514 කුස ජාතකය

තවද දසබලධාරී සුරාසුරව චක්‍රාචාරු චූඩමානි මරිචිසච්ච පරිචුඹිත වරණ යුගල ඇති සර්වඥයන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතනම් රාජ කුමාරයන්ගේ උයන්හි අනේපිඬු මහා සිටානන් විසින් සිව්පණස්කෙළක් ධන වියදම් කොට කරවා පිළිගන්වන ලද රාත්‍රිස්ථාන දිවාස්ථාන චංක්‍රමන මණ්ඩප මාලාකාදීන් විරාජමානවූ පද්මෝද්පල කුචලකුමුදු කල්හාර කුසුමොපශෝභිත පුෂ්කරනීන් රම්‍යවු භූමිප්‍රදේශ ඇති ජේතවන මහා විහාරයෙහි බ්‍රහ්ම ආර්ය ඊර්යාපථ විහරණයෙන් දවස් යවනසේක් සස්නෙහි උකටලීවු ඒක්තරා භික්‍ෂු කෙණෙකුණ් අරභයා මේ කුස ජාතකය ධර්මදේශනාව වදාළසේක.

ඒ කෙසේද යත්,

සැවැත් නුවර වසන්නාවු එක්තරා කුලපුත්‍රයෙක් බුදු සස්නෙහි යෙදී මහණව එක් දවසක් සැවැත්නුවර පිඬුසිඟා ඇවිඳිනේය. සර්වාභරණ විභූසිතවු එක් මාතුගාමයෙක් දැක සුභ නිමිත්ත ග්‍රහණයෙන් බලා කෙලශවසඟව ශාසනයෙහි ඇලුම් නැතිව දික්වු නිය කෙස් හා ඉළුපුනු නහරබහන් කිළුටුවූ සිවුරු හා සුදු මැලිවූ සිරුැ ඇතිව වසන්නේය. යම්සේ දිව්‍යලෝකයෙන් චුතවන්නාවු දිව්‍යපුත්‍රයන්ට පැලදි මල් මාලානිකවිමය දිවසළු කිළුටුවිමය ශරීරය (පිටු දෙකක් අඩුයි) ඉදිරියටඑකල ශක්‍රදේවේන්ද්‍රයෝ තොපට වර දානයක් දෙමි කැමති වරයක් ඉල්වා ගනැයි කීහ. එබස් අසා සතුටුවු බිසව් දේවයන් වහන්ස පුත්‍ර වරයක් දුන මැනවයි ඉල්ලුහ.

එකල ශක්‍රදේවේන්ද්‍රයෝ දේවිනි එක් කෙණෙකුන් තබා දරුවන් දෙන්නෙකු දෙමි. බල ඉන් එක් කෙණෙක් නුවණැතිව රූ නැති වෙති. එක් කෙණෙක් රූ ඇතිව නුවණැතිවෙති. ඔවුන් දෙදෙනාගෙන් පළමුව ලබන්නා කැමැත්තෙමි කී සඳ එබස් ශක්‍රදේවේන්ද්‍රයෝ පිළිගෙණ ඒ බිසවුන්ට කුසතණ මිටක්ද දිවසළුවක්ද දිවසඳූන් හරයක්ද පරසතු මදාරා මල්ද කොකනද නම් විණාවක්ද දී බිසවුන් කැඳවාගෙණ අවුත් රජ්ජුරුවන්ගේ ශ්‍රි යහන් ගබඩාවට වැද රජ්ජුරුවන් හා එක් යහන් කරවා තමාගේ පය මහපට ඇඟිල්ලෙන් බිසවුන්ගේ පෙකණිය පිරිමැද සුරපුරටම නැගී ගියාහ. එකෙණෙහි පුරණ ලද බෝධිසම්භාර ඇති අප මහා බෝසතාණෝ තව්තිසා භවනයෙන් චුතව අවුත් සීලවතී දේවින් බඩ පිළිසිඳ ගත්හ.

බිසවුන් තමන් කුස දරුගැබ පිහිටිබව දත්හ. ඉක්බිති රජ්ජුරුවෝ පිබිද බිසවුන් දැක දේවිනි කවුරුන් විසින් ගෙනයනලද දැයි විචාරා ශක්‍ර දේවේන්ද්‍රයන් විසි නැයි කී කල මේ කිමෙක්ද මහළු බමුණෙකු ගෙනගිය නියාව මම දිටිමි කුමක් කියා මට වලහා කිව්දැයි කිව්ය. දේවයන් වහන්ස අදහාගත මැනව, ශක්‍රදේවේන්ද්‍රයො මා හැරගෙණ දිව්‍ය ලෝකයට ගියාහුයැයි දෙවැනි තුන්වෙනිවත් කියා ගිවිස්වාලිය නොහි ශක්‍රදේවේන්ද්‍රයන් විසින් දෙනලද කුස තණ හා දිව සළු ආදිය පෑ ගිවිස්වා වන්නාට ශක්‍රදේවේන්ද්‍රයෝ තොප ගෙන ගියෝය. දරුකෙණෙකුන් ලදුදැයි විචාරා එසේය දේවයන් වහන්ස දරුකෙනෙකුන් ලදිමි කීව්ය. එබස් අසා සතුටුවූ රජ්ජුරුවෝ බිසවුන්ට ගබ පෙරහර දුන්හ.

ක්බිති ඒ බිසව්ද ක්‍රමයෙන් දස එකඩමසක් ඇවෑමෙන් පුතනු කෙනෙකුන් වැදුහ. ඒ කුමාරයාහට කුසකුමාරයා්යි නම් තුබූහ. ඒ කුස කුමාරයන් පියවරනහා ඇවිදිනා කාලයෙහි අනික් දිව්‍ය පුත්‍රයෙක් දෙව් ලොවින් අවුත් බිසවුන් කුස උපන්හ. ඕ හට ජයම්පතී යයි නම් තැබූහ. ඒ රාජ කුමාරවරු දෙදෙන මහත්වු පෙරහරින් පෙරඩමස සඳසේම වැඩිවිය පැමිනි යාහ. මහාබෝධිසත්වයෝ තමන් නුවණැතිහෙයින් සියළු සිල්පයන්ම ආචාරී කෙණෙකුන් ගෙන් නොඉගෙන සියනුවනින්ම දැන නිමවුහ. ඉක්බිති මහා බෝධිසත්වයන් සොළොස් හැවිරිදි වයසට පැමිණිකල්හි පියරජ්ජුරුවෝ කුමාරයන් රාජ්‍යයයෙහි අභිෂේක කරණු කැමැතිව බිසවුන් කැඳවා දේවීනි තොපගේ පුතනුවන් අභිසේක කරවා නාටක ස්ත්‍රීන් හා ඓශ්චර්යය පාවාදී ජීවත්වන්නාවු අපි රාජ්ජ්‍යයෙහි පිහිටියාහුගේ ශ්‍රි විභූතිය දකුම්හ. මේ මුළු දඹදිව යම් රජක්හුගේ දුවක කැමතිවේද උන් ගෙන්වා අගමෙහෙසුන් කරම්හ කවර රජ්ජුරුකෙනෙකුන්ගේ කුමාරිකාවක කැමැත්තෝද උන්ගේ අභිප්‍රාව දැන කියවයි කීහ. බිසවුන් යහපතැයි ගිවිස කුමාරයන්ට මෙපවත් කියා අභිප්‍රාය විචාරාගෙන එවයි කියා කම්මිත්තක යවුහ.
ඒ ස්ත්‍රී ගොසින් බෝධි සත්වයන්ට එපවත් කිව්ය. ඒ අසා මහා බෝසතානෝ මම රූ නැත්තෙමි රූපශ්‍රින් යුක්තවු රාජ කුමාරිකාවන් ගෙනෙන ලද්දෝවු නම් මා දැක යකකුමෙන් විරූපවූ මොහුගෙන් මට කම් කිම්දැයි පලායන්නීය. ඒ අපට ලජ්ජා කටයුතු වන්නේය. එහෙයින් මට ගෘහවාසයෙන් ප්‍රයෝජන නැත මා පිය දෙදෙනා ජිවත්වනතෙක් උපස්ථානකොට ගුරුදෙදෙනා ඇවෑමෙන් ගොස් මහණවෙමියි සිතා මහබෝධිසත්වයෝ තමන්ගේ මේ අදහස ඒ කම්මිත්තියට කිව්ය. ඕ තොමෝ ගොස් එපවත් බිසවුන්ට කිව. බිසවු එපවත් රජ්ජුරුවන්ට කිහ. ඒ අසා රජ්ජුරුවෝ නොසතුටුව නැවත කීප දවසකින් එමලෙසම කියා යවුහ. බෝධිසත්වයෝ නොකමැත්තෙයයි තුන්යලක් වළකා සතරවෙනි වාරයෙහි දෙමාපියන් කීවා නොකොට වරදවා පිළිපැදීම කටයුතු නොවෙයි ඊට නිසි උපදෙසක් කෙරෙමියි සිතා මහා බෝධිසත්වයෝ තරාල් දෙටුවකු කැඳවා බොහෝ රත්රන්දී එක් ස්ත්‍රීරූපයක් කොට ගෙනවයි කියා ඔහු නික්මවා තුමු රත්රනින් ස්ත්‍රිරූපයක් කළෝය.

බෝධිසත්වයන්ගේ අභිප්‍රාය සිතූ පැතූලෙසම සිද්ධවන බැවින් ඒ රන් රුව කියා නිමවිය නොහැකි රූපසෝභා ඇත්තෝවිය. එකල මහ බෝධිසත්වයෝ ඒ රන්රුව සුරත් කොමු පිළියක් අඳවා ශ්‍රි යහන් ගර්භයෙහි සිටවුහ. ඉක්බිති බෝධිසත්වයෝ ගර්භයෙහි තුබු ස්වර්ණරූපය ගෙනෙවයි ස්වර්ණණකාරයාහට නියෝග කළේය. එසඳ ඒ ගොස් ශ්‍රි යහන් ගර්භයට වැද ඒ රන්රුව දැක කුමාරයන් වහන්සේ හා සමඟ ක්‍රිඩා පිණිස ආ දිව්‍යප්සරාවක් වනැයි සිතා අත දික්කරන්ටත් නොපොසත්ව බෝධිසත්වයන් කරාගොස් දේවයන් වහන්ස බිසවුන් වහන්සේ තනිව වැඩ සිටි සෙයින් වැද්ද නොහෙමියි කීය. නැවත බෝධිසත්වයන් විසින් ඇදුර එරන්රුව සැක නැතිව හැරගෙන එවයි කියා යවන ලදුව ගොස් ගෙනායේය. ඉක්බිති බෝධිසත්වයෝ බඩලා ගෙනා රුව රත්‍රන් ගබෙහි ලා තමන් කළ රුව ආභරණ ආදීන් සරහා රථ යානාවෙක්හි තබා මෙබඳු රූප ශ්‍රි ඇති කෙනෙකු ලදින් නම් පාවාගනිමි කියා රන්රුව මෑනියන් සවමීපයට යවුහ. ඒ දැක බිසව් සතුටුව අමාත්‍යයන් රැස්කරවා සගයෙනි මපුතනුවවෝ නම් මහ පිණැත්තාහ. ශක්‍රදේවේන්ද්‍රයන් විසින් දෙනලද කෙනක එහෙයින් සුදුසු කුමාරිකා කෙනෙකුන් ලැබෙති තෙපි හැම මේ රන්රුව පිළිසන් රථ යානාවෙක තබා ගෙන මුළු දඹදිව ඇවිදිමින් යම් රජ්ජුරු කෙනෙකුන්ගේ මෙබඳු රූ ඇති කුමාරිකාවකය දුටු නම් ඒ රජහට මෙරන්රුව දී ඔක්කාක රජ්ජුරුවන් වහන්සේ නුඹ වහන්සේ හා සමඟ විවාහ සම්බන්ධයක් කරණු කැමැතිසේකැයි කියා දවසක් නියමකොට එවයි නියෝග කළාහුය.

එසඳ ඒ නියෝගයක ලද ඇමතියෝ මහපෙරහරින්ම ඒ රන්රුව හැර ගෙන අවිදිනාහු යම් නුවරකට පැමිනෙද්ද එහි සවස්වෙලෙහි බොහෝදෙනා රැස්වන තෙනක ඒ රුව වස්ත්‍රාභරණ කුසුමාදින් සරහා රන්සිවි ගෙයක් හි තබා පාන්තොටට යන එන මංහස සිටුවා තුමු ඉවත්ව යනු එන්නන් බස් අසනු පිණිස සැඟවි සිටියාහ. එකල බොහෝදෙන ඒ රුව දැක රන්රුවැකැයි නොදැන මනුෂ්‍යවුත් මෝ තොමෝ දිව්‍යප්ෂරාවක් මෙන් ඉතා හොබනීය මෝ තොබෝ කොයිසිට අවුදැයි කුමක් නිසා මෙතන සිටියෝද අපගේ නුවර මෙබඳු රූපශ්‍රි ඇති කෙනෙක් නැතැයි යනාදීන් ප්‍රසංසාකෙරෙමින් යන්නාහ. එකල අමාත්‍යයෝ ඉදින් මෙනුවර මෙබඳුවු කුමාරිකා කෙනෙක් ඇත්නම් අසෝ රජ්ජුරුවන්ගේ අසෝ අමාත්‍යයන්ගේ දියනියන් වැනියෝයයි කියති. එලෙස නොකියේ ඒකාන්තයෙන් මෙබඳූ රූ ඇතිකෙනෙකුන් මෙනුවර නැති හෙයිනැයි ඒ රුව හැරගෙන අනික් නුවරකට යන්නාහ මේ ලෙස ක්‍රම යෙන් ගොස් මදුරට සාගල නුවරට පැමිණියාහුය.

එනුවුර මදු රජ්ජුරුවන්ගේ දිව්‍ය ස්ත්‍රින් හා සමානව උතුම්වූ රූපසෝභා ඇති දු අටදෙනෙක් ඇත. ඔවුන් අටදෙනාට වැඩිමාළු ප්‍රභාවතිගේ ශරීරයෙන් හැමවෙලෙහිම බාලකීර සමීපයට බඳූවු පැහැ විහිදුනේය ඝනාන්ධකාරවුත් රාත්‍රියෙහි සතරරියන් ගෙයක් හි ප්‍රදීපාලෝකයක් නැතිව ශරීරාලොකයෙන්ම එකාලොක වන්නේය. උන්ට කිරිමව්වු කුදු තොමෝ ප්‍රභාවතින්ට නයණ පැන් ගෙණන පිසිණ ස්ත්‍රින් අටදෙනෙකු ලවා රන්කළ අටක් ගෙන්වාගෙන සවස් වෙලෙහි පැණට යන්නීය. ඔක්කාක රජ්ජුරුවන්ගේ රන්රුව ගෙනා පුරුෂයන් විසින් මංහස සිටුවන ලද රුව දැක ප්‍රභාවතියයි යන සිතින් ලඟට ගොස් මේ නොකිකරු දරුවෝ අප පැණට එවා තුමු මේ වෙලේ පළමු කොට මේ නොකිකරු දරුවෝ අප පැණට එවා තුමු මේ වෙලේ පළමුකොට අවුදින් මෙතන සිටියෝය. රජ කුලයට පරිභව උපදවන්නාවු කෙල්ල ඉදින් රජ්ජුරුවන් වහන්සේ දත්සේක්වින්නම් අප හැම නසාපියනසේකැයි කියා කිපි කොපුලතෙහි පාරක් ගැසූව. එකෙණෙහි අත්ල පැලියනලක් පරිද්දෙන් වේදනා වට පැමිණ රන්රුවකැයි දැන ලජ්ජාව සිනාසෙමින් බලග මා කලදෙයෙක මම් මාගේ දියනියැනැයි සිතා පාරක් ගැසිමි මෝ තොමෙ මාගේ දරුවන්ගේ රුවට කුමක් අගීද මාගේ අතට අස්සවු පමණැකැයි තමා හා එක්ව බිසවුන්ට කියව එබස් අසා රාජපුරුෂයෝ මාගේ දියනියෝ මටත් වඩා රූ ඇත්තාහයි කියන්නාහු තොපි කුමක් කියව්දැයි විචාළාහුය.

