93 රිශ්වාස භොජන ජාතකය

තවද එක්සමයෙක්හි ෂට් අසාධාරණ ප්‍රඥයෙන් යුක්තවූ තිලෝගුරු සම්මා සම්බුදුරජානන්වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම්වෙහෙර වැඩවසන සේක්. විස්වාස භොජනයක් අරභයා මේ ජාතකය වදාළසේක.

හේ කෙසේදැයි යතහොත්,

එසමයෙහි වනාහි බොහෝ භික්ෂූන් වහන්සේ අපගේ දෙමව්පියන්ගෙන් එවළෙූ භෝජනයෙහි කියාද අපගේ නගුන් බුහුනන්ගෙන් එවාළූ භෝජනයෙහි කියාද අපගේ මයිලනුවන්ගෙන් නැන්දනියන්ගෙන් එවාළූ භෝජනයයි කියාද අපමණවුවත් මේ කියන බන්ධුහු අපට භෝජනය දෙන්ට නිස්සහ, අපි ඔවුන්ගෙන් ලැබගෙණ වලඳන්ට නිස්සම්හයි නෑයන් විසින් දෙනලද චීවරාදී චතුර්විධ ප්‍රත්‍යය දුන් කල්හි සැක නැතිව නොපස්විකා වළඳන්නාහුය, ශාසතෘවූ බුදුරජානන්වහන්සේ ඒ කාරණය දිවසින් දැක වදාරා නොපස්විකා වැළඳී මෙහි ආදීනව දක්වා භික්ෂූන්ට මා විසින් ධර්ම දේශනා කෙළෙමි නම් යහපතැයි සිතා භික්‍ෂූන් වහන්සේ රැස්කරවා මහණෙනි භික්ෂූන් විසින් නෑයන් විසින් දෙනලද චීවරාදී චතුර්විධ ප්‍රත්‍යය පස්විකා අනුභව කටයුත්තේය, එසේ නොපස්විකා සතරපසය අනුභවකොට කළුරියකරන්නාවූ භික්ෂූහු යක්ෂාත්මභාවයෙන් ප්‍රේතාත්මභාවයෙන් නොමිදෙන්නාහුය, මහණෙනි මෙසේ නොපස්විකා වළඳනාලද චීවරාදී චතුර්විධ ප්‍රත්‍යය නම් විෂ අනුභවකිරීමක් හා සදාශවන්නේය. මහණෙනි මේ විෂ නම්වූ දෙය විසවාස ඇත්තවුන් දුන්දෙයක් විසවස නැත්තවුන් දුන් දෙයක් අනුභව කළ කල්හි ප්‍රානහානි කරන්නේමය, පුරාතනයෙහි විසවාසයෙන් විෂ අනුභව කළෝ ජීවිත විනාශයට පැමිණියාහයි වදාරා නිශ්චලව වැඩ උන්සේක. එකල්හි භික්ෂූන් වහන්සේ විසින් ආරාධනා කරණ ලද සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

