295 චුල්ලකාලි ජාතකය

තවද එක් සමයෙක්හි පරහිත නිරතවූ සකල ජනමන නයනානන්ද කරවූ ශාස්තෘ වූ අප තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්. සතර පරිබ්‍රාජිකා කෙනෙකුන්ගේ පැවිදිවීමක් අරභයා මේ ධර්ම දේශනාව ප්‍රකාශ කොට වදාළසේක.
ඒ කෙසේ ද යත්,

විශාලා මහනුවරෙහි වනාහි සත්දහස් සත්සිය සත් දෙනෙක් ලිචඡච රජහු වෙසෙති, ඒ සියළු රජ දරුවෝ ඔවුනොවුන් හා සාකච්ඡා කිරීමෙන් කල්පනාවක් කරන්නාහු. ඊට ඉක්බිතිව පන්සියයක් වාද බිනීමෙහි නිපුණවූ එක් නිගණ්ඨ පුත්‍රයෙක් මෙම විශාලා මහනුවරට පැමිණියේම ඒ රජදරුවෝ ඔහුට සුදුසු සංග්‍රහ කළාහුය. අනිකුදු පන්සියයක් වාද බිනීමෙහි නිපුණවූ නිගණ්ඨ පරිබ්‍රාජිකාවක් එම නුවරට පැමිණියාය, ලිචඡචි රජදරුවෝ ඔවුන් දෙදෙනා වාද කරවූවාහුය. ඒ කිරීමෙන් ඔවුන් දෙදෙනා සදාශ වූවාහුය. ඉක්බිති ලිචඡචි රජ දරුවන්ට මෙබඳුවූ සිතිවිල්ලෙක් වූයේය. මොවුන් නිසා උපන් පුත්‍රයෙක් ව්‍යකත වන්නේයයි සිතා ඔවුන් දෙදෙනා විවාහ කරවා සමග වාසය කෙරෙව්වාහුය. ඔවුන්ගේ සංවාසය නිසා පිළිවෙලින් දුන් සතර දෙනෙකු හා එකම පුත්‍රයෙක් වැදුවාය. ඒ දුන් සතරදෙනාට ක්‍රමයෙන් සචචය ලෝලාය අවවාදකය පටාචාරායයි නම් කළහ. පුත්‍රයාට සචචකයයි නම් කළාහුය. ඔවුන් පස්දෙන චිඤඤෑ බවට පැමිණිලි කල මෑණියන්ගෙන් පන්සියයෙක පියානන්ගෙන් පන්සියයෙකැයි වාද දහසක් උගත්තාහුය. මව් පිය දෙදෙන දුන් සතරදෙනාට මෙසේ අවවාද වාද කළාහුය. ඉදින් ගෘහස්ථ පුරුෂයෙක් තොපගේ වාදය බින්දේනම් ඕහට පාදපරිචාරිකා හා වව් පැවිදි කෙනෙක් තොපගේ වාද බින්දේනම් සමීපයෙහි ඔහුගේ පැවිදිවේවායයි කීවාහුය. එයින් මෑතභාගයෙහි මව් පිය දෙදෙන කාල ක්‍රියා කළෝය. ඔවුන් කාල ක්‍රියා කළ කල්හි සචචක නම් නිගණ්ඨ පුත්‍රයා ඒ විශාලා නුවරෙහි ලිචඡවි රජදරුවන් අක්ෂර ලිඛිතාදී සිල්ප උගන්වමින් වාසය කෙරෙයි ඔහු සතරදෙන දඹ අත්තක් ගෙණ වාදය පිණිස නුවරින් නුවර ඇවිදිනාහු. ක්‍රමයෙන් සැවැත්නුවර වාසල්දොර සමීපයෙහි දඹ අත්ත හිටුවා යම්කිසි ගෘහස්ථයෙක් සැවැත් නුවර වාසල් දොර සමීපයෙහි දඹ අත්ත හිටුවා යම්කිසි ගෘහස්ථයෙක් හෝ පරිබ්‍රාජිකයෙක් හෝ අපට වාදාරොපනය කරන්ට හැකිවී නම් ඒ පුරුෂතෙම මේ පාංශුරාසිය පයින් විසුරුවා පයින් දඹ අත්ත මිරිකාපියත්වයි කියා ගම් දරුවන්ට කියා පිඬු පිණිස නුවරට වන්නාහුය. ඉක්බිති ආයුමෙත්වූ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ නොහැමදිතැන් හැමද සිස්භාජනය දිය පුරවා ගිලන් භික්ෂූන්ට පිළිදැගුම් කරවා ඉතා දහවල්හි සැවැත් නුවරට වඩනාසේක්. ඒ පස්රැස පිහිටවූ දඹ අත්ත දැක විචාරා ගම්දරුවන් ලවා හෙලවා මිරිකවා යම් කෙනෙකුන් විසින් මේ සාඛාව පිහිටුවන ලද්දීද ඔහු ආහාර කෘත්‍යය කොට අවුත් දෙව්රම් වෙහෙර දොරටුවෙහිදී මා දකිත්වයි ගම් දරුවන්ට කියා නුවරට කියා නුවරට වැද කරණලද ආහාර කෘත්‍ය ඇති සේක්. දෙව්රම් වෙහෙර දොරටුවෙහි වැඩිසේක.

