Skip to main content
Monthly Archives

October 2017

බුදුහිමියව් ඉදිරියේම තෘෂ්ණා පහකල ජතුකණ්ණි මහරහතන් වහන්සේ.

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

ජතුකණ්ණි මහරහතන්වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි බුදු වූ පදුමුත්කර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩි විය පත් කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ප්‍රාර්ථනා කළහ. හෙතෙම බොහෝ කුසල් කොට සසර සැරිසරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි බමුණු මහසල් කුලයක ඉපිද ජතුකන්ණි නමින් ප්‍රසිද්ධව වාසය කළේය. පසුව බාවාරි නම් තවුසා ළග පැවිදිව වසන කල්හි බාවාරි තාපසතුමා ගේ අනුදැනුම මත බුදුන් වහන්සේ කරා පැමිණ මෙසේ ප්‍රශ්නයක් ඇසීය.

Read More

දහසක් පිරිස සමගින් එක්වර රහත් වූ පෝසාල මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

පෝසාල මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුලගෙයක උපන්නේය. හෙතෙම වැඩි වියට පත් වූ කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ප්‍රාර්ථනා කොට බොහෝ පින්කම්ද කෙළේය. එකී කුලපුත්‍ර තෙම එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විදිමින් සිට අපගේ බුදු රජාණන් වහන්සේගේ කාලයෙහි පැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද පෝසාල නමින් ප්‍රසිද්ධව විසීය. පසු කාලයකදී බාවාරි නම් තවුසා ළග තාපස පැවිද්ද ලබ කල්ගෙවු අවස්ථාවෙහි එකී බාවාරි තවුසාගේ අනු දැනුම ඇතිව අප බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණ උන්වහන්සේන්ගෙන් මෙබදු ප්‍රශ්නයක් ඇසීය.

Read More

බාවාරික තාපසතුමාගේ ප්‍රශ්න අසා රහත් වූ පුණ්ණක මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

පුණ්ණක මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුල ගෙයක උපන්නේය. හෙතම වැඩිවියට පත්ව එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයෙහි රහත් ඵලය ප්‍රාර්ථනා කොට බොහෝ පින්කම් ද කෙළේය. එකී කුල පුත්‍රයා එයින් චුතව බොහෝ කාලයක් සසර සැරිසරා අපගේ  බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවර බමුණු කුලයක ඉපිද පුණ්ණක නමින් ප්‍රසිද්ධ විය, අනතුරුව ත්‍රිවේදය ඉගෙන බාවාරි තාපසතුමා ළග අතවැසි තාපසයෙක් ව විසී ය, එක් අවස්ථාවක බාවාරි තාපසතුමාගේ අනුදැනුම ඇතිව පුණ්ණක තාපසයා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ මෙබදු ප්‍රශ්නයක් ඇසී ය.

Read More

තෘෂ්ණාවෙන් මිදෙන ආකාරය ගැන ප්‍රශ්න අසා භව ගමන කෙලවර කල ධෝතක මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

ධෝතක මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුල ගෙයක උපන්නාහු එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ද ” අනාගතයෙහි රහත් භාවයට පැමිණෙන්නෙමි” යි ප්‍රාර්ථනා කොට බොහෝ කුසල් කළහ. නැවත එම කුලපුත්‍රය එයින් චුතව බොහෝ කාලයක් සසර සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර බ්‍රහ්මණ මහා සාර කුලයක ඉපිද ධෝතක නමින් ප්‍රසිද්ධ ව වාසය කෙළේය, පසු කාලයකදී බාවාරී නම් තාපසතුමාගේ ශිෂ්‍යයෙක් ව තවුස් දම් පිරීය, බාවාරි තවුසාගේ අනුදැනුම මත ධෝතක තාපසතුමා බුදුරජාණන් වහන්සේ කරා පැමිණ උන්වහන්සේන්ගෙන් පහත දැක්වෙන ප්‍රශ්නය විචාළේය,

Read More

මුනිවරයන් හදුනාගෙන භවය කෙලවර කල නන්ද (දුනිය) මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

 

නන්ද මහතෙරුන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර එක් කුලගෙයක උපන්හ. හෙතෙම වැඩි වියට පත්වූ කල්හි එම රහත් බව ප්‍රාර්ථනා කොට කුසල් රැස් කෙළේය. බොහෝ කාලයක් සසර සැරිසරමින් පින් දහම් වල යෙදෙමින් සිටි එම කුලපුත්‍රයා අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවර බ්‍රාහ්මණ මහා සාර කුලයක ඉපිද වේදය ඉගෙන වාසය කරන කල්හි බාවාරි නම් තාපසතුමා වෙත ගොස් ඔහුගේ ශිෂ්‍යයෙක් ව තාපස ධර්මය පුරමින් සිටියේ ය, දිනක් බාවාරි තාපසතුමාගේ අනු දැනුම ඇතිව බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ මේ ප්‍රශ්නය විචාළේය.

Read More

ලෝකය පිලිබද තතු දැනගෙන භවය කෙලවර කල අජිත මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

අජිත මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදු රජාණන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුලපුත්‍රයෙක් ව ඉපිද එම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී අනාගතයෙහි රහත් භාවය ප්‍රාර්ථනා කොට බොහෝ කුසල් රැස් කළහ. හේ සසර සැරිසරමින් අපමණ කුසල් කොට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවර මහ කොසොල් රජුගේ පුරෝහිත බමුණාට පුත්ව ඉපිද අජිත නමින් ප්‍රසිද්ධ ව විසීය. පසු කාලයේ දී අජිත මානවක තෙම බාවාරි නම් තාපසතුමාගේ ශිෂ්‍යයෙක්ව තාපස ධර්මය වැළද ගෙන සිටි අවස්ථාවේ එම බාවාරි තාපස තුමාගේ අනුදැනුම ඇතිව බුදුරජාණන් වහන්සේ හමුව පහත දැක්වෙන ප්‍රශ්න සතර චිචාළේය.

Read More

ලෝකයේ සැබෑ සතුට හදුනාගෙන භව කෙළවර දුටු තිස්ස මෙත්තෙය්‍ය මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

තිස්ස මෙත්තෙය්‍ය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදු රජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුල ගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා පැහැදී රහත් භාවය ප්‍රාර්ථනා කළහ. හෙතෙම ඉන් අනතුරුව බොහෝ කුසල් කොට එයින් චුතව සසර සැරිසරා දෙව් මිනිස් සැප විඳිමින් සිට ද අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුලයක උපන්නේ ය. නමින් තිස්ස මෙත්තෙය්‍ය විය. කලක් ගත වීමෙන් තිස්ස මෙත්තෙය්‍ය බමුණා බාවාරි නම් තාපසතුමාගේ ශිෂ්‍යයෙක් ව තාපසයෙක් විය. පසු කලකදී බාවාරි තවුසාගේ අනුදැනුම ඇතිව බුදුරජාණන් වහන්සේ කරා පැමිණ පහත දැක්වෙන ප්‍රශ්න මාලාව ඇසීය.

Read More

error: Content is protected by www.ifbcnet.org.