499 ජයද්දිස ජාතකය - IFBC Organization | Dhamma

බුදු රජාණන් වහන්සේ මව් පිය උවටැන් කළ භික්ෂුවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

දායකයන් පූජා කළ අහාර පාන මවිපිය දෙදෙනාට දෙමින් පෝෂ්‍ය කරණ භික්ෂුවක් දැක සෙසු භික්ෂුහු එම්බා මහණ, දායක යන් දුන් දෙය ගිහියන් පෝෂ්‍ය කිරීම නුසුදුසුයයි නිග්‍රහ කොට බුදුන් හමුවට කැටුව ගොස් එපවත් සැළකළහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි, මවි පිය උවටැන ඉතා උසස් ධර්මයෙක පෙර උතුමෝ රජ සිරි හැර ගොස් මව් පිය උවටැන් කළෝ වෙිදැයි ඉකුත්වන වදාළ සේක.

යටගිය දවස කම්පිල්ල දේශයෙ උත්තර පංචාල නුවර දස රාජ ධර්මයෙන් රාජ්‍යය කළ පංචාල නුවර දස රාජ ධර්මයෙන් රාජ්‍යය කළ පංචාල රජහුනේ අග මෙහෙසිය දරු කෙනෙකුන් වැදුහ. පෙර ජන්මයෙහි ඇගේ සැතිරිවූ එක් ස්ත්‍රයක් කෝපයෙන් තොප උපන් ජන්මයෙහි කොප වැදු දරුවන් කන්ට සමත්‍ර්‍ථ වෙම්වයි පතා යකිනිව උපන්නීය. ඈ මේ ආත්මයෙහි වේලාවක් බලා සිට පැමිණ ලේ කැටි කුමරා උදුරාගෙන මැණියන් බලාසිටයදී ගිල දමා ගියාය. දෙවනි තුන්වෙනි වාරයෙහි මෙසේම සිදුවියැයි සතරවෙනි වාරයෙහි වැදු දරුවන් පැහැරගත් කල්හි රාජ පුරුෂයෝ යකින්න ලුබඳවා ගෙන ගියහ. ඈට දරුවා කන්ට ඉඩක් නොලැබ දිය බැස යන සොරොව්වක සැඟවී සිටියාය. කුමාරයෝද මැණියෝය. යන සංඥාවෙන් ඇයගේ තණය කටින් ගත්තේය. එකෙනෙහි ඈ දර ආදරය උපදවා කිරි පොවා තමා වනස සොහොනෙහි ගල් ලෙනක තබා පොෂ්‍ය කරන්නීය මෙසේ ක්‍රමයෙන් වැඩුන කුමාරයා තමා මිනිස් බව නොදන්නේය. මිනී මස් කමින් යකින්න සමඟ ජීවත් වන්නේය. දිනක් මව් යකිනිය අන්තර්ධාන වීමට හැකි බෙහෙත් මුලක් මොහුට දුන්නීය. ඔහු ඒ බෙහෙත් මුලේ ආනුභාවයෙන් අනුන් ඇසට නොපෙනී ගොස් මිනී මස් කමින් ඇවිදින්නේය. යකින්න වෙසමුනි රජහට මෙහෙයට ගියේ එහිම කාලක්‍රියා කළාය.

එනුවර පංචාල රජ්ජුරුවන්ගේ බිසව සතරවෙනි වාරායෙහි තව දරු කෙනෙකුන් වැදුවා, මැණියන්ට සැතීරි වු යකින්න ජයගෙන උපන් හෙයින් ජයද්දිස කුමාරයෝ යන නමින් ප්‍රකට විය. ඔහු වැඩි විය පැමිණ ශිල්ප නිමවා රාජ්‍යයට පත්විය. ටික කලක් යාමෙන් එම රජ්ජුරුවන්ගේ බිසවද මහත් පින් ඇති කුමරෙක් ලැබුවාය. ඒ කුමරා අලීනසත්තු නම් විය ඔහු වැඩිවිය පැමිණ යුවරජු තනතුරට පැමිණියේය. ඒ දුටු මිනිස්සු භයට පත්ව රජුන් හමුවට පැමිණ දේවයන්වහන්ස එක් මිනිසෙකු මිනිසුන් මරා කා ඇවිදින්නේය. ප්‍රමාද වුව හෝත් නුවර තුළටද වදින්නේය. උපායකින් මොහු අල්ලවා ගත යුතුයයි දැන්වූහ. රජ්ජුරුවන්ගේ නියෝගයෙන් බල සෙනඟක් සොහොන වට කොට ගත්හ. යකින්ගේ පුත්‍රයාද මරණභයින් තැතිගෙණ මුරගාමින් මනුෂයන් අතරට වේගයෙන් අවුත් වන්නේය. ඒ දුටු මිනිස්සු මේ මහා යක්ෂයෙකැයි කියා හිස් ලු ලු අත පැන ගියහ යකින්නගේ පුත්‍රයා එතැනින් දුවගොස් වලටවැද කිසි දිනක මනුෂය පථයට නොපැමිණ මග යන එන මිනිස්සු අල්ලාගෙන මරා කමින් එක් නුග ගසක් මුල වාසය කළේය. දිනක් යක්ෂතොම් මනුෂ්‍යයෙක් ලුහුබඳවා යන්නේ එක් පාදයක් නියුණු වූ හුලක් ඇනී වේචදනාව උසුලාගෙන නොහී නුග රුක මුලටමගොස් වැද හොත්තේය. දින හතක් පසුවිය.

මෙදින ජයද්දිස රජ්ජුරුවෝ මුව දඩයම සඳහා පිරිස් පිරිවරා නික්මුණේ තක්සලා නුවර සිට නන්ද බමුනෙක් ධර්මය ප්‍රකාශිත ගාථා සතරක් ඉගෙන රජ්ජුරුවන් හමුවට පැමිණ ගාථා කියනු කැමතිබැව් දැන්වීය. රජ්ජුරුවෝ ඉක්මනින් එන බැව් පවසා මාලිගාවේ ඉන්නට සලස්වා වනයට ගොස් මුවන් වටකොට අඩන්නේ රජ්ජුරුවන් සමීපයෙන්ම එක් මුවෙක් වනයට පැන දිව්වේය. රජතුමා තමා කෙරෙහි එන අපවාදයෙන් මිදෙනු සඳහා මුවා ලුහුබඳවාගෙන වනයට ගොස් විඩා සංසිඳුවා ගනු සඳහා මනුෂ්‍ය යක්ෂයා උන් ගස මුදුනට පැමිණ එහි මදක් හිඳ යෑමට සතුටුවිය. එවිට යක්ෂයා රජ්ජුරුවන් අමතා එම්බල පුරුෂය මට තා ගොදුරු වූයේහිය මිනිසුන් අල්ලාගත නොහී නිරහාරව දින හතක් ගතකෙළෙමි. දැන් මට නිරායාසයෙන්ම ආහාර ළඟට ලදිමි තෙපි කොහි සිට ආයෙහිද ජාතිය කුමක් දැයි විචළේය සබඳ යක්ෂය, මුව දඩයම සඳහා පිටත්ව විඩාව ගියෙන් මේ රුක් මුලට පැමිණි මම පංචාල දේශයට අධිපති ජයද්දිස නම් රජ වෙමි එබැවින් මේ මුව මස් ගෙන මාහැර පියව, රජ්ජුරුවෙනි තෙපි නුවණැත්තෙකි මේ මුව මස් මට දී තොප ගැලවීයන්නට උත්සාහ කරන්නෙහිද? එසේ නොසිතව දැන් දින දෙකකට ආහාර මට ලැබී ඇත. තොපව දැන් අනුභවකොට පසුව මුව මස් කන්නෙමි. මෙසේ මරණ භයින් දෙඩවීම තොප වැනි ශේෂ්ඨ පුරුෂයන්ට යෝග්‍ය නොවේ. යක්ෂය, මම මුව දඩයමේ එන කලට ධර්මගාථා සතරකින් දහම් දෙසීමට පැමිණ නන්දනම් බමුණාට මා ඉක්මණින් එන බැවි පවසා මාලිගාවේ නතරකරගෙන පැමිණියෙම්.