එකල ඔවුන්ට මෙරන් රුව මදුරජ්ජුරුවන්ගේ දියනියන් ප්‍රභාවතීන්ගේ රූපශ්‍රින් සොළොස්වන කලාවෙන් කලාවකුත් නොහගනේයයි කුදා කිවා ඔහු එබස් අසා සතුටුව රජගෙයි වාසලට ගොස් ඔත්කාක රජ්ජුරුවන්ගෙන් ආ දුතයෝ වාසල සිටියාහුයයි මදුරජ්ජුරුවන්ට කියා යවුහ. එබස් අසා මිදු රජ්ජුරුවෝ උන්තෙන් නැගී සිට ගෙනෙව ගෙනෙවයි වහා ගෙන්වාගත දුටහ. එකල දූතයෝ දේවයන් වහන්ස අපගේ රජ්ජුරුවෙන් වහන්සේ නුඹ වහන්සේගේ සුවදුක් විචාළසේක. යනාදීන් කථාකොට කරණලද සම්භාවනා ඇතිව රජ්ජුරු වන් විසින් කුමක්පිණිස අවුදැයි විචාළකල්හි අපගේ රජ්ජුරුවන් වහන්සේගේ සිංහ ගර්ජනාවට බඳූවු අභිතනාද ඇති කුස නම් කුමාරයෙක් ඇත, අපගේ රජ්ජුරුවන් වහන්සේ උන් වහන්සේට රාජ්ජය දෙනු කැමතිසේක් නුඹ වහන්සේ සමීපයට එවුස්ක. නුඹ වහන්සේගේ ප්‍රභාවතී නම් කුමාරිකාවන් වහන්සේ මේ රන්රුව වියදමට ඇරගෙනදෙවා වදාළ මැනවැයි කිවයු. ඒ අසා මදුරජ්ජුරුවෝ මෙබඳූවු මහරජ්ජුරුකෙණෙකුන් හා සමඟ විවාහ සම්බන්ධයෙක් වන්නේයයි සතුටුව මැනව මැනවයි ගිවිස්සාහ. එකල දුතයෝ අප විසින් කල් යැවිය නොහැකැයි වහාගොස් රාජ කුමාරිකාකෙනෙක් ඇති නියාව අපගේ රජ්ජුරුවන් වහන්සේට කියම්හ. උන් වහන්සේම අවුත් කැඳවාගෙන යනසේකැයි කිව්ය. ඒ රජ්ජුරුවෝත් යහපතැයි පිළිගෙන දුතයනට ප්‍රසාදදී යවුහ. ඔහු ගොස් එපවත් රජ්ජුරුවන්ට හා බිසවුන්ට කිවුය.

එපවත් අසා ඔක්කාක රජ්ජුරුවෝ මහපිරිවරින් කුසාවතී නුවරින් නික්ම ක්‍රමයෙන් ගොස් සාගල නුවරට පැමිණියාහ. එබව අසා මදු රජ්ජුරුවෝ සිවුරඟ සෙනඟ පිරිවරා පෙර ගමන් ගොස් නුවරට කැඳවාගෙන ගොස් මහත් සත්කාර සම්භාවනා කළාහුය. කීප දවකින් ඔක්කාක රජ්ජුරුවන්ගේ සිලවතී දේවිතොමෝ නුවණැති බැවින් කවුරු දනිද්දැයි සිතා රජ්ජුරුවන් වහන්සේ යෙහෙලනියන් දක්නා කැමැත්තම්හයි මුදු රජ්ජුරුවන්ට කිවුය. රජ්ජුරුවෝත් මැනවැයි පිළිගෙන දියනියන් කැඳවා යවුය. එසඳ ප්‍රභාවිත සර්වාභරණයෙන් සැරහී කිරිමවුන් විසින් පිරිවරණ ලදුව අවුත් නැන්දනියන් දැකලා සිටියාහ. සීලවති දෙවි ප්‍රභාවතීන් දැක මේ කුමාරිකා යහපත් රූ අත්තීය. මපුතනුවෝ විරූපයක ඉදින් උහු දිටවු නම් එක් දවසකුත් නොරඳා පලායන්නාහ. ඊට නිසි උපායක් කෙරෙමියි සිතා ඉක්බිති බිසව් මහරජ මාගේ යෙහෙලනියෝ මපුත නුවන්ට නිස්සාහ. එතකු උවත් අපගේ වංශපරම්පරාවෙන් පැවත එරන චාරිත්‍රයෙක් ඇත. ඉදින් මූ ඒ වුලෙස පිළිපදිත් නම් කැඳවාගෙනයම්හයි මුදු රජ්ජුරුවන්ට කිවුය. ඒ අසා මුදු රජ්ජුරුවෝ කවර ආචාරයයෙක්දැයි විචාළාහ. අපගේ වංශයෙහි දරුගර්භයක් පිහිටනාතෙක් ස්ත්‍රීහු දාවල් සාම්පුත්‍රයා දකින්ට නොලබති. ඉදින් මුන් එලෙස පවතින් නම් කැඳවාගෙන යම්හයි කිවුය. ඒ අසා රජ්ජුරුවෝ දියනියෙනි එලෙස පවතින්ට පිලිවන්දැයි විචාළාහ. ප්‍රභාවතී යහපතැයි ගිවිස්සාහ. ඉක්බිති ඔක්කාක රජ්ජුරුවෝ මුදු රජ්ජුරුවන්ට බොහෝ සම්පත්දී ප්‍රභාවිතීන් කැඳවාගන ගියහ. මුදු රජ්ජුරුවෝත් මහ පෙරහරින් දියනියන් නික්මුවුහ.

ඔක්කාක රජ්ජුරුවෝ ගොස් කුසාවතී නුවර දිව්‍යපුරයක් මෙන් සරහා බන්ධන ගත සියළු සත්වයන් මුදාහැරවා පුතනුවන්ට ප්‍රභාවතීන් අගමෙහෙසුන් කොට අභිෂේක කරවා කුස රජ්ජුරුවන්ගේ ආඥාවයයි අණබෙර ලවා සේසත් නැංවුහ.

ඹදිව සියළු රජ දරුවෝ තමන් තමන්ගේ දරුවන් කුස රජ්ජුරුවන්ට සේවය පිණිස එවුහ. එකල බෝධිසත්වයෝ නළුනාටකාදී මහත් පිරිවරින් යුක්තව අපමණවු ඓෙශ්චර්යයෙන් රාජ්‍ය ශ්‍රී විඳිනාහ.

එසඳ කුස රජ්ජුරුවන් හා ප්‍රභාවති දේවි හා දෙදෙනා දිවාභාගයෙහි ඔවුනොවුන් නොදැක රාත්‍රියෙහිම දක්නාහ. ඒ ප්‍රභාවතීන්ගේ ශරීර සෝභාව මහබෝධිසත්වයන් තේජසින් සුර්යාලෝකයෙහි කදෝපැණියන් මෙන්ද දිවා චන්ද්‍රයා පරිද්දෙන්ද නිෂ්ප්‍රභා විය. කුස රජ්ජුරුවෝත් ශ්ර්‍‍රී යහන් ගබින් පහන් වන්නට පළමුව පිටත්වන්නාහ. මෙලෙසින් කලක් ගියසඳ ප්‍රභාවතීන් දාවල් දක්නා කැමතිව මැණියන්ට කිවුය. මෑණියෝත් ඔහු බස් අසා පුතනුවෙනි දරුකෙනෙකුන් ලබනකල් ඉවසුවයි නැවතූහ.

බෝධිසත්වයෝ නැවත නැවතත් ඇවිටිලිකොට කිවුය. එකල මෑණියෝ දක්නා කැමැතහොත් ඇත්හලට ගොස් ඇත්ගොව්වන් හා එක්ව සිටුව මම එතනට උන් කැඳවාගෙන එමි එකල ඇස්පුරාදැක පියව තොප වු නියාව නොහඟවයි කිව්ය. බෝධිසත්වයෝත් යහපතැයි පිළිගෙන ඇත්හලට ගියාහුය. එකල්හි සීලවති දේවි ප්‍රභාවතීන් ඇත්හලට කැඳවාගෙන ගොස් මේ අසවල් ඇතාය. මේ අසවල් ඇතායයි නම් කිය නියා දක්ව දක්වා යනසඳ කුස රජ්ජුරුවෝ ප්‍රභාවතින්ගේ පිට ඇත් ඉලත්තියක් ගැසුහ. එකල ප්‍රභාවතී රජ්ජුරුවන් වහන්සේට කියා තොපගේ අතකප්පාලමි යනාදින් කියා බිසවුන් ලවාත් කොප කැරවුහ. එසඳ බිසවු ප්‍රභාවතින්ගේ පිට අතින් පිරිමැද තම ඇත්හල කොල්ලෝනම් ඉතා චපලයෝය. නුඹ වහන්සේට උරණවන්නේයයි යනාදින් කියා අස්වසා රජගෙට ගියාහුය.

තවද කාලෙකින් බෝධිසත්වයෝ ප්‍රභාවතීන් දක්නා කැමතිව පෙර පරිද්දෙන්ම මැණියන්ට කියා අස්සලට ගොස් අස්සලයක්හු පරිද්දෙන් සිට ප්‍රභාවතීන් දැක එතනදීත් අස්බෙට්ටක් ගැසුය. එදවසද කිපියාවු ප්‍රභාවතීන් බිසව සන්සිඳුවුය. ඉක්බිති කල්යමෙන් ප්‍රභාවතී බෝධිසත්වයන් දක්නා කැමතිව නැයි නැන්දනියනට කියා උන් විසින් වලකනලදුව නැවතත් යාච්ඤා කොට බිසවුන් විසින් එසේවි නම් කුස රජ්ජුරුවෝ සෙට නුවර පැදකුණු කෙරෙති තොපි ඒ වෙලාවට සී මැදුරු කවුළුවෙන් දකුවයි කියා දෙවන දවස් නුවර සරහවා රජ්ජුරුවන්ගේ මලනුවන් ජයම්පති කුමාරයන් රාජාභරණයෙන් සරහවා මගුලැතුපිට හිඳූවා බෝධිසත්වයන් ඇත්ගොව් වේශයෙන් පශ්චිමාසනයෙහි ඉඳූවා නුවර පැදකුණු කරවා පභාවතීන් කැඳවාගෙන සී මැදුරු කව්ළුවෙන් බලමින් තොපගේ ස්වාමිපුත්‍රයානන්ගේ ශ්‍රි විභූතිය බලවයි කිවුය. එකල ප්‍රභාවතී ජයම්පති කුමාරයන් දැක මට සුදුසු වල්ලභයාන කෙනෙකුන් ලදිමි සතුටුවුය. එදවස් ඇත්ගොව් වෙසින් පිටිපස උන් බොධි සත්වයෝ සිත්වු පරිද්දෙන් ප්‍රභාවතීන් දකිමින් හස්තවිකාර මුඛවිකාරයෙන් උසුළු විසුළු පෑ කෙළියහ.

එලෙස ඇතා ගිය පසු තොපගේ ස්වාමිපුත්‍රයානන් දුටුදැයි ප්‍රභාවතීන් විචාරා ඔහු විසින් ස්වාමිනි දිටිමි පිටිපස්සේ උන් ඇත්ගොවු ඉතාම චපලය මට උසුළු විසුළු පෑයේය. එබඳූවු නොහික්මුනු පින්මද තැනැත්තවු කුමක් පිණිස රජ්ජුරුවන්ට පිටිපස්සේ ඉඳූවුදැයි කිවුය. එබස් අසා බිසව් දියනියෙනි රජ්ජුරුවන්ට ආරක්ෂා පිණිස සැලසු ඇත්ගොව්වාටටි වලහා කිව්ය. ඒ අසා ප්‍රභාවතී මේ ඇත්ගොව්වා ඉතා නිර්භිතය රජ්ජුරුවන්ට රජ්ජුරුකෙනෙකැයි නොසිතති. මේ කිමෙක්ද කුස රජ්ජුරුවෝ නම් මුවනැයි ඒකාන්තයෙන් උන් රූ නැති කෙනෙකුන් වියමුතුය. ඒ කාරණයෙන් මා නොදක්වති සිතා කුද කැඳවා යව මෑනියෙනි කුස රජ්ජුරුවෝ ඇතුපිට ඉදිරියෙ උන් තැනැත්තෝද නොහොත් පිටිපස්සේ උන් තෙනෙත්තෝදැයි නියම දැනගෙන එවයි කිව්ය. එවිගස මම කෙසේද දැනගතිමිදැයි විචාළාහ. කුදට පළමුයෙන් ඇතු පිට බට තෙනෙත්තෝ රජ්ජුරුවෝය මෙලෙස සලකුණෙන් නියම දැනගෙන එවයි කිවුය. ඒ නිගෝය ලද කුදු ගොස් ඒක්තෙනක සිට පළමුකොට බෝධිසත්වයන් හා දෙවෙනිව ජයම්පතී කුමාරයන් බට නියාව දුට.

එකල බෝධිසත්වයෝ ඈත මෑත බලා දුරසිටි කුද දැක මෑ ආයේ මේ පරීක්ෂාකරන්ට යයි දැන ලඟට කැඳවා මේ තෙරතුරු නොකියවයි කියා නික්මවුහ. ඕ ගොසින් පෙර අසනයේ උන් තෙනත් තෝම පළමුකොටම බටුයයි කියා ගිවිස්වාලුහ. නැවත කල්යාමකින් බෝධිසත්වයෝ ප්‍රභාවතීන් දක්නා කැමතිව මෑනියන්ට කිවුය. බිසෝ නවතාගත නොහි එසේවි නම් අප්‍රසිද්ධ වේශයෙන් උයනේ ගොස් සිටුවයි කිවුය. එබස් අසා කුස රජ්ජුරුවෝ උයනට ගොසින් මගුල් පොකුණෙ කරවටක් දියට බැස නෙලුම්පතක් ඉසවසාගෙන නෙලුම් මලකින් මූන වසාගෙණ සිටියාහුය. බිසවුන් ප්‍රභාවතින් උයනට කැඳවා ගෙන ගොස් සවස් වෙලෙහි පුෂ්ප ඵල පල්ලවයෙන් සජින්නවු සුපු දුනුකේ නා පනා සිනිද්ද බෝලිද්ද දෑසමන් ආදි ගස්ලියද ගිරා බෝකල් ඈ පක්ෂීන්ද දක්වමින් මගුල් උයන් ඇවිදගෙන ඇගේ සිත් පොළඹමින් පොකුණුතෙරට ගියෝය. එකෙණහි ප්‍රභාවතී තොමෝ පස්පියුමෙන් ගැවසීගත් පොකුණ දැක නහණු කැමතිව පිරිවර හා සමඟ පොකුණට බැස කෙළිමින් මහබෝධිසත්වයන් මූන වසාගෙන සිටි පියුමට අත දික්කලාය එකල්හි රජ්ජුරුවෝ නෙළුම්පත ඉවත් කොට මම කුස රජයයි ප්‍රභාවතීන් අත ඇල්ලුය.
ඔහුගේ මුඛය දැක යක්ෂයෙක් මා අත අල්වාගතැයි මුරගාමින් භයින් මුර්ජව ගියාහ. එසඳ රජ්ජුරුවෝ අත ඇරපීහ. ඉක්බිති බිසෝ සිහිලදින් සිතන්නාහු මා අත ඇල්ලුවුවෝ ඉදින් කුස රජ්ජුරුවෝ වි නම් ඈතතලදී ඉලත්තියයනුත් අස්සලදී අස්බෙට්ටියෙනුත් මුන් විසින්ම ගසන ලදිමි. ඇතුගේ පශ්චිමාසනයෙහිද මා වෙහෙසවුවෙත් මුඛය මෙසේ විරූපවු දුර්මුඛවු වල්ලභයාගෙන් මට ප්‍රයෝජන කිම්ද ජිවත්ව උනින් නම් මට වල්ලභයන් අරුම නොවන්නේයයි සිතා තමන් හා එක්ව ආ අමාත්‍යයන් යවා යානාවහන සරහවා අද දවස්ම නික්මෙමි කීහ.

ඔහු එපවත් අසා රජ්ජුරුවන්ට කිවාහුය. ඒ අසා රජ්ජුරුවෝ මූ යන්ට අවසර නෙලද්දු නම් පැලි මියයන්නාහ. වන්නාට දැනට යෙත්වයි නැවත මාගේ බලයෙන් ගෙන්වා ගනිමි සිතා ගමන් අනුදත්හ. එකල්හි ප්‍රභාවතී පිරිවර හා සමඟ පිය රජ්ජුරුවන්ගේ සාගල නුවරට ගියෝය. ප්‍රභාවති තොම ජාතියෙහි කල ප්‍රාර්ථනාවෙන් නොකමැතිවිය. බෝධිසත්වයෝද පූර්වයෙහි කරණ ලද අකුශලබලයෙන් විරූපව ගියහ.

ඒ කෙසේද යත්,
යටගිය දවස බරණැස් නුවරට නුදුරු ගමෙක්හි විථිදෙකක කෙළෙඹි කුලදෙකක් ඇත්තේ ඉන් ගෙයක පුත් දෙන්නෙක් වුහ. ඉක්බිති බෝධි සත්වයෝ බාල මලනුවෝය.

අනික් කෙළෙඹි කුලයෙහි දියනි කෙනෙක්වුහ. ඒ කුමාරිකාව බෝධිසත්වයන්ගේ බැණන්ට සරණ ගෙන්වුහ. බෝධිසත්වයෝ වෙන ගෙයක් දොරක් නැතිව බැණන්ගේ ගෙයි වාසය කෙරෙති ඉක්බිති එක්දවසෙක අතිරස කැවුම්පිස කිසි කටයුත්තක් නිසා වලගිය බෝධිසත්වයන්ට තිබා තුමු දදෙන අනුභව කලහ.

එවෙලෙහි සිඟා වැඩි පසේ බුදු රජකෙනෙකුන් වහන්සේ දැක බෝධි සත්වයන්ගේ බෑදැනියෝ උන්ට කැවුම් පසුව පිස දිනහැක්කැයි සිතා බෝධි සත්වයන්ට තිබූ කොටස පිළිගැන්වුහ. බෝධිසත්වයෝ තොපසන්තක කොටස කාපියා මාගේ කොටස දන්දෙන්ට කාරණා කිම්දැයි කිපී ලුහුබඳවා ගොසින් පසේ බුදුන් වහන්සේ ගේ පාත්‍රතෙයත් තුබූ කැවුම් ඇරගත්තුය. එකල ස්ත්‍රී මැණියන් ගෙට ගොස් සපුමල් පෙත්තක්සේ ඝනරන්වන්වු අළුත් දැව ගිතෙල් ගෙන පාත්‍රයෙහි පුරා සතුටුව ස්වාමිනි මා උපනුපන් ජාතියෙහි මාගේ ශරීරයෙන් ආලෝක පැතිරෙවයි උතුම්වු රු ඇතිවෙම්වයි අසත්පුරුෂයා හා එකතෙන වාසය නොකෙරෙම්වයි කියා කළ ප්‍රාර්ථනා වශයෙන් ප්‍රභාවතී බෝධිසත්වන් නොකමැතිවුහ.

බෝධි සත්වයෝද පසේ බුදුන් වහන්සේගේ පාත්‍රයට කැවුම් කොටස පිළිගන්වා ස්වාමින් ඉදින් යොදුන් සියයක උනත් මුන් මාගේ බලයෙන් ගෙන්වාගෙන මට පාදපරිචාරිකා කරන්ට සමර්ථවෙම්වයි ප්‍රාර්ථනා කළෝය.

කිපී ගොස් පසේ බුදුන්ගේ පාත්‍රයේ තුබු කැවුම් හැරගත් හෙයින් මුඛය විසුළුව ගියේය. මේ තෙම මොවුන්ගේ පූර්වක්‍රියාවන්නේය. බෝධි සත්වයෝ ප්‍රභාවතින් ගිය නියාව අසා සොකයට පැමිණියාහ. අවශේෂ නාටක ස්ත්‍රීන් නොයෙක් ප්‍රකාරයෙන් සිත්නලවන්නාහු පෙළඹාගත නුහුණුවහ.

ප්‍රභාවතීන් නැති රජගෙය කුසරජ්ජුරුවන්ට සිස්වුවාක් මෙන් වැටහෙන්නේය. මෙලෙසින් රාත්‍රියෙහි බොහෝ දුක් විඳ අලුයම් නැගිසිට සාගල නුවරට ගොස් ප්‍රභාවතීදේවි කැඳවාගෙන එමි කියා මා එනතෙක් රාජ්ජ්‍යය පියානන් වහන්සේට වේවයි මලනුවන්ට වේවයි පාවාදීලින්නම් නැවත ඇර ගැන්ම ආයාසවේදැයි සිතා මෑණියන් සීලවතී දේවින් සමීපයට ගොස් මෑණියන් වහන්ස ධන ධාන්‍ය දින් හරිත වූ ඇත් ඇණි අස් ඇණි රියබලයයි සිව්රඟසෙනගින් යුක්තවූ පංචක්කුධභාණ්ඩයන් ඇති සියලු උපභෝග පරිභෝග වස්තුවෙන් සමෘද්ධවූ මේ රාජ්ජ්‍යය ප්‍රභාවතී කැඳවාගෙන එනතෙක් පාවාගත මැනවැයි මෑණියන්ට කියා අවසර ඉල්වුහ.

එබස් අසා බිසෝ බියපත්ව පුත ස්ත්‍රිහුනම් නොයෙක් වංඤදනිත යනාදින් අවවාද කියා මගදී අනුභවකරණ පිණිස අනගිරසයෙන් යුක්තවු රාජ භෝජනය රන්මුඬමක පුරාදුන්හ. එයඳ මහාබෝධිසත්වයෝ මෑණියන් තුන්සලක් පැදකුණු කොට පසඟ පිහිටුවා වැඳ ජිවත්ව උනිම්නම් සැපසේ අවුත් දකිනෙම් වේදැයි කියා අවසර ඉල්වාගෙන ශ්‍රි යහන් ගබඩාවට වැද දුනු මුගුරු කඩු කොන්ත යන පංචායුධ සන්නද්ධව ගෙන බත්මුඩමහා සමග කහවනු දහසක් පයියෙහි ලාගෙන කොකනද නම් විණාව අතින්ගෙන නුවරින් පිටත්ව මගට පිළිපන්ව මහත්වු බලවිර්යය ඇති මහා බෝධිසත්වයෝ එදවස් දාවල් බතට පණස් යොදුන් මග ගෙවාගෙන ගොස් බත අනුභව කොට පස්වරු භාගයෙහි තුබූ පනස්යොත්න ගෙවා ගොස් සවස් වෙලෙහි සාගල නුවරට වන්හ.
බෝධිසත්යන් එනුවරට වන්කෙණෙහිම ප්‍රභාවතී උනස්නෙහි ඉඳ නොගී යහනෙන් බිමට බැසපුවා එකල නුවරට වැද විඩාපත්ව යන්නාවු බෝධිසත්වයන් දැක එක්තරා ස්ත්‍රියක් තමාගේ ගෙට කැඳවාගෙන ගොස් ඉඳිනා අසුන්දී පයසෝධවා සැතපී හුන්කල්හි බත් මාළු සපයා අනුභවකරවුය. එසඳ සතුටුවූ මහබෝධි සත්වයෝ රන් මුඩුම හා සමග මසුදාස ඒ ස්ත්‍රියටදී ගෙනගියපඤචායුධය එමගෙයි තබා මාගොස් ආයුතු තැනෙක් ඇතෙයි කියා විනාව අතට ඇරගෙන ඇත්හළට ගොස් මේ රාත්‍රියෙහි සැතපෙන තෙනක් දෙව්නම් තොපට විනා ගායනා කෙරෙමි කියා ඇත්ගොව්වන් විසින් අනුදන්නාලදුව එක්තෙනක වැදහෙව මදක් නිදා පිබිද ගමන් විඩා සන්සිඳුවාගෙන විණාව තත් සරහා සියළුනුවර වාසී සත්වයෝ මේ අසත්වයි සිතා ගී කියමින් විණාගායනා කරන්නාහ.

එකල්හි බීමවැදහොත් ප්‍රභාවතීද ඒ ශබ්දය අසා මේ අනික් කෙනෙකුන්ගේ විනාශබ්දයෙක් නොවෙයි ඒ කාන්තයෙන් කුසරජ්ජුරුවන් වහන්සේ මා නිසා මේ නුවරට ආසේක්මයයි යන්නාහුය.

මදු රජ්ජුරුවෝද විනාශබ්දය අසා ඉතා මිහිරිකොට ගායනා කරන්නේය. සෙට ඔහු කැඳවා ගායනා කරන්නට උවමැනවයි සිතුහ. බෝධි සත්වයෝ මෙතන විසිමෙන් ප්‍රභාවතින් දැක්ක නොහැක්ක එහෙයින් අසථනයයි උදා සනක්සේම ඇත්හලින් නික්ම සවස බත් අනුභව කළ ගෙන්ම පෙර බත් අනු භවකොට විණාවගෙයි තබා මදු රජ්ජුරුවන්ගේ මගුල් කුඹලාගෙට ගොස් ඕහට අතවැසිව එක දවසින්ම මැටිගෙනහැර ආචාරීනී වලත් කෙරෙම්දැයි විචාරා එසේය කළ මැනවැයි කිසඳ මැටි පිඩක් හැරගෙන සකෙහි තබා සක කැරකවුහ. එකවිට කරකවන ලද ඒ සක ඉරමුදුනට එනතෙක්ම කරකැවින. මහබෝධිසත්වයෝ නොයක් ප්‍රකාර ඇති කුඩා මහත් බොහෝවලන් රූ නගා කොට මේ රූ ප්‍රභ වතීන් විනා අනික් කව්රුත් නොදකිත්වයි අධිෂ්ඨාන කළාහුය.

මෙලෙසින් වලන් උකා වියළා පලහා කුඹුල් හල පිරුය එසඳ කුඹල් දෙටුවා නොයෙක් විසිතුරු අත්කම් දක්වා කරණ ලද වලන් ගෙන්වාගෙන ගොස් රජ්ජුරුවන් දැක්විය. එකල මදුරජ්ජුරුවෝ නුදුටුවිරූම් වලින් දැක සතුටුව මේකළෝ කවුරුදැයි විචාරා කුඹුලා විසින් මමය ස්වාමිනි කී කල්හි තොපගේ කර්මාන්ත මම නොදනිම්ද නොවලහා කියවයි තරව විචාළසඳ දෙවයන් වහන්ස මාගේ අතවැස්සා විසින් කරණලදැයි කීය. එඹල ඒ තට අතවැසි කමට නිසි එකෙක් නොවෙයි ඇදුරුකමට නිස්සෝය තෝ මෙතැන් පටන් උන් ගෙන් සිල්ප උගනුව තවද එතෙම මෙතැන්පටන් මාගේ දරුවන්ට කෙළිවලන් කෙරේවයි නියෝගකොට මේ ඕහට දෙවාලවයි බෝධිසත්වයන්ට රන් මසුදහසක් යවා මේ කුඩාවලන් දරුවන්ට දෙවයි යවුහ.

කුඹලාද ඒ වලන් ඇරගෙන අන්තඃපුරගෙට ගොස් කෙළිවලන් ගෙනාමිකියා යවුයේය එබස් අසා රාජ කුමාරිකාවරු එතනට රැස්වුය ඒ කුඹලා විසින් වලන් බෙදන සඳ බෝධිසත්වයන්ගේ ආනුභාවයෙන් ප්‍රභාවතින් උදෙසා රූ නගා කරණ ලද වලන්ම උන්ට දින. එසඳ ප්‍රභාවතී ඒ වලන්වල මහා බෝධිසත්වයන්ගේ හා තමන්ගේ හා කුදගේ රූ දැක මේ අනික්කෙනෙකුන් විසින් කළ දෙයෙක් නොවෙයි කුසරජ්ජුරුවන් විසින්ම කරණලදැයි දැන කිපි මෙයින් මට ප්‍රයොජ්න නැත කැමතිකෙනෙකුන්ට දිපියවයි කිවුය එසඳ උන්ගේ නගුන් කිපිබව දැන මේ කුස රජ්ජුරුවන් වහන්සේ විසින් කළ දෙය කැයි සිතව්ද මේ කුඹලා විසින් කළාය ඇරගනුවයි යනාදීන් කිව්ය ඒ ප්‍රභාවතී තොම කුස රජ්ජුරුවන් එනුවර ගියබවද එවලන් උන් විසිත් කළබවද ඔවුන්ට නොකිව ඉක්බිති කුඹලා රජ්ජුරුවන්ගෙන් යවන ලද මසුදහස ගෙගොස් බෝධිසත්වයන්ටදී සබඳ රජ්ජුරුවන් වහන්සේ තොපට සමාධිවුසේක. මෙතැන් පටන් රාජකුමාරිකාවරුන්ටම තෙපි වලන් කරව මම ඒ ගෙනගොස්දෙමි කියේය. ඒ අසා බෝධිසත්වයෝ ප්‍රභාවතීන් මෙතනවසාත් දැක්ක නොහැක්කැයි සිතා ඒ කවහනුදහස ඕහටමදී එතනින්ගොස් රජ්ජුරුවන්ට මගුල් මෙමහ කරණ නලකරුවා ලඟට ගොස් ඕහට අතවැසිව තල්වැටක්කොට එහිම සේය තය, රාහලය, රා උඩ මගෙන සිටි ප්‍රභාවතීන්ගේ රූපය යනාදි විසිතුරුවු අත්කම් දැක්වුය. නලකරුවා ඒ තල්වැට ආදී බෝධිසත්වයන් විසින් කරණ ලද කර්මාන්ත විශේෂය ගොස් දැක්විය.

රජ්ජුරුවෝ ඒ කර්මාන්ත විශේෂය දැක මෙතල්වැට ආදිය කවුරුන් විසින් කරණ ලද්දේදැයි යනාදීන් පෙර පරිද්දෙන් විචාරා මසු දහසක් දී මෙතල් වැට ආදිය මාගේ කුමාරිකාවරුන්ට දෙවයි නියෝග කළහ. ඒ කර්මාන්තයෙන් බෙදාදෙන නලකරුවාද බොධිසත්වයන් විසින් ප්‍රභාවතින් උදෙසා කරණ ලද තල්වැට උන්ටම දුන්නේය. එසඳ ප්‍රභාවති ඒ විසිතුරු රූපයෙන් දැක කුස රජ්ජුරුවන් විසින් කරණ ලද බව දැන කැමති කෙනෙක් ඇරගනුවයි බිමට දමුව ඒ දැක ඉතිරි කුමාරිකාවරුන් වෙහෙසන ලද නලකරුවා රජ්ජුරුවන් විසින් දෙනලද මසුදහස ගෙනගොස් බෝධිසත්වයන්ට දුන්නේය.

ඉක්බිති බෝධිසත්වෝ මෙසිත් මට අස්ථානයයි සිතා ඒ රන් ඕහට දී එතනින් ගොස් රජ්ජුරුවන්ගේ මාලාකාරයාට අතවැසිව නොයෙක් ප්‍රකාර ඇති මල්පැණි ගොතා ප්‍රභාවතීන් පිණිස නොයෙක්රුවින් විසිතුරු කොට මල් සුඹුලක්ද කළාහුය මල්කරුවාත් ඒ සියල්ල හැරගෙනගොස් රජ්ජුරුවන්ට දුන්නේය.

රජ්ජුරුවෝත් විශේෂ කර්මාන්තය දැක මේ ගෙතුවෝ කවුරුදැයි විචාරා දේවයන් වහන්ස මා විසිනැයි කි කල්හි තොපගේ මල්ගෙතීම් අපි නොදැනුමෝද මේ ගෙතුවන් කියවයි තරයේ විචාරන ලද්දේ අතවැස්සා විසින් ගොතන ලදැයි කීයේය. එබස් අසා රජ්ජුරුවෝ එතෙම අතවැස්සසෙක් නොවෙයි තොපට ඇදුරුකමට නිසිය ඔහු කෙරෙන් මල් ගෙතීම් ඉගෙනගනුව ඔහුලවාම මෙතැන්සිට මාගේ දරුවන්ට මල්ගොතාලවයි සතුටුව මසු දහසක්දී මේ මල්කම් දරුවන්ට දෙවයි යවුහ.

ඒ මල්කරුවාද බෝධිසත්වයන් විසින් ප්‍රභාවතින් උදෙසා රූ නගා කරන ලද මල් සුඹුල උන්ටම දුන්නේය ප්‍රභාවතී ද ඒ මල් සුඹුලෙහි කුසරජ්ජුරුවන්ගේ හා තමන්ගේ හා නොයෙක් රෑ දැක කුසරජ්ජුරුවන් කළ බව දැන කිපි බිමට දැමුව තෙසු නගු පෙරපරිද්දෙන්ම වෙහෙසුහ. මල් කරුවාද මසු දහස ගෙණගොස් බෝධිසත්වයන්ටදී එපවත් කීයේය. බෝධි සත්වයෝ මෙයිත් මට අස්ථානයයි එරත් ඕහටදී එතනින් රජ්ජුරුවන්ගේ අරක්කැමියා කරාගොස් ඕහට අතවැසිව දවසක් අරක්කැමියා රජ්ජුරුවන්ට මේ වඩාගෙන යමින් තමහට පිසන පිණිස බෝධිසත්වයන්ට ඇටමුසු දඩමසක් අප දීලා ගියේය.
බෝධිසත්වයෝද ඒ ඇටය පිසපුය, මුළු නුවර සුවඳ පැතිරෙනසේ දුන් කරවුහ. එසඳ රජ්ජුරුවෝ සුවඳ අසා කිමෙක්ද මුළුතැන්ගෙයි අනික් මාළුවකුත් පිසද්දැයි විචාරා අරක්කැමියා විසින් දේවයන් වහන්ස අනික් පිසන මාළුවෙක් නැත්තේය එතකුදු උවත් ඇටමුසු මසක් අප ඇමට පිසන ලෙස අතවැස්සාටදීලා ආමියි එහි සුවඳ වියයුතු යයි කිසඳ රජ්ජුරුවෝ ඒ ගෙන්වාගෙන ඉන් සුඟක් අනුභවකොට බැලුය. එකෙණෙහි එහි රස සත්සියයක් පමණ රසනහරවල පැතිර සිටියේය. රජ්ජුරුවෝ එරසතෘෂ්ණාවෙහි බැඳි ඕහට මසෙසන් දහසක්දී මෙතැන් පටන් තොපගේ අතවැස්සා ලවා මටත් මාගේ දරුවන්ටත් බත් මාළු පිස මාදරුවන්ට ඔහු විසින් ගෙනදෙන්නට කියව තෝ අපට ගෙනේවයි නියෝග කෙළේය.

අරක්කැමි ගොස් බෝධිසත්වයන්ට කියේය. එබස් අසා බෝධි සත්වයෝ දැන් මාගේ මනෝරථය මස්තකප්‍රාප්තව ගියේයයි සතුටුව මෙතැන් පටන් ප්‍රභාවතින් දකිමි සිතා ඕහට රන්දහසදී දෙවන දවස් බත්මාළු පිස රජ්ජුරුවන්ටදී අරක්කැමියා අත යවා රාජ කුමාරිකාවරුන්ට ගෙනයන වසුන් කද තුමූ හැරගෙනගොස් ප්‍රභාවතීන්ගේ මාලිගාවට නැංගෝය. එසඳ ප්‍රභාවතී වසුන්කද ගෙනයන බෝධිසත්වයන් දැක මුන් වහන්සේ තමන් වහන්සේට නුසුදුසුව වහල් කළ මනාදෙය කරණසේක ඉදින් මම දවස් ගණනක් බැණ නොදී උන්නෙම් මු මා කැමත්තෝවනැයි සිතා අන්තෙනකට ගොස් මාදැක මෙහි වාසය කරණසේක එනොකට මෙහි ඇසිල්ලකුත් නොරදා යන සැටිය බැණ දොඩා නික්මවමි සිතා දොර අඩවල කොට ගෙනගොස් එක් අතකින් දොර අල්වාගෙන අගුළු කනුවේ වැතිරි සිට කුස රජ්ජුරුවන් වහන්ස මෙබඳුවු කාරියක් ඉඳින් ජිවිතය යෙනමුත් නොකරණසේක.
එතකුදුවුවත් මා නිසා උදා සනය සවසය මධ්‍යම රාත්‍රිය මධ්‍යහ්නය යන විභාගයක් නැතිව දියදර සැප යීම පිසීම් පෙවීම් ආදී ගිනික්‍රියාවෙන් හා දුර්භෝජන දුක්ඛසෙය්‍යාවෙන් දවස් යවමින් මෙහි සිට දුක්නොවිඳ නුඹ වහන්සේගේ කුසාවතී නුවරටම නැගී ගොස් මා කෙරෙහි සිතිවිල්ලක් නොසිතා නුඹ වහන්සේ වැනි සතුරු පුවක්සේ දාහැලි ගිය මුහුණු ඇති යකින්නක අභිමෙහෙසුන් කොටගෙන රාජ්‍යය කළ මැනව ඉදින් විරූපවු නුඹ වහන්සේ කෙතෙක් කල් මී ඉඳ දුක් උනත් මම නොකමැත්තෙමි නොරඳා වහා නික්මුණුමැනවයි කිවුය. එකල්හි මහාබෝධිසත්වයෝ ප්‍රභාවතීන්ගෙන් මෙවිවර කථාසම්භාෂණයක් ලදිමියි සතුටුව මුවපොල්ලන්ට බඳුවු ඇස් ඇති හෙමාහරණ විභූෂිත ශාත්‍ර ඇති මනාවු කටිප්‍රදේශ ඇති රන්කමින් විසිතුරු වු වස්ත්‍රයෙන් සොභමාණ වූ දෙහ ඇති ප්‍රභාවතීනි තොපගේ රුප සෞන්දර්යයෙන් පැහැරගන්නා ලද සිත් ඇති කෙලශාන්‍ධකාරයෙන් වසන ලදුව දික්විභගයෙහි අසමර්ථ හෙයින් කුසාවති නම් රාජ ධානියට යා නොඑමි ඒ රාජ්‍ය ශ්‍රියෙන් මට ප්‍රයොජ්න නැත්තේය මෙරටම වාසය කරමි කීහ.

බෝධිසත්වයන් විසින් මෙලෙස කී කල්හි මූ විපිලිසරව නැගීයෙති පරිභවකොට කියමින් සිටියදී මා කෙරෙහි ඇලීම කථාකෙරෙති ඉදින් මූ මම කුසරජයයි අවුත් මා අත අල්වාගත්තුනම කවුරු වලකන්දැයි ගෙට වැද දොර අගුළුගත්තුය.

බෝධි සත්වයෝද වස්න හැරගෙන ගොස් තෙසු රාජ කුමාරිකාවරුන් බත්කැවුහ. ඉකිබිති ප්‍රභාවතී කුසරජ්ජුරුවන් විසින් සපයන ලද ආහාරය ගෙනෙවයි කුදට විධාන කොටගෙන්වාගෙන මේ බත් අනුභව නොකෙරෙමි තොප ලත් බත් මට දීපියා මේ බත් තොපි කාපියව කුස රජ්ජුරුවන් වහන්සේ මෙනුවරට ආ බව කාටත් නොහඟවයි කිවුය. එතැන් පටන් කුදත් ප්‍රභාවතීන්ගේ බත් කොටස තුමූ අනුභව කොට තමන්ගේ බත් ප්‍රභාවතීන්ට දෙන්නීය.

කුස රජ්ජුරුවෝ එතැන් පටන් ප්‍රභාවතීන් නොදක්නාහුය මා කෙරහි ප්‍රභාවතීන් සෙනහ ඇති නැති බව පරීක්ෂා කෙරෙමි සිතා එක් දවසක් රාජ කුමාරිකාවරුන් බත් කවා වලන් කදගෙන යමින් ප්‍රභාවතීන්ගේ දොර සමීපයෙහි අඩි ඇන වලන් අඬවා පැකිල වැටිහි කෙඳිරිගාමින් ඔත්තාහුය එකල ප්‍රභාවතී බෝධිසත්වයන්ගේ කෙදිරිගෑවිලි අසා ගෙයි දොර ඇර බලා කද කර තබාගෙණ වැදහොත්තවුන් දැක මුන් වහන්සේ මුළු දඹදිවට අග්‍රරජන්සේක. මා නිසා රැ දවල් දුක්විඳිමින් සිව්මැලි බැවින් වසුන් කද බරින් මැඩී වැටි ගිය සේක. ඉඳින් අමුත්තෙක් වන්නම් මට මීට වඩා වැරැද්දක් නැත ප්‍රාණය ඇද්ද නැද්ද පරීක්ෂාකෙරෙමියි සිතා භයගෙනගෙන් පිටත්ව බෝධිසත්වයන්ගේ ස්වසය පරීක්ෂා කරණු පිණිස නැඹුරුව මුහුණ බැළුව එසඳ කුසරජ්ජුරුවෝ කෙලකටත් පුරාගෙන ප්‍රභාවතීන් මුහුණට දැමුහ. එකල ප්‍රභාවතී බැණ දොඩා ගොස් ගෙට වැද දොර අඩවළු කොට රජ්ජුරුවන් වහන්ස යමෙක් විරූපීව රූ ඇත්තන් ප්‍රාර්ථනා කෙරේද නොකමැති කැමතිවේද ඕහට අවැඩ වන්නේ යනාදීන් ප්‍රභාවතීන් විසින් නොයෙක් ලෙස බැණ දොඩා පරිභව කළත් බෝධිසත්වයෝ උන් කෙරෙහි නොකලකිරී එඹා ප්‍රභාවතීනි මේලෝකයෙහි යම් පුරුෂයෙක් ලොකස්වාද රතිවශයෙන් තමා නොකමැතිවුද කැමතිවුද ස්ත්‍රිය ගෙන් දර්ශනය ස්පර්ෂය සම්භාෂණය සම්භෝගයයි යන මෙයින් එක්තරා ස්නෙතාෂ කාරණයක් ලැබද එසේ ලබන ලද ලාභය මනාවු ලාභයකැයි ප්‍රසංසා කරම්හ. තමා නොකමැතිවත් ස්ත්‍රිය කෙරෙන් ප්‍රිතියක් නොලැබීම නපුරු වන්නේය. එහෙයින් තොපගේ දර්ශනලාභාදී ඓශ්චර්ය විඳිමින් මෙහිම වාසය කෙරෙමි කීහ.

බෝධිසත්වයන් මෙලෙස කී කල්හිත් ප්‍රභාවතී මදකුත් පසුනොබැස තදකොටම කියා මොහු පලවමි සිතා මඳකුත් සෙනහරතිවශයෙන් නොකැමැත්තාවුත් මා කෙරෙහි පිළිබඳ සිතින් කැමතිව යන්නාවු තොපි පිපාසාවෙන් පිඩිතව බොළඳකමින් කිහිරි උලක් ඇරගෙන ගල්පොත්තක් කැණ පැන්හැර ගන්නා කැමැතියක්හුද ධර්මයෙන් පිඩිතව දැලක් බැඳ සුලන් රදවන්නක් හු හා සමානය යනාදින් තදපරුෂ බස් කියා දෙඩුහ.

