එමෙන් මුන්ගේ ව්‍රතය කිසි විපාකයක් දිලිය නොහෙයි කියා වදාරා මේ දද්දභ ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි සිංහව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk