Skip to main content

162 උප සාල්හක ජාතකය

තවද කරුණානිධාන වූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි උපසාල්හක නම් බ්‍රාහ්මණයෙක් ඇත. ඒ බ්‍රාහ්මණයාගේ පුතනුවෝ දවසෙක මා මළහොත් චංලාදීන් නොදවපු සුවිපවිත්‍රස්ථානයක දවවයි කීහ. එබස් අසා බමුණාගේ පුතා කියන්නේ මම එසේවූ ස්ථානයක් නොදනිමි නුඹ වහන්සේම එසේ වූ ස්ථානයක් පෑවොත් යහපතැයි කීහ. එබස් අසා බමුණා කියේ කාරණයයි කියා පුතා හා සමග ගිජ්ජකූට පර්වතයට ගොස් ගල් කුළුතුණක් මධ්‍යයේ මෙතන යහපතැයි පුතාට කියා පුතා හා තම දෙන්නා පාතට බස්නා අවස්ථාවට එදවස් සර්වඤයන් වහන්සේ මහාකරුණා සමාපත්තීන් ලොව බලා වදාරණසේක් බමුණා හා පුතාගේ හේතුසම්පත් දැක ගිජ්ජකූට පර්වතයට නැගී වදාළසේක. එවෙලාවට බමුණා හා පුතා බස්නාවුන් දැක ඇයි තොතනට ගොසින් බසුදැයි විචාරා වදාළසේක. එවිට පියබමුණා නොබැන නොනැගී සිටි යේය. පුතා කියන්නේ ස්වාමීනි මේ අපගේ පියානන් වහන්සේ හානිවු දවසෙක යහපත් තෙනක තමන්වහන්සේ දවන්ට කියා පර්වත මුදුනේ කුළුතුනක් මධ්‍යයේ දවන්ට කීසේක. ඒ බලන්ට ගියම්හයි කිහ. එවිට සර්වඥයෝ ඒ ස්ථානය බලන්ට අපිත් යම්හයි බමුණා සමග පර්වතයට නැගී ස්ථානය දැක තාගේ පියා හා තෙපි නොයිඳුල් තෙනක් සොයා ඇවිද්දෝවේදැයි වදාරා බමුණා විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස රජගහනුවර උපසාල්හක නම් බමුණෙක් ඇති. ඒ තමාත් තමාගේ පුතා හා සමග කාත් නොදව් ස්ථානයක දවන්ට උවමැනවැයි කියා ගිජ්ජකූට පර්වතයට නැන්ගේය. බෝධිසත්වයෝ මගධරට බමුණුකුලයක ඉපිද දිසාපාමොක් ආචාරින් අතුරෙන් සිල්ප නිමවා ඉගෙණ සෘෂිප්‍රජ්ජ්‍යාවෙන් පැවදිව වාසය කරන්නේ බමුණා හා පුතා ගිජ්ජකූට පර්වතයට අවුත් බස්නාවෙලාවට උන් හා සමග පර්වතයට ගැනී මේ තොප කරන්නේ කිම්දැයි විචාරා එපවත් අසා තාපසයෝ පරසිත් දන්නා විසින් එම්බල බ්‍රාහ්මණය සුචි පවිත්‍රයට අටගත්තාවූ ස්ථානයේ ඒ ඒ ජාතියේ සත්වයන් මෙතන දැවු ජාති හා තත් ඒ ඒ කුලයෙහි ඉපිද වූ ජාතිහැර මෙමනුවර උපසාල්හක නම් බ්‍රහ්මණව ඉපිද මේ තමාගේ පුතා හා සමග එතනට අවුත් දැවු ජාති තුදුස්දාසයක් වෙයි, එසේහෙයින් මිනියත් නොදැව ස්ථානයක් මිනියක් නොතිබෙන ස්ථානයක් එකතැනකත් නැත්තේ වේදැයි කියා සතර විහාර භාවනාකොට බඹලොව ගියහයි වදාරා උපසාල්හක ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි දෙපුතුපියෝ නම් දැන් මේ දෙපුතු පියෝමය. තාපසව උපන්නෙමි ශාස්තෘ වූ බුදුවූ මම්මයයි වදාළසේක. මේ ජාතකාවසානයේදී ඒ බ්‍රහ්මණ දෙපුතු පියෝ දහසක් නයින් ප්‍රතිමණ්ඩිතවූ සෝවාන් ඵලයෙහි පිහිටියාහ.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.