එබස් අසා කුස රජ්ජුරුවෝ මනොඥවු අංගප්‍රත්‍යංගදී ස්ත්‍රිසෞභාග්‍යයෙන් යුක්තවු ප්‍රභාවතිනී අනෙක කොටි වාටු නාටක ස්ත්‍රීන් හා අනන්ත සාමන්තචක්‍ර මෞලිමාලලාලිත පාද පීඨ ඇති රාජ්‍ය ශ්‍රීද හැර පෙර තොප කෙරෙහි බැඳුනු සිතින් නොරටට පැමිණ දුක්විඳිමින් තොප හා සමග ප්‍රෙමාන්විතවූ කථා සම්භාෂණ මාත්‍රයකුත් නොලද්දාවු මම භවභාව ලීලාකටාක්‍ෂ නිරීක්‍ෂණ මන්දස්මිත මධු මධුරභාෂිතාදී සෞභාග්‍යයෙන් යුක්ත කෞමලාංග ඇති තොපගේ ලය ගලකින් කරණලදැයි සිතමි. තවද ප්‍රභාවතීනි තොප යම් පමණ කලක් කොපයෙන් රුෂ්ටව බලන්නිද ඒතාක් මදු රජ්ජුරුවන්ගේ මේ භවනයෙහි දුක්විඳිමින් අරක්කැමිව වාසය කෙරෙමි යම් කලෙක්හි සිනාපහළ කර සනිද්ධවු නිරීක්ෂණයෙන් සතුටුව බලන්නෙහිද එකල චිත්තසන්තාපයෙන් දුරු කොට රාජ්‍යශ්‍රියට පැමිණියාක් මෙන් වෙමි එහෙයින් සොඳූර මෙතැන් පටන් මෙබඳූවුතද බදකම් නොකරව යනාදීන් යාච්ඥව කිවාහුය.
එබස් අසා ප්‍රභාවතී තොම මෙතෙම වඳූරුවලාවෙහි බැඳූනු වානරයක්හු පරිද්දෙන් මා කෙරේ ඉතා ශක්තව කියන්නේය. උපදෙසකින් බොරුවක් කියා මෙයින් නික්මවමි සිතා මහරජ කුසරජ්ජුරුවන් වහන්සේ මට ස්වාමි වනසේක්ද නොවනසේක්දැයි නිමිත්ත විචාලතෙන ඒ නිමිත්ත පාඨකයෝ නුඹ වහන්සේ සත් කඩක් කොට කැපුවත් උන් වහන්සේට අග මෙහෙසුන් වන්නේ නැතැයි තරයේම කිවුය එහෙයින් නොයෙක් කාරණයෙන් නොකමැතිවූ මා නිසා දුක් නොවිද නුඹ වහන්සේගේ රටටම පලාගිය මැනවැයි කිවුය. ඒ අසා කුස රජ්ජුරුවෝත් ඔවුන්ට කී බස් පත්‍යුන්තරයෙන් පසු බස්වමින් සොඳුර මා විසිනුත් නිමිත්ත විචාලතැන මාගේ රට නිමිත්ත පාඨකයෝ තොපවිනා උන්ට වල්ලභ කෙණෙක් නැත්තාහයි කරයේම කිවුය. එකී නිමිත්තයෙනුත් මා දුටු කාරණයෙනුත් මා විනා තොපට අනික් වල්ලභකෙනෙක් නැත. ඒ කාරණයෙන් තොපගේ තදමින් හැරපියවයි කීහ.

ප්‍රභාවතී කුස රජ්ජුරුවන්ගේ බස් අසා කවර ලෙසකිනුත් මුන් ලජ්ජා වට පමුණුවාගෙත නොහැක්කේය යේවා නොයේවා මුගෙනුත් මට කම් කිම්ද සිතා දොර අගුළු ලාගත්තුය. එකල බෝධිසත්වයෝ වලන්කද කරතබාගෙන පලාගියාහුය.

එතැන් පටන් දැකුමුත් නැතුව අරක්කැම් කම් කරමින් දුඹුලු විසූ සිල් බත් කමින් බත් නිවන ඔරුව පිට සයනයකෙරෙමින් දර පලමින් පැන් ගෙනෙමින් වලන් සෝදමින් උදෑසන කැඳ අවුළු දාවල බත් මාළු අවුළු පිසගෙන ගොස් කවමින් පොවමින් මධුරනන පාන වස්ත්‍රාභරණාදියක් නැතිව කාම තෘෂ්ණානුරාගයෙන් බැඳි බොහෝ දුක් විඳිමින් එක් දවසක් මුළුතැන්ගෙයි මිදුලෙන් යන්නාවු කුද දැක කැඳවා ප්‍රභාවතී කෙරෙහි භයින් නොඇසුකන්ට යුහුවව යන සඳහා ගොස් ඈ රඳවා කුද තොයිත් තිගේ සාමිදුවමෙන් තදව ගියෙහිය මෙතෙක් දවස් මුළුල්ලෙහි තොප හැම සමීපයෙහි වැසුව දුක් විචාරිම් විවරකුත් නොලදුම්හ. සෙසු ලාභයෙක් කැළමවේද එතකුදුඋවත් ප්‍රභාවතින්ගේ තද මන් අරවා දක්වා ලියාඑව්දැයි විචාළිය. ඒ අසා කුදිත් යහපතැයි කිව එකල බෝධිසත්වයෝ සතුටුව ඉදින් ඇත්සොඬක්මෙන් ක්‍රමොන්නතව මට සිළුටුවු ඌරු යුගළයක් ඇති ප්‍රභාවතී තොම තොපසමවයෙන් ප්‍රේමදෘෂ්ටියෙන් මා බැලුනම් වේවයි මහා සන්තෝෂයෙන් යුක්තව ප්‍රියකථාවක් කළා නම් වේවයි නොයෙක් සෙනෙහයෙන් මන්දස්මිතයන් පවත්වා මා සෙවාපු නම් වේවයි තවද මා දැක සතුටුව මාහසිනායේ යුත්තව බැලුම් නම් වේවයි ඉඳින් තරුණාකීර්සමින් ප්‍රවිකසිත සරසිරුහ සොඳර සමාදු කොමලාපාණි පල්ලවයෙන් මාගේ ශරීරය ස්පර්ෂ කළා නම් සැපසේ මාගේ කුශවතී නුවරට ගොස් වන් දවස්ම මෙතිගේ කුද හැරයන පරිද්දෙන් හාරා කෙයුර කනක කටක නුපුරරයානා තැලි මුදු ආදී සර්වාභරණයෙන් තී සාරහා ලමි තොපි ප්‍රභාවතීන්ට කාරණා කියා මාගේ වසයට පමුණුවාලවයි කීහ.

කුදුත් බෝධිසත්වයන්ගේ බස් අසා දේවයන් වහන්ස නුඹ වහන්සේ සැකයක් නොසිතුව මැනව කීප දවසකින් උන් නුඹ වහන්සේගේ වයසට පමුණුවා මාගේ සමාර්ථය දක්වාලමයි බෝධිසත්වයන්ට කියා තමා ගිය කාර්ය සමෘද්දිකොටගෙන ප්‍රභාවතීන් කරාගොස් උන්ගේ ගෙය කසල අරින්නියක මෙන් යටත්පිරිසෙයින් ගසාලන්ට නිසි කැටක් විචරකුත් ගෙයි නොතිබා වහන් පටන් සියල්ලම දොරලා ගෙය හැමදා කසළ දමා දොරට පිටලා එලිපත් පඩියගාවා උස් පුටුවක්ලා ඊට මිටිව ප්‍රභාවතීන්ට අස්නක් පනවා දියණියෙනි මොසේ අවමැනව ඉස බලම්හයි ප්‍රභාවතී මිටි අස්න පුටුවෙක ඉඳුවාගෙන තොමෝ උස්පුටුවෙක තමාගේ දනදෙකින් උන්ගේ ඉස වහල්කොටගෙන මදක් ඉසනියගා අනේ මුන්ගේ ඉස උකුණෝ බෝහෝව ගියේයයි කියමින් තමාගේ ඉසින් උකුණන් හැරගෙන ප්‍රභාවතීන්ගේ අත්ලෙහිලා තොපගේ ඉස උකුනන්ගේ විචර බලවයි යනාදීන් නොයෙක් කථාකොට බෝධිසත්වයන්ගේ ගුණ කියමින් මේ ප්‍රභාවතී තොමෝ කුස රජ්ජුරුවන්ගේ නුවර වසන සමයෙහි එකුශරජ්ජුරුවන් වහන්සේගෙන් අන්නපාන වස්ත්‍ර භරණ ගෙන්ධමාලා තාම්බුලාදී කිසි සත්කාරයකුත් මුන් නොලදැයි සිතමි කාරණා කිමයත් ස්ත්‍රීහු නම් එකද වසකුත් ආකායෙහි වැතිර ඔත් ස්වාමිපුත්‍රයාගේ සිත් නොකලකිරුවතී මේ කුස රජ්ජුරුවන් වනාහි අරක්කැමිව තොප නිසා රාජ්ජ්‍යශ්‍රිය හැර අවුත් බැලමෙහෙකොට දුක් විඳිමින් සිටියදීත් සුවදුක් විචාරීමකුත් නොකරව ඉදින් උන් වහන්සේ කෙරෙහි සෙනෙහස නැතත් මුළු දඹදිවට අග්‍රරාජන්වු මේ කුස රජ්ජුරුවන් වහනසේ මා නියාම දුක්ගන්නාසේකැයි දැන උන් වහන්සේට කිසි සත්කාරයක් කරන්ට උවමැනවැයි කිව.

එබස් අසා ප්‍රභාවතී කිපි සඳ කුදත් නැගී සිට ප්‍රභාවතීන් කරටිය අල්වා ඇතුළුගෙට දමා තොමෝ පිටත්ව දොරවසා දොර අදිනාලනුව ඇද අල්වාගෙන පින්මද නොකිකරු කෙනත්තිය තිගේ රුව කාට කුමක් කෙරේද අපි තොපගේ රූපයෙන් කා බී රැකෙන දෙයෙක් ඇද්ද යනාදීන් දොඩා බෝධිසත්වයන්ගේ ගුණ වර්ණනා කෙරෙමින් තෙල ප්‍රභාවතිය ආරොග පරිහානයෙන් යුක්තවු සිද්ධංගණා ප්‍රතිභාගවූ විශිෂ්ටවූ රූ ඇත්තෙමියි තිගේ රූප සෞන්දර්ය හා ඒ රාජාධි රාජවු කුස රාජෝත්තමයන් හා සම්මානකොට නොසිතව කුස රජ්ජුරුවන් වහන්සේ අපරිමිත බලවානන්ද මහානුභාවද මුක්තාමාණික්‍ය සංඛසීලාප්‍රවාල කනක රජතාදී මහාධන ඇතිසේක තිමද ගලිත හස්තිරාජයකු පරිද්දෙන් කිසිවක්හු විසින් වැලකිය නොහැකි කායබල ඇතිසේක අන්නපාණ වස්ත්‍රාභරණ ග්‍රාමක්‍ෂේත්‍රාදී සියළු උපභෝග පරිභෝග වස්තුවෙන් සමෘද්ධවූ කාශිකොශලාදීවු බොහෝ රාජ්ජ්‍යයට අධිපති සේක.
සකලජන්න නමැති මත්තහස්තීන් මධ්‍යයටවන් සිංහරාජයෙකු පරිද්දෙන් අභිත සිංහනාද ඇතිසේක කුරටිකෙවිල්ලන්ට බදුවූලීලොපෙත ගීතස්වර ඇති සේක. ගම්භිරෝධාර මධුරශ්‍රවණ්‍ය කමණයෙ ප්‍රථ්‍යණය්‍ය මධුරස්වර ඇතිසේක. සවයමහගුඥානයෙන් ප්‍රතිවෙධ කරණ ලද අක්‍ෂර ලිඛිත ගණිත ගාන්ධාර්වාද අෂ්ටාදශ විiස්ථානාදී අනෙක ශත ප්‍රභේද භින්න ශිල්පයෙන් ඇතිසේක උභය කුල පරිශුද්ධ අනන්‍ය සාධාරන සුභගුණ මණිගණ්කීර්ණ ඉක්ෂවාකුවංශ සම්භුතවු ක-ස රජ්ජුරුවන් වහන්සේගේ ඇති ගුණ සලකා තොපගේ රූ ඇත්තෙමි යන තද මන් හැර උන් වහන්සේ කෙරෙහි සිනි දස පතුරුවාලවයි යනාදීන් බෝධිසත්වයන්ගේ නොයෙක් ගුණ කියා අවවාද කළාය.

ඉන්බිති එබස් අසා ප්‍රභාවතී තොමෝ කෝපයෙන් දිළිහි කුදතෝතිගේ පමණ නෙිදැන ගර්ංනා කරන්නෙහිය අතට පැමිණියාවී නම් ස්වාමි දරුවන් ඇතිනියාව අඳුන්වාලමි යනාදීන් කියා කුද භයගැන්වුව එසඳ කුදුත් එඔල තී රක්නා නියා මෙතෙක් දවස් මුළුල්ලේ තුසරජ්ජුරුවන් මෙනුවරට ආනියාව තොපගේ පියාණණ්වහන්සේ ට නොකීිමි උන්නාට අද දවස් රජ්ජුරුවන් වහන්සේට නියා තීටනිහඬ කියවන්නෙම් වේදැයි මහත් කොට උක් භයගැන්වුව ප්‍රභාවතී එසඳ භයින් වෙව්ලා මෑණියනි එසේ නොනියව මැනවයි නියා අස්වැසුව.

මහාබෝධිසත්වයෝද ප්‍රභාවතීගේ දැකමුත් නොලබදු බොහාජන දුක්ඛ සෙය්‍යාදීන් සත්මසක් මුළුල්ලෙහි දුක්විඳත් මෑගේ දැකුම් විවරත් නොලබම් ඉතා තදපරුෂ ගත් හැඟිවු මෑගෙන් මට ප්‍රයෝජන කිම්ද මාගේ රටට ගොස් මව් පිය දෙදෙනා දැක වාසය කරම්යි සිතුහ.

එසඳ මනුෂ්‍යලොකය බැලු ශක්‍රදේවේන්ද්‍රයෝ කුස රජ්ජුරුවන් සත් මසක් මුළුල්ලෙහි දුක්විඳත් ප්‍රභාවතීන් දැක්ක නොහි උකටලීවු නියාව දැක ඈ ලැබෙන්ට කිසි කාරණයක් කෙරෙමි සිතා මදු රජ්ජුරුවන්ගෙන් ගිය දුතයන් බඳූ කොට ප්‍රභාවතී තොම කුස රජ්ජුරුවන් හැරගොස් පියා පලාඅවුය වහා අවුත් උන් කැඳවාගෙන යවයි සත් රජ්ජුරුකෙනෙකුන්ට වෙන වෙනම පත් අසුන් ඇතිව දුතයන් යවුහ. ඔවුන් දැක රජ්ජුරුවෝ සතුටුව වෙන වෙනම සිය සෙනඟ පිරිවරා සාගල නුවරට අවුත් වටලාගෙන උනුන් දැක තොපි කුමක් නිසා අවුද තොපි කුමක් නිසා අවුදැයි ඔවුනොවුන් විචාරා ප්‍රභාවතීන් නිසා මදු රජ්ජුරුවන් විසින් කැඳවා යවුනොවුන් විචාරා ප්‍රභාවතීන් නිසා මදු රජ්ජුරුවන් විසින් කැඳවා යවුහෙයින් ආම්හයි යනු අසා මෙතෙම තමාගේ එක දුව අප සත්දෙනාටම දේල මුගේ නොකටයුත්තක් බලව අප වෙහෙසුයේයයි දණ්ඩගත විෂඝෝර සර්පයන් පරිද්දෙන් කිපි වෙන වෙනම අපට ප්‍රභාවතීන් හෝ දෙව යුද්ධ හෝ කරවයි පත් අසුන් යවුහ.