ඒ පරිබ්‍රාජිකාවෝ සතරදෙන පිඬු පිණිස හැසිර ආහාර කිස සපයා ආවාහු. මිරිකා හෙලූ සාඛාව දැක කවරක්හු විසින් මේ සාඛාව මර්දනය කරණ ලද්දාහු වෙද්දැයි විචාළෝය. ශාරිපුත්‍ර ස්ථවිරයන් විසිනැයි අසා ඉඳින් තොපි වාදය කරණු කැමැත්තාහු වී නම් දෙව්රම් වෙහෙර වාසල් දොරටුව ගියමැනවයි කියනලද්දාහු. නැවත නුවරට ගොස් මහජනයා රැස් කරවා වෙහෙර වාසල් දොරටුවට ගොස් තෙරුන් වහන්සේ අතින් වාද දහසක් විචාළාහුය. තෙරුන්වහන්සේ ඒ සියළු වාදයන් විසඳා අන්කිසි වාදයක් දනුදැයි විචාළසේක. ස්වාමීනි අපි නෙදනුම්හයි කීවාහුය. මම වනාහි අන්කිසි ප්‍රශ්නයක් විචාරම්දැයි කීසේක. ස්වාමීනි විචාළ මැනවැ දතිතොත් කියන්නමෝ වේදැයි කිවූය. තෙරුන් වහන්සේ එකෙක් නම් කිම් දැයි විචාළසේක. ඒ පරිබාජිකාවෝ ස්වභාව වූ පරිද්දෙන් නොදන්නාහුය. එවිට තෙරුන් වහන්සේ විසඳා වදාළසේක. ඔහු ස්වාමීන් වහන්ස අපට පරාජයය, නුඹ වහන්සේට ජයවියයි කීවාහුය. දැන් තොප කුමක් කරව්දැයි විචාළසේක. අපගේ දෙමව්පියන් විසින් මෙබඳු අවවාදයක් දෙනලද ඉඳින් තොපගේ වාදය ගෘහස්ථයෙක් බින්දේවී නම් ඕහට පාද පරිචාරිකවව් ඉදින් පැවිදිකෙනෙක් බින්දේ නම් ඔවුන්ගේ සස්නේ පැවිදිවෙව්වයි කීවාහුය. එබැවින් අපට පැවිදි වීම දුන මැනවැයි කිවූය. තෙරුන් වහන්සේ යහපතැයි වදාරා ඒ පරිබ්‍රාජිකාවන් සතරදෙනා උත්පලවර්ණ මහා ස්ථවිරින් වහන්සේගේ යම් සමීපයෙහි පැවිදි කරවූසේක. ඒ සියළු මෙහෙනින්නෝ පැවිදි කරවූ නොබෝ කලකින් රහත් බවට පැමිණියාහුය. ඉක්බිති එක් දවසක මේ ආශ්චර්යමත් කථා ශ්‍රවණයෙහි කෝතුහල භික්ෂූන් වහන්සේ ධම්සභා මණ්ඩපයෙහි රැස්ව ඉඳ ඇවැත්නි ශාරිපුත්‍ර ස්ථවිරයෝ පරිබ්‍රාජිකාවන් සතර දෙනාට මාර්ග ඵල ප්‍රදානය කිරීමෙන් ඇවැස්සවූ සේක් වේදැයි උන් වහන්සේගේ ප්‍රඥාවි ශේෂ ගුණය ප්‍රකාශ කොට කීමෙන් වැඩ උන් සේක්. එකල්හි ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ එතැන්හි වැඩ වදාරා මහණෙනි දැන් මා එන්නාට පූර්ව භාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළසේක. ස්වාමීනි බුදුරජානන් වහන්ස රාජා කථා ආදීවූ අන් කථාවකින් යුක්තව උනුමෝ නොවම්හ. ශාරිපුත්‍ර ස්ථවිරයන් කරණ ලද ආශ්චර්යත්වූ මෙනම් කථාවකින් කිය කියා උනුම්හයි දැන්වූ කල්හි මහණෙනි ශාරිපුත්‍ර ස්ථවිරයෝ මේ පරිබ්‍රාජිකාවන්ට අවශ්‍ය වූයේ දැන් මතු නොවෙයි පෙරත් වැඩෙහි යෙදීමෙන් අවශ්‍ය වූය. දැන් ප්‍රව්‍රජජාභිසේක දීමෙන් අවස්ස්‍යවුසේක. පෙරත් රාජ මහේසිකාභිසේක ස්ථානයෙහි පිහිටවීමෙන් අවශ්‍යවූයයි වදාරා ඉකුත්වත් ගෙණහැර දක්වා වදාළසේක.

යටගිය දවස කලිගුරට දන්තපුර නුවර කලිඟු නම් රජක්හු රජ කරණ සමයෙහි අස්සක නම් රටක පොතලීනුවර අස්සක නම් රජෙක් රාජ්ජය කෙරෙයි ඔවුන් දෙදෙනා අතුරෙන් කලිඟු රජ සමුර්ධ වූ හස්ත්‍ය ස්වවාහනාදී බලා සෙනග ඇතිව තෙමේද ඇත් බල ඇත්තේ තමා හා යුද්ධ කරන්නක්හු නොදැක යුද්ධ කරණු කැමතිව ඒ රාජ මා හා යුද්ධ කරණ කෙනෙකුන් නොදක්නෙමි. කවර ප්‍රයෝගයකින් යුද්ධයක් යොදම්දැයි කියා අමාත්‍යයන් අතින් විචාළේය. එවිට අමාත්‍යයෝ කියන්නාහු. මහ රජ්ජුරුවන් වහන්ස, එක් උපායෙක් ඇතෟ නුඹට හන්සේගේ දුටු කුමාරිකාවෝ සතරදෙන උත්තම රූපශ්‍රී දරන්නාහ, ඔවුන් සියළු ස්ත්‍රී ආභරණයෙන් සරහා පිළිසන්වූ ආසනයෙහි වඩා හිඳුවා බළ සෙනඟ පිරිවරණ ලද්දාවූ ඔවුන් ගම් නියම් ගම් රාජධානියෙහි ඇවිදුවා යම්කිසි රජෙක් ඔවුන් තමාගේ ගෙයි ඇතුලත් කොට වාසය කරණු කැමැත්තේ වීනම් ඔහු හා සමඟ යුද්ධ කරම්හයි කීවාහුය. ඒ කලිගුරාජ අමාත්‍යයන් කීපරිද්දෙන්ම කෙළේය. ඔවුන් ගිය ගිය තැන්හි රජදරුවෝද කලිගුරජගහට භයින් තමන් නුවර වලට වදින්ට අවසර නොදී අන්නපානාදීවූ පඬුරු ගමන් කරවා පිටිනුවර දීම යපීම කොට වාසය කරත්. මෙපරිද්දෙන්ම සියළු දඹදිව මුළුල්ලෙහි ඇවිද අස්සක පොතලී නුවරට පැමිණියාහුය. එනුවරෙහි අස්සක රජ නුවර වාසල් දොර වස්වා පඬුරු ගමන් කරවූයේය, ඒ රජහුගේ නුවණැති කාර්‍යය කාර්‍යය පරිඥානයෙහි ව්‍යක්තවූ උපාය ඥානයෙහි දක්ෂවූ නන්දිසේන නම් අමාත්‍යයෙක් ඇත, ඒ තෙමේ මෙබඳු සිතිවිල්ලක් සිතීය. මේ රාජකුමාරිකාවෝ වනහි සියළු දඹදිව්තෙලෙහි සැරිසරා ඇවිද ප්‍රති යුද්ධ කරණ කෙණෙකුන් නොලද්දාහුය. එසේ කල්හි සියළු ජඹුද්වීපය හිස්වූයේ නම් වන්නේය. මම කලිගුරජ හා සමඟ යුද්ධ කෙරෙම්යි කියා නුවර වාසල් දොරට ගොස් දොරටුපාලයා කැඳවා ඒ රාජ කන්‍යාවන් නුවරට වදනා පිණිස කියනුයේ කලිගු රටට ප්‍රධානවූ රජගහ කලිගු රජයයි කියා යම්සේ ව්‍යවහාර වීද ඒ පරිද්දෙන්ම අරුණ කුමාරයන් වහන්සේ අපගේ මේ අස්සක නුවරට අධිපතිවූ හෙයින් අස්සකයයි නම්ලත් රජහු පුරුෂ ශ්‍රේෂ්ටවූ ගුරුවරයන් විසින් මොනවට අනුශාසනා කරණ ලද්දාවූ නන්දිසේන නම්වූ මා විසින් සුරක්ෂිතවූ වාසල්දොර මේ රාජ කන්‍යාවන්ගෙන් ඝර ප්‍රවේශය පිණිස කරණලදැයි අමාත්‍යයන් විසින් මෙසේ කියා දොර හරවා ඔවුන් ගෙණ ගොස් අස්සකර රජහට දක්වා රජ්ජුරුවන් වහන්ස භය නොහත මැනව, යුද්ධ ඇති කල්හි ඊට සුදුසු කාරිය මම දතිමියි මේ උත්තම රූපශ්‍රී ධරවූ රාජ කන්‍යාවන් අගමෙහෙසුන් කරවයි කියා ඔවුන්ට අභිශේක දී ඔවුන් සමඟ ආවාවූ රාජපුරුෂයන්ට සගයෙනි තොප තොපගේ නුවරට පලායවයි රාජ කන්‍යාවන් අස්සක රජහු විසින් අගමෙහෙසුන් තනතුරෙහි තුබූබව තොපගේ රජහට කියවයි කියා ගමන් කරවූයේය.

ඒ රාජ පුරුෂයෝ ගොස් එපවත් කලිගු රජහට කීවාහුය. එබස් ඇසූ කලිගු රජ අස්සක මාගේ බල පරාක්‍රම නොදන්නේදැයි කියා එකෙනෙහිම මහත් සිව්රඟ සෙනග හා සමග යුද්ධයට සැරසී නික්මුනේය. එපවත් ඇසූ නන්දිසේන නම් අමාත්‍යයා කලිගුරජහු යුද්ධයට සැරසී එන බව දැක තමන්ගේ රාජ්ජ සීමවෙහි වෙසෙත්වයි අපගේ රාජ සීමාවට නොබසිත්වයි දෙරට සීමා මධ්‍යයෙහි වන්නේයයි කියා අසුන් ලියා ගමන් කරවූයේය. ඒ රජ අස්න අසා තමාගේ රාජ්ජ සීමාවෙහි සිටියේය. අස්සක රජ බල සෙනග පිරිවරා තමාගේ රාජ්ජ සීමාවෙහි සිටියේය. එකල්හි පුරණ ලද බෝධි සමාහාර ඇති අප මහබෝසතානන් වහන්සේ සෘෂිප්‍රව්‍රජාවෙන් පැවිදිව දෙරට අතුරෙහි වූ එක් පන්සලෙක වාසය කරණ සේක. කලිගුරජතෙම ශ්‍රමණයෝ නම් යම් කිසිවක් දනිත, යුද්ධයෙහි ජය පරාජය නම් කවරක් විසිනුදු නොදත හැක්කේය. එසේ හෙයින් එපවත් තාපසයන් වහන්සේ අතින් විචාරම් සිතා අප්‍රසිද්ධ වේශයකින් මහබෝසතානන් කරා ගොස් නමස්කාර කොට එකත්පස්ව හිඳ පිළිසඳර කථාකොට ස්වාමීනි කලිගුරජද අස්සක රජද හා යුද්ධ කරුණු කැමැත්තාහු. තමතමන්ගේ රාජ්ජ සීමාවෙහිම සිටියාවූ මොවුන් දෙදෙනා අතුරෙහි කවරක් හට ජය පරාජය වන්නේ දැයි විචාළේය. මහ පින්වත්වූ පුරුෂය, මම අසවල් රජහට ජයය අසවල් රජහට පරාජය වන්නේයයි නොදනිමි, ශක්‍රදේවේන්ද්‍රයෝ වනාහි මෙතනට එන්නෝය. මම් ඔහුගෙන් විචාරා කියමි, සෙට දවස මෙතනට එවයි කීසේක. ශක්‍රදේවේන්ද්‍රයෝ මහබෝසතානන් වහන්සේට උප ස්ථානයට අවුත් උන්නේය. ඉක්බිති මහබෝසතානන් වහන්සේ ඔහු අතින් එම කාරණාව විචාළසේක.

