
5. දිව්‍යමය ස්ත්‍රීරත්නය
මෙසේ මිනිරුවණ පහළවීමෙන් පස්සේ සක්විති රජතුමාගේ අග්‍ර මෙහෙසිය ලෙස විශේෂ වූ ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. එය සමහර විට මදුරජ කුලයෙන් විය හැකියි. එසේත් නැතහොත් උතුරුකුරු දිවයිනෙන් විය හැකයි. එසේත් නැතහොත් පුණ්‍ය අනුහසින් තමා විසින්ම ආරාධනයකින් තොරව එනු ලබන්නියක් විය හැකයි.
ඕතොමෝ මනා රූ ඇත්තීයකි. දකින්නන් වසඟයට පත්වේ. ඒ නිසාම තම තමන් නිරත වූ කාර්යයන් පසෙක ලා දුටුවන් දෙනෙත් නොපියා ඇය දෙස බලා සිටි. උතුම්වූ වර්ණ සංකලනයක් වගේ සෞන්දර්යාත්මකයි. ගොඩක් උසත් නැහැ. ගොඩක් මිටිත් නැහැ. ඉතා කෙට්ටුත් නැහැ. ඒ වගේම ඉතා මහතත් නැහැ. ඉතා කළුත් නැහැ, ඉතා සුදුත් නැහැ, රන්වන් පාටයි.


ඒ ස්ත්‍රී රත්නයයේ ශරීරයෙන් සඳුන් සුවඳ නිරන්තරයෙන්ම විහිදෙනවා. මුව විවර කරන සෑම වතාවකම නිල් උපුල් මල්සුවඳ හමනවා..
ඇය රජු දුටු විගස ගින්නෙන් දැවුනාක් මෙන් පළමුව හුන් අසුණින් නැගි සිටිනවා. ඒ වගේම රජු අවදිවීමට කලින් අවදිවී සැරසී සිටිනවා. ඒ වගේම රජු හිඳගත් විට තල්වැටින් පවන් සැලීම අදියකොට රජු සැතපුන පසුව නින්දට යනවා.
“දේවයනි කුමක් කරම්ද? ඔබ හට අවශ්‍ය යමක් ඇත්ද?” යනාදී ප්‍රිය තෙපුල් තෙපලමින් වචනයෙන් පවා කීකරු බව දක්වමින් දාසියක් මෙන් හැසිරෙනවා. ප්‍රිය මනාපව හැසිරෙනවා. යමක් රජු ප්‍රිය නම් ඒ දේම කියනවා. අකමැති දේ කතා කරන්නේ නැහැ. කරන්නේත් නැහැ. මේ සියල්ලම පාරිශුද්ධ වූ ආචාරශිලත්වයේ උපරිමය නිසාම වන අතර කපටි කෛරාටික බව නිසා නොවන බවත් මතක තියාගන්න ඕනේ.
ඇය කිසි කලෙක රජු ඉක්මවා නොහැසිරෙයි. බොහෝ සිල්වත් වෙයි. රාගාදී කෙලෙස් තුනී වුවෙක් වෙයි. ඒ නිසාම අනාචාරයේ නොහැසිරෙන පතිවෘතාව දිවිහිමියෙන්ම රකින තැනැත්තියක් වෙයි. ඒ නිසාම රජු හැර අන් පුරුෂයෙක් සිතෙන්වත් නොපතයි. එසේනම් කයෙන් කියනුම කවරේද?
මෙය කියවන ඔබ ස්ත්‍රියක් නම් ඔබටත් එවැනිම ස්ත්‍රී රත්නයක් විය හැකියි. මෙය කියවන ඔබ පුරුෂයෙකුනම් ඔබටත් සක්විති රජකම හිමි කරගත හැකියි.. අවශ්‍ය වන්නේ දාන සීල පාරමිතා පිරිම පමණි.
මතු සම්බන්ධයි
තුසිත රාජපක්ෂ
ප්‍රංශය