ඒ අසා මදුර්ජ්ජුරුවෝ බලවත් භයපත්ව අමාත්‍යයන් කැඳවා කුමක් කරමෝදැයි විචාළාහ. එකල අමාත්‍යයෝ දේවයන් වහන්ස මේ රජ දරුවෝ සත්දෙනා ප්‍රභාවතීන් නියාම අවුය ඉදින් නුදුනහොත් පවුරු පදනම් වාසල් බිඳගෙන නුවරට වැදගෙන ජිවිතක්ෂයට පමුණුවා රාජ්ජය හැරගනුම්හයි කියා සේනාව සන්නද්ධ කොට ගෙන යුද්ධාභිමුඛව සිටිනාග වඳින්නාට පළමුකොට ප්‍රභාවතින් යවම්හයි කිවාහුය.

එබස් අසා රජ්ජුරුවෝ එක් කෙනෙකුන්ට ප්‍රභාවතී පාවාදීනුමෝ නම් තෙස්සෝ යුද්ධ කරන්නාහ. එහෙයින් එක් කෙනකුන්ට දී සන් හිඳිවිය නොහැක්ක මුළු දඹදිව අග්‍රරාජන්ව සිටි කුස රජ්ජුරුවන් හැරපියා ආගමණට විපාක දක්වමි මෑ සත්කඩක් කොට කපා රජදරුවන් සත්දෙනාට දී පියා ගැලවෙම් වයි කිවුය.

එලෙස රජ්ජුරුවන් කී බස් රාජාගණය මුළුල්ලෙහි ප්‍රකාශව ගියේය. එපවත් ඇසු පරිවාර ස්ත්‍රීහු ගොස් ප්‍රභාවතීන්ට කීහ එබස් අසා ප්‍රභාවතී මරණ භයින් පෙරළි හඬමින් උනස්නෙන් නැගී ජා මඛනද ශවර්ණයට බඳුවු රන්වන් පැහැ ඇති රන් කමින් විසිතුරු වස්ත්‍ර ධාරීව නගුන් හා පරිවාර ස්ත්‍රීන් විසින් පිරිවරණ ලදුව මෑණියන්ගේ ගෙට ගොස් නමස්කාර කොට අඬ අඬා සිටි මෑණියන් වහන්ස මාගේ සඳුන් තුවරලා කසතුරු කපුරු ආදි සුවඳ සුන්නෙන්උලා ඔප් නගන ලද ප්‍රියකරුවු මනා ඇස් සඟලක් ඇති නිර්මලවූ කිසි කෑලලක් නැති පෙම්බර වු දළ කඩමිටු ඇති කැඩපතින් බල බලා සරහන ලද මාගේ මේ මුඛ බිම්බය මේසත් රජ්ජුරුවන් විසින් දමන ලදුව වලාතිබෙන්නේවේද?.

තවද මෑණියන් වහන්ස බමරවැල සලාමෙන් අක්බඹුරු සිනිදු මොලොක් දික්වු සඳුන් සාංදුජබාදු ආදීවු සුවඳ ගන්වන ලද මේ මාගේ කෙස් වැටිය අමුසොහොන්හි දමන ලදුව උකුස්සෝ ගිජුලිහිණි ආදී පක්‍ෂි සමූහයෝ නියයන් වහන්ස මාගේ සඳූන් තුවරලා කස්තුරු කපුරු ආදී සුවඳ සුන්නෙන් උලා ඔප්නගන ලද ප්‍රියකරුවූ මනා ඇස් සඟලක් ඇති නිර්මල වූ කිසි කැලලක් නැති පෙම්බරවු දළකඩමිටු ඇති කැඩපත් බල බලා සරහන ලද මාගේ මේ මුඛ බිම්බම මේ සත් රජ්ජුරුවන් විසින් දමන ලදුව වලාතිබෙන්නේ වේද.

තවද මෑණියන් වහන්ස බමර වැලසලාමෙන් අක්බඹරු සිනිදු මොලොක් දික්වු සඳුන් සාංද්‍ර ජබාදු ආදීවු සුවඳ ගන්වනලද මේ මාගේ කෙස් වැටිය අමු සොහොන්හි දමන ලදුව උකුස්සෝ ගිජුලිහිණි ආදී පක්‍ෂි සමූහයෝ නියපසුරෙන් බදාගෙන ආකුල වෑකුලකොට ඈත මෑත අදින්නෝවේද,

තවද මෑණියන් වහන්ස පබළුදළු මෙන් රත්වු නිය ඇති සාවුන් බට ලොම්ලොස් මෘදු කෝමල තුනුලොවින් ගැවසී ගත් රත් සඳුන් වන ලද මනෝඥවූ මාගේ හස්ත යුගලය මෙරජුන් විසින් කපාදමන ලදුව කොක්නාවුන් ඒකාන්තයෙන් ඩෑහැගෙන යන්නෝ වේද.

තවද මෑණියන් වහන්ස මාගේ මේ සවර්ණකාලඵලයට බඳුවු උපමා ඇති මුඛ පද්මයෙහි ලොල්ව උඩබලා උන් සවර්ණ චක්‍රවාත යුගලමෙන් නුහුනුවාවු වටමටවු සඳුන් කොකුමගරා මුතුහරින් හොබනාවු මෙමා තනයුගලය කපා වල දමන ලද කල්හි මෑණියන්ගේ තනයේ එළුනු බාල දරුවන් පරිද්දෙන් කැනහිල්ලු එලෙන්නාහු වේද.

තවද මැණියන් වහන්ස මෙමාගේ රන් පොරුවක් මෙන් පලල්වු කලාහඹමෙලව මනොඥකොට කරණ ලද රන් රසුදලින් යුක්තවු මෙවුල්දමින් සශ්‍රිකවු කටිප්‍රදේශය මේ රජුන් විසින් කපා වලදමන ලදුව කොක්නහඩු ඩැහැගෙන කැමති තෙනකට ගෙනගොස් කන්නේ වේද.

තවද මැණියන් වහන්ස බල්ලෝය. කොක්නහවුය, කැණහිල්ලුය. යනාදිවු දළ ඇති සත්වකෙනෙක් ඇත්නම් ඒ සියලු සත්වයෝ ප්‍රභාවතීන්ගේ ශරීරමාංස නැමති රසායනය අනුභවකොට ඒකාන්තයෙන් අජරාමර වෙති සිතමි.

තවද මෑණියන් වහන්ස මේ එක්වු රජදරුවෝ සෙනෙහයෙන් ඉඳින් මාගේ ශරීර මාංශය ලියාගෙන ගියාහු නමුත් ඔවුන්ට යාඥව කියාත් ඇට හැරගෙන දෙමං අතුරෙක්හි දමාපුව මැනව. තවද මැණියන් වහන්ස ඒ සොහොන් බිම මල්වතු කරවා එහි උඳූ කිණිහිරි ගස් මෑ ඇතිකරවා හිමකාලයාගේ කෙළවර මැදින්මය පිපී වැනි ගිය මල් ගෙන්වාගෙන රන්සුමුහක් පුරා ඹරපිට තබාගෙන මාගේ දියණියන් ප්‍රභාවතීන්ගේ ඡවිවර්ණය මෙබදූයයි බල බලා මා සිහිකළ මැනවැයි යනාදීන් බලපාමින් මෑණියන්ගේ සමීපයේම හිඳ ඇඬුය.

එසඳ මදුරජ්ජුරුවන්ගේ නියෝගයෙන් වධකයා තමාගේ පොරවත් කොළඹුවත් ඇරගෙණ රජගෙට ආයේය. ඒ වධකයා ආබව රාජංගණයෙහි ප්‍රකාශවිය. ඒ අසා ප්‍රභාවතීගේ මෑණියෝ රජ්ජුරුවන් කරා අඬ අඬා ගොස් පොරව හා කොළඹුව දැක දේවයන් වහන්ස මනාව හැදුනු සිඟුවලහ ඇති මාගේ දියණියන් මේ පොරොවෙන් කපා බෙදා මේ සත් රජ්ජුරුවන්ට දෙවනසේක්කැදැයි විචාළාහ.

ඉක්බිති රජ්ජුරුවෝ බිසවුන් ගිවිස්වමින් දේවිනි ප්‍රභාවතීන් කපා නොදි අනික් කුමක් කරවුද තොපගේ දියනියො ් සියළු දඹදිවට අග්‍ර රජ්ජුරුවන් විරූපයයි හැරපියා ගිය මහළු මපියානෝම කෙතෙක් මරණය නලල තිබාගෙන අවුය දැන් තමාගේ රූ නිසා කරණ ලද ඊෂි්‍යාවෙහි විපාක ලබන්නී වේදැයි කීහ.

එබස් අසා බිසෝ දියණියන් ලඟට ගොස් අඬමින් වලපමින් දියණියෙනි තොපට අමනාපයක් සිතිනුත් නොසිතන්නාවු මාගේ බස් නොගිවිස තොප දැන් ලේ පෙරා පෙරා සත්කඩක්කොට කපා මේ රජදරුවන්ට දෙන ලදුව යම්පුරයට යන්නී වේද.

තවද මේ ලෝකයෙහි යම් සත්වයෙක් වැඩෙහි හැසිරෙන හිතේසින්ගේ කිම නොකරන්නේද එතෙම මෙබදූවු දුක් කම්කටළු නොයෙක් අනය ව්‍යසනයටද පැමිණෙන්නේය. තවද රන්කාමින් නුදුල මාණික්‍ය මෙඛලාදාමයෙන් විරාජමානවූ ප්‍රභාතීනි ඉඳින් තමා තොප හෙයින් පස්සේ නොගොස් උභයකුල පරිශුද්ධ අසම්භින්න සූර්ය වංශප්‍රසූත ගෙරවය වික්‍රාන්ත සමන්විත කුශ රජ්ජුරුවන් හා එක්ව තොප හා සමාන රූපශ්‍රින් ඇති දැකුම්කටයුතුවු කුමාර කෙනෙක් ලදහොත් අප ඇම ඇතුළුවූ බොහෝ ඤාතිවර්ගයා විසින් සත්කාර සම්භාවනා කරණලදුව සියළු දුක් දුරුකොට බොහෝ කාලයක් සැපසේ වාසය කරන්නී වේද?.

තවද මාගේ සොඳුරු වූ දියණියෙනි යම් කුශ රජකුගේ මණි කණක රජතාදීවු විචිත්‍රවූ කර්මාන්තයෙන් යුක්ත රාජභවනයෙහි සවර්ණාභරණයෙන් සැරහුනාවූ දිව්‍යාංගනා ප්‍රතිභාග පුරාංගනාවන් විසින් වයන ලද පඤචාංගික තුර්යනාද අනවරතයෙන් පවතීද මනාවු ලක්‍ෂණාන්විත මංගල හස්තීහු ප්‍රධාන කොට ඇති කෛලාසකුට ප්‍රතිභාග අනෙක ශත මත්ත හස්තීහු නාද කෙරෙද්ද.

තවද ප්‍රභාවතිනී රාජාංගනයෙහි උiානමනාවු ලක්ෂණයන් ඇති මංගල අශ්වරාජයා ප්‍රධානවූ ක්‍ෂිර සාගරයෙහි තරංග පරම්පරාවෙන් විරාජ මානවු නොයෙක් දහස් ගණන් අශ්වයෝ කුල්මතින් හේෂාරව පවත්නාහුද.

තවද යම් කුශාවතී රාජධානියෙක්හි ඒ ස්ථානයෙහි ස්වර්ණාභරණ විභූෂිත සිද්ධ විද්‍යාධරයන් වැනි නළු නාටක සමූහයෝ නොයෙක් ප්‍රභේද ඇති තුර්යභාණ්ඩියන්ගෙන හැමවෙලෙහිම සුඛිතමුදිතව සේවය කෙරෙද්ද.

තවද ප්‍රභාවතිනි කුශ රජ්ජුරුවන්ගේ යම් ගෘහොපමාන විජ්ජුලතා සශ්‍රිකව විරාජමානවු ස්වර්ණමයුර රාජයන් විසින් මිහිඟු බෙරහඬින් මත්ව පවත්වන ලද කොකානාදයෝද කොස්ලිහිණියන් විසින් පවත්වන ලද අනුරාගයෙන් භරිතවේද එබඳූවු ශ්‍රී සෞභාග්‍යය හා ඓශ්ර්යය හා විශේෂය ඇති ඒ කුශාවති රාජධානියෙහි ඉසුරු හැර ඊට වඩා කවර සැපයෙක් කොයි ඇති හෙයින් මිට අවුද යනාදීන් ප්‍රභාවතීන්ට අවවාද වශයෙන් කුශාවතීයෙහි විභුතිය වර්ණනාකොට ඉදින් ඒ කුශ රජ්ජුරුවෝ අද මෙතෙන වී නම් මේ සත් රජ දරුවන් මරා ලුහුබඳවා මාගේ දියණියන්ට පැමිණි මේ දුක් දුරුකොට කැඳවා ගෙන යන්නෝ කපුටු රැළක් කැටක් ගසා පලවා ලන්නාක්මෙන් තමන්ගේ වචන මාත්‍රයකින්ම සකල ශතෑමදිනය කරන්නාවු ඉදින් සිතුව හොත් එක් සියක් රාජධානිනුත් හැරගන්ට නිසිවු සමර්ථ ඇති විශිෂ්ඨවූ ප්‍රඥානුභාව ඇති ඒ කුශ රජ්ජුරුවෝ අද මෙනුවර වූනම් අප හැමට පැමිණ මේ දිකින් ගලවා යන්නාහුයයි යනාදීන් කුශ රජ්ජුරුවන්ගේ බොහේ ගුණ කථනය කළාහුය.

එකල්හි ප්‍රභාවතී තොමෝ කුශරජ්ජුරුවන්ගේ ගුණ කියන්නාවු මාගේ මැණියන් වහන්සේගේ මුඛ නොසෑහෙන්නේය. එහෙයින් උන් වහන්සේ අරක්කැමි කම්කොට මේ ගම වසන බව මැණියන් වහන්සේට කියම්යි සිතා මැණියන් වහන්ස අන්‍ය සාධාරණ ගුණ ගර්ණාහරණ විභූෂිත ශෞරවීය බල පරාක්‍රම ප්‍රතාප ප්‍රඥාගුණ ඇති මේ සතුරන් නසා අපහැම රකින්ට නිසිවු කුශ රජ්ජුරුවන් වහන්සේ අපට ආළාරිකව මෙතනම වාසය කරණසේක. උන් වහන්සේ කැඳවම්දැයි විචාළාය.

ඉක්බිති ප්‍රභාවතිනි මරණභයින් පිඩිතව නන්දොඩවුද අඥානයෙන් මුඪවු ප්‍රලාප දොඩවුද බොලඳකමින් කියමිනා දෙයතබා අනිකක් කියවුද තොප මේ කියන්නේ කිම්ද ඒ කුශ රජ්ජුරුවෝ ඉදින් මේ නුවරට අටුනම් අපට නොදැනෙන්ට කාරණා කිම්ද ඉදින් එත්නම් අපට කියා එවා තමන්ගේ සෙනාවාහනයන් පිරිවරා නේත්ද මෑගේ කුමන නන් දෙඩිමක්ද යනාදීන් දෙඩුය.