හේ කෙසේදැයි යතහොත්,

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි පුරණලද බෝධිසමහාර ඇති අප මහබෝසතානෝ මහාවිහාවි සිටුකුලයක උපන්නාහුය. මහබෝසතානන්ගේ ගෙරි රකිනා එක් ගොපල්ලෙක් වෙල ගොයම් කොට වැට බැඳි සමයෙක්හි ගෙරින් හැරගෙණ ගොසින් වලටවැද එහි ගාලක් ගසා ගෙරි රකිමින් ඒ වල වසන්නේය, සිටානන්ට කලින්කලට තෙල් දීකිරි ගෙණැවිත් දෙන්නාහුය. එකල්හි ගෙරි සිටිනා ගාලට නුදුරු තැන්හි වසන්නාවූ සිංහයෙකුට භයින් ගෙරි දුර්වලවීමෙන් කිරි මදවූයේය. එක්දවසක් ගොපල්ලා කිරි තෙල් හැරගෙණ සිටානන් දකින්ට ආකල්හි සිටානෝ ඔහු අතින් මෙසේ විචාළහ, ‛‛කිමෙක්ද ගොපල්ල කිරි තෙල් ඉතා මදව ගියේවනැ’’යි විචාළහ. එකල්හි ගොපළුතෙමේ කිරි තෙල් මදවගිය කාරණාව සිටානන්ට කීහ, සබඳ ගොපල්ල සිංහයා හා සමඟ සම්බන්ධව ඇතිව වසන අන් සත්වකෙණෙක් ඇද්ද නැද්දැයි විචාළහ, ස්වාමීනි සිටානන්වහන්ස එක්තරා මිහිවින්නෙක් සිංහයා හා සංවාසය කොට වෙසෙයි කීහ. කොල ඒ මිහිවින්නා තා විසින් අල්ලන්ට පුළුවන්දැයි විචාළහ. ස්වාමීනි මිහිවින්නා විවරක් අල්වාගැන්ම පිළිවනැයි කීයේය. එසේවීනම් තා ඒ මීවින්නා අල්වාගෙණ නලල පටන්ගෙණ සියළු ශරීරය ලොම්හි විෂ ගල්වා නැවත කීපවාරයක විෂ ඇඟ හා වියලා දෙතුන් දවසක් ඉකුත්කොට ඒ මිහිවින්නා ඇල්ලූ තෙනටම හැරපියවයි විධාන කෙළේය . එකල්හි සිංහයාද මිහිවින්නා කෙරෙහි සෙනෙහසින් සියළු ශරීරය දිවෙන් ලෙව ජීවිත විනාශයට පැමිණෙන්නේය, එසේ සිංහයා මළකල්හි ඔහුගේ සමද නියපඳුරුද දළද සිංහ තෙල්ද හැරගෙණ අපලඟට එවයි කියා විධානකොට ගොපල්ලා යැවූහ. එසේ යුන්නාවූ ගොපළු ඊට නිසි විෂයකුත් සිටානන්ට කියා හැරගෙණ ගොසින් මිහිවින්නා වසනතෙන ගොපළු දැළක් බැඳ උපායෙන් ඒ මිහිවින්නා අල්වා ගෙණ සිටානන් කී පරිද්දෙන් විෂය මිහිවින්නා ඇඟ ගල්වා හැරියේය. සිංහ තෙම මිහිවින්නා දැක බලවත් වූ සෙනෙහසින් ඇගේ සියළු ශරීරය දිවින් ලෙව තෙමේ ජීවිත විනාශයට පැමිණියේය. ගොපළුද නියසම් වසා තෙල් ආදිය හැරගෙණ මහබෝසතානන් සමීපයට ගියේය. බෝධිසත්වයෝ ඒ කාරණය දැන මෙරමා කෙරෙහි ස්නේහ කිරීම නොකටයුතුවන්නේය, මෙසේ බලපරාක්‍රමයෙන් යුක්ත ශක්තිසම්පන්නවූ සිංහරාජයා පවා කෙලෙශසංසංර්ග මිහිවින්නා ඇඟ ලෙවීමෙන් විෂය අනුභවකොට ජීවිතක්ෂයට පැමිණියේයයි කියා එතනට සම්ප්‍රාප්ත පර්‍ෂදට බණ දෙසන්නාවූ බෝධිසත්වයෝ විශ්වාස ඇත්තවුන් කෙරෙහිද නැත්තවුන් කෙරෙහිද විශ්වාසය නම් නොකටයුතුවන්නේය. කුමක්මෙන්ද යත්? ඒ ස්නේහ කිරීම හේතුකොටගෙණ භය කාරණා උපද වන්නේය, මිහිවින්නාගේ මිත්‍රසංවාසයෙන් සිංහතෙම ජීවිත විනාශයට යම්සේ පැමිණිසේක්ද එසේහෙයින් කිසිකෙණෙකුන් කෙරෙහි විශ්වාස නොකටයුතුයයි මෙසේ මහබෝසතානෝ සම්ප්‍රාප්තවූ පර්‍ෂදට ධර්‍මදේශනා කොට දිවිපමණින් දානදී පින්කම් කොට තමන්ගේ කුසල්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ. ශාසතෘවූ සම්මාසම්බුදුරජානන්වහන්සේ මේ ජාතක ධර්‍මදේශනාව නිමවා වදාළ සේක.

එකල්හි මහසිටානෝ නම් දැන් බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

94 ලොමහංස ජාතකය
92 මහාසාර ජාතකය

Leave a Reply

IFBC Home Page