Skip to main content
Monthly Archives

December 2014

21 මතක භක්ත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවනාරාමයෙහි වැඩවසනසේක් මතකභක්තයක් අරභයා මේ ජාතකය වදාළ සේක.

එකල්හි මනුෂ්‍යයෝ එළුවන් ආදීවු බොහෝ සත්වයන් මරා කාලක්‍රියා කළාවූ තමන්ගේ නෑයන් උදෙසා මතකභක්ත නම් වූ පරිත්‍යාගයක් කෙරෙති. භික්‍ෂුහු ඒ මනුශ්‍යයන් මෙපරිද්දෙන් කරන්නාවුන් දැක සර්වඥයන් වහන්සේ අතින් ස්වාමීනි. දැන් මනුෂ්‍යයෝ බොහෝ ප්‍රාණින් ජිවිතක්ෂයට පමුණුවා මතකභක්ත නම් වූ දෙයක් දෙති, ස්වාමීනි මෙහි වැඩෙක් ඇද්දැයි විචාළසේකී. සර්වඥයන් වහන්සේ මහණෙනි. මතකභක්ත දෙම්හයි කියා කරණ ලද ප්‍රාණඝාතයෙහි කිසිත් වැඩෙක් නම් නැත. පෙරත් නුවනැත්තෝ ආකශයෙහි හිඳ ධර්මදේශනා කොට මේ මතකභක්තයෙහි ආදීනව කියා සියළු ජම්බුද්වීපවාසී සත්ත්වයන් මේ ක්‍රියාවෙන් ඇරවූහ. දැන් වනාහී භවසං ක්ෂේපගත හෙයින් නැවත පහළවියයි වදාරා අතීත කථාව ගෙණහැර දැක්වූ සේකී.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන්, Read More

22 නලපාන ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක් හි දෙවිබඹුන් මුදුනෙහි කෙළනා පාපියුම් ඇති ලෝකස්වාමී වූ සර්වඥයන් වහන්සේ කොසොල්දනව්වෙහි සැරිසරා ඇවිදිනා සේක් නලපාන නම් ගමට පැමිණ නලපාන නම් පොකුණ සමීපයෙහි වූ වැටකේ වනයෙහි වසනසේක් බටදඬු අරභයා මේ ජාතකය වදාළසේක.

 

එසමයෙහි භික්ෂූන් වහන්සේ නලපාන නම් පොකුණෙන් පැන් සනහා ඉදිකටු කුළා නිසා සාමණේරයන් වහන්සේ ලවා බටදඬු කප්පවා ගෙන්වා ගෙණ ඒ සියළු බටඬු ගැට නැතිව එකච්ජිද්‍රව දිගටම සිදුරු නියාව දැක බුදුන් කරා ගොස් ස්වාමීනි අපි ඉදිකටු කුළා නිසා බටදඬු ගෙන්වුම්හ. ඒ පිළිබඳ මුල පටන් අග දක්වා සිදුරුය. මේ කිමෙක්දැයි විචාළෝය. සර්වඥයන් වහන්සේ එබස් අසා මහණෙනි. මේ මාගේ පුරාතනයෙහි අධිෂ්ඨානයෙකැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක. යටගිය දවස ඒ වනලැහැබ වල්වූයේය. ඒ පොකුණෙහිත් එක් දිය රකුසෙක් පොකුණට බට මිනිසුන් කන්නේය. එසමයෙහි බෝධිසත්වයෝත් තිත්මුවකු හා මහතැති වඳූරු රජව අසූදහසක් පමණ වඳුරන් විසින් පිරිවරණ ලදුව වඳුරුමුල පරිහරණය කෙරෙමින් ඒ වනයෙහි වසන්නාහුය. ඒ මහාබෝසතානෝ Read More