ස්වාමීනි තාපසයන් වහන්ස කලිගු රජහට ජය වන්නේය. අස්සක රජහට පරාජය වන්නේය. මෙබඳුවූ පූර්ව නිමිතිද පෙනෙන්නේ යයි කීයේය. කලිගු රජ දෙවෙනි දවස් ඇවිත් විචාළේය. මහබෝසතානන් වහන්සේද ඕහට ඒ කාරණය කීසේක. ඒ රජ කවර පූර්ව නිමිතෙකක් වන්නේදැයි නොවිචාරා මම වනාහි දනිමි. යන සන්තෝෂ චිතතයෙන් ගියේය. ඒ කථා ප්‍රවෘත්තිය දෙසෙන රට පැතිර ගියේය. එබස් ඇසූ අස්සක රජ නන්දිසේන නම් අමාත්‍යයා කැඳවා කලිගුරජහට වනාහි ජයවන්නේය. අපි පැරදුනම්හ. මෙයට කළයුතු කින්දැයි කීයේය. එබස් ඇසූ අමාත්‍යයා මහරජානන් වහන්ස, මේ යුද්ධ කිරීමෙන් කවර රජක්හටම ජය පරාජය වේදැයි කවරෙක් දනීද. නුඹ වහන්සේ එස් නොසිතව මැනවයි රජහු අස්වසාලා බෝසතානන් කරා එලඹ නමස්කාර කොට එකත් පස්ව හිඳ ස්වාමීනි, මේ යුද්ධ කවර රජෙක් ජයපරාජය වේදැයි විචාළේය. නන්දිසේනය කලිගුරජ දිනන්නේය. අස්සක රජ පරදින්නේයයි කීයේය. ස්වාමීනි දිනන්නාහට කවර පූර්ව නිමිත්තක් පෙනෙන්නේද? පරදින්නා කවර පූර්ව නිමිත්තක් පෙනෙන්නේදැයි විචාළේය. මහ පිනැති නන්දිසේනය දින්නනාහුගේ ආරක්ෂා දිව්‍ය පුත්‍රයා දිවසර්‍වාඟධවලවූ වෘෂභවේසයෙන් පෙනෙන්නේය. පරදින්නාහුගේ ආරක්ෂා දිව්‍ය පුත්‍රයා සියලඟ කෘෂ්ණ වර්ණණවූ වෘෂභයක් මෙන් පෙණෙන්නේය. ඔවුන් දෙදෙනාගේ ආරක්ෂා කොට දෙන් දිව්‍ය පුත්‍රයෝම යුද්ධ කොට ජය පරාජය කෙරෙති කීයේය. එබස් ඇසූ නන්දිසේන නම් අමාතයයා නැගීසිට ගොස් රජුගේ සහාය වූ දහසක් පමණ මහ යෝධයෝ ඇත. ඔවුන්ගෙන් එතනට නුදුරුතන්හි එක් පර්වතයක නැගී පින්වත්නි අපගේ රජ්ජුරුවන් වහන්සේගේ ජීවිතය රක්ෂාකොට දෙන්ට හැකිදැයි විචාළේය. ඒ තෙපුල් ඇසූ යෝධයෝ එසේය. ජීවිතය රක්ෂාකරන්ට හැකිවම්හයි කීවාහුය. එසේ වී නම් ප්‍රපාත ස්ථානයෙහි වැටෙවුදැයි විචාළේය.

