67 ලොසක ජාතකය

තවද එක් සමයෙක් හි මොහදුරට ශරත් සූර්යයා වැනි වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසනසේක් ලොසකතිස්ස ස්ථවිර නම් තෙරකෙණකුන් වහන්සේ අරභයා මේ ජතකය වදාළසේක.

මේ ලොසකතිස්ස ස්ථවිරයන් වහන්සේ නම් කවරේද යත් කොසොල්රට එක් තමාගේ කුලය නැසුවාවූ කෙවුල් පුත්‍රයෙක සිවුපසය නොලැබෙන භික්ෂූ කෙනෙක. උන්වහන්සේ වනාහී උන්තැනින් චුතව කොසොල්රට එක්කුල දහසක් දෙන වසන්නාවූ කෙවුල්ගමෙක්හි එක් කෙවුල් ස්ත්‍රියකුගේ කුස පිළිසිඳ ගත්තේය. උන් වහන්සේ පිළිසිඳගත් දිනයෙහි ඒ කුල දහසක් ගෙවල්වල ඇත්තෝ දැල් ගත ඇත් ඇතිව ගංගාවේහිද තඩාගයෙහිද මත්ස්‍යයන් සොයන්නාහු එක් කුඩා මත්ස්‍යයකුදු නොලද්දාහුය. එතැන් පටන් ඒ කෙවුලෝ පිරිහෙන්නාහුය ඔහු මව්කුස උපන් කල්හිම ඔවුන්ගේ ගම සත්වරක් ගින්නෙන් දාගියේ සත්වරක් රජුහු විසින් දඩ නොගානා ලද්දේය. මෙසේ අනුක්‍රමයෙන් දු:කිත වූ ඔහු මෙසේ සිතුවාහුය. පූර්වයෙහි අපට මෙබඳු වූ පිරිහීමෙක් නැත්තේය. දැන්වනාහී පිරිහෙම්හ. අපගේ අතරෙහි එක් කාලකන්නියෙක් වියයුතුය. දෙකොට්ඨාසයක් වම්හයි කියා පන්සියය පන්සියය බැගින් එක්වූවාහුය. එයින් යම් කොටසෙක්හි ඔහුගේ මව්පියෝස එක් කොටසක පිරිහෙන්නේය. අනික් කොටස වැඩෙන්නේය. එ කොටසද දොකොටසක් ව බෙදී ඒ කොටසද දොකොටසක්ව බෙදී මෙසේ යම්තාක් ඒ කුලය එක්වුයේද ඒතාක් විභාගකොට ඔහුන්ගේ කාලකන්නි බව දැන තලා නිකුත්කළාහුය. ඉක්බිත්තෙන් ඔහුගේ මෑණියෝ දුකින් ජීවත් වනු ලබති. ගර්භය මුහුකළ කල්හි එක්තැනෙක්හි වැදුවාය. ඒ පශ්චිම හවික සත්වයා නසන්නට නොහැකිය කාළය ඇතුලත තිබෙන ප්‍රදීපයක් මෙන් හෘදයෙහි අර්හත් ඵලයට උපනිශ්‍රය සම්ත් දිලිහෙන්නේය. ඒ ස්ත්‍රිය ඒ කුලදරුවා රක්ෂා කොට පියවර ඔසවා ඔබිමොබ හැසිරෙන කල්හි ඒ ලදරුවාට එක් කබලක් අතට දී පුත්‍රය මේ ගෙට වදුවයි කිය කියා දිවගියාය. ඒ ලදරු එතැන්පටන් හුදකලාව ඒ ඒ තන්හි භික්ෂා සොයා එක්තැනෙක්හි සයනය කරන්නේය,නොමනගන්නේය, ශරීරය නොසරහන්නේය. පාංසු පිසාචයකු මෙන් දුකින් ජීවත්වන්නේය. එතෙම අනුක්‍රමයෙන් සත්ඇවිරිදිව එක් ගෙදර කඩයහි බඳුන් අදෝනා ජලය දැමූ තැන්හි කපුටුවෙකුමෙන් එකඑකී හුල අවුලමින් අනුභව කරන්නේය. ඉක්බිත්තෙන් ඔහු දම්සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන් සේක් දැක මේ සත්වයා කෙරෙහි මෛත්‍රී සිත වඩා කෙලවරවෙයි වදාළසේක. ඒ ලදරුතෙම ගොස් තෙරුන්වහන්සේට