140 රිරොචන ජාතකය - IFBC Organization | Dhamma

තවද එක්සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් විසින් බුදුන් අතින් සියලු භික්ෂූන් වහන්සේ පාංශුකූල චීවර පොරවනා නියායෙන් සොසානිකාඞගය පුරණ ලෙසද වෘක්ෂමූලයෙහි හිඳ භාවනා කරණ ලෙසද මචඡ මාංස නොකන ලෙසද කියා මේ ප්‍රශ්නයද බුදුන් අතින් ඉල්වා බුදුහු මාගේ ශාසනයෙහි සුඛිත මුදිතයෝ බොහෝ දෙන මහණවෙති. එසේ හෙයින් කී දෙස පිළිවන්කෙණෙක් පුරති, බැරිකෙණෙක් නුපුරති. මා විසින් එසේ එකසී පුරන්ට උවමැනවැයි අපාතති නොපණවමි වදාරන්නා ඊට දේවදත්ත ස්ථවිරයෝ බුදුහු මා කීවා නොකළසේකැයි කිපී සැරියුත් සාමීන්ගේ ගණයෙන් අලුත සිවුරු පෙරවූ විනය නොදන්නා භික්ෂූන් පන්සියයක් ඇරගෙණ බුදුන්ගෙන් ලබන ලද උපසම්පදා සෘඬි ආදීවූ දෙය ඇතිව තිබියදීත් බුදුන් කෙරෙන් තණ අගක් ගලා ඇර ගන්නා විවරක් මා ඔවුන් ප්‍රයෝජනයක් නැතැයි කියා එකසී මසින් මස පොහො දෙකක් කොට සඞඝ භේද කරවාගෙණ ගයානම් ගඟඉස පන්සලක මමත් බුදුයයි කියා බුඞකෘත්‍යය කරමින් දවස් අරණසේක.

