490 භල්ලාටික ජාතකය

තවද එක්සමයෙක්හි සකලලොක සන්නිවාස නෛක සුරා සුර චක්‍රමස්තකොත්තුංග පද්මායමාන මානනී්‍ය පද්මා ඇති අප බුදුරජාණනන් වහන්සේ නදුනුයන් වැනි ජේතවනාරාමයෙහි ආර්ය බ්‍රහ්මවිහරණයෙන් දවස යවමින්වැඩ වසන සෙක් මේ චිත්‍රලලාස ජාතකය භල්ලාටි ජාතකය මල්ලිකා දේවීන් අරභයා වදාළ සේක

මල්ලිකා දේවින්ට වනාහි එක් දවසක් රජ්ජුරුවන් හා සමඟ ශාසනෙහි පැවති පොරක් නිසා ඩබරයක ්වූයේය. රජ්ජුරුවෝ කිපී නැවත ඒ දේවින් හා නොලන්වූය. එකෙනෙහි මල්ලිකා දේවිය තුමු රජ්ුරුවන් මා කෙරෙහි කිපී නියාව බුදුහු නොදන්නා සේකැයි සිතුහ. මුන් සිතූ සිත දන්නා බුදුරජාණන්වහන්සේ දෙවනි දවස් භික්ෂු සංඝයා වහන්සේ පරිවරන ලදුව මහත් වූ බුදු සිරින් දිලියෙමින් පිඬුසිඟා වන්සේක ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ මාලිගා දොරකඩට වන්සේක. රජ්ජුරුවොත් ඒ ඉදිරියට අවුත් පාත්‍රය ගෙන ශාස්තෘවූ තිලෝගරු බුදු රජාණනන් වහන්සේ ප්‍රාසාදයේ මතු මහල් තලයට වඩා ගෙන ගොස් සිංහාසන මස්තකයෙහි වඩා හිඳුවා භික්ෂුන් වහන්සේත් පිළිවළින්වඩා හිඳුවා දක්ෂිණෝදයකදී මදුර වූ අන්නපානයන් වළදවා භක්තකෘත්‍යාවසානයෙහි රජ්ජුරුවොත් එකත්පස්ව උන්නාහ. එකෙනෙහි බුදුහු කිමෙක්ද මහ රජ මල්ලිකා දේවීන් නුදුටුවෝ වනැයි වදාරා ස්වාමිනි ඕ තොමෝ තමාගේ ඉසිරුමදෙන් මත්ව ඇවිදිනීයයි රජ්ජුරුවන් කී කල්හි කිමෙක්ද මහ රජ තෙපි පෙර කී දුරු යෝනියෙහි ඉපිද පවා එක් දවසක් කින්නරාංගනාවගෙන් වෙන්ව විඳි විරහ දුක් සිතමින් සත් සියයක් හවුරුදු අඩා වැලප ඇද්දෙහි වී දැයි වදාරා ඒ රජ්ජුරුවන් විසිනුත් ස්වාමිනී බුදුරජාණන් වහන්ස පෙර මා කිඳුරුව ඉපද එක රැයක් වූ වියෝ දුක සිතා ඇඩු පරිදි කෙසේදැයි වදාලොත් යහපතැයි ආරාධිත වූ සේක් ඉකුත් දක්වා වදාරා සේක.

ඒ කෙසේද යතහොත්

යටගිය දවස බරණැස් නුවර භල්ලාටික රජෙක් දසරාජ දහමින් රජ කරනුයේ එකදවසක වනයේ ඇවිද උළුපැලහු මෘගමාංශය හා මී අනුභවකොට ඇවිදිමියි යන සිතින් සනිටුහන් ඇතියේ රාජ්‍යය අමාත්‍යයන්ට පවා දී පඤායුධ සන්නඬව ඉතා හික්මුණු කීණබල්ලන් විසින් පිරිවරණ ලදුයේ නුවරින් නික්ම ක්‍රමයෙන් හිමාල වනයට වැද හිමවතින් වැටුනු ගංගා අනුව උඩුගම්බලායනුයේ යානොහැකි දුර්ගස්ථානයකදී එම ගඟට වැටිහුණු කුඩා ගඟක් බැස ඒ අනුසාරයෙන් ගං වැල්ලෙහි ගොස් මුවන් හා ඌරන් මරාගෙන අඟුරු පැලහු මස් අනුභව කෙරෙමින් උත්ස්ව තිබෙන රමයවුණි වනාහි සකටවැද ඒ ඒ දිගින් වැටෙන ගඟුල් ඇලි හා ගිරිකුළු සියන් බල බලා විස්ම පත්ව සිටියේය. ඒ සිත් කළු වූ ගඟතෙමේද වතුර ආ කල තනමතු පමණ දියගලා යන්නේය. සෙසු කල දනපමණ දිය යන්නේය. අනේක ප්‍රකාර වූ මස් කැලන් හා ඉදුඹුවන් ආදී ජලතල සත්වයන් හා හංස චක්‍රවකාදී පක්ෂිහුත් සැරහෙන්නාහ. නැවත ඉඳුනිල් වූ දිය කෙලවර රිදීපට හැඳුලුවාමෙන් සුදුවැලි තලාවෝ දෙපස වොරජනාහ, මෙම ගඟ දෙතෙරෙහි මල් බරින් පළු බරින් නැමී සිටිනා අතු පතර ඇති අනේකවිධ වූ තුරු සමුහයෝ දෙවියන් හා වන දෙවිදුන් මනනෙත් පොළඹමින් සෑදී සිටියාහ. ඒ මල් මුවරද රැස්බී මත් වූ බමර ගණද සුපක් මී අඹ තුඩුලා මත්ව කෙළිනා කොවුල් ඝන නෙයෙක් පුෂ්ප රසයෙන් ඵල රසයෙන් මත්ව රැවුපිලිරැවු දෙමින් තුරු හිසට හඬා බස්නා ජීවං ජීවක සැළලිහිණි ගිරා බොකල යනාදී පක්ෂින්ගෙන් ගැවසුනේය. මධ්‍යහ්න කාලයෙහි තුරු සෙවනැලි යට වැලිතා යෙහි ලැඟුම් ගෙන සිටිනා නොයෙක් මෘගජාතීන්ගෙන් සිත් කලුය. මෙසේ ක්‍රාමදේවයා හට සරහන ලද ආපන භූමියක් වැනි වූ හේමවන නම් ගංතෙරෙහි කිඳුරෝ දෙන්නෙක් ඔවුනොවුන් වැලඳ සිඹසනහා අනේකප්‍රකාර විලාපකියා එඬන්නාහ, වල පිනාහ ඒ කෙණෙහ් ඒ භල්ලාටික රජ්ජුරුවොත් හේමවතනම් ගඟ ඔස්සෙහි ගඳමහත්පවුවට නැගෙණුයේ එ වැලප සිඹ සනහා හඩන කිඳුරා හා කිඳුරංගනා දැක මේ කින්නර යුගලය මෙපරිද්දේන් හඬනුයේ කවර කාරණයෙක්දැයි පිලිවිසිණි සිතා තමා හා කැටිව එන බල්ලන් මූණ බලා මදක් අසුරුසන් ලූයේය. එකෙණෙහි සුසික්‍ෂිත වු හෙයින්ම වැඩී ගිය බල්ලෝ ඒ සලකුනෙන් ලැගහොත්තාහුය. ඒ රජ තෙම ඔවුනොවුන් නිසොල්මන්ව ලීගත් නියාව දැන දුන්න හා ඊ කටුව ද සෙසු ආයුධයන්ද සිටියා වූ රුක මුල වතුරුවා සෙමෙන් සෙමෙන් පියවර තබමින් ඒ කින්නර මිථුනය ස්වාමී පයට ගොස් කුමක් නිසා තොපි ඔවු නොවුන් වැලඳගෙන ඇඬුයැයි විචාරන භල්ලාටික රජ තෙම කියනුයේ කිඳුරෙනි මේ හේමවන වූ ගංගා තීරයෙහි මෙසේ වූ වසන්ත කාලයෙහි මෙබඳු රමණිවූ වැලි තලාවෙහි මෙබඳු මල්පල්ලෙන් සැදුණු වන ස්ත්‍රී තොපි දෙදෙනම නොසතුටු සිත් ඇතියාවු ඔවුනොවුන් වැලද ගෙන ඉලව් ගන්නවුන් මෙන් විටක හඬව විටක කෙළිමින් සෙමින් හිඳුවා මේ කවර කාරණයක් දැයි විචාරණ තවද කිඳුරෙනි තොප දෙදෙනම යොවුනපත් ස්ත්‍රීන්ගේ රූපශ්‍රී පරදවන විලස්ඇතියාව මෙබඳු රූපශ්‍රීන් ඇති මිනිසුන්ගෙන් යම්තම් භේදයත් ඇති තොපට මනිස් ලොව සත්වයෝ කෙසේ බැවහාර කෙරෙද්දැයි විචාළේයි. රජ්ජුරුවන්ගේ බස් අසා කිඳුරු තෙම චකිතව මුවෙන් නොබැන උන්නේයි, කිඳුරංගනා තොම රජ්ජුරුවන් හා සමග කථා කරන්නේ රජ්ජුරුවෙනි සුපුස්පිතවූ මලින් ගැවසී ගත් මේ මල්‍යවන නම් පර්වතයද පඬරක නම් පර්වතයද චිත්‍රකූටනම් පර්වතයද සිහිල් මදුර පැන් හඩාබස්නා දොළින් හා නදී ආදීන්ද යන මේ ස්ථානයෙන් අසවල් තැනට සැප නොවීඳුම්හය යන තැනෙක් නැත්තේය. අප මිනිසුන් බඳු වූ රූ ඇති පමණක් විනා තිරිසන්ව විනා කිඳුරෝයැයි මිනිස් ලොව සත්වයෝ කියන්නාහයි කිව ඉක්බිති භල්ලාටික නම් රජ තෙම පිලිවදන් දෙනුයේ කිම් පුරුෂයෙනි තෙපි දෙදෙන බොහෝ අවුලා මූලාවෙක ගැසී දුක්විදපුකෙනෙකුන් මෙන් විටක කිඳුර තෙම කින්නරාව වැළඳ ගෙන හඬන්නේයැයි කිසිවිටෙක කින්නරාංගනා තොම කිඳරා වැළඳ ගෙන හඬන්නීයැයි මේපරිද්දෙන් ඒ ක්‍ෂණ ක්‍ෂණයෙහි වැලපුව සෝක කරව කීමෙක්ද විඳිදුක් සිතා ඉදිරියේ වන දුක් සිතා හඬවදැයි විචාළේය.

එකෙණෙහි කින්නරාඬගනාතොම රජ්ජුරුවෙනි තොප කී පරිද්දෙන්ම විඳිදුක් සිතායයි කියාත් කයහැක්කේය. ඉදිරියෙහි එසේවූ දුකක් පැමිණියේ නම් නපුරැයි යන සිතින් තැවෙන හෙයින් ඉදිරියේ සිතාඅඬතියි කියහැක්කයි කාරණාකියන්නැයි සබඳ පුරුෂයාණෙනි පෙර එක් දවෙසක රාත්‍රියෙහි ඔහු නොවුන්නොමැතිකැවාම ක්‍ෂණ ක්‍ෂණයෙහි දුර දකිමින් ඔවුනොවුන් සිතින් සලකමින් වියෝවින් රැයක්සැලසී ගියේනම් කෙසේ ඒ දුක් ඉවසමෝදැයි ඉදිරි සිතාත් අඬන්නම්හ, එබැවින්විඳි දුක් සිතාත් ඉදිරියෙහි දුකෙන් වෙදෝහෝයි යන භයින් හඬම්හයි කියා සාඛාග්‍රහයෙහි උන්නීය නැවත ඊට කාරණා පිළිවිස්නා රජතෙම සබඳ කිම් පුරුෂයාණෙනි යම් එක රාත්‍රියෙහි වියෝවට පැමිණ තැවෙමින් එතැන් පටන් නැසීගිය සම්පතකට සෝකකරණ ලද්දක්මෙන් ද දෙමව්පියන් මලහයි සෝක ගෙණ හඬනකලක් පරිද්දෙන්ඉතා බැගෑපත්ව තෙපි දෙදෙනම හඬව මනුෂයන්ට බඳ ුආකාර ඇති තිඳු රතී එක් රාත්‍රියෙහි වීයෝවූයේ කුමක් නිසාදැයි කාරණා විචාළේය.

