Monthly Archives

June 2016

පූජණීය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගේ දේහය පිලිබද විශේෂ ලිපි පෙල …

By | පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (Ven. Thotagamuwe Sri rahula Thero ) | No Comments

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර විසින් රචිත තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ යන පර්යේෂණ කෘතියේ අද ගෝවේ තිබෙන සාන්ත සේවියර්තුමාගේ යෑයි කියන දේහය රහල් හිමිගේ දේහය බවට සනාථ කරන කරුණු දැක්වෙන මෙම ලිපි මාලාව දිවයින පුවත් පතින් උපුටාගන්නා ලද ලිපි වේ. ඔබගේ දැනුවත් වීම පිණිස මේවා උපුටාගෙන නැවත පලකරන බව කරුණාවෙන් සලකන්න.

දළදා හාමුදුරුවෝ ගැන ඔබ නොදත් කථාවක් …

By | පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ) | One Comment

මං මේ බලාගෙන හිටියේ මීට සියවස් හයකට ඉස්සර දළදා වහන්සේ වැඩමවාලූ ගොඩනැඟිල්ල දෙසයි… එතැනට දළදා වහන්සේ වඩමවාගෙන විත් තිඛෙන්නේ ඛෙලිගල ඉඳලා. එදා ඒ තුන් මහලක්ව හැදුව දළදා මාලිගාව පසු කලෙක දෙමහල් මාලිගාවක් වන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන්… මේ කුඩා විහාර ගේ ඇතුළේ විස්මිත චිත්‍රයක් තියෙනවා…

ඒ දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයෙන් සිදුවූ දෙයක්… ඒ සිත්තමේ දැක්වෙන්නේ බුදුන් වහන්සේගේ රුවක්. ඒ සිත්තම ඇඳ ඇති ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ සිට මෑත පෙනෙන සපු ගස දක්වා රුවන් පාලමක් මතින් ගමන් කරන ආකාරයයි… ක්‍රි. ව. 1236දී දඹදෙණිය රාජධානියේ රජ බවට පත්වෙන දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී සිදුවෙන එම දළදා ප්‍රාතිහාර්ය ගැන පත පොතේ සඳහන් වෙන්නේ, දන්ත ධාතුන් වහන්සේ රජතුමාගේ අත්ලෙන් අහසට පැන නැඟී ෂඩ් වර්ණයෙන් පෙදෙසම ඒකාලෝක කර නැවත රජුගේ අත්ලටම වැඩම කළ බවයි. මෙයින් මහා ප්‍රසාදයට පත්වන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා අවුරුදු ‍දොළහක් නොකඩවා දිවා රෑ පුරා තල තෙල් පහනක්, එළඟිතෙල් පහනක්, උරුලෑ තෙල් පහනක්, කපුරු තෙල් පහනක් සහ අමු කපුරු පහනක් දළදා වහන්සේ වෙනුවෙන් දැල්වූ බව දඹදෙනි අස්නෙහි සඳහන් වෙනවා… මං ඒ වෙලේ හිටියේ මීට සියවස් අටකට ඉස්සර ඒ පහන් සිළු දැල්වුණු බිමේ… දළදා හිමි මොන තරම් මහෝගයක්ද… ඔබට අමතක නැතිව ඇති අපි මේ කතා කරන තේවාව ඒ වගේ… සම්ප්‍රදායන්… අපේ අතීත උරුමයන්, ගෞරවයන් සියල්ල වියැකී යා නොදී රැකගත යුත්තේ අපමයි… නාරන්පනාවේ ආනන්ද හිමියෝ එදා කතාව අහවර කළ තැන ඔබට මතක ඇති… අපි යමු එතැනට…
ඉතින් අපේ හාමුදුරුවනේ රජ කාලේ කොහොමද සංඝ සභාව ගැන කියන්නේ…

Read More

දළදා තේවාවේ රහස් එළියේ අය දන්නේ නැහැ …

By | පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ ... ( Sacred Tooth Relics of Lord Buddha. ) | No Comments

ක්‍රි.ව. 1300 මෙරට රාජධානි ඉතිහාසයේ කඩඉම් වසරක්… ඒ වසරෙදි තමයි කුරුණෑගල රාජධානියේ ආරම්භය සිදු වෙන්නේ… කුරුණෑගල රාජධානියේ ආරම්භක රජතුමා වෙන්නේ දෙවැනි බුවනෙකබාහු රජතුමායි… එතුමා ශ්‍රී නිවාස බුවනෙකබාහු ලෙසයි රාජාවලියේ හඳුන්වා තිඛෙන්නේ…

එතුමා කුරුණෑගල රාජධානියට, දළදා වහන්සේ රැගෙන එනවා… කුරුණෑගල රාජධානියේ තහවුරු වී ඇති තොරතුරු අනුව දළදා වහන්සේ වෙනුවෙන් මැඳුරක් ඉදිවන්නේ දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ පුතාගේ රාජාභිෂේකයෙන් පස්සේ… දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ පුත්‍රයාගේ නම සිවුවැනි පරාක්‍රමබාහු. ඔහු මෙරට රජ වන්නේ ක්‍රි.ව. 1302දී… ඇතුගල්පුර ලෙසින්ද නරිනාථපුර නමින්ද කලෙක හැඳින්වූ කුරුණෑගල රාජධානියේ ආරම්භක රජු දෙවැනි බුවනෙකබාහු වුවත් කුරුණෑගල රාජධානියේ දීප්තිමත්ම රජු සිවුවැනි පරාක්‍රමබාහු රජතුමායි… එතුමන්ගෙන් දළදා වහන්සේට වූ මෙහෙය අපමණයි… ඒ ගැන විස්තර අපි ලබන කලාපයේ කියවමු… ඉතින් අදත් නාරන්පනාවේ ආනන්ද නායක හිමියන්ගේ ඒ දළදා වහන්සේ හා සබැඳි අප්‍රකට කතා පැසට අපි එඛෙමු…