වැඳ සිටියේය. ඉක්බිත්තෙන් ඔහුට තෙරුන් වහන්සේ කවර ගමෙක්හිද වසන්නෙහිද තමාගේ මව්පිය දෙදෙන කොයිදැයි විචාළසේක. ස්වාමීන් වහන්ස මම කිසි පිහිටක් නැත්තෙමි මාගේ මව්පිය දෙදෙන මා නිසා ක්ලාන්ත වූම්හයි කියා මා හැර ගියාහුය. වැලිදු වනාහි පැවිදි වන්නෙහිදැයි විචාළ සේක. ස්වාමින් වහන්සෙ මේ වනාහි පැවිදිවන්නෙමි මා වැනි බැගෑපත් හු කවරෙක් පැවිදිවන්නේදැයි කීය. මම පැවිදි කරවන්නෙමි වදාළසේක. යහපත පැවිදිකළමැනවයි කීය. තෙැන් වහන්සේ ඕහට ඛාiාභෝද්‍යාදීය දී ඔහු විහාරයට ගෙණගොස් ස්වත්සාහයෙන්ම නහවා පැවිදි කරවා විසිවයක් පිරුණු කල්හි උපසම්පදා කරවූ සේක. එතෙම මහළු වයසට පැමිණි කල්හි ලොසකතිස්ස ස්ථවිරයයි කියා ප්‍රසිද්ධ වූයේය. නුවණැත්තේය ස්වල්ප ලාභ ඇත්තේය. උන්වහන්සේ විසින් වනාහී අසදස දානයෙහිදු කුක්‍ෂියපුරා ආහාර නොලත්විරූසේක. ජීවිතය යැපෙන පමණක්ම ලබන සේක. උන් වහන්සේගේ පාත්‍රයෙහි වනාහි එක් වරක්ම කැඳ කෙනෙස්සක් පිළිගැන්වූ කල්හි පාත්‍රය මුවවිට දක්වා පිරුණාක් මෙන් පෙණෙන්නේය. ඉක්බිත්තෙන් මනුෂයෝ මුන්වහන්සේගේ පාත්‍රය පිරුණේයයි සිතා යටිදිසාවෙහි පාත්‍රවලට කැඳ පිළිගන්වති ඔහුගේ පාත්‍රයට කැඳ පිළිගන්වන කල්හි මනුෂ්‍යයන්ගේ භාජනවල කැඳ අන්ත්‍රස්ධාන වෙයි කියාද කියත්, ඛාi භෝජ්‍යාදීයයෙහිදු මෙම ක්‍රමයයි, ඒ ලෝසකතිස්ස ස්ථවිරයන් වහන්සේ එයින් මෑතභාගයෙහි විදර්ශනා වඩා අග්‍රවූ අර්හත්ඵලයෙහි පිහිටිසේක්ද ස්වල්ප ලාභිමුක වූසේක. ඉක්බිත්තෙන් අනුක්‍රමයෙන් ආයුසංස්කාරය පිරිහිණු කල්හි උන් වහන්සේගේ පිරි නිවන් පානා දිනය පැමිණියේය. දම්සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේ ආවර්ජනා කොට වදාරණසේක් උන්වහන්සේ පිරිනිවන් පානා බැව් දැන මේ ලොසකතිස්ස ස්ථවිරයන් වහන්සේ අද පිරිනිවන් පානාසේක. අද මා විසින් මොහටයපෙන පමණක් ආහාර දෙන්නට වටනේයයි සිතා ඔහු කැඳවාගෙණ සැවැත් නුවරට පිඬුපිණිස වන්සේක. සැරියුත් මහතෙරුන් වහන්සේ ඒ මහණ නිසා පළමු බොහෝ මනුෂ්‍යයන් ඇති සැවැත්නුවරින් අත දිගුකොට වැඳිම් පමණක්ද නොලත්සේක. ඉක්බිත්තෙන් තෙරුන් වහන්සේ ඇවැත්නි. යව ආසනශාලාවෙහි හිඳුවයි කියා ඔහු යවා මේ ආහාර ලොසකතිස්ස ස්ථවිරියන් හට දෙවයි කියා ලත් ආහාර යවු සේක. ඒ ආහාර ගෙණගියාහු ලොසකතිස්ස ස්ථවිරයන් සිහිකොට තෙමෙම අනුභව කළාහුය. ඉක්බිත්තෙන් තෙරුන් වහන්සේ නැගී සිට විහාරයට වඩනා කල්හි ලොසක තිස්ස ස්ථවිරයන් වහන්සේ ගොස් ස්ථවිරයන් වහනසේට නමස්කාර කළසේක. ස්ථවිරයන් වහන්සේ ආපසු බලා සිටිසේක්ම ඇවැත්නි තොප විසින් ආහාර ලද්දේදැයි විචාළසේක. ස්වාමීන් වහන්ස මම නොලබමියි කී සේක. තෙරුන් වහන්සේ කලකිරීමට පැමිණ කල් වේලා බැලූ සේක කල් ඉක්මුනේයයි දැන තෙරුන් වහන්සේ මෙහි එවයි ඇවැත්නි මෙතැන්හිම හිඳුවයි කියා ලොසකතිස්ස ස්ථවිරියන් ආසන ශාලාවේ හිඳුවා කොසොල් රජහුගේ මාලිගාවට වැඩිසේක. රජ්ජුරුවෝ තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙන්වා ආහාරය පිළිගන්යන්ට විකාල යයි සිතා පාත්‍රය පුරා චතුමධුර පිළිගැන්වූසේක. තෙරුන්වහන්සේ ඒ චතුමධුර ගෙණ ගොස් ඇවැත්නි එවයි කියා ඕහට මේ චතුමධුර වලඳවයි කියා පාත්‍රය ගෙනම වැඩසිටිසේක. හෙතම තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ලජ්ජාවෙන් නොවලඳන සේක, ඉක්බිත්තෙන් තෙරුන්වහන්සේ ඕහට ඇවැත්නි එව මම පාත්‍රය ගෙණම සිටිනෙමි තොපි හිඳ වළඳව, ඉදින් මේ පාත්‍රය අතින් මුක්ත කෙළෙමි නම් කිසිවකුත් නොවන්නේයයි වදාළසේක. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ ලොසකතිස්ස ස්ථවිරයන් වහන්සේ අග්‍ර ඊශ්වර වූ දම්සෙනවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ආර්යය ඉර්ධි බලයෙන් ක්‍ෂය බවට නොගියේයය එකල්හි ලොසකතිස්ස ස්ථවිරයන් වහන්සේ කැමති පමණක් බඩපුරා වැළඳු සේක. එදිනයෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක. සර්වඥයන් වහන්සේ සමීපයෙහි සිට ශරිරය ආදාහණ කරවූසේක. ධාතුන් වහන්සේ ගෙණ චෛත්‍යයක් කළාහුය. එකල්හි භික්ෂූහූ දම්සභාවෙහි රැස්ව හිඳ ඇවැත්නි ලොසකතිස්ස ස්ථවිරයන් වහන්සේ පින් නැත්තේය. අල්ප ලාභිය මෙබඳු පින් නැත්තාවූ අල්ප ලාභීහූ විසින් කෙසේ ආර්ය ධර්මය ලත් සේක්දැයි කියමින් හුන්නාහුය. සර්වඥයන් වහන්සේ දම්සභාවට වැඩ වදාරා මහණෙනි දැන් මේ දම් සභාවෙහි මා එන්නට පෙර කවර නම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළ කල්හි ස්වාමීන් වහන්ස මෙනම් කථාවෙනැයි දැන්වුවාහුය. සර්වඥයන් වහන්සේ වදාරණ සේක් මහණෙනි මේ මහණ තෙම තමහට ලාභ නොලබන බවද ආර්යය ධර්මය ලබන බවද තෙමේම කෙළේය. මේ මහණ වනාහි පෙර අන්‍යයහට ලාභාන්තරය කොට ස්වල්ප ලාභී වුයේය. අනිත්‍ය දුඃඛය අනාත්මයයි කියා විදර්ශනාවට සුදුසු භාවනාවගේ ඵලයෙන් ආර්යය ධර්ම ලාභී වූයේයයි වදාරා ඉකුත්වත් කථාව ගෙණහැර දක්වා වදාළසේක.
යටගිය දවස කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ කාලයෙහි එක්තරා භික්ෂූ කෙණෙකුන් වහන්සේ එක් කෙළඹි පුත්‍රයෙකු නිසා ගමෙක්හි වූ සෙනස්නෙක්හි වසන සේක. පියවි ස්වභාවශීලයෙන් යුක්තව විදර්ශනාවෙහි යෙදී වසනසේක. ඉක්බිත්තෙන් එක් ක්‍ෂීණාශ්‍රව තෙර කෙණෙකුන් වහන්සේ හැමවත් නොහැර වසනසේක් අනුක්‍රමයෙන් ඒ භික්ෂූන් වහන්සේට උපස්ථාන කරන්නා වූ කෙලෙඹි පුත්‍රයාගේ වසන ගමට පැමිණිසේක. කෙළඹි පුත්‍රතෙම තෙරුන් වහන්සේගේ ඊර්යයාපථයෙහිම ප්‍රසන්නව පාත්‍රය ගෙණ ගෙට වැඩම කරවා සකස්කොට වළඳවා මඳක් ධර්ම කථාව අසා තෙරුන් වහන්සේට වැඳ ස්වාමීන් වහන්ස අපගේ සමීප විහාරයටම වැඩිය මැනවයි අපි සවස්වේලහෙි අවුත් දකුම්හයි කීයේය. තෙරුන් වහන්සේ විහාරයට ගොස් නේවාසික තෙරුන් වහන්සේට වැඳ ආපුච්ඡා කොට එකත් පසෙක්හි හුන්සේක. නේවාසික තෙරුන්වහන්සේ උන් වහන්සේ හා සමඟ පිළිසඳර කථාකොට ඇවැත්නි නුඹ වහන්සේ විසින් භික්ෂාගාරය ලබන ලදදැයි විචාළසේක. එසේය ලදිමි වදාළසේක. කොතනින් ලත්සේක්දැයි විචාළසේක. එසේය ලදිමි වදාළ සේක. කොතනින් ලද් සේක්දැයි විචාළසේක. නුඹ වහන්සේගේ ආසන්න ගම කෙළඹි පුත්‍රයාගේ ගෙයිනැයි කී සේක. මෙසේ ද කියා තමහට සෙනස්නක් විචාරා පටිජග්ගණය කොට පා සිවුරු තැන්පත් කොට තබා ධ්‍යාන සැපයෙන් ඵල සැපයෙන් කල්යවමින් වැඩහුන්සේක. ඒ කෙළඹි පුත්‍රයාද සවස් වේලෙහි සුවඳ මල් හා පහන් තෙල්ද ගෙන්වා ගෙණ විහාරයට ගොස් නේවාසික තෙරුන් වහන්සේට වැඳ ස්වාමින් වහන්ස එක් ආගන්තුක තෙරකෙණෙකුන් වහන්සේ ඇත. වැඩිසේක් දෝහෝයි විචාළේය, එසේය වැඩිසේක. දැන් කොතැන්හිදැයි කීයේය. අසවල් සෙනස්නෙහිය. කෙළඹි පුත්‍රතෙම උන් වහන්සේගේ සමීපයට ගොස් වැඳ එකත් පසෙක්හි හුන්නේ ධර්ම කථාව අසා ශිතල වේලෙහි චෛත්‍යයටද බෝධීන් වහන්සේටද සුවඳ මල් පුදා පහන් අවුළුවා දෙදෙනා වහන්සේට ආරාධනා කොට ගියේය. නේවාසික තෙරුන් වහන්සේ වනාහි මේ කෙළඹි පුත්‍රතෙම බිඳින්නේය. ඉදින් මේ භික්ෂූන් වහන්සේ මේ විහාරයෙහි වසනසේක් වීනම් මා මේ තෙම කිසිවකටත් නොගන්නේයයි කියා තෙරුන්වහන්සේ කෙරෙහි අසන්තෝෂ බවට පැමිණ මේ විහාරයෙහි මුන්වහන්සේ නොවසන ආකාර මා විසින් කරන්ට වටනේයයි සිතූසේක. එහෙයින් උපස්ථාන වේලෙහි ආවාහු හා සමඟ කිසිවක් නොකී සේක. ක්‍ෂීණශ්‍රව තෙරුන් වහන්සේ ඒ භික්ෂූහුගේ අභිප්‍රාය දැන මේ ස්ථවිරයතෙම මාගේ කුලයෙහි හෝ ගණයාකෙරෙහි හෝ නොඇළුනු බව නොදන්නේයයි සිතා තමා වසන තැනට ගොස් ධ්‍යාන සැපයෙන් ඵලසැපයෙන් කල්යැවුසේක. නේවාසික තෙරුන් වහන්සේද දෙවැනි දිනයෙහි නියපිටින් ගෙඩිය ගසා නියපිටින් දොරට ආකොටනය කොට කෙළඹි පුත්‍රයාගේ ගෙට ගියසේක කෙළඹි පුත්‍රතෙම උන්වහන්සේගේ පාත්‍රය ගෙණ පණවන ලද ආසනයෙහි වැඩ හිඳිනට සලස්වා ස්වාමීන් වහන්ස. ආගන්තුක ස්ථවිරයන් වහන්සේ කොතැන්හිදැයි විචාළේය. මම තොපගේ කුළුපල ස්ථවිරයන්ගේ ප්‍රවෘත්තිය නොදන්නෙමියි ගෙඩිය ගැසුයෙමි දොරට ආකොටනය කරණුයෙහි පුබුදුවාගන්නට නොහැකිවූයෙමි ඊයේ දවස තොපගේ ගෙයදී ප්‍රණීත භෝජන වළදා දිරවාගන්නට නොහැකිවූයේ දැන් නිද්‍රාවට පැමිණ වන්නේය. තොපි පහදින්නාහු මෙබඳූ තැන්හිම පහදනාහුයයි කීසේක. ක්‍ෂීණාශ්‍රව තෙරුන් වහන්සේ පිබිද තමාට භික්‍ෂාචාර වේලාව සලකා ශරීරය ප්‍රතිග්ගහණය කොට පාත්‍රා සිවුරු ගෙණ අහසට පැනනැගී අන් තැන කට වැඩි සේක. ඒ කෙළෙඹි පුත්‍රතෙම නේවාසික තෙරුන්වහන්සේට ගිතෙල් මී සකීරායෙන් අහිංසකෘත පායාසය වළඳවා පාත්‍රය සුවඳ සුනයෙන් උලා නැවත පුරවා ස්වාමීන්වහන්ස ඒ ආගන්තුක ස්ථවිරයන් වහන්සේ මාර්ගීකලාන්ත වූ සේක් වන උන්වහන්සේට මේ ආහාරය ගෙණවයි කියා පිළිගැන්වූයේය. නේවාසික ස්ථවිරයන් වහන්සේට මේ ආහාරය ගෙණවයි කියා පිළිගැන්වූයේය. නේවාසික ස්ථවිරයන් වහන්සේ ප්‍රතික්‍ෂේප නොකොටම ගෙණයනසේක් ඉඳින් ඒ භික්ෂූන් වහන්සේ මේ ක්‍ෂීරපායාසය වැළඳුසේක් වීනම් ශ්‍රීවය ගෙණ නිකුත් කළේ නමුදු නොයනසේක. ඉඳින් වනාහි මම මේ ක්‍ෂීරපායාසය මනුෂ්‍යයයන් හට දුන්නේ නම් මාගේ ක්‍රියාව ප්‍රකාශ වන්නේය. ඉදින් දියෙහි දැමින්නම් දියපිට ගිතෙල් පෙනෙන්නේය. ඉඳින් භූමියෙහි දැමුයේ ව්නම් කපුටුවන්ගේ රැස්වීමෙන් පෙනෙන්නේය. මේ ක්‍ෂිරපායාසය කොතැන්හි දම්මදෝහෝයි පරීක්ෂාකරනුයේ මැල පුලුස්සන්නාවූ එක් කෙතක් දැක අඟුරු දෙබේකොට එහි බහා මත්තෙහි අඟුරෙන් වසා විහාරයට ගියසේක. විහාරයෙහි ඒ භික්ෂූන් වහන්සේ නොදැක සිතනසේක් ඒකාන්තයෙන් ඒ භික්ෂූන්වහන්සේ ක්‍ෂිණාශ්‍රව කෙණෙක මා අභිප්‍රාය දැන අන්තැනකට වැඩිසේක් වන. මා විසින් බඩ හේතු කොට ඉතා නුසුදුස්සක් කරණ ලදැයි සිතූසේක. ඒ ක්‍ෂණයෙහිම ඒ භික්ෂූන් වහන්සේට මහත් දොම්නසක් පහළවූයේය. එතැන්පටන් කොටම මනුෂ්‍යප්‍රේතව නොබෝකලකින්ම කාලක්‍රියාකොට නරකයෙහි උපන්නේය. ඒ තෙම බොහෝ වර්ෂී සතසහස්‍රයක් නරකයෙහි පැසීගියේය, නිරයෙහි පැසී අවශිෂ්ටකර්මයෙන් පිළිවෙලින් පන්සියයක් ජාතියෙහි යක්ෂව ඉපද එකදවසකුදු බඩපුරා ආහාරයක් නොලද්දේය. එක් දවසක් වනාහී ගබමල බඩපුරා ලද්දේය, නැවත පන්සියයක් ජාතියෙහි සුනඛව උපන්නේය. එකල්හිද එකදවසක් උද්ගාරය කරන ලද ආහාරයක් බඩපුරා ලද්දේය. සෙසු කල්හි ඔහු විසින් බඩපුරා ආහාරයක් නම් නොලත් විරීය සුනඛ ජන්මයෙන් චුතව වනාහී කසී රට එක්ගමෙක දුක්පත් කුලයෙක්හි උපන්නේය. ඔහුගේ උත්පත්තියෙහි පටන් ඒ කුලය අතිශයින් දුක්පත් වූයේය නාභියෙන් මත්තට දියකැඳ පමණ කුදු නොලද්දේය. ඕහට වනාහි මිත්ත වින්‍දකයයි කියා නමෙක් වූයේය. ඔහුගේ මව්පිය දෙදෙන ක්‍ෂුධාදුක්ඛය ඉවසන්නට නොහැකිව කාලකන්නිය යවයි තලා ඔහු නිකුත්කළාහුය. මිත්ත වින්ද කතම පිටිවහලක් නැතිව හැසිරෙනුයේ බරණැස් නුවරට ගියේය.

එසමයෙහි බෝධිසත්වයාණන් වහන්සේ බරණැස් නුවර දිසාපාමොක් ආචාරීව පන්සියයක් මානවකයන්ට ශිල්ප උගන්වන සේක. එකල්හි බරණැස් නුවර වාසී හූ දුක්ඛිතයන්ට වැටුප් දී ශිල්ප ඉක්මවන්නාහුය. මේ මිත්ත චින්දකද බෝධිසත්වයානන් වහන්සේ සමීපයෙහි කුෂලව ශිල්පය පුරුදු කරන්නේය. හෙතම පුරුෂ අවවාද නොගන්නේය. ඔවුනොවුන්ට ප්‍රහාර දෙමින් හැසිරෙන්නේය. බෝධිසත්වයානන් වහන්සේ විසින් අවවාද දෙනු ලබන්නේද අවවාද නොගන්නේය. ඔහු නිසා උන් වහන්සේට අය මද වූයේය. ඉක්බිත්තෙන් මිත්ත චින්දක තෙම මානවකයන් හා සමග දබර කොට අවවාද නොගනිමි එතැනින් ගොස් ඒ ඒ තැන්හි ඇවිදින්නේ එක් පසල් ගමකට ගොස් බැලමෙහෙකොට ජීවත් වන්නේය. හෙතම එතැන්හි එක් දිලිදු ස්ත්‍රීයක හා සමඟ තෘෂ්ණා සන්තවය කලේය. ඒ ස්ත්‍රී ඔහු නිසා ලදරුවන් දෙදෙනෙකු වැදූවාය. ගම් වැස්සෝ අපට කටයුතු නොකටයුතු නොකියවයි කියා මිත්ත චින්තකයා හට බලය දී ඔහු ගන්දොර කිලියක විමසීම කරවූවාය. ඒ මිත්ත චින්තකයා නිසා ඒ පසල් ගම් වැසියෝ සත්වරක් රජ හට දඩ දුන්නාහුය. සත්වරක් ඔහුන්ගේ ගෙවල් දහන වූවාහුය. සත්වරක් තඩාගයෙහි දිය සිඳුනේය. ඔහු සිතන්නාහු අපට පළමු මේ මිත්ත චින්තකයා නො ආ කල්හි මෙබන්දෙකක් නැත්තේය. දැන් වනාහි මොහු ආ කල් තැන් පටන් පිරිහෙම්හයි කියා ඔහු තලා නිකුත්කලාහුය. හෙතම තමාගේ ලදරුවන් ගෙන අන් තැනකට යන්නෙහි අමුනුෂ්‍යයන් පරිගෘහිත එක් ආරාමයකට පැමිණියේය. එතැන් හි අමුනුෂ්‍යයන් ඔහුගේ දරුවන්ද භාර්යාවද මරා මාංෂ අනුභව කළාහුය. මිත්ත චින්තකයා එතැනින් දිව ගොස් ඒ ඒ තැන්හි හැසිරෙමින් ගම්බිර නම් එක් පටුන් ගමකට නැවු හරණා දිනයෙහිම පැමිණියේ කම්කරුවෙක්ව නැවට නැගුනේය. ඔහු නැගුණු නැව මුහුදු පිටින් සත් දවස් ගොස් සත් වෙනි දිනයෙහි සමුද්‍ර මධ්‍යයෙහි ඇණ තිබු වාක් මෙන් සිටියේය. ඔහු පවිටු කුසපත් ලුවාහුය. සත්වරක් මිත්ත චින්දකයා හට පැමිණියේය. නැවෙහි මනුශ්‍යයෝ ඕ හට එක් උණ දඩු කළඹක් දී හස්තය අල්වාගෙන සමුද්‍රයෙහි බැහැ වූවාහුය. ඔහු දැමු පමණකින්ම නැව ගියේය. මිත්ත වින්දක තෙම කුණ කලප් හි හෙව සමුද්‍ර පිටින් යන්නේ කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ කාලයෙහි මහණව රක්ෂා කර සීල ඵලයෙන් මුහුදු පිට එක් ස්ඵටික විමානයක්හි දිව්‍ය ස්ත්‍රීන් සතර දෙනෙකු ලැබ ඔහුන්ගේ සමීපයෙහි දිවසැප විඳිමින් සත් දවසක් වාසය කළේය. ඒ විමාන ප්‍රේතයෝ වනාහි සත් දවසක් සැප අනුභව කෙරෙති. සත් දවසක් දුක් අනුභව කරන්නට යන්නාහුය. යම් තාක් කළක අපි එමුද ඒ තාක් කල් මෙතැන්හි වසවයි කියා ගියාහුය. මිත්ත වින්දකයා ඔහුන් ගිය කල්හි කුණ කලප් හි හිඳ මත්තෙහි යනුයේ රිදි විමනෙක් හි දිව්‍ය ස්ත්‍රීන් අට දෙනෙකු ලද්දේය. එයින් මත්තෙහිලු යනුයේ මැණික් මය. විමනෙක්හි දිව්‍ය ස්ත්‍රින් සොලොස් දෙනෙකු වුද ස්වර්ණමය විමනෙක් හි දිව්‍ය ස්ත්‍රින් දෙතිස් දෙනෙකු ලද්දේය. ඔවුන්ගේද වචන නොකොට මධ්‍යයෙහි යන්නුයේ තුරු දිවයිනක එක් යක්ෂ පුරයක් දුටුයේය. එහි එක් යක්ෂණියක් එළු රූපයෙන් හැසිරෙන්නීය. මිත්ත වින්දකයා ඈ යක්ෂණී බව නොදන්නී එළු මස් අනුභව කෙරෙන්නමි සිතා ඇගේ පය අල්වා ගත්තේය. ඕ තොමෝ යක්ෂානු භාවයෙන් ඔහු ඔසවා දැමුවාහුය. මිත්ත චින්දක තෙම යක්ෂණි විසින් දමන ලද්දේ මුහුදු පිටින් ගොස් බරණැස් නුවර පවුර පිට එක් කටුලැහැබක් මත්තේහි වැටි පෙරලෙමින් භූමියේ පිහිටියේය. එසමයෙහි වනාහී ඒ පවුර පිට රජහුගේ එළුවන් තණ කා ඇවිදින්නවුන් සොරු ගෙන යන්නාහුය. එළු ගොව්වෝ සොරු ගනුම්හයි කියා එකත්පසව සැඟ වී් සිටියාහුය. මිත්ත චින්දකයා පෙරලී භූමියේහි සිටියේ ඒ එළු දෙනුන් දැක මම සමුද්‍රයෙහි එක් දිවයිනක එළු දෙනක පය අල්වාගෙන ඈ විසින් දමන ලද්දෙම් මෙතැන්හි වැටුනෙම් ඉදිවන්නාහි දැන් එක් එළු දෙනකගේ පය අල්වා ගතිමි නම් ඒ එළු දෙන මා මතු සමුද්‍ර මත්තෙහි විමාන දිව්‍ය ස්ත්‍රින්ගේ සමීපයෙහි