146 රිරොචන ජාතකය

තවද සර්වඥයන් වහන්සේ විශාලා මහනුවර මහවනයේ කූටාගාර ශාලාවෙහි වැඩවසන සමයෙහි විශාලා මහනුවර ගව්වෙන් ගව්ව නියාවට පවුරු තුනක් හා අට්ටාල ගෝපුරයෙන් සමලංකෘතව තිබෙන්නේය. තවද ඒ නුවර සත් දහස් සත්සිය සත්දෙනෙක් රජදරුවෝ ඔටුනු පැලඳ රජ කෙරෙති. එපමණම යුවරජ දරුවෝත් ඇත්තාහ, එපමණ සෙනෙවිරත්වරුත් ඇත්තාහ.

එපමණ භාණ්ඩාර නායකවරුන් ඇත්තාහ. මේ නියායෙන් අමාත්‍ය මණ්ඩලයා හා සෙනා සමුර්ධිය ඇතිව ඉන්නා අවදියේ සත්දහස් සත්සිය සත්දෙනෙකු රාජකුමාරවරුන් අතුරෙන් දුටඨ නම් ලිචඡවි කුමාරකෙණෙක් ඇත්තාහ. වඬය පරුෂය බසක් කියා නම් ගසාලා බැනලා විනා නොකියන්නේය, ඇමදාම දණ්ඩෙන් ගසා කුපපවන ලද සර්පයෙකු වැන්නේය, කෝපයෙන් දිලිහි කොපාග්නියෙන්ම දිලිහී ඇවිදිනේය, ඒ රාජකුමාරයන් දැක්කදී බස් එකක් දෙකක් කියාගන්ටත් නොපිළිවන් වන්නේය, දෙමව්පියන් පටන් තුන්මල් බෑවුන් ආදීවූ එක් කුසෙහි බන්ධුහුද සුත ප්‍රේමයෙන් වදාගත් දරුවෝද ඉචඡාපරව ඉඳිනාහ. බිරින්දද යාළු විශ්වාසයෝද යන සියල්ලෝම තද ඵර්‍ෂ කෝපී මනුෂ්‍යයන් දුටුකළ කඩාකන්ට ආ සර්පයෙකු මෙන්ද සොරුන් අතින් වනයකට වන්නාක්මෙන්ද මස්කන්ට ආ යකෙකු දුටුවාක් මෙන්ද ඔහු කෙරේ භය ඇතිව දවස් හරණාහ. මේ නියායෙන් ඉහලෝකයෙහි දවස් ඇර පරලෝ සතර අපායෙහි වැටී බොහෝ දුක් විඳිනාහ. කෝපී මනුෂ්‍යයෝ කෝපී විසින් පූර්වචන්ද්‍රයාසේ මුහුනක් උවත් ගිණිදුම් වැදගත් පියුමක්සේ අසෝහමත් වන්නේය. මල ගැසුනු රන් කැඩපතක් සේ වන්නේය, කෝපයාගේ අධිකත්වය ඉවසාගත නොහී තමා තමාට ඇනගන්නේය, ඒ නැත්නම් හලාහල විෂයෝ අනුභව කරන්නේය, කරවැල් ලා ගෙණ මීයන්නේය, මහත්වූ ප්‍රපාතයෙන් වැටී මීයන්නේය, මෙසේ එක් උපායෙකින් මළකළ දෙවෙනි ජාතියෙහි නරකයට වැටී බොහෝ දුක් විඳ මනුෂ්‍යාත්මභාවයක් ලත් කල්හි උපන්දා පටන් චක්ෂු රොග ශ්‍රොත රොගාදීවූ රොගයෙන් එක්තරා ව්‍යාධියකින් මෙසේ අපරිමිත ව්‍යාධි ඇතිව බොහෝ දුක්විඳිනේය, සියළු සත්වයන් කෙරේ මෛත්‍රී මුදිතා දයා කරුණා ඇතිවීමෙන් මෙකී දුක් ඕහට නොවී සියළු සම්පත් විඳිනේයයි වදාළසේක. මේ එකවාරේ වදාළ අවවාදයෙන්ම ඒ කුමාරයා තමාගේ මානය හැර එතැන්පටන් දල උදුරාපු නයින්සේද නල උදුරාපු කකුළුවන්සේද