Read More

අසිරිමත් ආශ්චර්යයන් පිරි සෝමාවතිය …

By | සිරි සදහම් ( Dhamma) | One Comment

සුළඟ මිදිනි. හිරු නතර විනි. ගහ කොළ ගල් පිළිම සේය. කිසිවකු කිසිවක්‌ කතා නොකර සෝමාවතිය චෛත්‍ය රාජයාණන් දෙස බලා සිටියහ. ඒ නම් ආශ්චර්යයක්‌මය. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල වටේට රශ්මි මාලාවක්‌ විහිදේ…

සාධු… සාධු… සාධු… ඒ දැකුමෙන් ප්‍රමුදිත වූ දහස්‌ සංඛ්‍යාත බැතිමුතුන්ගේ සාධු නාදයෙන් සෝමාවතිය පුද බිම රැව් පිsළිරැව් දුන්නේය.

ඒ අසිරිමත් මොහොත උදා වූයේ පසුගිය ඇසළ පුන් පෝය දින දහවල් 11.30 ට පමණය. විනාඩියක්‌ දෙකක්‌ එම රශ්මි මාලාව කොත් කැරැල්ලට ඉහළින් දිස්‌ විය. ඒ ආශ්චර්යවත් මොහොතේ සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස සිටීමට තරම් මම ද වාසනාවන්ත වීමි.

Read More

මහ බෝ නහවන්නට බසවක්කුලමෙන් අහසට පැන නැගි දිය බුබුලක ආශ්චර්යය …

By | සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) | No Comments

 

සොබා දහම පවා බුදුගුණ ඉදිරියේ සන්සුන් වන බව ඉතිහාස කථා තුල පමණක් නොව මෑත කාලයේදී සාක්ෂි දක්වයි. අරණායක නායයාමෙන් පසුව නාය ගිය බිමෙහි ඉතිරි උන එකම ඉදිකිරීම ලෙස අප දුටුවේ ඒ නිර්මල බුදුරුව සහිත පිළිම ගෙයයි. සුනාමි ව්‍යවසනය පැමිණ මහල් ගොඩනැගිලි පවා බිමට පතිත වෙද්දී දුම්රිය පෙට්ටි ගිණි පෙට්ටි ගානට පෙරලී යද්දී බුද්ධ රූප පමණක් ඉතිරි වූ හැටි අපූරුය. මෙවැනි ආශ්චර්යමත් දේ කොයි ආකාරයට සිදුවෙනවාදැයි කියන්නට අපි නොදනිමු. නමුත් දස දහස් ගණනක් වදින පුදන බුද්ධ ප්‍රතිමාවක මහ බල පිහිටී ඇති බවට සැක නැත. පිරිතක් උනත් වැඩි වාර ගණනක් කියන විට ප්‍රතිඵල වැඩිය. යන්ත්‍රයක් බල ගැන්වීමේදී දහස් වර ආදී වශයෙන් මන්ත්‍ර ජප කරන්නේද එබැවිනි.

Read More

රුවන්වැලි සෑයෙන් හෙළි වන ලොව පැරණිම අකුණු තාක්ෂනය ..

By | සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) | No Comments

ලෝකයේ බොහෝ රටවලට අකුණු තර්ජනය පවතින බව සැබෑවකි.විද්‍යාව කොතරම් දියුණ වුවත් ස්වභාව ධර්මයේ තවත් එක් දරුණු ක්‍රියාවක් වන අකුණු සැරය මුළුමනින්ම නවතාලන්නට තවමත් අපට නොහැකය.කෙසේ වෙතත් අකුණු වලින් සිදු වන විපත් හා එයින් ආරක්ෂා වීම පිලිබදව කතා කරන විට ලෝකයේ අන් සියල්ලන්ටම වඩා අප ඉදිරියෙන් සිටින බව ආඩම්බරයෙන් කිව යුතුය. යුරෝපයේ ශිෂ්ටාචාර දියුනුවන්නටත් පෙර සිටම අපේ මුතුන් මිත්තන් අකුණු අනතුරින් ගැලවෙන්නට කල යුතු දෑ පිලිබදව දැන සිටි බවට මේ වන විට තහවුරු වී තිබේ.

Read More

ස්වර්ණමාලී දෙවගන වූ ගාඩි වංශයේ නායිකාව …

By | සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) | No Comments

දේවානම්පියතිස්ස මහ රජතුමා බෞද්ධයකු වීම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතුවක් වූ බව පුරාණ කතා ඇසුරේදී පෙනීයයි. එතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් දහම් අසා ධර්මාවබෝධය ලැබුවා පමණක් නොව ලක්දිව සෑම දෙසම වෙහෙර විහාර කරවන්නටද මූලික විය. ථූපාරාමය ඉදිකිරීම මෙන්ම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රෝපණයද සිද්ධ වූයේ දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදිය.
අනුරාධපුරයේ අටමස්ථාන වලින් ඉතිරිය ඉදිවුයේ ඉන් සියවස් ගණනකට පසුවය. නමුත් අනුරාධපුරයේ අටමස්ථානය ඉදිවන තැන් මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට පෙන්වා වදාළහ. මේ පුවත පුරාණ ලේඛනවල සඳහන් වේ.
මිහිඳු මහරහතන් වහන්සේ සමන් මල් මිටක් දෝතට ගෙන අහසට විසි කළහ.

මහරජ මේ සමන් මල් මිට අහසේදීම අට කොටසකට බෙදී අනුරාධපුරයේ අට තැනෙක පතිත වන්නේය. ඒ වනාහි මතු රුවන්වැලි මහාසෑය, මිරිසවැටිය, ථූපාරාමය, අභයගිරිය ආදී වූ අටමස්ථානය ඉදිවන තැන්ය.

Read More

ශ්‍රී දළදා වහන්සේ ගැන ඔබ නොදත් කථා …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

සාමාන්‍යයෙන් පොදු මහජනතාව වෙනුවෙන් දළදා ප‍්‍රදර්ශනයක් පවත්වනු ලබන්නේ වසර පහක පමණ කාලයක් ඉක්ම යාමෙන් පසුවය. එහෙත් දිනපතාම දළදා මාළිිගාවට ගොස් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින කරඬුව අසලටම ගොස් වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. අවසන් වශයෙන් දළදා ප‍්‍රදර්ශනයක් පවත්වා වසර හයකටත් වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් ඇති බව දැන ගැනිමට ලැබේ. ඒ සඳහා මල්වතු – අස්ගිරි මහානායක හිමියන් වහන්සේ සහ දියවඩන නිලමේතුමා යන තිදෙනාම සිටීම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව කරඬු තුනක් අගුළු දමා අස්ගිරි, මල්වත්ත මහනායක ස්වාමීන් වහන්සේට සහ දියවඩන නිලමේතුමාට යතුරු භාර දී ඇති බැවිනි.

දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා එම පියවර ගෙන ඇති අතර, කරඬු හත වෙඩි නොවදින වීදුරු ආවරණයකින්ද ආරක්ෂිතය. වත්මන් දියවඩන නිලමේතුමාගේ කාලය ද, එළඹෙන ජූලි මස පළමුවෙනිදායින් පසුව අවසන් වීමට නියමිතය. කෙසේ වුවත්, මෙම කරඬු හතේ ඉතිහාසය පිළිබඳ විවිධ අදහස් සමාජයේ පවතී. එපමණක්ද නොව කරඬු හත තබා ඇති අනුපිළිවෙල ගැන ජනතාව අතර පමණක් නොව භික්ෂූන් වහන්සේ අතරද නිවැරදි අවබෝධයක් නැත. දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ හේමමාලා කුමරිය කොණ්ඬේ ගසා ගෙන වැඩම කළ කරඬුවේද? බුරුම කරඬුවේද? ඊට ප‍්‍රථම දළදා වහන්සේ ගැන කිසියම් අවබෝධයක් ලබා ගත යුතුව තිබේ.

මහා පුරුෂයකුගේ විසි තුන්වන ලක්ෂණය

බුදුරජාණන් වහන්සේගේ දත් සාමාන්‍ය පුරුෂයෙකුගේ දත් වගේ නොවේ. සාමාන්‍ය පුරුෂයෙකුට පිහිටන්නේ දත් තිස් දෙකකි. බුදුරජාණන් වහන්සේගේ දත් ගණන, හැඩ රුව අතින් වෙනස් වන බව බොහෝ දෙනෙක් දනිති. එහෙත් වෙනස් වෙන්නේ කෙසේද කියා නොදනිති.

සාමාන්‍ය පුද්ගලයකුගේ දත් නැතිනම් දන්ත එක එක හැඩයෙන් යුක්තයි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් සමහරක් දත් ලොකුයි. සමහරක් දිගයි, පොඩියි, කොටට පිහිටන දත්ද ඒ අතර පවතී. ඒ වුණත් බුදුරජාණන් වහන්සේගේ සියලූම දත් එක හා සමානයි. මේ නිසා ‘‘සමදන්ත” කියාද උන්වහන්සේගේ දත් හඳුන්වා දී තිබේ.  සමදන්ත පිහිටන්නේ මහා පුරුෂයකුගේ මුඛයක පමණි. බුදුරජාණන් වහන්සේද මහා පුරුෂයෙකි. මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකකි. බෞද්ධ පොත්වල සඳහන් වන ආකාරයට ඉන් විසි තුන්වන ලක්ෂණය දත්ය.  එය ‘‘චත්තාලීස දන්ත” ලක්ෂණයට අයත් වේ.

ckickසර්වඥයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි දත් විස්ස බැගින් උඩු සහ යටි හනුයෙහි පිහිටා ඇති දත් සංඛ්‍යාව හතළිහකි. මේ ආකාරයෙන් සමදත් හතළිහක් පිහිටා තිබීම නිසා දානය වළදන විට එම ආහාර හොඳින් විකෙන බව සමහර පොත්වල සඳහන් වේ. ඒ කෙසේ වුවත්, දළදා මාළිගාවේ තැන්පත් කර තිබෙන්නේ බුදුන් වහන්සේගේ යටිහනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. ජීවමානව පවතින එකම දන්ත ධාතුන් වහන්සේය. දළදාව කියාද එය හඳුන්වති. දත් නොකියා ‘‘දළ” කියන පදය සාමාන්‍යයෙන් යොදන්නේ ඇතෙකුගේ දත් ගැන කතා කිරීමටයි. මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා පවසන ආකාරයට ‘‘දළ” කියන්නේ සිංහල පදයකි. එම පදය සිංහලයට පැමිණ තිබෙන්නේ ‘‘දාඨා’’ යන පාලි පදයත්, දංෂ්ට‍්‍රා කියන සංස්කෘත පදයත් පදනම් කර ගෙනයි. දත් ඇන්දේ තිබෙන විශේෂ දත් හතරකට දාඨා (දංෂ්ට‍්‍රා) යන පදය භාවිත කෙරේ. ඉන් එකක් නම් වාම ශ‍්‍රී දළදාවයි.
වෛද්‍ය නිහාල් කරුණාරත්න විසින් රචිත මහනුවර අතීතය සහ වර්තමානය (ක‍්‍රි.ව 1474 – 1998) නමැති කෘතියෙහි සඳහන් වන ආකාරයට ක‍්‍රි.ව 1818 වසරේදී උඩරට කැරැල්ල පැවති අවස්ථාවේ වීර මොනරවිල කැප්පෙටිපොළ දිසාව දන්ත ධාතුන් වහන්සේ භාරගත් අවස්ථාවේ කරඬු තිබුණේ කෙසේද කියා සඳහන් කර තිබෙන්නේ මේ ආකාරයෙනි. ‘‘දෙවෙනි විමලධර්මසූරිය රජතුමා විසින් පිටින් ඇති විශාල කරඬුව පුජා කෙරී ඇති අතර එහි රන් ආලේප කෙරී ඇත්තේ කීර්ති ශ‍්‍රී රජතුමා විසිනි. තවද ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්දාසිංහ රජු විසින් රිදී ආලේපිත කුඩා කරඬුවක් පූජා කරන ලදි. ශ‍්‍රී විජය රාජසිංහ නරොත්තමාණන් විසින් තව ඉතා කුඩා කරඬුවක් රත‍්‍රන් සමඟ මැණික් ඔබ්බවා පූජා කෙරී ඇත. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් තවත් ඉතා කුඩා ප‍්‍රමාණයේ කරඬු දෙකක් පූජා කරන ලදි. ඊළඟ තිබී ඇත්තේ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා රැගෙන එන ලද කරඬුවයි” වශයෙනි. ක‍්‍රි. ව. 1818 වසරේ මැයි මාසයේ මුල් සතියේදී හඟුරන්කෙත අරත්තන රජමහා විහාරස්ථානයේදී කැප්පෙටිපොළ දිසාවගේ ප‍්‍රධානත්වයෙන් දළදා ප‍්‍රදර්ශනයක් පවත්වා ඇත. මේ සඳහා හඟුරන්කෙත ඩිංගිරාල ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ජෝන් ඬේව් දුටු දන්ත ධාතුන් වහන්සේ
ජෝන් ඬේවි විසින් රචිත Account of the Interior of Ceylon නමැති කෘතියෙහි දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ ඇසින් දුටු විස්තරයක් සපයයි. එහි මෙසේ සඳහන් වේ.

‘කහට පැහැ මුසු කහ පැහැයකින් යුත් මෙම දන්ත ධාතුන්  වහන්සේ අඩි දෙක තුනක් තරම් සමීපයේ සිට තමන්ට දැක ගත හැකි වූ බවත්, දන්ත ධාතුන් වහන්සේ දඹ රන් තහඩුවකින් ඔතා සුරක්ෂිතව තිබෙන අයුරුත්, එයට පිටතින් අගනා මුතු මැණික්, වෛරෝඩි, දියමන්ති ආදිය ගවසා ඇති බවත් යනුවෙනි. ඔහුගේ විස්තරයෙහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. දර්ශණීය හා මාහාර්ඝ කුඩා කරඬුවක් තුළ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබේ. ඒ කරඬුවෙහි මරකත මාණික්‍ය, රත්න මාණික්‍ය හා  දියමන්ති අතිශය කලාත්මක අයුරින් ඔබ්බවා ඇත. මෙම කරඬුව ඊට වඩා තරමක් විශාල ස්වර්ණමය කරඬුවක් තුළ බහා තිබෙනු දැක ගත හැකිය. ඒ කරඬුව සරුවපිත්තල බඳු දෙයකින් ආවරණය කර මස්ලින් රෙද්දකින් ඔතා තවත් කරඬුවක බහා ඇත. ඉක්බිති තුන්වැනි කරඬුවකද තැන්පත් කර ඇත්තේ ඉහතින් පැවසූ අයුරින්ම ය. සතරවැනි කරඬුවක් තුළද දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කෙරේ. එය උසින් අඩි එකහමාරක් පමණ වේ. මෙම කරඬුව චෛත්‍යයක හැඩය දරයි. දන්ත ධාතුව රැුඳි කරඬුව හැරුණ විට තවත් කරඬු තුනක් තුළ බහා ඇත. එවිට සියලූ කරඬු ප‍්‍රමාණය සතකි. ඒ සියලූ කරඬු හැඩයෙන් දාගැබක ස්වරූපය ගන්නා සේ නිර්මාණය කර ඇත. බාහිර කරඬුව තනා පූජා කරන ලද්දේ විමලධර්මසූරිය රජතුමා විසිනි.” වර්තමානයේද ඒ අයුරින්ම දන්ත ධාතුන් වහන්සේ කරඬු සතක තැන්පත් කර තිබේද? මේ පිළිබඳ සමාජයේ විවිධ අදහස් පවතී. බුරුම සහ ඉන්දියන් රජය විසින් ද දළදා වහන්සේ වෙනුවෙන් කරඬු කිහිපයක් පූජා කෙරී ඇති බව සඳහන් වේ.