එසඳ ප්‍රභාවතී මෑණියන් වහන්සේ කුමක්කීවත් අදහානොගන්නා සේක. ප්‍රත්‍යක්‍ෂයෙන් දක්වාලා කියමි සිතා මැණියන්ගේ අත අත්ලාගෙන මතුමාලතලයට නැගීගොස් සීමැදුරු කවුළුව හැර පිටත බලා වලන් සොධමින් සිටි බෝධිසත්වයන් දිසාවට අත දිගු කොට මෑණියන් වහන්ස තෙලෙ කුමාරිකාවරුන්ගේ අන්තඃපුර ආසන්නයෙහි මුළුතැන්ගෙයි මිදුලෙහි තරයේ කැසපටගන්වා අරක්කැමි වේශයෙන් නැඹුරුව සිට වලන් සොධනයෙක් කුශ රජ්ජුරුවන් වහන්සේයයි දැන්වුය.

එකල බෝධිසත්වයෝ ප්‍රභාවතීන් නිසා සත් රජ්ජුරුකෙනෙක් මෙනුවර වටලාගත්තායයි අසා අද දවස් මාගේ මනොරථය මුදුන් පැමිණෙන්නේයයි මාගේ මේ ගමට ආ නියාව අද දවස් ප්‍රභාවතී දෙමව්පියන්ට කියන්නීය. ඒ අසා මා ගෙන්වාගෙන උන් මට පාවාදෙති, එකල මා ගත් දුක් සාර්ථවන්නේයයි වලන් සෝධා තැන්පත්කොට තබමි සිතා පැන් ගෙනවුත් වලන් සෝධන්ට පටන්ගත්හ. එසඳ වලන් සෝධමින් සිටි රජ්ජුරුවන් දැක දියනියන්ට උරණව කොල තෝ චණ්ඩාල එකක්ද අවශෙෂ හීනජාතියෙහි එකක්ද නොහොත් මෙබදු රාජවංශ නසත්මයයි උපන් එකක්ද මුදු රජකුලයෙහි උපන් තෝ සකල රාජ මෞලිමාණික්‍යකාන්තීන් බබලනලද පාදපීඨ ඇති තොපගේ වල්ලභවු කුශ රජ්හු දාස ක්‍රියා කරව්දැයි පරිභව බණුහ. ඉක්බිති ප්‍රභාවතීතොමෙ මාගේ මෑණියන් වහන්සේ මා නිසා මේ කුශ රජ්ජුරුවන් වහන්සේ අවුත් මෙනුවර වසන බව නොදන්නාසේක්වනැයි සිතා මැණියන් වහන්ස මම චණ්ඩාල ස්ත්‍රියකුත් නොවෙමි, තෙසු භිනජාති එකකුත් නොවෙමි, නුඹ වහන්සේගේ රාජ වංශය නසන එකකුත් නොවෙමි, මේ ඉක්‍ෂවාකුරජවංශයට නගන ලද කෙතුවක් වැනි රජ්ජුරුවන් වහන්සේයයි දනිමි ඉදින් නුඹ වහන්සේ දාස කෙනෙකුනැයි නොසිතමි කියා බෝධිසත්වයන්ගේ ඓශ්චර්ය වර්ණනා කරන්නාවු ප්‍රභාවති තොමෝ මෑණියන් වහන්ස මේ කුශ රජ්ජුරුවන් වහන්සේ ත්‍රිවිධ වෙද පාරප්‍රාප්ත සදාචාර නිරතවු විසි දහසක් පමණ බ්‍රාහ්මණයන් මාලිගා යෙහි මධුරාන්නපාණයෙන් සන්තර්පණය කරවන සේක්ද.

තවද රන්පොරෝදු සන්නාහයෙන් සාදන ලද කනගිරි සිඛර සුන්දරවූ ත්‍රිමද ගලිත වූ විසි දහසක් පමණ හස්තීහු සන්තයෙන් සැරහී සිටිද්ද යම් රජ්ජුරුවන් වහන්සේගේ ප්‍රචණ්ඩමාරුතයෙන් මෙහෙයවන ලද ශරත්කාලයෙහි මෙඝකුට නිකර සුන්දර වූ මනෝඥ ලක්ෂණාන්විත රාජවාහන යෝග්‍යවු නොයෙක් අශ්වාලංකාරයෙන් සරහන ලද විසි දහසක් පමණ අශ්වයෝ හැම වෙලෙහිම සන්නද්ධව සිටිද්ද.

තවද යම් රජ්ජුරුවන් ගේ සුරලොකවතීර්ණ සුන්දර විමාණයක් මෙන් සොභමාන වු නගන ලද ධවලාත්‍රපත්‍රයෙන් විරාජ මාන වු සරහන ලද සිංහාසනයෙන් සශ්‍රික වූ සුරසුන්දරී සමාන පුරසුන්දරීන් විසින් සලසන ලද චාරුචාමර නිකාරා කීර්ණ වු සියළු රථාලංකාරයෙන් විචිත්‍රකොට සරහණ ලද එලවන ලද මලෝලඹු මල්දම් රන්මිණි කිකිණිදැලින් සොභමානවු විසිදහසක් පමණ රථ නිරන්තරයෙන් සැදී සිටි.

තවද යම් රාජෝත්තමයක්හුගේ ධරණිතලාව තීර්ණනෙක වර්ණණා ඇති අභූකූට සහස්‍රයෙන් සෝභමානවු ඝනශජ්ජිනාකාර ව්‍රෂගර්ජනා ඇති නිසාන තැම්මට එකස් බෙරආදීන් සරහණ ලද පිටු ඇති විසි දහසක් පමණ ව්‍රෂභ රාජයෝ මතත්හස්තීන් මෙන් තප්ලා කුර ඇන සිටිද්ද.

තවද රක්ත නීල සෙවත කෘෂණාදී අනෙක වර්ණනා ජවලිත අනවරතයෙන් වැහෙන්නාවු ක්‍ෂිර ධාර සහස්‍රයෙන් සන්හිඳුවන ලද ශ්‍රි මේසන්තාපසයන් ඇති සක්තවු තුඩග තුරංග භංගාකර ඇති විසි දහසක් පමණ දෙනුන් සන්තයෙන් රජත ස්වර්ණමය භජනපුරා ක්‍ෂිර දොහණය කෙරෙද්ද යනාදීන් ප්‍රභාවතී කුශරජ්ජුරුවන්ගේ යශෝ විභූතිය ප්‍රසංශාකොට මෙබදූවු ඓශ්චර්යය ඇති රාජාධිරාජයා නුඹ වහන්සේම දස්කොට සිතන පමණ විනා මම එලෙස නොසිතම් යනාදීන් බෝධිසත්වයන්ගේ ගුණ කථනය කළාහුය.

එකල බිසෝ මෝ තොමෝම අසම්භිතව කියන්නියයි ඒකාන්තයෙන් අදහාගෙන මදුරජ්ජුරුවන් කරාගොස් එපවත් කිවුය. එබස් අසා රජ්ජුරුවෝ යුහුව ප්‍රභාවතීන් කරාගොස් දියනියෙනි කුශ රජ්ජුරුවන් මෙනුවරට ආයේ සැබෑදැයි විචාළාහ. එසඳ ප්‍රභාවතීන් එසේය පියානන් වහන්ස උන් වහන්සේ මෙනුවරට අවුත් රාජ කුමාරවරුන්ට අරක්කැමි කම් කරන්නේ දැන් සත්මසෙකැයි කිවුය. ඒ අසා මදු රජ්ජුරුවෝ උන්ගේ බස් අදහානොගෙන කුද කැඳවා විචාරා නියම කොට දැන එඹල කෙල වෙස්වලා මුඩුවෙසින් පැමිණි විෂඝෝර සර්ප රාජයකු පරිද්දෙන් සකලභූවන සේඛරවූ විශිෂ්ට කායබල ඤාණබල ඇති ඒ කුශ රජ්ජුරුවන් වෙස්වලා තොප නිසා මිට අවුත් සත්මසක් මුළුලෙහි දුක් ගනිමින් සිටියදී අපට නොකියා කළද ඒකාන්තයෙන් වැරැද්දේය. යනාදීන් දියනියන්ට දොඩා වේගයෙන් ඉක්මන්ව බෝධිසත්වයන් කරාගොස් සුවදුක් විචාරා බද්ධාඡලීව සිට මහරජ්ජරුවන් වහන්ස සත් මසක් මුළුල්ලෙහි දුක් ගනිමින් සිටියදී නුඹ වහන්සේ වෙස් වලා අවුත් මෙගම සිටිබව නොදනුම්හ. ඒ අප නොදැන කළ අපරාධය ක්‍ෂමා කොර වදාළමැනවැයි යාච්ඥාකළහ.

එබස් අසා මහාබෝධිසත්වයෝ ඉඳින් මම තද කොට කිම්නම් මොහුගේ ලය පැලියන්නේය. එහෙයින් අස්වසා කියමි සිතා වලන් අස්සෙහි සිට දෙවයන් වහන්ස මෙබඳූවු මම සම්ප්‍රාප්තවූ රාජ්‍යශ්‍රිය හැර ප්‍රභාවතීන් කෙරෙහි බඩභිලාෂයෙන් වෙස්වලා අවුත් අරක්කැමි කම් කෙරෙමින් දුක්වුනිම්ද මා කළ ඒ අකර්තව්‍යයම අධිරාජයන්ව සිටි මා බඳූන්ට නුසුදුසු හෙයින් මගේම වැරදි විනා නුඹ වහන්සේගේ වැරැද්දෙක් නැත්තේය. එහෙයින් මේ මා කළදෙයට නුඹ වහන්සේම ක්‍ෂමා කොට වදාළ මැනවැයි කීහ.

එසඳ මදුරජ්ජුරුවෝ මහාබෝධිසත්වයන් විසින් ප්‍රියවචනයෙන් කියන ලද පිළිසඳර කථා ඇතිව සන්තෝෂ ප්‍රාප්තව ප්‍රාසාදයට ගොස් ප්‍රභාවතීන් කැඳවා නුවණනැති තැනැත්තිය මහබලපරාක්‍රම ඇති කුශ රජ්ජුරුවන් කරා ගොස් ක්‍ෂමා කරවා ගනුව ක්‍ෂමා කරවා ගනුවයි කීහ.

එසඳ ප්‍රභාවතී පිය රජ්ජුරුවන් ගේ බස් අසා නඟුන් හා පරිවාර ස්ත්‍රීන් විසින් පිරිවරා බෝධිසත්වයන් සිටි තෙනට ගියාය කුශ රජ්ජුරුවෝද මෙහෙ කරමින් සිටි ප්‍රභාවතීන් තමන් කරා එන නියාව දැන දැන් මම මෑගේ මන්බිඳ මාගේ පාපිට මඩෙහිම වැදහොවමි සිතා වලන්වල තිබූ පැන් බිමනමා කල විටක් පමන තැන් පාගා බෙරකොට බොරමඩෙයෙහි සිටියාහුය එකල ප්‍රභාවතී ගොස් බෝධිසත්වයන්ගේ පත්ලෙහි ඉස තබා මහපවනින් මුලින් උපුටා එලන ලද ස්වර්ණ තාලස්කන්ධයක් පරිද්දෙන් මඩෙහි වැතිර තමාගේ සුරකත පල්ලවාහි රාමවූ මෘදුකොමලපාණි යුගලයෙන් බෝධිසත්වයන්ගේ තරුණාරුඛ කිරණ සමපකර්කීයෙන් ප්‍රවිකිසිත වු සන්ධ්‍යරාග නිවිශේෂ ප්‍රභාභාසුර පාද පද්ම යුගලය අල්වාගෙන මරණ භයින් පිඩිතව මහ හඬින් හඬ හඬා දෙිවයන් වහන්ස මාගෙන් වෙන්ව නුඹ වහන්සේ විසින් රාජ්‍ය ශ්‍රි විභූතිය හැර අපමණ දුක්ඛයෙන් යම් පමණ කලක් ඉක්මවන ලද එපමණ කාලයක් මුළුල්ලෙහි මා විසිනුත් දුර්ජන දුක්ඛසෙය්‍යාදීන් හා ස්නානපාන රහිතවීමෙන් නුඹ වහන්සේ සේම දුකින්ම දවස් යවන ලද්දේය. එහෙයින් මට නොකිපී ක්‍ෂමා කොට වදාළ මැනව.

තවද මහරජ්ජුරුවන් වහන්ස මාගේ සත්‍යවචනයන් ඇසුව මැනව මම මෙතැන් පටන් දිවිහිමියෙන් කයින් වචසින් මනසින් අමනාපයක් නොසිතමි, නොකරමි ඉදින් මා මෙසේ යාච්ඥාවෙමින් සිටියදී මට ක්‍ෂමා නොකොට මාගේ බස් නොපිළිගත්සේක් වී නම් දැන් මපියානන් වහන්සේ මේසත් රජදරුවන්ට මා සත් කඩක්කොට කපා දෙන සේක. එහෙයින් මට ක්‍ෂමා කොට රැක්ක මැනවැයි යාච්ඤාකළහ.