23 කුක්කුර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි නිවණට දොරහළුවවූ තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් නැයන්ට වැඩෙහි හැසීරිමක් අරභයා මේ ජාතකය වදාළ සේක. ඒ ඥාත්‍යර්ථචර්යාව ද්වාදසනිපාත යෙහි භද්‍රශාලා ජාතකයෙහි මතු පළවෙන්නේය. වර්ථමාන කථාව පිහිටුවා ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යයකරණ කල්හි බෝධිසත්වයෝ එබඳු අකුශල කර්මයක් නිසා බලු යෝනියෙහි ඉපද නොයෙක් සියදහස්ගණන් බල්ලන් විසින් පිරිවරණලදුව මහ සොහොනෙහි වෙසෙති. ඉක්බිත්තෙන් එක්දවසක් රජ්ජුරුවෝ ඇළි අසුන් යෙදු සියලු රථාලංකාරයෙන් සරහන ලද රථයකට පැනනැගී උයනට ගොස් එහි දිවාභාගය මුලුල්ලෙහි කෙළ ඉරු අස්තයට ගියකල්හි නුවරට වන්නාහුය. රජ්ජුරුවන්ගේ රථය සැදුවනම රාජංගණයෙහි තිබුනේය. රාත්‍රියෙහි වැසියන්ට පටන්ගත්කල්හි ඒ රථයේ සෑදු සම් හා වරපට තෙමි මොලොක්ව ගියේය. ප්‍රාසාදයේ මතුමහලින් කිණබල්ලෝ බැස ඒ රථයේ සම් හා වර පට කෑවාහුය. දෙවැනි දවස් රජ්ජුරුවන්ට කියන්නෝ දේවයන්වහන්ස සොරොව්වෙන් බල්ලෝ ඇතුළට වැද රථයෙහි සම් හා වරපට කෑවාහුය යි කීවූය. එබස් ඇසු රජ්ජුරුවෝ Read More

24 භොජා පානිය ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි ජේතවනාරාමයෙහි වැඩවසන සර්වඥයන් වහන්සේ පසුබට විර්ය ඇති එක් මහණෙකු අරභයා මේ ජාතකය වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍ය කරණ සමයෙහි අප මහා බෝධිසත්වයෝ භොජාජානීය නම් සෛන්ධවයන්ට නායකව අස්රජව උපන්නහ. භෝජාජානීය නම් කුලයෙහි සෙසු අසුන්ට වැඩි තරම් උතුම්වූ ඒ අස්රජහු බරණැස්නුවර රජහට මගුලස්ව වෙසෙති ඔවුන් සිටිනා අශ්වශාලාව උඩුවියන් බැඳ භික්ති සිතුයම් කරවා බිම සුදු වැලි අතුරණ ලද්දේය. මහබෝසතාණෝ එහි හෙළ කුඩයක් යටසිට මධුරවූ භෝජනය අනුභව කොට හැම අසුන්ට උතුම් ව වාසය කෙරෙති.

එසමයෙහි සත් රජ්ජුරු කෙණෙක් ඒ බරණැස් රජ්ජුරුවන් හා යුධ කොට රාජ්‍යය ගණුම්හයි සටනට අවුත් බොහෝ සේනාව පිරිවරා පඤායුධයෙන් සන්නද්ධව ඇත් අස් රථ ආදී මහත් කායබල සේනාව ගෙණ නුවර වටකොට සැරසී රැකසිටියාහුය. බරණැස්නුවර රජ්ජුරුවෝ තමන්ගේ අමාත්‍යයන් රැස්කොට එපවත් උන්ට කියා කළමනා කිම්දැයි කිවුය. එබස් අසා අමාත්‍යයෝ කියන්නාහු දේවයිනි. Read More

25 තීත්‍ර්‍ථ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි බැළු බැළුවන් ඇස් නොනිමවන මනහර රූ ඇති ලොකස්වාමී වූ බුදුරජානන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක් දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අජාසත් කුමාරයන් පහදවා ලාභසත්කාර ඉපිද වූ සේක. අජාසත් කුමාරයෝ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙක් කරවා නොහෙක් රස ඇති තුන් අවුරුදු ගිය සුවඳ ඇල්සාලෙ බත් දවසක් පාසා පන්සියයක් වසුන්වලින් එවති. ලාභසත්කාර නිසා දේවදත්ත ස්ථවිරයන් වහන්සේට පිරිවර මහත් විය. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පිරිවරා හා සමග විහාරයෙහි ම වසන සේක. එසමයෙහි රජගහනුවර වසන්නාවූ යහළුවෝ දෙදෙනෙක් වෙති. ඔවුන් අතුරෙන් එක්කෙනෙක් බුදුන් සමීපයෙහි මහණ වූය. එක් කෙනෙක් දේවදත්ත ස්ථවිරයන් ලඟ මහණ වූය. ඔහු දෙදෙන ඔවුනොවුන් ඒ ඒ තෙනදීත් දකිති. විහාරයට ගොසිනුත් දකිති. Read More