පළමු කරඬුව දෙවන විමලධර්මසූරිය රජතුමාගෙනි
හේමමාලා කුමාරිකාවගේ කෙස් කළඹ අස්සේ කුඩා කරඬුවක බහා ආරක්ෂා සහිතව සඟවා ගෙන පැමිණි දන්ත ධාතුන් වහන්සේ අද වන විට මහනුවර  සෙංකඩගලපුර ශ‍්‍රී දළදා මාළිිගයේ ඇතුළු මාළිගාව නැතහොත් ගඳකිළිය නම් කොටසේ තැන්පත් කර තිබේ.
දන්ත ධාතුන් වහන්සේ ඇතුළත් කරඬු වෙඩි නොවදින වජ‍්‍රමය ආවරණයකින් ආරක්ෂා කර තිබේ. මෙම වීදුරු ආවරණය පූජා කර තිබෙන්නේ ජපානයේ හේ්ජි පන්සලේ පූජ්‍ය රිම්පෝ නිවා නායක තෙරුන් වහන්සේය. දළදා වහන්සේ මහනුවරට වඩම්මවා ගෙන ඇවිත් දළදා මාළිගාවේ තැන්පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ පළමුවන විමලධර්මසූරිය රජතුමාටය.
දළදා මාලිගාවේ උඩමාලයේ මල් ආසනයට යාබදව පිහිටි පිරිත් මණ්ඩපයට ඉදිරියෙන් ගන්ධ කුටිය පිහිටා තිබේ. වෙඩි නොවදින වීදුරු ආවරණය තුළ මහ කරඬුව හෙවත් පළමු කරඬුව තබා ඇති අතර එය රනින් ආලේප කර ඇත. අඩි පහ හමාරක පමණ උසකින් යුක්තය. රිදී විසිපන් දහසකින් (25,000) නිමවා රන් ආලේප කර නව රත්නයන් ඔබ්බවා රත්න චෛත්‍යයක් ආකාරයෙන් නිමවා ඇත. මෙම කරඬුව පූජා කර තිබෙන්නේ දෙවන විමලධර්මසූරිය රජතුමා (ක‍්‍රි.ව. 1687 – 1707) බව මහා වංශය සඳහන් කරයි. මෙහි වටිනා මිණි මුතුවලින් යුත් ස්වර්ණාභරණ පලඳවා ඇත. මෙම කරඬුව සෑහෙන බරකින් යුක්ත වන බැවින් ඉවත් කිරීම සඳහා අවම වශයෙන් මිනිසුන් දෙදෙනෙකුගේ සහයවත් ලබා ගත යුතුව තිබේ. එහි දෙපස පෙරහර කරඬුව හා බුරුම කරඬුව තැන්පත් කර තිබෙන අතර ඒවායෙහිද වටිනා ස්වර්ණාභරණ පලඳවා තිබෙනු දැක ගත හැක. දළදා වහන්සේ තැන්පත් කළ කරඬුව ස්වර්ණමය මිටි සිංහාසනයක් මත තිබේ. පෙරහරේ ගෙන යනු ලබන කරඬුවක්ද වීදුරු ආවරණය තුළ තැන්පත් කර ඇත. එය රනින් නිමවා ඇති අතර, වෛරෝඩි සහ වෙනත් මැණික් වර්ගවලින් සරසා තිබේ. තක්ෂිලාවේ ධර්මරාජිත ස්තූපයෙන් සොයාගත් ධාතුන් වහන්සේලා සමඟ ඉන්දීය ආණ්ඩුව විසින් පරිත්‍යාග කරන ලද කරඬුවක්ද මෙහි ඇති බව සඳහන්ය.
පෙරහර කරඬුව යන්නෙන් අදහස් කරන්නේ මහනුවර වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහරේ ඇතා පිට වඩම්මන පෙරහර කරඬුවයි. මෙම පෙරහර කරඬුව පොසොන් පසළොස්වක පෝයදා ද ඇතා පිට වඩම්වයි. ඒ කරඬුව ළඟ තේවා මුරය මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට මාරුවන අවස්ථාවේදීය. වසරකට වරක් එම චාරිත‍්‍රය සිදුවේ. පෙරහර කරඬු තුනක් දක්නට ලැබේ. ඉන් එකක් ක‍්‍රි.ව 1753 වසරේදී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා විසින් ද, අනෙක් කරඬු දෙක තායිලන්ත රජයෙන් ද පරිත්‍යාග කරනුලැබ  තිබේ. මෙයින් එක් කරඬුවක් දළදා මාලිගා කෞතුකාගාරයෙහිත්, අනෙක් කරඬු දෙක ගන්ධ කුටියෙහිත් තැන්පත් කර ඇත. වර්තමානයේ මහනුවර දළදා පෙරහැරේ ඇතා පිට වඩම්මනු ලබන්නේ තායිලන්ත රජය විසින් පූජා කරන ලද පෙරහර කරඬුවෙහිය.
මහ කරඬුව ඉදිරිපස රනින් නිම කරන ලද මල් ආසනයකි. මෙහිදි පූජා කිරීමට ගනු ලබන්නේ සුදු පැහැති පිච්ච මල් පමණක් වීම විශේෂත්වයකි.

බුරුම රටෙන් දෙවැනි කරඬුව

ඉහත සඳහන් කරන ලද පළමුවෙනි කරඬුව ඉවත් නොකර දෙවැනි කරඬුව දැක ගත නොහැකිය. පළමු කරඬුව ඉවත් කිරීමට නම් එහි පේසා වළලූ ළඟින් ගැලවිය යුතු වේ. ඒ ආකාරයෙන් පළමුවැනි කරඬුව ඉවත් කිරීමෙන් අනතුරුව දෙවෙනි කරඬුව දක්නට ලැබේ. මෙම කරඬුව පූජා කර තිබෙන්නේ බුරුම රටෙනි. කරඬුව වටා වටිනා කෞතුක වස්තූන් රාශියක් තැන්පත් කර තිබේ.