එබස් ඇසූ දහසක් පමණ යෝධයෝ ප්‍රපාත ස්ථානයෙහි වැටෙන්ට පටන් ගත්තාහුය. ඒ වේලෙහි ඔවුන් වලක්වා ප්‍රපාත ස්ථානයෙහි වැටී මිය ගියායින් ප්‍රයෝජන කිම්ද? අපගේ රජ්ජුරුවන් වහන්සේට සහායව නොපසු බැස යුද්ධ කරවයි කීයේය. ඔහු එබස් පිළිගත්තාහුය. ඉක්බිති යුද්ධය පැමිණි කල්හි කලිගුරජ මම දිනමි. හීන විර්යයට පැමිණි සන්නාහ. සන්නද්ධව ගොළු ගොළුවූවාහුය, තම තමන්ගේ අභිප්‍රාය ස්ථාන වලට ගියාහු. යුද්ධ කිරීමට සුදුසු කල්හි වීරිය නොකළාහුය. රජ දරුවෝ දෙදෙනාද අශ්ව යානාවට පැන නැඟී යුද්ධ කරමි කියා ඔවුනොවුන් කරා එලඹියාහුය. එකල්හි රජ දරුවන් දෙදෙනාගේ ආරක්ෂා දිව්‍ය පුත්‍රයෝ පෙරටුව ගොස් කලිගු රජහුගේ ආරක්ෂා දිව්‍ය පුත්‍රයාට ස්වර්ඟාධවලවූ වෘෂභ වේශයක් වූයේය. අස්සක රජහුගේ ආරක්ෂා දිව්‍යපුත්‍රයාට සර්‍වාඟධවල වූ වෘෂභ වේශයක් වූයේය. අස්සක රජහුහෙු ආරක්ෂා දිව්‍ය පුත්‍රයා සියලඟ කෘෂ්ණා වර්ණ වෘෂභවේශයක් වූයේය. ඔහු දෙදෙනද ඔවුනොවුන් හා යුද්ධාකාර දක්වා එලඹියාහුය. වෘෂභයෝ වනාහි ඒ රජදරුවන් දෙන්නාටම පෙනෙති, අන් සත්වයන්ට නොපෙනෙති, නන්දිසේන නම් අමාත්‍යතෙම මහ රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේට ආරක්ෂා දිව්‍ය පුත්‍රයෝ පෙනෙන්නේදැයි කීයේය. කවර රූපයක් පෙනේදැයි විචාළේය. කලිගුරජහුගේ ආරක්ෂා දිව්‍ය පුත්‍රයා සර්‍වාඟධවලට වෘෂභයක්ව පෙණෙන්නේය. අපගේ ආරක්ෂා දිව්‍යපුත්‍ර තෙම සියලඟ කෘෂ්ණ වර්ණව මිරිකුණු ශරීරව පෙණෙන්නේය. මහරජ්ජුරුවන් වහන්ස, නුඹ වහන්සේ නොබව මැනව, අපි ජය ගණුම්හ, කලිගුරජ පරදනේය. එසේ හෙයින් නුඹ වහන්සේ අසු පිටින් බිමට බැස මෙතෙප් ගෙණ මොනවට හික්මුනු සවින්ධවය උදර පාර්ශවයෙහි වාම පාර්ශවයෙන් උනමීලනය කොට මේ දහසක් පමණ යෝධයන් හා සමඟ වේගයෙන් ගොස් කලිගුරජහුගේ දිව්‍ය පුත්‍රයාහට තෙප්පහරින් පහරවයි කීයේය.

ඉක්බිති අපි දහසක් පමණ ඇත්තෝ දහසක් තෙප්වලින් පහරුම්හ, එසේ කල්හි කලිගුරජගේ ආරක්ෂා දිව්‍යපුත්‍ර නැසෙන්නේය. ඉක්බිති කලිගුරජ පරදිනේය. අපි දිනම්හයි කියා අස්සක රජ එසේවීනම් යහපතැයි ගිවිස නන්දිසේනයා විසින් දුන් සලකුණෙන් ගොස් තෙබින් පහරක් දුන්නේය, දහසක් පමණ යෝධයෝ තෙප්දහසක් පහළාහුය. ආරක්ෂා දිව්‍ය පුත්‍රයා එතැන්හිම ජීවිතක්ෂයට පැමිණියේය, එකෙණෙහි කලිගුරජ පැරදිගියේය. පැරද යන කලිගුරජහු දැක දහසක් පමණ යෝධයෝ කලිගුරජ පැරදයන්නේයයි මහ ශබ්ද පැවැත්වූවාහු. මරණ භයින් භය ගෙණ යන කලිගුරජ තාපසයන් වහන්සේට ආක්‍රෝශ කියා බණන්නේය. එඹල කොල කූට තාපසය අන් සත්වයන් විසින් සහනය කළ නොහැකි බුද්ධ ප්‍රයෝගාදිය