138 රිතීය ගොධ ජාතකය

තවද සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි නොකීකරු භික්ෂු කෙනෙකුන් වහන්සේ නිසා මේ ජාතකය දක්වන ලදි. මෙහි වර්තමාන කථාව මහිලාමුඛ ජාතකයෙහි විස්තර වශයෙන් පෙනෙන්නේය.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ හෝ යෝනියක ඉපිද ගොයින් දහස්ගණන් පිරිවරා මහත්වූ තුඹසක වාසය කරන්නාහ. එසමයෙහි බෝධිසත්වයන්ගේ හෝ පැටියෙක් කටුස්සකු හා විශ්වාසව ගෙණ වසන්නේය. එසමයෙහි බොහෝ ගොයි එපවත් ගොසින් බෝධිසත්වයන්ට කීහ. බෝධිසත්වයෝ තමන්ගේ හෝ පැටවා ගෙන්වා ගෙණ අද පටන් තෝ නීචව ජාති ඇති කටුස්සා හා විශ්වාසය නිසා මතු හෝ රැසට අනත්‍ර්‍ථවෙයි. තමන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් දැන කීවාහ. එසේ කීවත් ඒ ගෝ පැටවා කීවා නොකොට කටුස්සාගේ ඇඟ වැතිර කෙළින්නේය. මේ නියායෙන් කල් යත් යත් ගොයා ඉතා මහත් විය. ඒ මහත්වූ කය ඇරගෙණත් කටුස්සා ඇඟ වැතිර කෙළිනේය. මේ නියායෙන් ඒ වේලාවට කටුසු තමා කය කුඩා හෙයින් මහත්වූ ශරීර ඇඟ වැතිර ගන්නා මහත් පර්වතයක් ඇඟ වතුරුවා ලූවාසේ තමාට දැනෙන විසින් ගොයින් කෙරේ වෛර බැන්දේය. ගෝ රජ්ජුරුවෝත් කටුස්සා නිසා යම් දවසෙක භය පැමිණෙයි නියම දැන ඒ නියාවට සොර උමගක් කැණ තිබුවාහ. ඒ අවදියට නොකල් වැස්සෙක් වට බොහෝ මෙරු පැන නැංගාහ. ඒ දැක එක් වැද්දෙක් මෙරු කන්ට ගොයින් බස්නා කලැයි සිතා ගොයින් මරනනට බැද්දට ගියේය. ඔහු බැද්දේ ඇවිදිනා කලට ගොයින් කෙරේ වෛර බැඳි කටුසු ඒ කියන වැද්දහු දැක කුමක් නිසා බැද්දේ ඇවිදිදැයි විචාරා ගොයින් සොයා ඇවිදීම කී විසින් ගොයින් සොයා තා දුක් ගන්ට එපයි පිදුරු හා ගිණි ගෙණ ගොසින් මමවේද පාමි කියන්නා ඒ නියාවට වැදි ගොසින් පිදුරු හා ගිණි ගෙණය. එවිට කටුසු කියන්නේ මේකියන තුඹස්කටැයි පිදුරු ගන්වාලා ගිණි ඇනපියව. එවිට දුම් කැලෑ ගොසින් තුමූම පිටත්වන්නාහ. පිටත්වූ වේලාවට තොප අත තුබූ පොල්ල බලාවත් බල්ලන් පෑලවාත් කැමති ගොයි මරාගණුවයි කීය. එසේම වැදි කෙළේය. බෝධිසත්වයෝ මෙතෙක් අපේ බන්ධුන්ට භය වූයේ අසත්පුරුෂවූ කටුස්සා නිසායයි සිතා සාරා තුබූ සොර උමඟින් පලා ගියාහයි වදාරා,
එසමයෙහි කටුස්සා නම් දේවදත්ත ස්ථවිරයෝය. නොකීකරු ගෝපැටියා නම් නොකීකරු භික්ෂූහුය, එසමයෙහි හෝ රජව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම යයි වදාරා ගොධ ජාතකය නිමවා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

139 රිතීය සිගාල ජාතකය
137 කාක ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.