නොදිරන මෘතදේහය ගැන ගල් පැලෙන බොරු …

තොටගමුවේ රාහුල හිමි 15 වැනි ශත වර්ෂයේ ලක්‌දිව පහලව සිටි අගනා පඬිරුවනකි. උන්වහන්සේ ත්‍රිපිටක වාගීශ්වර සකල කලා සර්වඥ, ෂඩ්භාෂා පරමේශ්වර යනාදී ගෞරව නාමයන්ගෙන් පිදුම් ලදහ. රහල් හිමියන්ට ධර්ම ඥනයට අමතරව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනාදිය සම්බන්ධයෙන්ද විශාල දැනුමක්‌ තිබිණ. උන්වහන්සේ විවිධ ඖෂධයන් පිළිබඳ හසළ දැනුමක්‌ තිබූ දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ද විය. 6 වැනි පරාක්‍රමබාහු රජුගේ මුණුපුරා වූ ජයබාහු කුමරා රජවූ පසු සපුමල් කුමරු ඔහු ඝාතනය කොට රජවීමට තුන් වරක්‌ම උත්සාහ ගත්තද රාහුල හිමි එය වැළැක්‌වීය. නමුත් සිව්වන වතාවේදී සපුමල්, ජයබාහු මරා සය වැනි බුවනෙකබාහු නමින් රජවිය. රාහුල හිමි කලකිරී ගාලු දිස්‌ත්‍රික්‌කයේ “අම්බන” නම් ගමෙහි හුදකලාව ජීවත් විය. උන්වහන්සේගේ දකුණු බාහුවේ “සතුරු බුවනෙකබා බලය තෙවිටක්‌ පසුබා, රුපු යුදයට නොබා, මමය පැරකුම් රජුගෙ ගජබා” යන කවි දෙකක්‌ කොටා තිබූ බව විශ්වාස කරයි. උන්වහන්සේ අම්බනදී අපවත් වීමට මොහොතකට කලින් ශරීරය දින ලක්‍ෂයක්‌ නරක්‌ නොවී තබා ගැනීම සඳහා “සුදු අලු රසය” නම් ඖෂධයක්‌ පානය කළ බවද සඳහන්

1-31505 දී පෘතුගීසීහු මෙරටට පැමිණි පසුව රජවරුන්ගේ අසමගිකම් ප්‍රයෝජනයට ගනිමින් ඉතා කෲර ලෙස ලක්‌දිව පාලනය කළහ. මේ අතරතුර අම්බන ප්‍රදේශයේ නරක්‌ නොවී තිබෙන දේහය දැක ගම්වාසීන්ගේ විරෝධය ද නොතකා එම දේහය දොඩන්දූව වරායෙන් ගෝවේට ගෙන ගිය බව පැවසෙන පැරැණි ජන කවි දෙකක්‌ද අදටත් එම ප්‍රදේශයේ ජනතාව අතර පවතී. පෘතුගීසීහු ගෝවේ තිබෙන මෙම දේහය ශාන්ත සේවියර්ගේ යෑයි කියමින් ගෞරව දක්‌වති.

සේවියර් පියතුමා යනු පාප් වහන්සේ විසින් 15 වන සියවසෙහි ඈත නැගෙනහිර ආගම පතුරුවා හැරීම සඳහා පත්කළ නියෝජිතයාය. ඔහු චීනයට යන අතරමගදී “සැන්ක්‌ෂන්” නම් දූපතේදී මියගිය බව පැවසේ. ඔහුගේ සිරුර එහි වළලා සති කිහිපයකට පසු මලක්‌කාවට ගෙන යැමට නැවත ගොඩ ගන්නා විට සිරුර නරක්‌ නොවී තිබෙනු දුටු බව කියති.

මෙම දේහය රහල් හිමිගේ යෑයි සිංහලයෝ පවසන අතර එය ශාන්ත සේවියර්ගේ යෑයි කිතුනුවෝ විශ්වාස කරති. මේ සම්බන්ධයෙන් නොයෙකුත් මතිමතාන්තර තර්ක විතර්ක ගෙනහැර පාති. මේ සම්බන්ධයෙන් වැඩිපුරම කතාබහ යෙදී ඇත්තේ පනස්‌ වැනි දශකයේය. අද එම දේහයේ දකුණු අත නොමැත. එය රෝමයේ පාප් වහන්සේගේ ඉල්ලීමට කපා රෝමයට යෑවූ බව කිතුනුවෝ පවසන අතර එම අතෙහි පෙර කී කවි දෙක කොටා තිබූ බැවින් එය රාහුල හිමිගේය යන්න තහවුරු වන නිසා අත කපා දමා ඇති බව සිංහලයෝ කියති. මේ සම්බන්ධයෙන් පැරැණි පුවත්පත්වල පළවූ ලිපි කිහිපයක්‌ නැවත පෙන්වා දෙන අතර එම ලිපියේ ඉතිරි කොටස අද දැක්‌වේ.