එබැවින් එහි ගොස් ඒ පොරෝන්දුව ඉටුකොට ධර්ම ධානය ලබාගෙන තොපට ආහාර පිණිස එන්නෙමි. අවසර දෙව මට මරණ බියෙන් නැත මා ගැන සැක නොසිතව රජතුමනි, සත්‍ය බස රැක්ක යුතුය. ගොස් නොවරදිම එව. යක්ෂය අලුයම එන්නෙමි වේදැයි එතැනින් නික්ම කඳවුරු බැඳවුන් මහා සෙනඟ සොයා ගොස් ඔවුන් සමඟ මාලිගාවට පැමිණ බමුණා කැඳවා වඩා හිඳවා බණ අසා වස්තුව පුජා කොට ඔහු යවා පුතණුවන් කැඳවා අලීන සත්තු කුමාරයෙනි, අදම තොපට රාජ්‍යය භාරමෙි දසරාජ ධර්මයෙන් රාජ්‍යය කරවයි කීයේය. පිය රජතුමනි, මේ නොසිතු අන්දමින් කුමක් කිරීමට සිතන සේක්ද ඔබ වහන්සේ හැර රාජ්‍යය කරනු නොකැමැත්තෙමි කීයේය. පුත්‍ර කුමාරයාණෙනි තොපගේ හො රට වැස්සන්ගේ වරදකට රට හැර නොයන්නෙමි ඊයේ යක්ෂයකුටවූ පොරොන්දුව ඉටු කරනු සඳහා යා යුතු හෙයින් මෙසේ කරමි. එබැවින් රාජ්‍යය කරව පිය රජතුමනි, මා වැනි පුතකු සිටියදී ඔපබව යක්ෂයෙකුට බිලිදීම කෙතරම් නින්දිත දෙයක්ද? එබැව්න් මම යන්නෙමි තොප රාජ්‍යය කරනු මැනවි. කුමාරයෙනි තොප කීවේ සත්පුරුෂ ධර්මයෙකි.
එනමුත් තොප එහි යවා මට ජීවත් විය නොහැක. මම ම ගොස් යක්ෂයා අතින් මියයාම යහපති තොප මෙහි රැඳි සිටිනු මැනවි පියාණනි, එසේ නොකියනු මැනවි මාගේ ප්‍රාණය ඔබටදී ඔබගේ ප්‍රාණය මට ගනුදෙනු කරන හෙයින් ඔබ වහන්සේ එහි යතත් මරණයට පැමිණෙන්නේ මම ය. මේ කාරණයෙන් මා කෙරෙහි ස්නේහයක් ඇත්නනම් මෙහි රඳා මා පිටත් කරනු මැනවි පුත්‍ර කුමාරය, ඔබගේ බල මහිමය මම දනිමි. එබැවින් හොඳයි යව’යි අවසර දුන්නේය. කුමාරයන් දේමාපියන් වැඳ අවසර ගෙන හැමට අවවාද දී පංචායුධ සන්නද්දව රාජ්‍යය වාසීන් අඬ අඬා සිටියදී පිටත් වී ගොස් වචනය මධයට පැමිණි යක්ෂයා වසන ස්ථානයට ලඟාවීය. යක්ෂයාටද ඒ වේලාවට වෘක්ෂය කට නැගී රජ්ජුරුවන් එන පෙර මග බල බලා උන්නේ පිය වලකා පුත්‍රයා එන හෙයින් මට භයෙක් නැතැයි කල්පනා කොට ගසෙන් බැස ඔහුටපිටිපාහුන්නේය.

කුමාරයා යක්ෂයාගේ ඉදිරියට කිසිම භයක් නැතිව ගොස් සිටියේය. යක්ෂයා කුමාරයෙනි , රෞද්‍රවූ මිනීමස් කන මා වසන ස්ථානයට සැප කැමැත්තාහු කිසම පුද්ගලයෙක් නොඑන්නේයත තෙපි නොදැන ආවයි සිතමි. තෙපි කවුරුද කොයි සිට ආයෙහිද? කුමාරයා මිනීමස් කන පෝරිසාදයෙනි, තෙපි මෙහි වසන භව දැනගෙනම පැමිණාුියෙම්. මාපියාණන්ගේ ජිවීතය වෙනුවෙන් කැපවීමට මා ආ බැවින් මා අනුභව කොට ඔහුව නිදහස් කරනු මැනවි කුමාරයෙනි රජ්ජුරු වන්ගේ පුතණුවන් බැව් නුවණින්ම දනිමි පියා වෙනුවෙන් ජීවිතය දීමට සිතීම මහත් ඉරපතල දෙයකි. නොසිතිය හැක්කකි.
යක්ෂයා පියා වෙනුවෙන් හෝ මව වෙනුවෙන් ජිවිතය දන්දීම එතරම් පුදුමයක් නොවේ. මව් පියාණන්ට සැලකීමෙන් දෙලොවම සැප ලැබෙන්නේය. කුමාරයෙනි, නොභය සත්වයෙක් නම් මිහිපිට නැත තොපි කවර හෙයින් භය නැත්තේද? යක්ෂය, මම රහසින් වත් පවක් නොකෙළෙමි. එබැවින් පරලොව දුකට කාරණා නොදනිමි. යක්ෂයා මරණය ඒකාන්තයෙන්ම මෙලොව යම්සේ ජාති ජරා මරණදී වන්නේද පරලොවක් එසේම වන්නේය. එබැවින් මරණය අසවල් ජාතියකටයයි නියමයෙක් නැති හෙයින් මම මරණයට බිය නොවෙමි.

මේ ශරිරය ගෙන තොපට කැමති දෙයක් කරගනු මැනවි. තොපට මරා ගත නොහැකි නම් මේ ගසින් පැන මැරෙමියි කීයේය. යක්ෂතෙමේ ඔහුගේ බස් අසා මම තෙමේ මහා පුරුෂයක මොහු කා දිරාලිය නොහැක්කේය. උපායකින් මොහු යැවිය යුතුයයි සිතා කුමාරයෙනි, ඈත ගොස් දර කඩා ගෙනවුත් ගිනි දල්වනු එකල්හි තොප මරා අඟුරු පිට පලහා කන්නෙමි වේ දැයි කීය. කුමාරයා යුහුව ගොස් දර නෙවුත් ගිනිකොට අඟුරු බස්වා යක්ෂයාට ගොස් කීයේය. ඔහු කුමාරයන්ගේ මුහණ බලා මේ පුරුෂ සිංහයෙක මරණයෙහි භය නැත්තේය. මා මෙතෙක් කල් මෙවැනි අභිත පුරුෂයෙකු නුදුටුවෙමියි සතුටින් යුතුව කුමාරයා දිසාව බල බලා හුන්නේය. කුමාරයා නැවතත් යක්ෂයා අමතා යක්ෂය, බලා හිඳිනෙ මන්ද? මේ ශරිරය මස්කොට අභිප්‍රාය ලෙස අනුභව කරව කුරාරයෙනි, ගුණ ධර්මයෙහි පිහිටි ධෛය්‍ර්‍ය සම්පන්න පුරුෂයෙක්හු මැරීනම් ඔහුගේ හිස සත් කඩකකට පැලී යන්නේය.