රන්පත් සමූහයක් ඇති අතර ඒවායෙහි ධම්මචක්කපවත්වන සූත‍්‍රය, පාතිමෝක්ඛ්‍ය වැනි වටිනා ධර්ම පාඨ රාශියකි. කෙසේ වුවත් මෙම බුරුම කරඬුව දැන් පිටතට ගෙන වම්පසින් තැන්පත් කර තිබේ. ඒ අනෙක් කරඬු විවෘත කිරීමේ පහසුව සඳහායි. මේ අනුව මහ කරඬුවට අමතරව දැන් තිබෙන්නේ කරඬු හයක් පමණක් යැයි සැලකෙයි.
තෙවැනි කරඩුවේ යතුර දියවඩන නිලමේ සතුයි

මේ අනුව දන්ත ධාතුන් වහන්සේගේ කරඬු හයක තැන්පත් කර තිබුණද, උන්වහන්සේගේ ආරක්ෂාව සඳහා කරඬු තුනක් යතුරු යොදා ආරක්ෂා කර තිබේ. ඉන් පළමු යතුර මෙම තෙවැනි කරඬුව විවෘත කිරීම සඳහාය. (දැන් දෙවෙනි කරඬුව) එම යතුරෙහි භාරකාරත්වය හිමිව පවතින්නේ දියවඩන නිලමේ සතුවය. කරඬුව දඹ රත්තරන්වලින් නිම කර තිබේ. මෙම කරඬුව පුජා කර තිබෙන්නේ කවුරුන්ද කියා සොයා ගැනීමට හැකියාවක් නැත.
මල්වතු අස්ගිරි මහ නා හිමියන් සතු හතර පහ කරඬු

දියවඩන නිලමේතුමා තුන්වෙනි කරඬුව විවෘත කිරීමෙන් පසු හතරවැනි කරඬුව දක්නට ලැබේ. මෙම කරඬුව නිම කර තිබෙන්නේ රත‍්‍රන්වලිනි. එහි ඉතා වටිනා මැණික් ගල් ඔබ්බවා ඇත. මෙම කරඬුව විවෘත කිරීම සඳහාද යතුරක් ඇත. ඒ දෙවෙනි යතුරය. එම යතුර භාරව සිටින්නේ මල්වතු මහා විහාරයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. උන්වහන්සේ හතරවෙනි කරඬුව විවෘත කළ විට පස්වෙනි කරඬුව දක්නට ලැබේ. හතරවෙනි කරඬුව පූජා කර තිබෙන්නේ කවුරුන්ද යන්න සොයා ගත නොහැක.

එහෙත් පස්වෙනි කරඬුව පිළිබඳ විස්තර සොයා ගත හැකිය. පස්වෙනි කරඬුව පූජා කර තිබෙන්නේ ඇහැළේපොළ මහ අදිකාරම්තුමාය. අඩියක් පමණ උස මෙම කරඬුවේ වජ‍්‍ර, ඉන්ද්‍රකීල, ලෝහිතාංක, මරකත, වෛධුර්ය, පුෂ්පරාග වැනි ඉතාමත් වටිනා මැණික් ගල් ඔබ්බවා ඇත. කරඬුවෙහි පාදම වටේට අකුරු කොටා තිබේ. එයින් කියවෙන්නේ ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන්සිය සැටට පැමිණි වෘෂභ සංවත්සරයෙහි නිකිනි මස පුර පංචම තිථිය ලත් රවි දින වශයෙනි. එනම් 1816 අගෝස්තු මස 25 දින දාය. එතුමාගේ නම සඳහන්ව පවතින්නේ ඇහැළේපොළ විජේසුන්දර වික‍්‍රමසිංහ චන්දාසේකර අමරකෝන් වශයෙනි. ඇහැළේපොළ අදිකාරම්තුමා විසින් පූජා කර ඇති නිසා ‘‘ඇහැළේපොළ කරඬුව” යන නමින්ද, පසුව එය අස්ගිරිමහා නායක හිමියන් භාරයේ පවතින බැවින් ‘‘අස්ගිරි කරඬුව” කියාත් හඳුන්වති.
හයවැනි කරඬුව

අස්ගිරි මහනායක හිමියන් වහන්සේ තම (තෙවැනි) යතුර භාවිත කර ඇහැළේපොළ කරඬුව ඉවත් කිරීමේදී දක්නට ලැබෙන්නේ හයවැනි කරඬුවයි.  මෙම කරඬුව අසලින්ම හේමමාලා කුමරිය සහ දන්ත කුමාරයා විසින් දළදා වහන්සේ වඩම්මාගෙන එනුලැබ කරඬුව දක්නට ලැබේ.
මෙම කරඬුව පැත්තකින් තබා තිබෙන්නේ අනෙක් කරඬුව වැසීමේදී බාධා නොවන ආකාරයටයි. හයවෙනි කරඬුව උස්සා පැත්තකින් තැබීමේදී හත්වැනි කරඬුව දක්නට ලැබෙනු ඇත. හයවෙනි කරඬුව පිළිබඳ මීට වඩා වැඩි විස්තරයක් සොයා ගත නොහැක.
හත්වැනි කරඬුව

