
තවද මහමුහුදේ ගැඹුරුවූ ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් ලෝභී භික්ෂූකෙණෙකුන් වහනසේ අරභයා මේ ජාතකය දක්වන ලද මෙහි වර්ථමාන කථාවත් අතීත කථාවත් දෙකම පළමු කී ජාතකය මෙනි.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන්වහන්සේ වටු ජාතියෙහි උපන්සේක. එසමයෙහි බරණැස් නුවර ලිහිණි වැද්දෙක් වලට ගොස් වටුන් බදාගෙණ ගෙයි තිබා ගොදුරා ලා අනුන්ට මිලයට දෙන්නේය. එක් දවසක් බෝධිසත්වයන් වහන්සේ වැද්දහු දැමූ දැලට අසුව උගේ ගෙට අවුත් උගෙන් ලූ ගොදුරු දැක ඇඟ මහත්වීනම් නපුරැයි සිතා ගොදුරු නොකා ඇඟ දුර්වල කොට ඒ වැදිත් බෝධිසත්වයන් ගොදුරු නොකන්නේ කුමක් නිසාදෝහෝයි සිතා අල්ලෙහි තබාගෙණ බලමින් සිටි කලට උගේ ප්‍රමාදයක් බලා පවනටබඳුවූ වේගයෙන් වනයට පලා ගියාහ. බන්ධු වටුවන් විසින් මෙතෙක්දා පමාවූයේ ඇයිදැයි විචරන්නා වැද්දෙකුට අසුව ගැළවුනු මාන කීවාහුයයි වදාරා දෙකල් ගළපා මේ වට්ටක ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි වටුව උපන්නෙම් තිලෝගුරු බුදුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk