542 අස්ථාන ජාතකය

සද්ධර්ම ඡක්‍රවර්තීවූ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසද්දී එක් කලකිරුණු භික්ෂුවක් අරබයා දේශනා කළ සේක.

මාගමක් ගැන සිතා කලකිරුණු ඒ භික්ෂුව ගෙන්වා බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් මහණ, ඔඹ කලකිරුණේ සැබෑදැයි විචාරා සැබෑයයි කී කල්හි මහණ මාගම නම් අකෘතඥය, මිත්‍රද්‍රොහිය විශ්වාසකළ නොහැකිය. පෙර නුවණැැතියෙක් දිනපතා දහසක් දෙමින්ද මාගමක් පෝෂණය කරන්නට නොහැකි වූයේ එක් දිනක් දහස නොලැබු මාගම විසින් බෙල්ලෙන් අල්වා බැහැර කරන ලද්දේද වීය. එනිසා මෙසේ අකෘතඥවූ මාලමගේ වසඟයට නොයවයි අතීතය ගෙන හැර දැක්වූ සේක.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කග්හි ඒ රජුගේ බ්‍රහ්මදත්ත කුමාරයාත් බරණැස් සිටුහුයේ පුත්‍රයාත් එක්ව ක්‍රීඩා කොට මිත්‍ර වූහ. එකම ඇඳුරු කුලයෙහි ශිල්ප හැදෑරූහ. පිය රජු ඈවෑමෙන් කුමාරයා රාජ්‍යයෙහි පිහිටියේය. එකල බරණැස් නුවර එක් රූප ශොභාසම්පන්න චෛශ්‍ය ස්ත්‍රියක් වූහ. සිටු පුත්‍රයා දිනපතා දහසක් දී චෙශ්‍යා ස්ත්‍රිය සමඟ අභිමරණය කරන්නේ සිටු තනතුර ලැබද ඈ අත් නොහළේය.හෙතෙම දවසට තුන්වරක් රාජොපස්ථානයට ගියේ ආසු එනවිට බොහෝ රූ විය. හේ රජ ගෙයින් නික්ම ගෙට ගොස් නැවත ඒමට කල්නැති හෙයින් සේවකයන් යාවා තනියම වෛශ්‍යා ස්ත්‍රියගේ ගෙට ඇතුල් විය.

වෛශ්‍යා ස්ත්‍රිය ඔහු දැක දහස ගෙනාවේදැයි ඇසීය. සොඳුරිය, අද මා රජ ගෙයින් පැමිණෙන විට අඳුරු වී තිබුන හෙයින් ගෙට නොගොස්ම මෙහි පැමිණියෙමි. හෙට එනවිට දෙදහසක් ගෙන එන්නෙමි යි සිටුවරයා කීය. එවිට වෛශ්‍යා ස්ත්‍රිය අද මොහුට අවසර දුනිමි. නම් අන් දවසකුදු මෙසේ අවසර ගෙන දෙන්ට වන්නේය. අදම මොහුට අවසර නොදෙමියි සිතා මොහුට මෙතැන් සිට මා බැලීමට නොදෙව්, මොහු බෙල්ලෙන් අල්ලා බැහැර කොට දොර වසව්යයි ද්‍රසීන්ට නියම කළිය. ඔවුහුද එසේ කළාහුය. සිටුතෙම එතැන් පටන් මෘඟමු න්ගේ අගුණ සිහි කරන්නේ කල කිරිමට පත්ව ගිහිව සිටීමෙන් කවර ප්‍රයෝජනදැයි සලකා රජුටද නොදන්වා ගොස් පැවිදිව ධ්‍යාන අභිඥා උපදවා පලාඵල අනුබව කරමින් වනයෙහි විසීයත රජ තමන්ගේ මහළුවා නොදැන නුවර වැස්සන්ගේන අසා නගර ළොභිනිය කළ දෙය දැන ගෙන්වා නුඹ එක් දවසක් දහසක් නොලැබ මාගේ යහළුවා බෙල්ලෙන් අල්ලා බැහැර කෙළේ සැබෑදැයි විචාළේය. ඇය සැබෑයයි කී කල්හි දුෂ්ට තැනැත්තිය, තී කෙසේ හෝ මාලේ මිත්‍රයා වහාම නෙගෙනාවොත් තීගේ ජිවිතයද නැතැයි කීය.

රජුගේ ඒ කථාව අසා තැතිගත් නගර ශොබිනිය ලෙයින් නික්ම රථයකින් ගොස් සිටුහු ගිය තැන සොයන්නේ ආරංචියෙන් දැන ඔහු වසන තැනට ගියාය. එහි ගොස් තවුසාණන්ට වැඳ ස්වාමිනි, මාගේ මෝඩකම නිසා මා කළ වරදට සමාවනු මැනවි. මාගේ ගෙයි ඇති සියලුම වස්තුව ඔබවහන්සේට දෙන්නෙමි. දැන් මාහා මේ රථයෙන් නුවරට යන්ට එන්නැයි කීහ. එවිට තවුසාණෝ තමන් නැවත නුවරට නොයන බව දක්වනුයේ සොඳුරාුිය, යම් කලෙක සියලු ගඞගාවෝ විල් මෙන් ශාන්ත වෙද්ද? කොවුලෝ සක්මෙන් සුදුපැහැ වෙත්ද? දඹලස්වල තල් ගෙඩි හට ගනීද එකල අපගේ නැවත එක්වීම වන්නේ යයි කීහ.

නැවතද ඕතොමෝ නුවරට යන්ට එනන ලෙස ඉග්ගුවාය. එවිට නැවතද තවුසා නොයන බව දැන්වුයේ යම් කලෙක මදුරු දැලින් ශක්තිමත් නෙසෙල්වෙන අට්ටාලයක් සාදන්නේද, දෙවි ලොවට යාමට හා අංවලින් ඉණිමඟක් කරන්නේද, මීයෝ හිණිමඟට නැග සඳ කන්නාහුද රාහු අසුරද විනාශ කරන්නාහුද, මැස්සෙක් රා කළයක් බී අඟුරක වාසය කෙරෙහිඳ, කොටලුවෙක් බිඹු ඵලවන් තොල් ඇතිව යහපත් මුවක‛ ඇතිව නෘත්‍යගීතයෙහි දක්ෂවේද? කවුඩෝ මහමූණෝ එක්වසිට ඔහුනොවුන්ට ප්‍රියම කථා කෙරෙත්ද? කුඩා කුරුල්ලෙක් ගන්ධ මෘදන පර්වතය තුඩින් ගෙන යයිද, එකල අපලේ නැවත එක් වීම වන්නේ යයි කීය. ඒ අසා නගර ශෝභනිය තවුසා ක්ෂමා කරවාගෙන නුවරට අවුත් ඒ සියල්ල රජුට දන්වා ජිවිතය ඉල්වා ගත්තීය. මේ ධර්මදේශනාව අසා සිටි කලකිරුණු භික්ෂුන සොවාන් ඵලයෙහි පිහිටියේය. එකල රජ ආනන්ද තෙරුන් විය. තවුසාණෝ බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

543 පක්ක ගොධ ජාතකය
541 වෙස්සන්තර ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.