26 මහිලා මුඛ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි බැලු බැලුවන් ඇස් නොනිමවන මනහර රූ ඇති ලොකස්වාමී වූ බුදුරජානන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක් දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

 

දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අජාසත් කුමාරයන් පහදවා ලාභසත්කාර ඉපිද වූ සේක. අජාසත් කුමාරයෝ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙක් කරවා නොහෙක් රස ඇති තුන් අවුරුදු ගිය සුවඳ ඇල්සාලෙ බත් දවසක් පාසා පන්සියයක් වසුන්වලින් එවති. ලාභසත්කාර නිසා දේවදත්ත ස්ථවිරයන් වහන්සේට පිරිවර මහත් විය. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පිරිවරා හා සමග විහාරයෙහි ම වසන සේක. එසමයෙහි රජගහනුවර වසන්නාවූ යහළුවෝ දෙදෙනෙක් වෙති. ඔවුන් අතුරෙන් එක්කෙනෙක් බුදුන් සමීපයෙහි මහණ වූය. එක් කෙනෙක් දේවදත්ත ස්ථවිරයන් ලඟ මහණ වූය. ඔහු දෙදෙන ඔවුනොවුන් ඒ ඒ තෙනදීත් දකිති. විහාරයට ගොසිනුත් දකිති. ඉක්බිත්තෙන් එක්දවසක් දෙවදත්ත නිශ්‍රීත මහණ අන් භික්ෂූහට කියන්නේ කිමෙක්ද තෝ දවසක් දවසක් පාසා ඩා පෙර පෙරා සිඟන්නෙහිය. දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙහිම හිඳ නොයෙක් අග්‍ර රසයෙන් යුක්තව භෝජනය වළඳන සේක. Read More

27 අභිණ්හ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් එක් උපාසකයකු හා මහළු තෙරුණුකෙණකුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

සැවැත්නුවර වාසයකරන්නා වූ යහළුයෝ දෙදෙනෙක් වූවාහුය. ඔවුන් අතුරෙහි එක් කෙණෙක් පැවිදිව දවසක් දවසක් පාසා උපාසකයාගේ ගෙට වඩනා සේක. උපාසක තෙමේ තෙරුන්වහන්සේට ආහාර පිළිගන්වා තෙමේද ආහාර අනුභවකොට උන්වහන්සේ හා සමග විහාරයට අවුත් සුර්යයා අස්තාංගවන තැන් දක්වා ඔබිනොබ කථා කිරීමෙන්ද හිඳ නුවරට යන්නේය. තෙරුණ් වහන්සේද නුවර වහසල් දොර දක්වා ඒ උපාසිකයා එක්ව ගොස් නවත්නාසේක. ඒ දෙදෙනා විශ්වාස බව භික්ෂූන් වහන්සේ අතුරෙහි ප්‍රකාශ වූයේය. ඉක්බිත්තෙන් එක් දවසක් භික්ෂූහු ඔවුන් දෙදෙනා ගේ විශ්වාස කථාව කියමින් දම්සභාමණ්ඩපයෙහි උන්නාහුය. සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි. මේ දම්සභා මණ්ඩපයෙහි උන්නාහුය. සර්වඥයන් වහන්සේ Read More

