105 ඛඛල කුඨ ජාතකය

තවද එක්සමයෙක්හි මහත්වූ ධෛය්‍ර්‍ය ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසනසේක්. මරණභීරුකවූ එක් භික්ෂු කෙණකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත් නුවර වාසීවූ එක් කුලපුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ වදාරන්නාවූ ධර්ම දේශනාව අසා ශාසනයෙහි මරණභීරුත වීය. රාත්‍රී ස්ථාන දිවා ස්ථානයෙහි පටන් අමනාප ශබ්දයක් වේවයි පක්ෂීන් හා චතුෂ්පද ජාතීන්ගේ ශබ්දයක් වේවයි අසා මරණ භයින් තැතිගෙණ මහ හඬින් හඬමින් පළා ගියේය. ඒ භික්ෂුන් වහන්සේට මියම් යන සිතිවිලි පමණකුත් නැත්තේය, ඉදින් ඒ මහණ මම මීයමි දන්නේවීනම් මරණට නොබන්නේය. මරණානුස්මෘති කර්ම ස්ථානය නොවැඩූ බැවින් මරණට භයවන්නේය. ඒ භික්ෂූන්ගේ මරණභීරුක බව භික්ෂු සංඝයා වහන්සේ කෙරෙහි ප්‍රකාශ විය. ඉක්බිත්තෙන් දම්සභා මණ් ඩපයෙහි රැස්ව උන්නාවූ භික්ෂූන් වහන්සේ මෙසේවූ කථාවක් ඉපදවූසේක. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ දම්සභාමණ්ඩපයට වැඩ මහණෙනි, මා එන්නාට පළමු කීනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උන්ම්හයි කීකල්හි ඒ භික්ෂූහු කැඳවා මහණ තා මරණ භීරුක වූයේ සැබෑදැයි විචාරා සැබව ස්වාමීනි දැන්වූ කල්හි මහණෙනි මේ භික්ෂූ හට නොසතුටවව් මේ මහණ දැන්මතු මරණ භීරුක වූයේ නොවෙයි පෙරත් මරණ භීරුක යයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණ ලද බෝධිසමාහාර ඇති අප මහබෝසතානෝ හිමාලය වනයෙහි වෘක්ෂ දේවතාව උපන්හ. එසමයෙහි බරණැස් නුවර රජ්ජුරුවෝ තමන්ගේ මගුලැතු යුඞක්‍ෂම කොට හස්ති ශික්ෂාව කරුණු නිසා හසත්‍යාචාරීන්ට ඇතු පාවාදුන්නුය, එකල්හි හස්තියාට ඉවසාගත නොහී තමා බැඳි කඹය බිඳ ගෙණ මනුෂ්‍යයන් ලුහුබඳවා දිවගෙණ ගොස් හිමාලය වනයට වන්නේය, මනුෂ්‍යයෝ ඔහු අල්වා ගත නොහී පසුපස්සෙහි ගොස් නැවත ආපසු ගියාහුය. ඒ හස්ති රාජයා එතැන් පටන් මරණ භීරුක විය. පවන් හැඬූ හඬ අසා වෙව්ලමින් මරණ භයින් භයපත්ව සොඬ කෙළව කෙළවා මහත්වූ වේගයෙන් දිවන්නේය, අත්කඹුයෙන් බැඳ කොළින් දුක්කම්කටුල් කරණ කලක් මෙන් ඕහට මහත් භය උපන්නේය. කායාසවාදයෙක් වේවයි චිතතාසවදයෙක් නොලැබ වෙව්ල වෙව්ලා ඇවිදිනේය, වෘක්ෂ දේවතාවානෝ ඔහු දැක වෙලෙප් අතුරෙහි සිට මෙසේ කිවූය, යම් දුර්වල වූ කාෂ්ටය පූර්‍වදික් ආදියෙන්ම හමන්නාවූ මහපවනින් බිඳ හෙලාද එසේ කාෂ්ටය මේ වනයෙහි බොහෝය, සුලභය, ඒ ඒ තැන ඇත, ඉදින් තෝ ඒ පවනින් බිඳී වැටෙන දරදඬු ආදියට භයවන්නේ වීනම් එසේ කල්හි නිරන්තරයෙහි තණ පැන් අනුභව කොට සැපසේ ජීවත්වයි කියා මෙසේ වෘක්ෂ දේවතාවෝ හස්තියට අවවාද දුන්නාහුය, ඒ හස්තියාත් එතැන් පටන් නිර්භීත විය. ශාස්තෘවූ සම්‍යක් සම්බුදුරජානන්වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට මේ දුර්වල කාෂ්ට ජාතකය නිමවා වදාළසේක.

චතුසසත්‍ය ධර්ම දේශනාවගේ කෙළවර මරණභීරුක මහණ සෝවාන් පෙලෙහි පිහිටියේය, එසමයෙහි හස්තියා නම් දැන් මේ මරණභීරුක මහණය, එසමයෙහි වෘක්ෂදේවතා වූයෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

106 උදංචනී ජාතකය
104 චිතීය මිත්තවින්‍ද ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.