1-11953/1/24 වැනි දින සිංහල බෞද්ධයා පුවත්පත 49 වැනි කලාපය. දෙවියන් සමඟ ගැවසී, කතාබස්‌ කරමින් දෙවියන්ට ඉතා ප්‍රියව විසූ “මෝසෙස්‌” මුණිවරයා මෝවඩ් දේශයේ මළ විට, කෙනෙක්‌ නොසිටියෙන් දෝ දෙවියන්ට ඒ මළ සිරුර ගෙන ගොස්‌ රහස්‌ ස්‌ථානයක වළලෑමට එතුමා තැතක්‌ වෙහෙස ගත්තේ ඇයි? එදා ඒ සිරුර විනිශ්චය දවස තෙක්‌ සාවියර් සිරුර මෙන්වත් පවත්නා ලෙස ආශිර්වාද නොකොට දිරාපත් වන ලෙස එය පස්‌ දමා යටකොට වදාළේ මක්‌නිසාද යෑයි කියන්නේද? ඔය සිරුර මෙන් එය සුරක්‍ෂිත කොට වදාළේ නම් අද පාදිලිවරුන්ට ලෝ පුරා අහුමුලු ගානේ දුකසේ ඇවිදිමින් අන්දිටුවන් ඔය සමයට නතු කර ගැනීමට දබර සණ්‌ඩු කරමින් වාද විවාද උපදවමින් දුක්‌ මහන්සි ගැනීමට සිදුවේද? මෙපමණක්‌ නොව ඒ නිසා ලෝකයේ සිදුවූ බොහෝ දරුණු කුරුස යුද්ධාදිය කරණ කොට ගෙන ලක්‍ෂ සංඛ්‍යාත නිර්දොaෂ අසරණ ලෝ වැස්‌සන්ට එසේ වීනම් රෞද්‍ර අකල් මරණ එකකුත් ඇතිවේද? ඒ මෝසෙස්‌ගේ සිරුර එසේ සුරක්‍ෂිත කොට තිබුණේ නම් ලෝක පතය මවන ලද දෙවියන්ගේ පළවන ගෝලයාගේ සිරුර මෙන්න යෑයි කියා අද අපට පවා බලා සැක නැතිකොට ගෙන විවාද රහිතව ඒ ආගම පිළිගන්නට සිදු නොවෙත්ද?

හොඳයි එය ලොව මැවූ ළඟදී කළ යුත්තක්‌ වූ හෙයින් දෙවියන්ට ඒ නුපුරුදු කමින් අමතකව යන්නට ඇතැයි අප සිතුවත් ඉන්පසු ශුද්ධ වූ පාප් උතුමන් රාශියක්‌ සිට මියගොස්‌ තිබෙනුයෙන් එතැනින් ශුද්ධත්වයට පත් දවසට කිහිප වතාවක්‌ දෙවියන් සමඟ පිළිසඳරෙහි යෙදෙන බැව් කියන නොවැරදෙන සුලු, දිව්‍ය බල මහිමයෙන් පරිපූර්ණ යෑයි පතළ, පාප්තුමාගෙන් එකම කෙනකුගේවත් මළ සිරුරක්‌ ආකශ්මිකව ශුද්ධ වූ සිරුරක්‌ අද වනතුරු ඔය තත්ත්වයට ඒ දෙවියන් නොපත් කළේ බැරි නිසා නොවේ නම් මක්‌ නිසාද? ඒ පාප්වරු සියල්ලන්ගේම මහෝත්තම භාවයට භක්‌තිමනත්වයට ලැබ සිටි දේව කරුණාවට, තපෝ ගුණ රාශියට වැඩි තරම්. ඒ හැම ලාභ නොයෙක්‌ දොaෂාරෝපණයට අසුව, සැකකටයුතු චරිතයක්‌ ඇතිව සිටි, බොහෝ කාලයක්‌ මහත් වෙර වෑයමකින් යම්තම් ශුද්ධ වූ කෙනෙක්‌ හැටියට ඇතුළත් වූ එසේවත් ඔය සිරුර අශුද්ධ දේහයක්‌ ලෙස යටි හිත්වලින් සලකා තවම වතිකන් මාලිගයට පවා වැද්ද නොගෙන තිබෙන ඔය සාවියර් පාදිලිතැනට ලැබී තිබුණු තත් සිරුර දෙවියෝ ඔය තත්ත්වයට පත්කොට වදාළෝ යෑයි යම් කතෝලිකයෙක්‌ කියතොත් එය මහා අපරාධ කීමක්‌ බව අපට නම් සිතේ. එහෙයින් ඒ කීම ශුද්ධ වූ පාප් වහන්සේලාගේ මහෝත්තමභාවයට ගසන හෙණ පහරකි. නැතහොත් පාප්තුමාට කතෝලිකයකුට කළහැකි ඉතාම ලොකුම අපහසයකි. තවද පෝල් පාප්තුමාට එකල ගෝවේ සිටි මහා භක්‌තිමත් කතෝලික පූජා ප්‍රසාදීවරුන්ට ඔවුන් නිශ්චයෙන් තම මුණිවරයකුගේම බව දැන සිටි ඔය සිරුරෙහි ඇඟිල්ලක්‌, කනක්‌, කොනක්‌ නොකපා දකුණු අත මුළුමනින්ම කපා යෑවීම ගැන පමණක්‌ සිතා බලන නුවණ මඳක්‌ හෝ ඇති ඕනෑම කෙනකුට මෙහි සත්‍ය වැටහෙනු ඇත.

