148 රාජොවාද ජාතකය - IFBC Organization | Dhamma

තවද දුක්නිපාතයෙහි ජාතකය දක්වම්හ. කෙසේද යත්? සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි රජ්ජුරුකෙණෙකුන්ට කී අවවාදයක් නිසා මේ ජාතකය දක්වන ලද, මෙහි වර්තමාන කථාව තෙසකුණ ජාතකයෙහි විස්තර වශයෙන් බස්නේය. මෙහි කොසොල් රජ්ජුරුවෝ එක් දවසක බරණැස්නුවර යුක්තියක් විචාරණ නිසා බුදුන් දකින්ට උදය යානු හුනු හෙයින් දවල් බත් කා ඉක්බිති අතපැන් කොසිඳෙන තුරුම වහා රථයකින් ගොස් බුදුන් වැඳ එකත්පස්ව හුන්නාහ, සර්වඥයන් වහන්සේ මහරජ අද වූකලී දෙවැනි දවස කුමක් නිසා අවුදැයි විචාරන්නා දැහැමෙන් සෙමෙන් විචාරා පසිඳූවන නිසා නො ආයෙමි දැන් වනාහි රජ දරුවන් දැහැහෙන් සෙමෙන් යුක්ති විචාරීම් යහපත් වෙයි, මාසෙවු සම්මාසම්බුදු රජකෙණෙකුන් ගේ අවවාද වූ නියාවෙන් වේද යුක්ති විචාරන්නේය. පළමු උත්තමයෝ කිසි කෙණෙකුන්ගේ අවවාදයක් නැතිව ඡන්ද්‍රාගිතිය, වෙෂාගතිය, භයාගතිය, මොහගතිය යන සතර අගතියට නොගොස් දැහැමෙන් රාජ්‍යයකළෝ වේ දැයි වදාරා රජ්ජුරුවන් විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ දස එකඩමසකින් බිහිවූසේක. ඒ කුමාරයන්ට නම් තබන්නාහූ බ්‍රහ්මදත්ත කුමාරයෝයයි නම් තුබූහ. ඒ කුමාරයානන් වැඩිවිය පැමිණ දිසාපාමොක් ආචාරීන් කරා ගොස් ශිල්ප ඉගෙණ නිමවා බරණැස් නුවරට අවුත් පියානන්ගේ ඇවෑමෙන් රාජ්‍යයට පැමිණ සතර අගතියට නොගොස් දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කරන්නාහ, උන්ගේ ධර්මිට්ඨකමින් අන්‍යාවෙකැයි යන දෙයක් නැතිවිය. අධිකරණ ශාලා හිස්විය. අමාත්‍යයෝ සවස්වනතුරුත් අධිකරණ ශාලාවේ හිඳ යුක්ති විචාරන්නට එන්නන් නැතිහෙයින් ගෙවලට පලා යන්නාහ. මේ නියායෙන් කිසි අයුක්තියක් නැතිව දවස් අරණා හෙයින් රජ්ජුරුවෝ සිතන්නාහු යම්සේ මාගේ නුගුණයක් කියන්නෝ ඇද්දෝහෝයි සිතා රෑ නිවාසයේ පරීක්ෂා කොටත් තමන්ගේ නුගුණයක් කියන කෙණෙක් නැතිව අපගේ රජ්ජුරුවන් වහන්සේ සුඛි සුවපත් වෙනසේක්වායි දීර්ඝායුෂ්කව ඉඳිනාසේක්වයි යන බස විනා අන්‍යයක් යුක්තියක් කළසේකැයි යන බසක් නොඅසා දෙවැනිව සිතන සේක් මොහු මා සමීපයෙහි වාසය කරන හෙයින් නුගුණ නොකියන්නෝයයි සිතා ඇතුළු නුවර පිටිනුවර අප්‍රසිද්ධ වෙෂයෙන් ගෙයක් ගෙයක් පාසා පරීක්ෂා කොටත් තමන්ගේ නුගුණයක් කියන කෙණෙකේ නොඅසා මා කෙරේ භයින් උනුන් නොකියන්නෝමයයි සිතා මාගේ අඥාව වැටෙන පිටි සරගම් නියම්ගම් බලන්ට යෙමි සිතා රාජ්‍යය අමාත්‍යයන්ට පාවාදී රථයට පැනනැගී නික්ම ඒ ගම්වල තමන් වහන්සේගේ යාපත්කර්ම විනා නපුරක් කියන කෙණෙකුන් නො අසා දෙවැනිව නුවරට එනසඳ සැවැත් නුවර මල්ලිකානම් රජ්ජ්ුරුවෝත් තමන්ගේ නුගුණ කියන්නෝ ඇද්දෝ හෝයි පරීක්ෂා කරන්නට පිටත්ව ආ තැනැත්තෝ සැවැත් නුවර රජ්ජුරුවන් ගේ රථාචාරී කියන්නේ අපගේ රජ්ජුරුවන්ගේ ගුණ කියමයි සිතා නුගුණම කියන්නේ එම්බල රථාචාර්යය අපගේ රජ්ජුරුවෝ දුෂ්ටයාට දුෂ්ටයෙන්ම ජයගන්නාහ, සත්පුරුෂයාට සත්පුරුෂකමින්ම ජයගන්නාහ. බොරු කියන තැනැත්තහුට බොරුවෙන් ජයගන්නාහ, සැබෑව කියන්නවුන්ට සැබෑව කියා ජයගන්නාහ, ලෝභී තැනැත්තවුට ලෝභයෙන් ජය ගන්නාහ, තැගී තැනැත්තවුට ත්‍යාගයෙන්ම ජයගන්නාහ. මේ අපගේ රජ්ජුරුවන් වහන්සේග් ගුණය එසේ හෙයින් මග අරුවයි කීහ. ඒ බරණැස් නුවර රථාචාරීයා අසා තොපගේ රජ්ජුරුවන්ගේ ගුණ කියමි කියා තොප කීවා ගුණුවුව නුගුණයට ගිය කල ගුණ කොයිදැයි කියා අපගේ රජ්ජුරුවන් ගේ ගුණ අසවයි කියන්නෝ කෝපි මනුෂ්‍යයාට කෝප නොකිරීමෙන් ජයගන්නා සේක. ලෝහ තැනැත්තවුට තෑගයෙන් ජයගන්නාසේක. බොරුකියන තැනැත්තවුට සැබෑ කීමෙන් ජයගන්නාසේකැයි කියා මේ අපගේ රජ්ජුරුවන් වහන්සේගේ ගුණය රථාඡාරීය මගහැරවයි කීහ. එබස් අසා මල්ලිකා රජ්ජුරුවෝ බිමට බැස ගොන් මුදා රථය ඉවත්කොට රජ්ජුරුවන් වහන්සේගේ රථය පදුවයි කිය. එවිට බරණැස් රජ්ජුරුවා් සැවැත්නුවර රජ්ජුරුවන්ට කියන්නාහූ තොපි මාසේ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියායයි වදාරා ගියාහයි එසමයෙහි මල්ලිකා රජ්ජුරුවන්ගේ රථාචාර්යයානම් දැන් මේ මෞද්ගල්‍යයාන ස්ථිවිරය. මල්ලිකා රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථිවිරයෝය. බරණැස් රජ්ජුරුවන්ගේ රථාචාර්යය නම් ශාරීපුත්‍ර ස්ථවිරයෝය. බරණැස් රජුව උපන්නෙමි ලෙව්තුරා බුදු වූ මම් ම වේදැයි රාජොවාද ජාතකය නිමවා වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

149 චතුත්‍ර්‍ථ සිහාල ජාතකය
147 සංෂවක ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.