28 නන්දිවිසාල ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි අසම ධුර වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසන සේක් ෂඩ්වර්ගික භික්ෂූන්ගේ පරුෂතෙපල්ලක් අරභයා මේ ජාතකය වදාළ සේක. එසමයෙහි වනාහි ෂඩ්වර්ගික භික්ෂූහු ඩබරකරන්නාහු ප්‍රියශීලි භික්ෂූන්ට ගර්භා කෙරෙති. අතිවවනශරප්‍රහාර දෙති. දශවිධ ආක්‍රොශ වස්තුවෙන් ආක්‍රෝශ කෙරෙති. භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට දැන්වුවාහුය. භාග්‍යවතුන් වහන්සේ ෂඩ්වර්ගික භික්ෂූන් කැඳවා ගෙන්වා මහාණෙනි ඩබරකරන්නේ සැබෑවදැයි විචාරා වදාරා භාග්‍යවතුන් වහන්සේ සැබැවයි දැන්වූ කල්හි ගර්භාකොට මහණෙනි පරුෂවචනය නම් තිරශ්චිනගතයන්ට ද අමනෝඥවන්නේය. පූර්වයෙහි ද එක් තිරශ්චීනගත සත්වයෙක් තමාට පරුෂ වචනයෙන් කියන්නාහු දස දහසකින් පරාජය කෙළේයයි වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස ගන්ධාර රට තක්සලා නුවර ගන්ධාර නම් රජෙක් රාජ්‍යය කෙරෙයි, එකල්හි අප මහාබෝධිසත්වයන් වහන්සේ ගව ජන්මයෙහි උපන් සේක. ඉක්බිත්තෙන් බෝධිසත්වයන් වහන්සේ Read More

29 කණ්හ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් යමක ප්‍රාතිහාර්යය අරභයා මේ ජාතකය වදාළ සේක.

සර්වඥයන් යමක ප්‍රාතිහාර්යය කොට දිව්‍යලෝකයෙහි වැස මහපවුරුණු දිනයෙහි සකස්පුර දොරට බැස මහත් වූ පිරිවරින් ජේතවනාරාමයට වන් කල්හි භික්ෂූන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි රැස්ව හිඳ ඇවැත්නි තථාගත නම් වූ සර්වඥයන් වහන්සේ නම් අසමධුරසේක. සර්වඥයන් වහන්සේ විසින් උසුලන ලද්දා වූ ධූරය උසුලන්නට සමර්ථ වූ අන් කිසි සත්වයෙක් නම් නැත්තේය. මක්ඛලිගෝසාලාදී වූ ශාස්තෘහු සදෙන අපි යමක ප්‍රාතිහාර්ය කරම්හ. අපි යමක ප්‍රාතිහාර්යය කරම්හයි කියා එක ප්‍රාතිහාර්යකුත් නොකළෝය. සර්වඥයන් වහන්සේ වූකලි ඉතා ආශචර්යයවත්සේකැයි බුදුන්ගේ ගුණ කිය කියා උන් සේක. එකල්හි සර්වඥයන් වහන්සේ අවුත් Read More

30 මුනික ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි මෝහාන්ධකාර භග්නකළා වූ තිලෝගුරු බුදු රජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් ථුලකුමාරිකාවපලොභනයක් අරභයා මේ ජාතකය වදාල සේක. සර්වඥයන් වහන්සේ සැබෑද මහණ තෝ සර්වඥ සාසනයෙහි උකටලීවුයේහි දැයි භික්ෂූ අතින් විචාරා වදාළ සේක. එසේය ස්වාමීනි කී කල්හි කුමක් නිසා දැයි විචාරා ථුල්ල කුමාරිකාපලොභනයක් නිසාය ස්වාමීනි කී කල්හි බුදුරජානන් වහන්සේ වදාරණසේක් මහණ තට මෝතොමෝ අනර්ථකාරිය පෙරත් මැගේ විවාහ මගුලේ දී ජීවිත විනාශයට පැමිණ මහජනයාට මාළුවට පැමිණියෙහි වේදැයි ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි බෝධිසත්වයෝ එක් ගමෙක එක් කෙළෙඹි පුත්‍රයෙකුගේ ගෙයි ගවයෝනියෙහි උපන්නාහුය. බෝධිසත්වයන්ට මහලෝභීතයෝ යයි නම් තුබුවාහුය. මලනුවන්ට චුල්ලලෝහිතයෝ යයි නම් තුබූහ. ඔවුන් දෙබෑයන් නිසාම ගෙයි කර්මාන්ත සමෘද්ධිව පිරිමැසෙන්නේය. ඒ කුලෙහි එක් කුමාරිකාවක් ඇත්තීය. Read More

error: Content is protected by www.ifbcnet.org.