වර්ෂ තුන් හාර දහස්‌ කල් සිට අද වනතුරු නොදිරා පවත්නා මිසර මෘතදේහ රාශිය පෙන්නුම් කරන්නෙමු. ඉන් ඉතා ප්‍රකට ”තූනන් කාමන් දෙරණිසුරු” ගේ සිරුර විශේෂයෙන් සිහි කිරීම වටී. තවත් බබ්ලින් නුවර සාන්ත මිචාන් පල්ලියේ ඇති වර්ෂ 800 ක්‌ තරම් පැරැණි සැරයන් කාලීන යුදභට සිරුර ගැන සිහි කරන්නෙමු. ඒ සිරුරෙහි ඇඟිලි හා නිය ඔය සාවියර් තැනගේය යන සිරුරෙහි මෙන් දිරා නොගොස්‌ තවම හොඳින් පවතී. ඒ ළඟම චීනයේ තිබෙන ෂුවංගේ මෘත දේහය මතක්‌ කරමු. ඊට දැන් වර්ෂ 800 ක්‌ තරම් ඇත. මේ සාධක අතුරෙන් සැරයන් සෙබළාගේ සිරුර හැර අන් සිරුරු සියල්ලම ක්‍රිස්‌තියානීන් කියන ලෙස මිසදිටු අයගේය. එසේ මිසදිටු සිරුරු හා මිනීමරුවකුගේ සිරුරකුත් ඔය සර්ව පරාක්‍රම දෙවියන් විසින් නොදිරා පවත්වන්නට වරම් දුන් සිරුර දැයි අප ඇසුවොත් ඊට කතෝලිකයන් දෙන පිළිතුර කුමක්‌ද? ලබ්ධි පටලයෙන් නුවණ සුමග නොවූ ඕනෑම කෙනකුට මළ සිරුර නොදිරා පැවතියේ දෙවියන්ගේ වෙර වෑයමකින් නොවන බැව් වැටහේ. දේව බලයක්‌ නොමැතිව මළ සිරුරු සුරක්‍ෂිත වීමට ඖෂධ ශක්‌තියම ප්‍රමාණවත් බැව් රුසියාවේ තිබෙන දශ වර්ෂයක්‌ පමණ පැරැණි ලෙනින්තුමාගේම සිරුරෙන් පවා ප්‍රත්‍යක්‍ෂ වනවා ඇත.

දෙවියන් ඇස නොදුටු, එතුමාට පුළුටු දුම් රැල්ලකින් සතුටු සංග්‍රහයක්‌ නොකලා, දෙවියන්ගේ මිනිසුන්ට වඩා බොහෝ අඩුපාඩු කම් ඇතිව සිටි තූනන් චෝදනා ලැබූ ඔය සාවියර් පාදිලිතැන වැනි “සෙස්‌සන්” ගේ මෘතදේහ කිහිපයක්‌ සමහර විට ඔය දෙවියන් විසින් මහත් ඕනෑකමින් ආශීර්වාද දානය කොට මතු පස්‌වා දහසක්‌ කල් නොදිරා ජීවමානාකාරයෙන් පවත්නට වරම්දී තිබේලු. මේවා නොවෙද ගල් පැළෙන බොරු” සර්ව සාධාරණ උතුම් දෙවියන් එතරම් අයුත්තක්‌ කිසි විට නොකරන බව හැමදෙනාටම අවබෝධ වන කරුණකි. මෙය තවත් පැහැදිලි කරමු. මෝසස්‌, නෝවා, ලොත්, ඒබ්‍රහම්, සුජනා ආදී දෙවියන් විසින් තෝරා ගනු ලැබූ සුවච උපස්‌ථායකයන් නොහොත් දෙවියන් විසින් නොයෙක්‌ වාරවල බොහෝ ආශීර්වාද පවා කරන ලද, දෙවියන්ට කඳු උඩට මස්‌ හා පුළුටු දුම්, සැර මත්පැන් පමණක්‌ නොව ඇතිව සිටි එකම දුව හා කන්‍යාවන් පවා පුදන ලද මහා භක්‌තිමත් ප්‍රියංකර සහචරයන්ගෙන් එක හාදයකුගේ සිරුරක්‌ වත් මතු ස්‌ව සමයවාදීනට බලා සතුටුව භක්‌තිය තරකොට ගැනීම පිණිසවත් උපකාරී වන ආශීර්වාද කොට නොතබා අප දෙපක්‍ෂයට මතභේද ඇතිකොට ගෙන වාග් සටනකට දැන් යොමුවීමට පමණක්‌ හේතුවූ අන් කිසි පලක්‌ නොවන සාවියර් නම් මේ පාදිලිතුමාගේ මළ සිරුරට පමණක්‌ විනිශ්චය දින තෙක්‌ නොදිරා පවත්නට සර්වබල වරම් දුන් කාරණය නම් ලොව නුහුලන මහා අපරාධයකි.

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.