හත්වැනි කරඬුව අඟල් හතරක් පමණ උසය. දළදා වහන්සේ වැඩ සිටින්නේ මෙහිය. මෙය ක‍්‍රි.ව. 1896 වසරේදී බුරුම රටේ භික්ෂූන් වහන්සේ නමක් වන රාජගුරු වජිරාරාමික හිමියන් විසින් පූජා කෙරී ඇති බව දෙමුවාවන පඤ්ඤානන්ද හිමියන් විසින් රචනා කරන ලද උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය නමැති පොතෙහි සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.
‘‘වර්ෂ 1889 බුරුමයේ මෙන්ඩූන් රජුගේ අගමෙහෙසිය වූ වජිරක්කන්ධ දේවිය භික්ෂූන් වහන්සේ හතළිස් හය නමක් හා සිය දෙනෙකුගෙන් යුත් ගිහි පිරිසක් සමඟ දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා ලංකාවට පැමිණ ඇති අතර, පසුව මෙම පිරිස අතර සිටි රාජගුරු වජිරාරාමික හිමියන් නැවත බුරුමයට වැඩම කොට ආධාර එකතු කර එක් ලක්ෂ විසිහයදහසක් වියදම් කොට රනින් කරඬුවක් තනා ක‍්‍රි.ව. 1896 වර්ෂයේදී නැවත ලංකාවට පැමිණ දළදා මාළිගාවට එය පූජා කළහ. අද දළදා වහන්සේ වැඩ සිටින්නේ එම කරඬුව තුළය.” යනුවෙනි. මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් රචනා කරනලද ‘‘රටක මහිම – 2 සිරි දළදා මාලිගාව’’ කෘතියෙහිද සඳහන්ව ඇත්තේ හත්වෙනි කරඬුව බුරුමයෙන් පූජා කර ඇති බවකි. මෙම කරඬුව පේසා වළලූ ළඟින් ගැලවිය හැකි වන ආකාරයෙන් සාදා ඇති බවත් සඳහන් වේ. එහෙත් ඉහත සඳහන් කළ පරිදි හේමමාලා දන්ත කුමරු වඩම්මවා ගෙන පැමිණි කරඬුවේ තැන්පත් කර ඇති බව පවසන පිරිසක්ද සිටිති. ඇත්තෙන්ම දළදා වහන්සේ තැන්පත් කර තිබෙන්නේ කුමන කරඬුවේද? මේ පිළිබඳව මල්වතු විහාරයේ කාරක සංඝ සභික දෙහිදෙණියේ ශ‍්‍රී සිද්ධාර්ථ රතනසාර නායක ස්වාමීන් වහන්සේගෙන් විමසුවෙමි. රතනසාර ස්වාමීන්වහන්සේද කාලයක් දළදා තේවාව සිදු කළ සිල්වත් භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ වදාරන්නේ තවමත් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ හේමමාලා කුමරිය කොණ්ඩයේ ගසා සඟවා ගෙන පැමිණි කරඬුවෙහි බවය.
‘‘තතාගතස්ස ධම්ම විනයෝ විවටෝ විරෝචති’’ තතාගතයන් වහන්සේගේ ධර්මය බැබළෙන්නේ විවෘත වූ තරමට බව එහි අදහසයි. බුදුරජාණන් වහන්සේ සමකාලීන වශයෙන් ඇගයීමකට ලක් වූයේ උන්වහන්සේ තුළ පැවති නිදහස් චින්තනය නිසාය. එබඳු ලක්ෂණ වෙනත් ශාස්තෘන් කෙරෙන් විද්‍යමාන නොවේ. ‘‘වීමංසක සූත‍්‍රයෙහි” සඳහන් වන පරිදි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වූ පමණින්, ධර්මය ස්වාක්කාත වූ පමණින් යමක් පිළිගත යුතු නැත. තමන් පිළිගන්නා වූ  ඕනෑම කරුණක් සිතා, විමසා බලා පිළිගත යුතු බව ඉන් කියැවේ.

රජකමත් දළදා වහන්සේ අතර පැවති සම්බන්ධය

ශ‍්‍රී ලංකාව රාජධානියක් බවට පත් වූයේ විජය රජුගේ පැමිණීමත් සමඟය. මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ බෞද්ධ රාජ්‍යයක් බවට පත් විය. පසුව රජකම ලබා ගැනීමට එක් සුදුසුකමක් වූයේ දළදා වහන්සේගේ අයිතිය ලබා ගැනීමයි. එහිදී ඔහු ධාර්මික රජෙකු වශයෙන් ජනතාව පිළිගනිති.
දසරාජ ධර්මයෙන් රට පාලනය කරමින් දළඳා වහන්සේ තම භාරයේ තබා ගැනීමෙන් කලට වේලාවට වැසි ලැබීමත් ඒ හේතුවෙන් ගොවිතැන් කටයුතු සරු සාර වීමත් සිදුවේ. නිසි කාලයේදී වැසි නොලැබුණහොත් නියඟය ඇති වී කෙත්වතු පාළුවට යයි. එපමණක් නොව සතා සිවුපාවන් පවා මැරී යනු ඇත. දසරාජ ධර්මයෙන් පාලනය කරන රජකෙනෙකුට පවා එවන් ස්වභාවික විපත්වලින් රටවැසියන් බේරා ගැනීමට හැකියාවක් පවතින්නේ නැහැ. එවන් අවස්ථාවල දෙවි දේවතාවන් සතුටු කර වැසි ලබා ගැනීමට හැකි දළඳා වහන්සේ සතුව ඇති රජකෙනකු පත් කර ගත යුතුයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පැවතුණි.
එවන් විශ්වාසයක් පැවතීමට හේතු වූයේ විසාලා මහ නුවරට පැමිණි දුර්භික්ෂයේදී බොහෝ දෙනෙක් මිය ගිය අතර ලෙඩ රෝග ව්‍යාප්ත විය. බුදුන් වහන්සේගේ වැඩමවීමත් සමඟම මහා වර්ෂාවක් ඇදහැලී මළකඳන් ආදිය ගසා ගෙන ගොස් මුළු ජනපදයම පිරිසිදු වී නැවතත් සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමට ජනතාවට හැකි විය. බුදුන් වහන්සේට වැසි වස්සන්ට පුළුවන් නම් දළදා වහන්සේටත් වැසි වස්සන්ට පුළුවන් කියන විශ්වාසය ජනතාව අතර පැතිරී ගියේ ඒ ආකාරයෙනුයි. දළදා වහන්සේ අත්පත් කරගන්නේ කවුරුන්ද ඔහු රජු වශයෙන් පිළිගත්තේ එම නිසාය. මෙවන් කරුණු  නිසා රජකුට දළදා වහන්සේ තරම් වටිනා උතුම් වස්තුවක් තිබුණේ නැත. පසුව දළදා වහන්සේ රාජ්‍ය ලාංඡුනය බවට පත් විය. වත්මන් රාජ්‍ය නායකයන් පවා තම පත්වීම ලැබ ගැනීමෙන් පසු පළමුවෙන්ම දළදා වහන්සේ බැහැ දැකීමට යන්නේ ඒ නිසයි. එපමණක්ද නොවේ සමහර රාජ්‍ය නායකයන් ප‍්‍රථම වතාවට ජනතාව අමතන්න තෝරා ගන්නේද දළදා වහන්සේගේ සෙවණෙහි පිහිටි පත්තිරිප්පුවේ සිටය.