එබැවින් තොපව මැරීමට බැරිය. එසේ නම් යක්ෂය, මාලවා ගිනි මොළවා ගත්තේ මන්ද? කුමාරයෙනි, අවසරයක් ලැබ තොප පලා යෙදිදොහෝයි සිතාය කුමාරයෙනි, මම තොපගේ ජිවිතය විනාශ නොකරමි. යව ගොස් දෙමව්පියන් සතුටු කරවයි අවසර දුන්නේය. කුමාරයා ඔවුට ප්‍රාණඝාතයෙහි ආදීනව පෙන්වා අවවාද කොට පන්සිල් ගන්වා මදක් ඇත් වී සිට මේ යක්ෂයෙක්දොහෝයි විමසනුයේ යක්ෂයාගේ ඇස් ඔලිඳ ඇට මෙන් රතුවන්නේය. ඇසිපිය නොමරන්නේය. ඡායාව නොපෙනෙන්නේය.
කිසිවෙක්හි භය නැත්තාහ. මේ සලකුණ වලින් ඈත් වූ හෙයින් මොහු මේ යක්ෂයෙක් නෙනාව මිනිසෙක්මයයි සිතා පරික්ෂා කරනුයේ අපගේ ප්‍රිය රජ්ජුරුවන්ගේ වැඩිමාලු සහෝදරියන් තුන්දෙනෙක්ව යකින්නකෑ විසින් ගෙන දෙන්නෙකු අනුභව කොට කෙනෙක් දරුවන්මෙන් වඩන මාපියාණන් වහන්සේ කියා රාජ්‍යයෙහි පිහිටුවීමයි අදහස් කර භවත් තෙපි යක්ෂයෙකැයි නොසිතව මාපියාණන්ගේ වැඩිමහලු බෑයෝය. එබැවින් මා හා සමඟ වැඩිය මැනව. කුසතු රාජ්‍යයෙහි අභිෂේක කොට සැපවත් වුව මැනවි. කුමාරයෙනි, තොපි කියන්නේ කුමක්ද යක්ෂයකු වුවත් නොවුවත් තොපගේ බස් නොඅදහමි. එසේනම් පින්වත අසවල් තැන දිවැස් ඇති තාපස කෙනෙක් වෙසෙති එතනට යම්හයි යක්ෂයා කැඳවාගෙන ගියේය. එකෙනෙහි තාපසයෝ ද මොවු න් දෙන්නා දුර එන්නා දැක පියාණන් හි පුතණුවන් මේ වනයෙහි කුමක් සඳහා ඇවිදිනා තියාදැයි කියන බසින්ම නැදෑබව හැඟුනේය.

එකනෙහි පෝරි සාදයා එබස් අසා දරුවෙනි, තෙපි නුවරටම යව මම එක ආත්මයෙහිම දෙවදෑරුම්ව උපනිමි. මට රාජ්‍යයෙන් ප්‍රයෝජන නැත. පැවිදි වෙමියි තාපසයන් සමීපයෙහි පැවිදිවිය කුමාරයා ඔහු වැඳ සමුලෙන නුවරට ආයේය. එකල්හි නුවර වැස්සෝ අභය ලබාගෙන එන කුමාරයා දැක දොහොත් මුදුන්දී වඳිමින් සිව්දිගින් රැස්වූහ. පිය රජ තෙම ඉතා සතුටට පත්ව පෝරිසාදයා අතින් ගැලවු නියාව අසන්නේ තමාගේ වැඩිමහලු බෑයන් බව පුත්‍ර කුමාරයාගෙන් දැනගෙන මහා පිරිස් පිරිවරා දිවැස් ඇති මහානුභාව තාපසයන් ලඟට වැඳ බෑයන් ගේ සියළු ප්‍රවෘත්තිය අසා රාජ්‍යය භාරගන්නා ලෙස ඇයදීය. එයට නොසතුටු තාපසයන් වහන්සේ තමගේ උයනට කැටුව ගොස් එහි පන්සලක් කරවා සිව්පසයෙන් උවටැන් කිරීමට සළස්වා ඔහු විසු වනය මහ ගමක් කොට වැවක් බඳවා තාපසවරුන්ගේ විහරණයට සැළැස්වූහ.

එසමයෙහි මව්පිය දෙදෙනා නම් සුද්ධෝදන මහමයා දෙදෙනාය. දිවැස් ඇති තාපසයෝ නම් සැරියුත් තෙරුන්ය. පෝරිසාදයා නම් අංගුලිමාල ස්ථවිරයෝය. අගමෙහෙසිය නම් රාහුල මාතාවය. අලීන සත්තු කුමාරයෝ නම් බුදුරජාණන් වහන්සේය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

500 ඡද්දන්ත ජාතකය
498 කුම්භ ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.