
නන්ද මහතෙරුන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර එක් කුලගෙයක උපන්හ. හෙතෙම වැඩි වියට පත්වූ කල්හි එම රහත් බව ප්‍රාර්ථනා කොට කුසල් රැස් කෙළේය. බොහෝ කාලයක් සසර සැරිසරමින් පින් දහම් වල යෙදෙමින් සිටි එම කුලපුත්‍රයා අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවර බ්‍රාහ්මණ මහා සාර කුලයක ඉපිද වේදය ඉගෙන වාසය කරන කල්හි බාවාරි නම් තාපසතුමා වෙත ගොස් ඔහුගේ ශිෂ්‍යයෙක් ව තාපස ධර්මය පුරමින් සිටියේ ය, දිනක් බාවාරි තාපසතුමාගේ අනු දැනුම ඇතිව බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ මේ ප්රශ්නය විචාළේය.
” ස්වාමීනි, මේ ලෝකයේ මුනිවරයෝ යයි හඳුන්වන පිරිසක් ඇත්තාහ, ඒ අය සමාපත්ති ඥාණාදියෙන් උපන් නිසා මුනි නම් වීද? නැතහොත් රළු පැවතුම් කරණ කොට ගෙන මුනි නම් වීද? ” බුදු රජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මෙසේ ප්‍රකාශ කළ සේක.
” නන්දය, දෘෂ්ටියෙනුත් ඇසීමෙනුත් දැනීමෙනුත් මේ ලෝකයේ දක්ෂයෝ මුනි යයි නොකියති. යම් කෙනෙක් කෙලෙස් නස්න නැති කොට රාගාදි කෙලෙස් නැතිව, ආශා නැතිව හැසිරෙත් ද ඔවුහු මුනිහු යයි කියමි”
මේ දේශනාවන් ඇසූ නන්ද තාපස තුමා ඇතුළු දහසක් පිරිවර තාපසයෝ රහත් ඵලයට පත් වූහ. බුදුරජාණන් වහන්සේ එහි භික්ෂු භාවයෙන් ඔවුන් සියල්ලෝම පැවිදි උපසම්පදා කළහ. නන්ද තෙරුන් වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් අතුරෙහි එක් අයෙක් වූ සේක.