සහනය කරන්නාවූ කලිගු රජහට ජයයි කියාද අස්සක රජහට අවැඩව පරාජය වෙයි කියාද කියන ලද්දාවූ තොප විසින් අත්ලස් ගෙණ පරදින රජහු දිනති කියා දිනන රජහු පරදිති. තොප විසින් කියන ලද විරුද්ධ වචනය කායවාරාදීන් සෘජුවූ උත්තම සත්වයෝ මෙබඳු මුසා නොකියයි කියා කලිගුජ තාපසයන්ට වෙහෙසා ආක්‍රෝශ පරිභව බෙනෙමින් ගොස් තමාගේ නුවරටම ගියේය. නැවත පසු බලන්ටද අසමත්විය. ඉක්බිත්තෙන් කීප දවසක් හුගේ ඇවෑමෙන් සක් දෙව්රජ තාපසයන් වහන්සේට උපස්ථානයට ආයේය. උන් වහන්සේ ඒ සක්දෙව් මහරජහු හා සමග කථා කරණසේක්. දෙදෙව්ලෝ වැසි දෙවියන්ට රජවූ ප්‍රථවීනීශ්‍රිත දෙවියන්ට ප්‍රධානවූ මඝ මානවක යන පූර්‍ෂ නාමධෙයක් ඇති ශක්‍ර දේවේන්ද්‍රයානනි, තොප වැනි මහේශාක්‍ය දෙවියෝ මුසාවාදයෙන් වැලැක්කාහ. සබවසෙහි කියන ලද උතුම් දනය ඒ දෙවියන් කෙරෙහි පිහිටියේය. තොප විසින් යම් වචනයක් මට කියන ලද්ද ඒ අනන්ත විනාශ කරවූ මුසාවාදයයි කියන්නාවු එබඳුවූ අවිද්‍යාමාන වචනයක් කවර කාරණයක් පිණිස කියනදදැයි කීයේය.

එබස් ඇසූ ශක්‍ර දේවේන්ද්‍රයෝ කියනුයේ රාගාදී කෙලශයන් තමාගේ චිතතසනතානයෙන් බැහැර කරණ ලද හෙයින් බ්‍රාහ්මණ නම්වූ තාපසයානන් වහන්ස, දෙවියෝ පුරුෂයන්ගේ බල පරාක්‍රමය ඊෂ්‍ර්‍යා වසඟ නොකෙරෙමි සිතා එතැන්හි ආගම ශාස්ත්‍ර වල කියන බස් නුඹ වහන්සේ විසින් අසන ලද්දේ නොවේද ආත්ම දමනයට පැමිණි සියලු සෙනග සමගි වීමෙන් නොපසු බැස යුද්ධයට එන කල්හි දාඪවීය්‍ර්‍ය බලපරාක්‍රම ඇති අස්සක රජහට ජයවීයයි කියා ශක්‍රදේවේන්ද්‍රයා තාපසයන් වහන්සේට කීයේය. ඉක්බිති කලිගු රජ්ජුරුවන් පැරද ගිය කල්හි අස්සක රජ්ජුරුවෝ පර සෙනග දමා ගිය වස්තු ගෙණ තමාගේ නුවරටම ගියේය. ඉක්බිති නන්දිසේන නම් අමාත්‍යයා කලිගු රජහට අසුන් ලියවා ගමන් කරවන්නේ ඉදන් මේ රාජ කන්‍යාවන් සතරදෙනාට දායාද කොටස් එව්ව මැනව. නොඑව්වහොත් මේ තැන්හි කටයුතු කාරිය කාරිය දනිමි ලියා ගමන් කරවූයේය. එබස් ඇසූ කලිගුරජ භයින් තැතිගෙණ ඒ රාජ කන්‍යාවන් විසින් ලැබිය යුතු දායාද ගමන් කරවූයේය. එතැන් පටන් සමගිව වාසය කළාහුය, ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා මේ චුල්ලකාලිඟ ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි කලිගු රජ දූ සතර භික්ෂුනයෝ වන්නාහුය, එකල්හි නන්දිසේන අමාත්‍යයා නම් දැන් ශාරිපුත්‍ර ස්ථවිරයෝය. එසමයෙහි තාපසයෝ නම් බුදුවූ මම්මවේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

296 මහාඅස්වාරොහක ජාතකය
294 සිරිකාලකණ්ණි ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.