දමන්නේයයි සිතුයේය. හෙතම මෙසේ වූ නුවනින් මෙනෙහි කොට එළු දෙනගේ පය අල්වා ගත්තේය. ඒ එළු දෙන ගත් පමණකින් ඇඬුවාය. එළු ගොව්වෝ ඔබිනොබින් අවුත් සොරෙකැයි කී ඔහු බැඳ ඇණ රජුගේ සමීපයට ගෙන යන්නාහුය. එකිනෙහි බෝධිසත්වයානන් වහන්සේ පන්සියක් මානවකයන් පිරිවරා ගෙන නුවරින් නික්ම නගන්නට වඩනා සේක. මිත්ත චින්තකයා දැක හැඳින ඒ මනුශ්‍යයන්ට කියන සේක් සඝයෙනි මේ තෙම අපගේ අතවැස්සෙකි. කවර හෙයකින් මොහු ගත්තාහුදැයි කී සේක. ස්වාමීන් වහන්ස මේ එළුවන් සොරක එක් එළියකගේ පය අල්වා ගත්තේය. එහෙයින් ගන්නා ලද්දේ යයි කිවුය. එසේ වී නම් මොහු අපට දාස කොට දෙව අප නිසා ජීවත් වන්නේයයි කී සේක. ඔහු යහපත ස්වාමීන් වහන්සේ යයි කියා ඔහු හැර ගියාහුය. ඉක්බිත්තෙන් ඕ හට බෝධිසත්වයානන් වහන්සේ මිත්ත චින්දකය තෝ මෙතෙක් කල් කොතැන්හි විසීදැයි විචාල සේක. හෙතම සියළු තමා විසින් කරන ලද ක්‍රියාව දැන්වුයේය. බෝධි සත්වයන් වහන්සේ වැඩ කැමැත්තවූන්ගේ වචනය නොකරන තැනැත්තේ මෙබඳූ දුකට පැමිණෙන්නේයි වදාරා වැඩ කැමැතිව හිත චින්තනයෙන් අනුකම්පා කරන්නාහුගේ අනුශාසනාව අවවාදය, යමෙක් නොකෙරේද එසේද පුරුෂ තෙම එළුවන් ගේ පය අල්වාගෙන ශෝක කරන්නාවූ මිත්ත චින්දකයා මෙන් නිරන්තරයෙන් මිරිකෙන්නේය. ශෝක කෙරෙන්නේයයි කියා බණ වදාල සේක. මෙසේ ඒ තෙරුන් වහන්සේ විසින් මෙපමණ කලක් මුළුල්ලෙහි ත්‍රිවිධ ආත්මය කී කුක්ෂිය පුරා ආහාර නොලත් විලි සේක. යක්ෂව උපන් කල්හි එක් දවසක් ගබමල ලද්දේය. සුනඛව උපන් කල එක් දවසක් උද්ගාරයකල ආහාරයක් ලද්දේය. පිරිනිවන් පානා දිනයෙහි දම් සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් චතුමධුරය ලත්සේක. මෙසේ අන්‍යයන් හට ලාභාන්තරාය කිරීම මහා දෝශයයි දත යුත්තේය. ඒ කාලයෙහි ඒ ආචාරීන් වහන්සේද මිත්ත චින්දකයා ද කම් වූ පරිද්දෙන් මියපරලොව ගියාහුය. සර්වඥයන් වහන්සේ මහණෙනි මෙසේ මේ මහණ තෙමේම ස්වල්ප ලාභීන් බවද තෙමේම ආර්ය දර්මය ලත් බවද කෙලේ යයි කියා මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ ලොසොක ජාතකය නිමවා වදාල සේක.

එසමයෙහි මිත්ත චින්දකයා නම් දැන් ලොසක තිස්ස ස්ථවිර වූ සේක. දිසාපාමොක් ආචාරීව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

68 වෙදබ්භ ජාතකය
66 කාලකණ්ණි ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.