අඟකපාපු ගෝනුන්සේද සාගත දානතව දවසරිනෝය. යම්කෙණෙක් මැරූ තැළු නමුත් බැන්නෝ නමුත් මට බැන්නෝ මැරූ තැළුවෝ කව්රුදැයි කියා ආපස්සා පමණකුත් නොබලන්නේය, මේ නියායෙන් දවස් අරනේය, එක්දවසක් දම්සභාමණ්ඩපයෙහි රැස්වූ මහළුවරුන් වහන්සේ ඇවැත්නි සර්වඥයන් වහන්සේ විසින් දෙමව්පියන්ට පවා අවවාද කියා හික්මවා ගත නුහුනු රාජ කුමාරයන් ඇතෙකු හසත්‍යාචාරියෙක් දමනයළූවාසේ එක අවවාදයෙන්ම දමනේ ලවනලදැයි කියන්නා ඊට අනික් නමෙක් එසේමය, ඇවැත්නි නැගෙණහිර බස්නාහිර උතුරු දකුණු දිගය යන සතර අනුදිගට තමා සිතුතෙනට අසුන් ගොන් දමනයේලාද එසේම පුරිසධම්ම සාරථීවූ තිලෝගුරු සර්වඥයන් වහන්සේ පුරුෂයනුත් රූපාරූපාදිවසයෙන් සිතු දිසාවට මනුෂ්‍යයනුත් හික්මවීම සර්වඥයන් වහන්සේට මිසක් අනික්කාට පුළුවන්දැයි කියා මේ කථාව කිය කියා උන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි වදාරා එපවත් අසා මහණෙනි දැන් මතු නොවෙයි පළමුත් ඒ රාජකුමාරයන් දමනේලනලදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. ඒ කෙසේද යත්
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් රාජයය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ප්‍රසිද්ධවූ බ්‍රාහ්මණ කුලයක ඉපිද දෙමව්පියන්ගේ ඇවෑමෙන් පිරුණු සම්පත් හැර හිමාලය වනයට ගොස් මහණව ලුණු ඇඹුල් සොයා බරණැස් නුවරට අවුත් පිඩු පිණිස වීථියේ වඩිනාසේක. එකල්හි රජ්ජුරුවෝ තාපසයන් වහන්සේ දැක එක්තරා අමාත්‍යයෙක් කැඳවා අර වඩිනා තාපසයන්වහන්සේ කැඳවාගෙණ එවයි කීසේක. අමාත්‍ය තෙම එහි ගොස් ඒ බව දැන්වූ කල්හි තාපසයන් වහන්සේ ඕහට මෙසේ කීසේක, පින්වත රජ්ජුරුවන් හා පළමු පුරුදුකමෙකුත් නැත, අපි හිමාලය වැසී තොප සවරුවම්හ මම රජ්ජුරුවන්ගේ කුළුපග තාපසකෙණෙකුත් නොවෙමි එහෙයින් අප රජ්ජුරුවෝ කුමට කැඳවද්දැයි කීසේක. එපවත් අසා අමාත්‍යයා ගොස් උන්වහන්සේ නොවඩිනාසේකැයි රජ්ජුරුවන්ට දැන්වීය, රජ්ජුරුවෝ එපවත් අසා අපගේ කුළුපගවූ තාපසකෙණෙකුන් නැත, තමන්වහන්සේ විනා අනික් තාපසකෙනෙකුන් අපි දුටුයේ නැත, එසේ හෙයින් වඩිනට උවමැනවැයි දෙවෙනිවත් ආරාධනා කළාහුය, එපවත් තාපසයන් වහන්සේ අසා රජගෙට වැඩිසේක. රජ්ජුරුවෝ තාපසයන් වැඳ වැඩහිඳිනේ වඩිනේ කොයිදැයි විචාළහ. එවිට තාපසයෝ කියන්නාහු මහරජ හිමාලය වනයෙහි වාසය කොට වර්ෂා කාලය පැමිණි කල්හි වස්වසන තැනක් සොයා ඇවිදිම්හයි කීහ. එපවත් රජ්ජුරුවෝ අසා මාගේ මඟුල් උයනෙ වස් වසන්නේ යහපතැයි කියා තුමූ බත්කා ඉක්බිති තාපසයන් වහන්සේ කැඳවාගෙණ උයනට ගොස් උයනේ වැඩ ඉන්ට සලස්වා උයන්ගොව්වා මුන් වහන්සේ අතපාමෙහෙවර කරන්ට තොපට භාරයයි භාරකොට රජගෙට අවුත් එතැන්පටන් දවසකට කීපවිටක් තාපසයන් දකින්ට යන්නාහ. මේ නියායෙන් දවසරින සමයෙහි රජ්ජුරුවන්ගේ දුෂ්ට කුමාරයෝයයි කුමාරකෙණෙක් ඇත්තාහ, ඒ තෙම චණ්ඩය ඵරුෂය දණෙඩන් ගසනලද සර්පයෙකු මෙන් කෝපයෙන් දවසරිනේය, ඒ අවදියේ දෙමව්පියන් බන්ධුසහාය ආදීවූ වන් කීදෙයක් නොඅසන්නේය. එපවත් රජ්ජුරුවෝ දැක කුමාරයන් ඇර ගෙණ තාපසයන්වහන්සේ ලඟට ගොස් ස්වාමීනි මේ කුමාරයා චණ්ඩය ඵරුෂය. ඔහු හික්මවා වදාළමැනවැයි කියා තාපසයන් වහන්සේට පාවාදී රජ්ජුරුවෝ ගියාහ. තාපසයෝත් කුමාරයන් අත අල්වාගෙණ උයනේ ඇවිදිනාහ. දෙපෙති කොහොඹගසක් පෑ කුමාරයෙනි මින් එකපතක් සපාකාපියවයි කීහ. යහපතැයි කියා කුමාරයෝ ඉන් එකපතක් සපාකා තිත්තහෙයින් කෙළ හා සමග බිමට දමා දෙපෙති අවස්ථාවේ මෙසේ මහත්වීනම් බොහෝ නසාපියයි කියා ඒ ගස උදුරා අතින් ඝටා දමාපුවාහ. එවිට තාපසයෝ කියන්නාහු. දුටුවාද කොහොඹ ගස තිත්ත විසින් කඩා දමන ලද ඒ නියායෙන් මේ අමාත්‍යයෝ මේ කුමාරයෝත් දැන්ම මෙසේවූ චණ්ඩත ඵරුෂය. රාජ්‍යයට පැමිණියහොත් බොහෝ අනන්ථ කරන්නේයයි කියා තොපත් නසන්නාහ. එසේහෙයින් තොප විසින් චණ්ඩ ඵරුෂ නොව දැහැමෙන් දවස්හරුවයි අවවාද කීසේක. අවවාද ඇසූ කුමාරයෝ එතැන්පටන් චණ්ඩ ඵරුෂ නොවී දවස් ඇරියාහ. රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් දැහැමෙන් සෙමෙන් රාජජය කොටකම්වූ පරිද්දෙන් මියපරලොව ගියාහයි වදාරා එසමයෙහි දුෂ්ට රාජකුමාරයෝ නම් මෙසමයෙහි දුෂ්ට රාජකුමාරයාය, එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරයෝය, එසමයෙහි තාපසයෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

147 සංෂවක ජාතකය
145 තෘතීය සිහාල ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.