කළ කුශ රජ්ජුරුවෝ ප්‍රභාවතීන්ගේ බස් අසා ඉදාන් සබඳ තෙපිම වෙද දන්නා ඒ මට ඇයිදැයි කීමනම් මුන්ගේ ලයපැලී යන්නේය.එහෙයික් මුන් අස් වසා කියමියි සිතා ප්‍රභාවතීනි තොප මෙලෙස යාච්ඤාවෙමින් සිටියදී කුමක් නිසා තොප කීවා කෙරෙම්ද තොප කෙරෙහි මාගේ මදකුත් කොපයෙක් කනස්සල්ලෙක් නැත්තේය. තවද තෙපි කිසිවකටත් නොබව තවද කලණ ගුණයෙන් ඇති රාජ්‍යපුත්‍රිය සත්‍යවචනයක් ඇති කියම් මමත් මෙතැන් පටන් කයින් වචසින් මනසින් අප්‍රියයක් නොකෙරෙමි මේ එක මදු රජකුලය තබා මෙබදු නොයෙක් සියගණන් රාජකුලයන් මදිනය කොට මා කැමති පරිද්දෙන් තොප ඇරගෙනයන්ට සමර්ථවුවත් මම තොප නිසා මාගේ රාජශ්‍රිය හැර හීනක්‍රියා කෙරෙමින් මෙතෙක්දවස් මුළුලෙලහි දුක් වින්දෙමි.
එබදූවු මා පෙනිසිටියදී තොපට කිසියම් භයකුත් නැත්තේයයි යනාදීන් ප්‍රභාවතීන් අස්වසා සියළු රජ පිරිවරින් පිරිවරණලදුව ක්‍ෂත්‍රිය මාන උපදවාගෙන මා ජිවත්ව සිටියදී මාගේ භාර්යාව අනිකෙක් ඇරගෙන යෙතැයි කෙශර සිංහ රාජයකුමෙන් පැලඹෙමින් මේ සියළු සාගල නුවර වාසීහු මා මෙතනට ආ බව දනිත්වයි ඈත මෑත පැනමින් අභිතනාද පවත්වමින් අත්පොලසන් දෙමෙින් දැන් දැන් ඒ කොල්ලන් ජිවග්ග්‍රාහයෙන් අල්වාගෙන එමි සියළු අන්තඃපුර වාසීන් අස්වසා තවද මණිකන්ක රජතාදී විචිත්‍ර චිත්‍ර කර්මාන්තයෙන් විරාජ මානවූ නික්මුනාවු විරාජමානවු රථයානාවෙක්හි නික්මුනාවු කිකරු සියළු අශ්වාලංකාරයෙන් සරහන ලද අශ්වයන් යොදව දැන් දක් ශත්‍රු මථනය කරන්නාවු මාගේ බල පරාක්‍රම සමාර්ථය බලව යනාදීන් අභීත නාද පවත්වමින් ශත්‍රුමථනය කිරීමට භාරය තොපි තොපගේ මාලිගාවෙට ගොස් ඉස්සෝධා නහා සැරහීගන වැදහිදූවයි ප්‍රභාවතීන් එතන නික්ම වූහ.
එකල මදු රජ්ජුරුවෝද කුශ රජ්ජුරුවන්ට පිරිස්සරහන පිණිස අමාත්‍යයන් යවුහ. එනියෝග ලද අමාත්‍යයෝ ගොස් මුළුතැන් ගෙයි මිදුලෙහි වටතිරයක් බැඳ එලවන ලද ඒ මගුල් කපුවා විසින් කරණ ලද දැලි රැවුළු අන්දම් තිබීම් ඇතිව ඉස්සෝධා නහා සියළු රාජාභරණයෙන් සැරහී ඇමති මඩුළු ආදී දශ මේ තැන් පිරිවරා මාලිගාවට යෙමින් අත්පොලසන් දෙමින් සියළු අන්තඃපුර සත්වයන් බල බලා සතුටුවන පරිද්දෙන් අභීතනාද පැවැත්වුහ.

එකල මදුරජ්ජුරුවෝ මනාව ඉක්මවන ලද රන්සැත් රන් පොරොදු රන්සන්නාහ කර්ණ චාමරාදී සියළු හස්ත්‍යාලංකාරයෙන් සහන ලද්දාවු නගනලද ධවලාත්පත්‍ර ඇති මගුලැත් සරහා බෝධිසත්වයන් නැගෙන පිණිස යවුහ. එකල කුශ රජ්ජුරුවෝ ඒ ඇතුපිටට පැන නැගී ප්‍රභාවතීන් පශ්චිම ආසනයෙහි හිඳුවාගෙණ චතුරංගිනි සේනාව විසින් පිරිවරණලදුව නුවර නැගෙනහිරි වාසලින් පිටත්ව කැනහිල් රැසක් මධ්‍යයටවන් කෙශර සිංහරාජයකු පරිද්දෙන් යුද්ධභූමියට වැද මම කුශරජය ප්‍රාර්ථනා කෙණෙක් බසින් තලවයෙත්වයි කියා අසනිසම්පාත නිගොඝෂ ඝොරකොට තුන්යලක් සිංහනාද ස්වරයෙන් අභිතානාද පැවැත්තූහ.

එසඳ කුශ නරේන්ද්‍ර සිංහයාගේ ඒ සිංහනාදය අසා භයපත්ව ඉස්ලුලුඅත පලාගොස් පර්වත ඝනවන ගහනාදියට වන් මාගසුකරාදීන් පරිද්දෙන් ශත්‍රු රජ්ජුරුවන් පිරිවරා සිටිනොයෙක් සියදහස් ගණන් ඝන ගර්ජනාකර භිමනාද ඇති හිමසෙනානුකාරීයෝධාධිරූඪ ස්ත්‍රිමදිගලිත තරුණ කරුණාකර වාරනේන්ද්‍ර සේනාවද ප්‍රලයකාල ප්‍රව්‍රතොතාදර චණ්ඩ මාරුතා භිසාත සින්ධු තුඩග තරංග භංගානුකාරී රංගත්තුරංගානු සිතවූ යුද්ධමංනභිලාස ඇති දහස් ගණන් අසරුවන් විසින්ද උපලක්‍ෂිත අශ්වසේනාවද වේරම්බ වාතයෙන් ප්‍රෙරිතව ඝෝරනිගොඝෂ පවත්වමින් දිගාන්තරාභිධාවනය කරණ විජ්ජුලතා සහස්‍රයෙන් සශ්‍රිකවූ මේඝකූටානුකාරීවු රථාලංකාරයෙන් සරහන ලද විචිත්‍ර ධජ පතාකාහි කිරණ ගම්භිරචක්‍රධවනි ඇති ප්‍රචණ්ඩදොදීණඩ කොදණ්ඩ කාණ්ඩහි ලක්‍ෂිත ප්‍රභල යොධා ධිෂ්ටින රථසෙනගද නානාවේශ ග්‍රහණාභිෂණවු දුර්වාරගොධත පවනාති පාතවෙග ඇති බංගමුද්ගර තොමර කුන්තචාරුවා පබනාදී විවිධායුධ ග්‍රහණාතිභිෂණ අනෙකකොටි පාබල සේනාවදැයි යනාදී මේ සේනාව මරණ භයින් ත්‍රස්තව සිටි පිය සිටියනොහි භයොන්මාදයෙන් මුර්ජාවට පැමිණ ඔවුනොවුන් ඇඳිනගත නොහි සිය සෙනගම් කොටා වටා දිව පැන විඩාපත්ව ඒ ඒ අත දිවපුහ.

එසඳ මේරු සාරවු කුශරජ්ජුරුවෝ මන්දරපර්වතයෙන් අල්ලන ලද මහා සමුද්‍රය පරිද්දෙන් නිරායාසයෙන් තමන්ගේ සිංහනාද මාත්‍රයෙන් ඒ ශත්‍රුසාගරය මථනයකොට ප්‍රභාවතීන් ගේ පාණීග්‍රහණය පිණිස ආ සත්රජුන් ජීවග්‍රහයෙන් අල්වා ජයගෙන සිටියද ශක්‍රදේවේන්ද්‍රයෝ තමන්ගේ දහසක් නුවණැස් මෙහෙයා මනුෂ්‍යලෝකය බලා ඒ රණධරණිමධ්‍යයෙහි ශත්‍රුරජදරුවන් හා සමග විජයශ්‍රි කාන්තාවගේ පාණිග්‍රහණකළ අපගේ විසුද්ධ ශ්‍රී මහා බෝධිසත්වවූ කුශ රජාධි රාජෙ තත්මයා පරහිංසාවක් නොකොට සිංහනාද පමණකින් කැටත් ගැසු කපුටුරැසක් පලවන පරිද්දෙන් නිරායාසයෙන් කරණ ලද ශත්‍රු සෙනා මර්දනය දැක සඤජාත ප්‍රිතිප්‍රමෝදයෙන් ප්‍රමුදිතව මේ උත්තම පුරුෂයාගේ විරූපතව දුරුකොට උතුන් රූප සෞන්දර්යෙන් සරහන්නට උමවැනවයි සිතා තරුණාකී රසමින් ප්‍රදානයක් මෙන් දිප්තීමත්ව විරොවන්නම්වු අෂ්ටවංක මාණික්‍යරත්නයක් තුෂ්ටිදානයෙක් ගෙනහැර උර සත්ලයෙහි පැළඳවූහ.

එසඳ මහා බෝධිසත්වයෝ එසත් රජුන් අල්වා ඔවුනොවුන්ගේ උතුරු සළුවෙන් පිටිතොල අයා බැඳගෙණ ඒ රණභූමියෙන් නොයෙක් ජයඝෝෂා පවත්වාගෙණ මාණික්‍ය රත්නයෙහි ආනුභාවයෙන් දිවිලදීන් ඔප්නගා කරණ ලද සවර්ණ ප්‍රතිමාවක් මෙන් විරාජ මානව අන්‍ය සාධාරණ ශ්‍රි විභූතියෙන් යුක්තව සුරයෙන් පිරිවරා සුජාතාවන් හා ඓරාවණ වාහණ රූඪව අසුර විජයකොට අවුත් වෛජයන්ත ප්‍රාසාදයට වදනා ශක්‍රදේවේන්ද්‍ර විලාසයෙන් මාලිගාවට වැද මදුරජ්ජුරුවන් දැක මයිලනුවන් වහන්සේට විරුද්ධ අවුදින් නුවර වටලාගත් ශත්‍රු සේනාව මථනය කොට රජදරුවන් සත්දෙනා ජිවග්‍රහයෙන් අල්වාගෙන ආමි මොවුන් මරතන් මැරුව මැනවයි අරිතත් අලමැනව වහල්මේ ගනිතත් ගතමැනවැයි කැමැත්තක් කළමැනවැයි කීහ.

එබස් අසා මදුරජ්ජුරුවෝ මහරජ්ජුරුවන් වහන්ස අප ඇමදෙනාම ප්‍රධානව සිටිහෙයින් මොහු නුඹ වහන්සේටම සතුරෝය මරතන් තබනත් අරිතක් නුඹ වහන්සේටම කැමැත්තක් කළ මැනවැයි කීහ.
මදුරජ්ජුරුවන් විසින් මෙලෙස කී කල්හි මහබෝධිසත්වයෝ මොවුන් මරාලබන්නේ කිම්ද මුන් හැම මෙනුවරට ආගමන් ඛ්‍යර්ථනොවෙවයි ප්‍රභාවතීන්ගේ නඟුන් සත්දෙනා මෙරජ්ජුරුවන් සත්දෙනාට දෙවාලමි සිතා දෙවයන් වහන්ස දිව්‍යස්පාරාවන් සමාන රූප සෝභා ඇති නුඹ වහන්සේගේ දුන් සත්දෙනා මෙරජ්ජුරුවන්ට පාවාදී මුන්හැම බෑණාකොටගත මැනවයි කිවුය. ඒබස් අසා මදුරජ්ජුරුවෝ මහරජ්ජුරුවන් වහන්ස අපටත් උන්ටත් නුඹ වහන්සේම ප්‍රධානසේක ඉඳින් කැමතිසේක්වීනම් දේවාවදාළ මැනැවයි කිවුය.

ඉක්බිති කුශ රජ්ජුරුවෝ ඒ ක්‍ෂත්‍රිය කන්‍යාවන් සත්දෙනා ස්වර්ණාභරණයෙන් සරහා රජදරුවන් සත්දෙනා සර්වාභරණයෙන් සරහා රජ දරුවන් සත් දෙනාට මහමගුලන් පාණිග්‍රහණය කරවා දුන්හ.
එසඳ රජ දරුවෝ සත්දෙනා ස්ත්‍රීරත්න ප්‍රතිලාභයෙන් අතිශයෙන් සතුටුව කුශරජ්ජුරුවන් වැද අවසර ඉල්වාගෙන තම තමන්ගේ රාජ්ජයටම ගියාහ.

ඉක්බිති උපාය කෞශල්‍යඥානය ඇති මහාබෝධිසත්වයෝ කීපදවසක් එහි වාසයකොට මයිල් රජ්ජුරුවන්ගෙන් අවසර ඉල්වාගෙන ප්‍රභාවතීන් කැඳවාගෙන චතුරංගනී සේනාව විසින් පිරිවරා මහත්වු රාජානුභාවයෙන් සාගල නුවරින් නික්ම මනාව සරහා පිළියෙළ කරණලද්දාවු නගනලද ධවලාතපත්‍ර ඇති විචිත්‍ර චිත්‍ර කමෙමාජවලිතවු රථයානාවකින් ගොස් මාණික්‍යරත්න කාන්තීන් ප්‍රභාවතීන් හා විශිෂ්ටවූ රූපසෞන්දර්ය සෝභාවෙන් විරාජමානව විමාණස්ථව ගමන්ගත් සිද්ධ යුගලයක් පරිද්දෙන් කුශාවතී රාජධානියෙහි සියළු සත්වයන්ට නෙත්‍රොත්සව කෙරෙමින් නුවරට වන්හ.

එසඳ බෝධිසත්වයන්ගේ මෑණියෝ සීලවතීදේවි කුශරජ්ජුරුවන් ප්‍රභාවතීන් කැන්දාගෙන නුවරට ආහයි යනු අසා කෑම් පීම් ආදී බොහෝ උපකරණ ඇරගෙන මහපිරිවරින් පෙරගමන්කොට ගොස් දැක සතුටුව බෝධිසත්වයන් කැඳවාගෙන නුවර පැදකුණුකොට මාලිගාවට වැද රාජ්‍යශ්‍රියෙහි පිහිටවූහ.
එතැන්පටන් ප්‍රභාවතීන් හා කුශරජ්ජුරුවන් හා දෙදෙන එකාත්මිකව සමග වාසයෙන් දිවිපමණින් දසරාජදහමින් යුක්තව රාජ්‍යශ්‍රී අනුභව කොට කෙළවර කම්වුපරිද්දෙන් සංසාර යාත්‍රාව කළාහුයයි තිලෝගුරු බුදුරජානන් වහන්සේ ධම්සභාමණ්ඩපයට රැස්වු ශාසනයෙහි උකටලීවූ ඒ භික්ෂූන් වහන්සේ ප්‍රධානකොට ඇති සිව්වනක් පර්ෂිදට මේ අතීත කථාව ගෙණහැර දක්වා ධර්මදේශනාකොට වදාරා දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය යන චතුරර්‍ාය සත්‍යයන් ප්‍රකාශකොට මේ ජාතක ධර්මදේශනාව පූර්වාපර සන්ධි ගළපා නිමවා වදාළසේක.

චතුස්සත්‍ය ධර්මදේශනාවගේ කෙළවර උකටලීවු භික්‍ෂුන් වහන්සේ දහසක් නයින් හෙබියාවූ සෝවාන් පලෙහි පිහිටා නිවන් දුටුසේක.

එකල මව්පිය දෙනෙ සුද්ධෝදන රජ්ජුරුවන් හා මහාමායා දේවිවුහ. ජයම්පතී කුමාරයෝ නම් ධම්මභාණ්ඩාගාරික වූ ආනන්ද ස්ථිවිරයෝවුහ. එසමයෙහි කුත් දැන් බුජ්ජත්තරා නම් භික්ෂූණිවුහ. ප්‍රභාවතී තොමෝ රාහුලස්ථවිරයන්ට මව් බිම්බාදෙවිවුය. එසමයෙහි රජපිරිස් දැන් බුදු පිරිස්විය. ප්‍රභාවතී නිසා සත්මසක් දුග්ගෙන සත්රජුන් මන්මැඩ සෙමෙහිතබා ප්‍රභාවතීන් ගෙනුවුත් රාජ්‍යකළ කුශ රජ්ජුරුවෝ නම් තිලෝගුරු බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

උපුටා ගැනීම – www.jathakakatha.lk

515 සෝණනන්ද ජාතකය
513 සංකිච්ච ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.