
හේමක මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදු රජානන් වහන්සේ ගේ කාලයෙහි එක්තරා කුල පුත්රයෙක්ව උපන්නාහ. හෙතෙම බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් ඵලයට පැමිණ දුක් කෙළවර කරන්නෙමි” යි අධිෂ්ඨාන කොට බොහෝ කුසල් දහම් රැ කර එයින් චුතව දෙව් මිනිස් සැප විඳ සසර සැරි සරා අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද හේමක නමින් ප්‍රසිද්ධව වාසය කළේය. හෙතෙම වැඩි වියට පැමිණ බාවාරි නම් තාපස තුමාගේ ප්‍රධාන ශිෂ්‍යයකු බවට පැමිණ තාපසයෙක් විය. දිනක් බාවාරිගේ අනු දැනුම ඇතිව බුදුරජාණන් වහන්සේ කරා පැමිණ උන්වහන්සේන්ගෙන් පහත දැක්වෙන ප්රශ්නය විචාළේය.
” සවාමීනි, යමක් දැන සිහි ඇතිව, හැසිර ලෝකයෙහි තෘෂ්ණාව දුරු කළ යුතු ද? ඒ තෘෂ්ණාව නසන ධර්මය කුමක් ද? ” ඊට පිළිතුරු වශයෙන් බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
” හේමකය, මේ ලෝකයෙහි රූපාදී අරමුණු කෙරෙහි ආශා දුරු කිරීම නම් චුත නොවන්නා වූ නිර්වාණ පදවියට යාම වන්නේ ය .සිහි ඇති යම් කෙනෙක් මෙය දැන මෙ ලොවම පිරිනිවියේ, ශාන්ත වූවාහු වෙත්ද ඒ දක්නා සුලූ වුවෝ ලෝකයෙහි තෘෂ්ණාව දුරු කළාහුය, “
මේ දේශනාව කෙළවර හේමක තවුසා ඇතුළු දහසක් තවුසෝ රහත් වුහ. බුදුරජාණන් වහන්සේ ඔවුන් සියලූ දෙනම එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කළ සේක. හේත්මක මහරහතන් වහන්සේ අසූමහා ශ්‍රාවක පිරිසට ද අයත් වූ ස්ත.