එසමයෙහි සර්වඥයන් වහන්සේ එක් දවසක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් පන්සියක් දෙනාට අධිගමය හේතුනියා දැන සැරියුත් මුගලන් දැගසව්වන් ලඟට කැඳවා තෙපි දෙන්න දේවදත්ත ස්ථවිරයන් සමීපයට ගොස් උන්ගේ පරිවාර භික්ෂූන් පන්සියයක් දෙනාට බණ කියා කැඳවා ගෙණ එවයි වදාළසේක. එපවත් අසා දැගසව්වන් වහන්සේ දේවදත්ත ස්ථවිරයන්ගේ ගණයට වැඩිසේක. දේවදත්ත ස්ථවිරයෝත් දෑගසව්වන් වහන්සේ දැක තමන් කරා පලා ආහයි සිතා ඒ වේලාවට තමන් බණ කිය කියා උන් විසින් බුදුරජානන්වහන්සේ වදාරණ ලෙස දේවදත්ත ස්ථවිරයන් වහන්සේ වදාරණසේක්. ශාරිපුත්‍ර ස්ථවිරයෙනි මාගේ වසට රිදෙයි තෙපි බණ කියවයි කියා තමන් වහන්සේ බණ අස්නගාවා බිම සැතපුනුසේක. ඒ වේලාවට සැරියුත් සාමි බණ කියා පන්සියක් දෙනාම රහත් කොටගෙණ වේළුවනාරාමයට වැඩිසේක. එවිට කෝකාලික ස්ථවිරයේ දේවදත්තයන්ගේ ගණයට අවුත් ගණය සූන්‍යව තිබුනු නියාව දැක දේවදත්ත ස්ථවිරයන්ට කියන්නාහු තොපගේ වහන්දෑ එකසීම දෑගසව්වන් ඇරගෙණ යාදී කුමන මරනිදි නිදන්නේයයි කියා විලුඹ බාලා සිවුර ඈත්කොට ලා කුලකින් ගැසූවාසේ විලුඹෙන් ලැමැද්දට ඇන ලේ තුන්කටක් නන්වාපීය සැරියුත් සාමිත් රහතුන් පන්සියයක් ඇරගෙණ බුදුන් දුටුසේක. එවිට සර්වඥයන් වහන්සේ ශාරිපුත්‍ර ස්ථවිරයෙනි දේවදත්ත ස්ථවිරයෝ තොප යන කලට කෙසේ උනුදැයි විචාරා වදාරන්නා සැරියුත් සාමි කියනසේක්. ස්වාමීනි දේවදත්ත ස්ථවිරයෝ සර්වඥයන් වහන්සේගේ විලාසයෙන් උන්නේයයි වදාරා කෝකාලික ස්ථවිරන් කළදෑත් දැන්වූ සේක. එපවත් සර්වඥයන් වහන්සේ අසැ වදාරා ශාරිපුත්‍ර ස්ථවිරයෙනි දැන්මතු නොවෙයි පළමුත් දේවදත්ත ස්ථවිරයෝ මා සේ ක්‍රියා කරන්ට වැද බොහෝ විනාසයට පැමිණියෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ සිව්පාවුන්ට උතුම්වූ කේසර සිංහව ඉපිද පර්වතයක් මුදුනේ රත්ගල් ගුහාවක වාසය කරණසේක. එසමයෙහි එක් දවසක් කේසර සිංහරාජතෙම පර්වතයෙන් පැන මීමෙකු අල්වාගෙණ මාංස අනුභව කොට වැවට ගොසින් පැන්බී පෙරලා පර්වතයට එන ප්‍රස්ථානට එක් කැණහිලෙක් සිංහයාට ලන්ව ගියහෙයින් තමා ගැලවී යන උපායක් නැතිහෙයින් සිංහයාගේ පය වැඳලා සිටියේය. එවිට සිංහයා කියන්නේ ඇයි ජඹුකය කුමකට සිටියේදැයි විචාරා නුඹවහන්සේට සේවාකම්කරන්ට සිටියෙමි කී විසින් බෝධිසත්වයෝත් ඒ කැණහිලා කැන්දාගෙණ පර්වතයට නැගී උන් ඉන්ට එක් තැනක් සලස්වා තොප විසින් පර්වත මුදුනේ සිට සිව්පාවන්ට බලා මා කරා අවුත් අසවල් සිව්පාවා ඇල්ලුව මැනවැයි කියාද පැලඹී වදාළ මැනවැයි කියන්නා තොපට කැමති මාංස මරා තොපටත් ලා මමත් කා ජීවත්වෙම්හයි කීසේක. එතැන්පටන් කැණහිල් එලෙසම පෑ මස් ගෙණ තෙමේත් කා කැණහිලාටත් ලන්නේය. මේ නියායෙන් සිංහයා මරාලූ මස් කන හෙයින් දවසින් දවස ඇඟ පුෂ්ටිමත්ව මහත්වූ හෙයින් උඬතව සිතත්නේ සිංහයෝත් සිව්පාගතයෝය, මමත් සිව්පාගතයෙමි, එසේ විසින් එකෙකු මරාලන මස් කන්නේ කිම්ද මට මස් මම්ම මරාගණිමියි සිතා සිංහය කරා ගොසින් කියන්නේ නුඹ වහන්සේ මරාලන මස් මම මෙතෙක් දා කෑමි, ඉනිබ්බේ මරාලන මස් නුඹ වහන්සේම කැවමැනවැයි කියන්නා සිංහයා කියන්නේ හසතිවිදාරණයට අපට විනා තොපට බැරියයි කීපවාරයක කියද්දීත් උවමැනවැයි සිතත් මෙපමණක් ඇතිවන්නාහ. හසති විදාරණය මට පිළිවනැයි කියන්නා යහපතැයි එසේවීනම් අද රෑට නුඹ වහන්සේ වැදහෝනා ස්ථානයෙහිම වැදහෝනට උවමැනව උදෑසනක්සේම මා නික්මෙන වේලාවට පැළඹ කැණහිලායයි කියන්න උවමැනව මෙපමණක් ඇතිවන්නා හස්ති විදාරණය මට පිළිවනැයි කියන්නා යහපතැයි එලෙස සිංහයා කෙළේය. කැණහිල් රත් ගල් ගුහාවෙන් නික්ම පර්වත මුදුනට නැගී පර්වත මුදුනට නැඟී ඇඟ තුන් ඈවරක් කිළිපොළා තුන් විටෙක කැණහිල් අඬ අඬා සතරදිසා බලා මහත් වූ ඇතු දැක ඇතු පිටට පැනපීය. ඇතු පිටට පිණූ ගමනේ කැණහිල් ඇතු පාමුල වැටී ඇතු විසින් පයින් මැඩ සුනුවිසුනුකොට පෙරලා සුනුකළ ඇට එක්තැන්කොට ඊපිට වර්චස් කොට හා මූත්‍රකොට කුඤචනාදද කොට ගියේය. ඒ දුටු සිංහයා කැණහිලා පැලඹුනු නියාව ඉස ළය තළාගත් දෙයත් සොඳසැටිය පැලඹුනු නියාවත් ඔබිමයයි කියා ගල්ගුහාවටම ගියෝයයි වදාරා, එසමයෙහි සිංහයා කරණ ක්‍රියාවම කෙරෙම්යි කියා ළය තලාගත් කැණහිලා නම් බුදුන් කරණ ක්‍රියාකෙරෙමි ළය තළාගත් දේවදත්ත ස්ථවිරයෝය, එසමයෙහි කේසර සිංහව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාරා විරොචන ජාතකය නිමවා වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

141 නං ගුඨ ජාතකය
139 රිතීය සිගාල ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.