ලංකාදීප ඇසුරිනි …

 

මොනවද මේ දඹරන් පිළිම …

By | සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

දඹරන් බුද්ධ ප්‍රතිමා පිළිබඳව පසුගිය කාලය පුරා රට පුරා මහත් ආන්දෝලනයක් ඇති විය. එනිසාම පැරණි විහාරස්ථානවල දීර්ඝ කාලයක් තිස්සේ සුරැකුණු බුද්ධ ප්‍රතිමා රාශියක් නිදන් සොරුන් විසින් පැහැරගන්නා ලදී. ඒ එදා මෙදාතුර අප සමාජය පුරා පැතිර යන දඹරන් පිළිබඳ මිථ්‍යා විශ්වාසයක් නිසාය. අදත් අප රටේ බොහෝ දෙනකු සිතනුයේ දඹරන් යනු පිරිසිදු රන් හෝ පෙරාපු රන් බවය. නමුත් මෙය මුළුමනින්ම වැරදි මතයකි. දඹරන් යනු සමාජ භාවිතයේ පවතින රත්‍රන් නොවේ. සංස්කෘත ශබ්ද කෝෂවල දඹරන් හැඳින්වෙනුයේ “ජාම්බුනද ස්වර්ණ” යනුවෙනි. මෙම ජාම්බුනද ස්වර්ණ පිළිබඳව වැඩිදුරටත් විස්තර දැක්වෙන එම ශබ්දකෝෂවල ඒවා ජාම්බුනද නම් ඔයෙන් හමුවන ද්‍රව්‍යයක් ලෙස දක්වා ඇත. ක්‍රිස්තු වර්ෂ දස වන සියවසේ පමණ ලියැවී ඇතැයි සැලකෙන සියබස්ලකර කෘතියෙන් ද එය එපරිද්දෙන්ම දැක්වෙයි.

Read More

බුදු දහම හා සොබා දහම අතර ඇති වෙන්කල නොහැකි සම්බන්ධය …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

බුද්ධ චරිතය, බුද්ධ දේශනා අධ්‍යයනය කිරීමේදී වෘක්‍ෂලතාදීන්ගෙන් ගැවසීගත් පරිසරය කෙරෙහි බෞද්ධ චින්තනය දක්වන ආකල්පය පැහැදිලි වෙයි. තුරු ලතාවන් රෝපණය කිරීම, ඒවා ආරක්ෂා කිරීම ඒවායේ පැවැත්මට උපකාරී වීම මෙන් ම තුරු ලතාවන්ගේ සුන්දරත්වයෙන් නිකෙලෙස් අහිංසක වින්දනයක් ලැබීම ද බුදු දහම තුළ මැනැවින් විද්‍යමාන වෙයි.

බුදුන් වහන්සේ සිය හස්තයෙන් ම වෘක්‍ෂ රෝපණය කළ සේක. යමා මහ පෙළහර පා නිගණ්ඨයන් දමනය කළේ උන් වහන්සේ ම රෝපණය කළ ගණ්ඩබ්බ නම් අඹ රුක මුලදී ය. ආනන්ද හිමියන් විසින් බෝධි අංකුරයක් රෝපණය කරන ලද අතර, එය අද ආනන්ද බෝධිය නමින් හැඳින්වේ. බුදුන් වහන්සේ වනාන්තර සිඳ බිඳ ලන්නන් අවමානයට ලක් කර ඇත. වනාන්තර එළිපෙහෙළි කිරීම පිළිබඳ ව දුකුලා ඇවැතක් ද පනවා ඇත. අප ගෞතම බෝසත්හු ලුම්බිනී සල් උයනෙහි සුපිපි සල් රුක් සෙවණක උපත ලදහ. බුද්ධගයාවෙහි විහිදී ගිය අතුපතර ඇති මහා බෝ රුක් සෙවණකදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ හ. බුදු වී පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝවැසි ජනතාවට හිත සුව සැලසූ උන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයන්හි රුක් සෙවණක පිරිනිවන් පා වදාළහ. මේ අනුව උන් වහන්සේගේ උපත, බුදු වීම, පිරිනිවන් පෑම සිදු වී ඇත්තේ තුරු සෙවණක දී ම ය.

Read More

error: Content is protected by www.ifbcnet.org.