ඉක්බිති වියෝ වූ පරිදි කියන්නාවූ කින්නරාඞගනාතොම එම්බා රජ්ජුරුවෙනි මේ වේග වූ ජලප්‍රවාහන ඇති දෙතෙර සිට නෙයෙක් තුරුපෙල ඇති යම් මේ ගංගාවක් තෙපි දකුද මෙසේවූ වර්ෂාකාලයෙහි රම්‍යවූ පර්වත සථල යෙහි සිරිවිඳ සවස් වෙලෙහි ගඟින් එතරව මාගේ වල්භතෙමමා පසුපස්සේ එති සිතා එකවර ගියේය. මම වනාහි මොවුන් එතරවූ නියාව නොදැන මල්යහන්අතුට සැතපී සැප විඳිනා පිණිස පිපීගියාහු අගුණ මල්ද පිපී කැණහිල්මල්ද රන්වන් හල්මලින් නිති ඉද්දමල්ද නොහොත් යොහොඹුමල්ද කඩන්ට වන්මී, කුමක්නිසාද තෙහොත් මාගේ වල්හයාත් මල්පැළඳ මලින් සැරහෙන්නේය, මමත් මල්පැළඳ මල් රොන් පියයුරෙහි තවරා මොවුන්ට ගැගෙමි, මල් බඳිනා නිසා පසුවීම්, තවද මේ අකාල මේඝය නිසා මේ ඇසිල්ලෙහි වතුර එයි යන්නාක් නොදැනුනු හෙයින් මාගේ වල්ලභයාත් මල්සුවඳින් සැරහී සැපවිදුම්හයියන ලෝභයෙන් මේ වනහිස පිපුණු රත්කරවූ මල්ද එරහැන්ද හෙවත් ඇසල මල්ද නිකමල්ද පලොල් මල්ද කඩනුයෙන් මදක් පමාවීම්

තවද රජ්ජුරුවෙනි එම දවස් සුපිපි මල් ගස්වලින් නොමදකොට මල්බිදිනෙමි මෙයින් මල්වඩම් ගොතා මාගේ වල්ලභයාත් පළදවා මමත් පැළඳමල් යහනෙනි සැතපී මේ මලින් අඬමුකුලුමලු ගෙණ මුතුහර ලෙසින් අමුනා මාගේ ස්වාමීහුත් පළදවා මමත් මුතුහර ලෙසින් පළදිමි ඉදිරියෙහි විඳිනාසැප පිණිස ලෝභයෙන් මල්බිඳින්නට පසුවීම්, එබැවින් රජ්ජුරුවෙනි අප සැරසෙන්නාහු පුෂ්පාභරණයට කිනිහිරිමල් රත්රන් වියයලා පලුදල අක්ම පියුම්රාමිණිවිය, නිකමල්මට මුක්ත ඵල විය. මෙපරිද්දනේ පුෂ්පාභරණයෙන් සැරහී සැපවිඳිම්හ, මම වනාහි කලුවැල් සඳන්හර මේ ගඟ හස්ත ගල තෙලෙහි ගහා එකෙණෙහි කාමයෙන් මත් වූ මාගේ වල්ලභයාත් සියලඟ සඳුන් තරවා සුරක්තවූ අඞගප්‍රත්‍යඞග ඇතිවහිඳිනේය. මමත් පියවුරු සඟලෙහි රත්සදුන් තවරා මලින් සැරහී රජසිරිහා සමාන මොහු අභිමරණිය කෙරෙමින් මේ විඳ ආ සැපලෙසට එදවසුත් දවස්භරණා ලෙසට මල් සුවඳ ආදිය නිසා මාගේ ස්වාමීහු එතර වියඳී මම් පමාවිම්, එද4තුරෙහි පර්වත දෙක අතුරෙන් හුනුමෙවනනම් නදී යෙහිදීවන කවතුරෙන් ගන්වැල්ලෙහි කැටි කොට තුබු සුපිපි කිණිහිරි මල් ද සලල මල්ද පැහැරගෙණ යෙමින් ගඟ දෙතෙර ගලාගෙණ නික්මුනේය. එකෙණෙහි ඇසිල්ලකින් කින්නරාඞගනා තොම සබඳ පුග්‍රය අපට අවුරුදු දාසෙක් පරමායුස ඇත්තේ ය. මේදැතුරෙහි කිසි අන්තරායකුත් නැත්තේය, කිසි රෝගයකුත් නැත්තේය. මේ අවුරුදු දාස මුලුල්ලුලෙහි දුකෙන් ඇති නමුත් යන්තමෙක් වන්නේය. බොහෝසේම සැප ඇත්තේය. එබැවින් රාගයෙහි ඇලුම්තබා වියන පමණක්විනා සිතකින් ඔවුනොවුන් කකෙරෙහි වෙන් වන්නේ නැත. එසේහෙයින් තිරිසනුන් කෙරෙන් අපසේම සැපවිඳිනාසේ දන්නේ නැත. තමන්විඳිනා සැප කියා රජ්ජුරුවන් කාමබන්ධනයෙන් උමතු කළාහ. එබස් අසා භල්ලාටික කනම් රජ තෙම මොහු තිරිසන්ව එකදවසක වියෝගයෙන් ම තැවී සත්තියයක් හවුරුදු හඩාවැලප ඇවිද්දේය. මම වනාහි තුන්සියයක් හවුරුදු කසීදේශයට නායකව රාජ්‍යශ්‍රී විඳිමින් ඒ ඒ සැපත් හැරපියා නිස් ප්‍රයෝජනව වනයෙහි ඇවිදිමින් සිටියෙමි, මේ මාකරන්නෙකටයුක්තෙක් නොවෙයි කියා එයින් වැලක බරණැස්නුව රට අවුදින් පෙර පරිද්දෙන් රජඉසුරු විඳිමින් සිට රජ්ජුරුවන්වහන්සේ හිමවත් වෙනෙයි නුඹවහන්සේ දුටු ආශ්චර්ය්‍ය අමුතු කීමෙක්දැයි විචාළ අමාත්‍යයන්ට මේ කින්නර යුගලයාගේ ස්වරූප ආද්‍යන්නහෙයින් ක්‍රියා එතැන්පටන් දනාපින්කම් කෙරෙමින් රාජ්‍යශ්‍රි අනුභව කෙළේය මෙසේ පූර්වකථා දෘෂ්ටාන්තකොට දක්වා අනුශාසනාකරණ බුදුරජාණන් වහන්සේ කොසොල් රජ්ජුරුවෙනා මේ තිරිසුන්ගේ පවා ඔවුනොවුන් කෙරෙහි ඇති රාගය අසා දැන සමග සතුටුව කලහ නොකරව, යම්සේ කිඳුරෝ තමන්ගේ අප්‍රමාදවීමෙන් සනේනාෂයට පැමිනේද එපරිද්දෙන් තෙපි හැම නොතැවෙව, සොකයට නොපැමිණේවයි වදාළසේක.

මල්ලිකා දේවි බුදුරජාණන් වහන්සේ දේශනාව අසා හුනස්සෙන් නැගී දොහොත් මුදුනෙහි බැඳ දසබලධාරීවූ බුදුරජාණන්වහන්සේ ස්තුති කරන්නී බුදුරජාණන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් දෙසනලද අත්වඇති දේශනාව ප්‍රසන්නවූ සිතින් අසම්භ, මේ මධුරවූ ධර්මදේශනාව ඇසීමෙන් සිත දුකනිවී ගියේය. කන්ලැබීමෙන් ඵල ලබනලද සත්වයන්ට මෙලොවින් සැප ඵලවන්නේය. බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් ජීවත්වුව මැනවැයි ස්තුති කළාය.

කොසොල් රජ්ජුරුවෝත් එතැන්පටන් මල්ිකා දේවීන්ට සතුටුව දවස් අළුවාහ, තිලෝගුරු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපරසන්දිගලපා මේ භල්ලාටික ජාතකය නිමවා වදාළ සේක

එසමයෙහි කිම් පුරුෂයා නම් දැන් මේ කොසොල් රජ්ජුරුවෝය, එකල්හිකින්නරාඟනා නමි දැන් මේ මල්ලිකා දේවිය, එසමයෙහි භල්ලාටික රජ්ජුරුවෝනම් බුදුවු මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

491 සෝමනස්ස ජාතකය
489 සත්තිකුඹ ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.